Thursday, May 12, 2016

"මධු සැලෙ දොර වසා මා වෙතට පැමිණෙන්න "



සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු අතින් සිදුවූ මෙහෙවර සුවිසල්ය. සිනමාවෙන් රූපවාහිනී ටෙලි නාට්‍ය නිර්මාණයට ආගමනය වූ ලබන නිහාල්සිංහගේ භූමිකාව මෙරට ටෙලි නාට්‍ය වංශකථාවෙහි ද සටහන් වී ඇත්තේ ඔහුගේ සිනමා වාර්තා මෙන්ම විශිෂ්ට වාර්තා ලෙසය.ටෙලි නාට්‍ය ඉතිහාසයෙහි ප්‍රථම වර්ණ ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු ඔහුගේ මහරු ඵලයකි. අද දවසේ වුව, නිසරු ටෙලි නාට්‍ය නරඹා හෙම්බත් වී සිටින ප්‍රේක්ෂකයනට දිමුතු මුතු ගෙනෙනා ආස්වාදය මිහිර සුන්දර ය. "රේඛා" සංගීතමය ටෙලි නාට්‍යය මෙන්ම, "සුදු සහ කලු" ටෙලි නාට්‍ය ද නවකයන් මෙන්ම ප්‍රවීණයන් ද පුංචි තිරයට හඳුන්වා දුන් නිහාල්සිංහ නිෂ්පාදන වේ. දේවිකා මිහිරාණි, අමරසිරි කලන්සූරිය, චන්ද්‍රලේඛා පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර හා ගාමිණි ෆොන්සේකා ආදීහු ඒ අතර වුනා .

ඩී. බි නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය ආරම්භ කලා . ඔහු වසර දහයක්‌ එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කලා . ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම ටෙලි නාට්‍ය මලාව ලෙස "දිමුතු මුතු" ඔහු විසින් නිර්මාණය කළේය. දේවිකා මිහිරානි" ප්‍රථම ටෙලි නිළිය වූවා මෙන්ම, අමරසිරි කලංසූරියද ටෙලි නළුවකු වූයේ දිමුතු මුතු ඔස්‌සේය.ඉන්පසු නිහාල්සිංහ "රේඛා" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළේය. ‘රේඛා’ ටෙලි නාට්‍ය අපේ ටෙලි නාට්‍ය වංශ කතාවේ පළමු වැනි සංගීතමය ටෙලි නාට්‍යය යි. 

එහි ඉතා සුන්දර ගීත රාශියක් අඩංගු වුනා . ගීත රචනා කළේ සුනිල් ආරියරත්න විසින්. සංගීත නිර්මාණය කළේ රෝහණ වීරසිංහ. සංගීත ගුරුවරයෙක්, නැටුම් ශිල්පිනියක් සහ ගායිකාවක අතර ඇති වන සරළ ප්‍රේම කතාවක් . ලක්ෂ්මන් විජේසේකර මෙහි සංගීත ගුරුවරයා ලෙසින්ද දේවිකා මිහිරාණි නැටුම් ශිල්පිණිය ලෙසින්ද චන්ද්‍රලේඛා පෙරේරා ගායිකාව ලෙසින්ද අපූරු ලෙස චරිත නිරූපණය කළා. එවක ගායිකාවක ලෙස ජනප්‍රිය වූ චන්ද්‍රලේඛා පෙරේරා "රේඛා" ඔස්‌සේ ටෙලි නිළියක වූවාය. 

සංගීතමය ටෙලි නාට්‍යයක් ලෙසින් රේඛා ජනතාව අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා. එයින් පසු තවත් එවැනි වූ ටෙලි නිර්මාණ බිහි වුවත් රේඛා ටෙලි නාට්‍යයට ඒ අතරින් විශිෂ්ඨයි . මේ ටෙලි නාට්‍යයෙන් බිහිවුණු වන සිවුපාවුන් (චන්ද්‍රලේඛා පෙරේරා), හිරු හිනැහෙන (බණ්ඩාර අතාවුද, චන්ද්‍රලේඛා පෙරේරා), දල්වූ පහන් (ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා), නීල නුවන් යුග (චන්ද්‍රලේඛා පෙරේරා), තරු එලියද (චන්ද්‍රලේඛා පෙරේරා) වගේ ගීත එදා මෙන්ම අදත් ජනප්‍රියයි.රේඛා ටෙලි නාට්‍යයේ ගීත 12ක්, සංධ්වනි 3ක් හා ඉන්දියානු සංගීතයේ "භිම්පලාසි" රාගයේ ගායන කොටසක් ද  ඇතුලත් වුණා. දැන් එය විකාශය වී වසර ගණනාවක් ගත වුවත් අදටත් එහි ගීත ජනතාව අතර ඉතාම ජනප්‍රියයි .

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඇසට පෙනෙන දුරක සිටින්නම් 
හදට දැනෙන තැනක රැදෙන්නම් 
තනිව හිඳින නිහඬ රැයක 
කනට ඇසෙන දුරක ගයන්නම්.....

කවදා කොතැනකදී නමුදු 
යලි අප හමුවන බව දැන 
මා යන තැන මග සලකුණු 
සුළං රැලක ලියා එවන්නම්......

නිමක් නොමැති මේ දිවි මග 
හසර නොදැන සරණ අතර
නැවත නැවත හමුවන තුරු 
ඔබ යන එන මගක සිටින්නම්....

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
------------------------------------------------------------------------------------------------
නීල නුවන් යුග කවියක් විය ඔබගේ           
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස 
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ 
ඇයගේ දෑසින් කියවූ කවියද 
මුමුණන්නේ තනි වී 

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී               
දේදුනු සායම කලතා 
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ 
තනි වී

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
------------------------------------------------------------------------------------------------
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුළින් මිදේවා

විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුළින් මිදේවා

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා සහ ලක්ෂ්මන් විජේසේක
------------------------------------------------------------------------------------------------
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැල් රඳවා
තුටු කඳුළින් මුව සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වල්මත් වූවන් දැත මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
------------------------------------------------------------------------------------------------
හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන .

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙහි නොපෙණෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කලඑළියෙන් දුර බබලන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බණ්ඩාර අතාවුද සහ චන්ද්‍රලේඛා පෙරේරා
------------------------------------------------------------------------------------------------
තරු එලියද හිරිහැර කරයි
නිවී නිවී දිලෙමින්
දිලි දිලි නිවෙමින් 
මද සුළඟද කලබල කරයි 
මල් කිති කවමින් දිය රළ බිඳිමින්..

රෑ තුන්යම නිදි නොලබා
වදනින් වදනට ගලපා
ඔබට ලියාගෙන ආ සංදේශය 
කෙසේද මුමුනන්නේ
නිදි නැති කොවුලෙකු කෑගසයි

දහසක් ඇස කන් රවටා
දහසක් දෙනගෙන් සගවා 
රහසේ රචනා කල සංදේශය
කෙසේද මුමුණන්නේ 
පිනිකැට හඩදී බිම වැටෙයි

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
------------------------------------------------------------------------------------------------
කළිදු ගංගා දෙනියෙ වන තීරේ
ගෝවින්ද කොතැන සැගවුණිද මට නොතේරේ
පිය තුමනි නන්ද හා කොහිද ඔබෙි පුතනූ
මා ඔහුගෙ ප්‍රියාවය සැගවුණු තැන කියනු

පළුපත් යහනකි මෙි ඔහු සැතපුණු
ඔහුගේ සිරුරේ සුවදයි මෙි
ළදකගෙ මිණි කොඩොලේ සුන් බුන්මෙි 
හා හා බැදුනි ද කාමිණියක හා

නිල් දිය පොකුණකි මෙි ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මෙි
ළදකගෙ මිණි මෙවුලේ මුතුකැට මෙි
හා හා බැදුනිද කාමිණියක හා

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා සහ ලක්ෂ්මන් විජේසේකර
------------------------------------------------------------------------------------------------
මධුවිතට ඉඩ දෙන්න 
එපා මුව සිප ගන්න 
මධු සැලෙ දොර වසා 
මා වෙතට පැමිණෙන්න 

සද කැලුම් අතුන බිගු 
මාවතේ ඇවිදින්න 
තුෂාරේ වැසි ගිය 
මිදී උයන නවතින්න 

දෙතොල් පෙති මත රැදුණු 
මධු පැනින් මත් වෙන්න 
මධු සැලෙ දොර වසා 
මා වෙතට යලි එන්න 

රාත්‍රිය ගෙවූ මුත් සැව්ලානේ 
නාඩන්න සුදු සදට වන රොදේ 
නවතින්න ඉඩ දෙන්න 
නීල පලු පත් අතර 
මොහොඉතකට නවතින්න 
මධු සැලෙ දොර වසා
මා වෙතට යලි එන්න 

පද රචනය - සුනිල් ආරියරත්න 
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
------------------------------------------------------------------------------------------------
ගිම්හානේ රැය ගෙවේ ගෙවේ
තරු කට සුදිලී නිවේ නිවේ
ගොපිකාංගනාවන් ළය මඩලේ
පෙම් රැළි මාලා දිවේ දිවේ

අගිල් සඳුන් කැට දැවේ දැවේ
මින්දද පුරවර මැවේ මැවේ
ගොපිකාංගනාවන් නිති සොයනා
ප්‍රියයා කොතැනද නොවේ නොවේ

පද රචනය - සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
------------------------------------------------------------------------------------------------
වසන්තයේ මල් සමයේ මල්වර හෝපලු වනේ
යව්වනයට කතා කරයි මධු කෝකිල කුජනේ

කුලින් කුලේ ජල රේඛා තරඟ නඟා වාදනේ
මලින් මලේ බිඟු ජාලා නිමක් නොමැත ගායනේ

මල්සර මල්සර මානයි මලිගිය මල් කානනේ
යව්වනයට කතා කරයි මධු කෝකිල කුජනේ

පද රචනය - සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා/අමරසිරි පිරිස්
------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------

ප.ලි 
පසුගියදා අප අතරින් නික්ම ගිය "ඩී. බි නිහාල්සිංහයන්ගේ  එදා අප රස වින්ද සුන්දර නිර්මාණයක් නැවත මතක් කරන්න හිතුනා ...වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් මැනවි ...
------------------------------------------------------------------------------------------------

76 comments:

  1. ටොරානාට පින්සිද්ධ වෙන්න දිමුතු මුතු නම් බලලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ නාට්‍ය නැ පූසෝ නැවත එහෙමවත් බලන්න ...

      Delete
    2. මම ඒ දවස් වල බලල තියෙනවා එක කොටසක් නෑර.. මාරම ලස්සන සින්දු ටික.. මම මේ අහන්න හැදුවේ ආයෙම බලන්න විදියක් ගැන.. ජාතික රුඋපවහිනියෙන් චෙක් කරන්න ඕනි..

      Delete
    3. කමියෝ තිබුනොත් මතාත් ...දීපන් ...ගමේ එකා වෙච්චි ..හැක්

      Delete
  2. මේ ටෙලි ටිකනම් බලලාම නෑ. අපි ඉපදිලාවත් නැතුව ඇති සමහර විට. ඒත් සින්දු ටික බොහොම ආසාවෙන් හැමදාම අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචෝ බලපන් පරම්පරා කියක් මේවා රස විදියිද ?

      Delete
  3. සිරාවටම බලලා නැහැ බන් ඔය නාට්‍යය.. මම හිතන්නෙ මාත් ඉපදිලා නෑ ඒ කාලෙ.. :D කිවුවට ලැජ්ජ වෙන්න දෙයක් නෑ බන් (කොහොමත් ලැජ්ජාවක් නෑනෙ ) වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...නීල නුවන් යුග කවියක් විය ඔබගේ.... සිංදු වලට පට්ටම ආස උනාට මොකද ඒවා ටෙලි ගීත බව දැන ගත්තෙ අදයි.... :D :D :D

    ReplyDelete
    Replies
    1. //සිංදු වලට පට්ටම ආස උනාට මොකද ඒවා ටෙලි ගීත බව දැන ගත්තෙ අදයි//
      මේවා මචෝ උඹලගේ වැරදි නෙවෙයි .මේ දේවල් සංනිවේදනය කරන එවුන්ගේ වැරැද්ද .උන් දැනගෙන ඉන්න එපැයි උඹලට කියලා දෙන්න ..
      ජයවේවා ප්‍රියෝ ...

      Delete
    2. //මේවා මචෝ උඹලගේ වැරදි නෙවෙයි // අන්න එහෙම වරෙන්.. අපි කොහෙද රහසෙන් වත් වැරැද්දක් කරන්නෙ?? :V :V

      මොක උනත් දැන් ඒවා දැන ගන්න උඹ ඉන්නවානෙ..

      Delete
    3. //මේවා මචෝ උඹලගේ වැරදි නෙවෙයි .මේ දේවල් සංනිවේදනය කරන එවුන්ගේ වැරැද්ද //

      ඉතිං ඒක තොගෙ වැරැද්දනෙ..ඩියුටිය හරියට කරපං නැත්තං අස් කරල දානවා..ඕ යේස්

      Delete
    4. එකෙන්ම අස්කරලා දාලා ඉටිකිරිස් කෑල්ලක් ගන්නවා ජොබ් එකට 😂

      Delete
    5. නෙදකින් මුන් ටික ...ඉඳලා ඉඳලා ඇවිත් මෙතැන මාව අස් කරන්න කතාව ..හැක්

      Delete
  4. මාත් හරිම ප්‍රියකරන සින්දු ටිකක් තමයි රේඛා එකේ තියෙන්නෙ. ඒ කාලෙ ගොඩක් ටෙලිනාට්‍ය නිෂ්පාදන උනේ ටෙලිසිනේ හරහ කියල තමයි මතක තියෙන්නෙ.

    //මධු සැලෙ දොර වසා
    මා වෙතට පැමිණෙන්න// ඉඳහං ඉස්සරහ කඩේ එකාට කියන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ නං බලං ඇත්තේ ඌ ඒක ඇරල දාලා කොහේ හරි යනකං තමා. .හැක්.. අමුඩයා

      Delete
    2. ප්‍රසා , බලාගෙන ඉඳපන් දොර වහලා එයි මෙන්න කියලා ...යකෝ ඔය දැල් කඩේ ඉඳලා බොන එවුන්ට හැමදාම බඩේ අමාරුව හැදෙනවා ඇති ..ඇයි ඉතින් ...එක්කෝ ඕනෑ නැ ,,හැක්

      අපි හැමෝම තවම ඒ ගීත වලට කැමැතියි අය්යේ ..
      ජයවේවා !!!

      Delete
  5. පහු වෙලා මතක් කරන කොට තමා අගේ වැඩි...

    මම උඹ වෙනුවෙන් සම්මාන ගන්න නැගිටල ගන්න ගියා එකා.. හැක්

    ReplyDelete
    Replies
    1. //පහු වෙලා මතක් කරන කොට තමා අගේ වැඩි.// එතකොට පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නෙ කසාදෙ විතරක්මයි... ඔව්. :V :V :D :D

      Delete
    2. ඇත්තටම බන් මේවා ඇහෙන කොට පරණ මතකයි අවිස්සෙනවා ....
      උඹ ගැන මම නොදන්නවයි දේශෝ ..අර සම්මානේ ගන්න ඇවිත් එතන තිබුන දොරෙන් එලියට ගිය එකා වෙච්චි ....හැක්

      Delete
  6. රේඛා විකාශනය වෙන කාලෙ අපි ඉපදිලාවත් නැති වුණත් මේ ගී හැම එකකටම වාගෙ මම බොහොම ප්‍රිය කරනවා. විශේෂයෙන් ම තරු එළියද හිරිහැර කරයි ගීතය ගැන මං ළඟදි බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා,ඒ ගීය මගෙ ආදරේ ඩෙනිමක් වගේ ගීය සමඟ සංසන්දනය කරමින්.දැල්වූ පහන් ගීතයත්,රාධා ක්‍රිෂ්ණ ගීතයත් ඒ වගේ ම ප්‍රිය කරන ගීත.මතක අලුත් කළාට ස්තූති.. චන්ද්‍රෙල්ඛා කියන්නෙ කටහඬක් නොවෙයි.. යුගයක්..!

    ReplyDelete
    Replies
    1. //චන්ද්‍රෙල්ඛා කියන්නෙ කටහඬක් නොවෙයි.. යුගයක්// ++++++++

      Delete
    2. වැසි ,චන්ද්‍රලේකා කියන්නේ යුගයක් රූකාන්ත මුණ ගැහෙන කල් ..එතැනින් එහාට ඒ යුගය ඉවරවෙනවා ..අපි අමුතු යුගයකට කැඳවාගෙන යනවා .මුල කාලයේ හිටපු චන්ද්‍රලේකා තනිකරම වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ ...
      ජයවේවා !!!!

      Delete
  7. රේඛා නිසා මට වීරයෝ තුන් දෙනෙක් බිහි උනා.. සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ හා චන්ද්‍රලේඛා.. බලපන් සින්දු ටිකේ එකකට එකක් වෙනස් ලස්සන.. මම මේ නාට්‍යයත් දිමුතු මුතු නාට්‍යයත් හැම කොටසක්ම විකාශනය වෙන කොටම බලලා තියෙනවා.. ඒ මතක සුවඳ ආයෙම දැනුනා.. කවද හරි විවේක තියෙන වෙලාවක නැවත බලන්න විදියක් තිබුනොත් මේ ඔක්කොම මුල ඉඳන් බලනවා..
    මේ වෙලාවේ මට ගංගා සහ නිශ්ශංක ටෙලියත් මතක් වෙනවා.. සිනා පිපෙනා මේ වසන්තය.. නෙලා දෝතින් මලක් සේ.. මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ... වසන්තය මලක් සේ.. වැසි දැරිය කියුවා වගේ මේවා නිකම්ම නාට්‍යය හෝ සිංදු නෙවෙයි.. යුග යුග මතක.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඇයි " ගමන " ටෙලිය. " ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ .ටිං ටැං ටිං ටැං ටොං "

      Delete
    2. යුග යුග මතක කියන්නේ කමියෝ කියලා වැඩක් නැ .මට මතකයි ඒ දවස් වල රුපවාහිනි බලන්න ගියේ ගමේ එක ගෙදරකට .ගමේ ගෙවල් මන්ඩියේ සෙට් එකම එනවා .කරන්ට එක නැති නිසා කාර් බැටරියෙන් තමයි බැලුවේ ....අනේ අම්මේ අනෝරා වස්සේත් හීතලේ ගැහි ගැහි ගියා මතකයි ...
      ජයවේවා !!!!!!!!

      @සජ්ජා
      +++++++++++++++++++++++++++++
      @ඉවනයා
      අයි බන් රන්කහවනු සල්ලි සල්ලි කියලා එකක් තිබුනේ ..

      Delete
    3. ඇයි 'සුසීමා'

      ඒකෙ සින්දු තාමත් පිස්සු හැදෙන සඳ වගේ නේද?

      Delete
    4. සිංදු ඇනෝ :

      සල්ලි ගහක් උඩ සල්ලි හැදී
      නෝට්ටු කොළ එහි බිමට නැමී
      සල්ලි කඩන්නට ගහට නගිනවිට
      අතුත් කඩාගෙන බිමට වැටී

      රන්කහවනු සල්ලි සල්ලි
      රන්කහවනු සල්ලි සල්ලි


      මේක විතරයි කොටස

      Delete
  8. mewage godak parana tele yanawa me dawaswala dialog tv wala alutin add wela tiyena hit tv chanel eke.

    Thnku aiyandi..

    ReplyDelete
    Replies
    1. හිංහලෙන් කොටපිය.. හිංහලෙන්.. :V

      Delete
    2. ස්තුතියි මනෝ ...අපිට කොයිද පුසෝ ඩයලොග් ටීවී ...හැක් හැක්

      @ප්‍රියා ...
      මුට දැන් සිංහල බෑ ...ඉංගිරිස් සිසුවෙක් නේ ..හැක්

      Delete
  9. මෙව්වා තමයි riyal නාට්ටි ....

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවාද කුකුලෝ ....මෙගා වැල වගේද ..
      ජයවේවා !!!

      Delete
  10. මේ සිංදු රේඩියෝවක වත් දැන් යන්නේ බොහෝම අඩුවෙන්. ඒකෙන් අළුත් පරපුරට මේවා ඇහෙන්වා අඩුයි. අපරාදයක් ඒක.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් බොහොම කාලෙකින් දැක්කේ ....ඔව් මචෝ මේවා දැන් ඇහෙනවා අඩු නිසා අලුත් පරම්පරාව දන්නේ නෑ ...උන් දන්නේ රම්බරි කන්සා ගහනවා වාගේ දේවල් විතරයි ..
      ජයවේවා !!!

      Delete
  11. නාට්‍ය නම් බල නැහැ ලංකාවේ හිටියේ නැති නිසා. නමුත් සින්දු ටික නම් අහලා තියනවා. අගේ ඇති සින්දු ටික. ස්තූතියි සින්දුවෝ.

    ReplyDelete
    Replies
    1. හැමෝම සින්දු ටික අහලා තිබුනත් මේක ටෙලි නාට්‍ය ගීත කියලා දැනන් ඉඳලා නැ වාගේ ...ජයවේවා !!

      Delete
  12. මේ සිංදු ඔක්කොම ඒ කතාවේ කියලා දැනගත්තේ අදයි... සිංදු වලින්ම හිතාගන්න පුලුවන් කතාව කොච්චර ලස්සන ඇති ද කියලා..

    අපූරු පෝස්ටුව සිංදු..

    ReplyDelete
    Replies
    1. එකනේ නිර්මාණි දැන් දැනගත්තා නොවැ ..
      අපූරු සුන්දර නාට්‍යක් ...
      ජයවේවා !!!

      Delete
  13. මනසින් අතීතයට ගියා. කළු සුදු රූපවාහිනියකින්. මේ නාට්‍ය බැලූ ආකාරය මතක් වුනා. මේ නාට්‍ය කලාව විනාශවී අද තියන, 'එදාවේල කෑලි 100 නාට්ටි' ආවත් හරි, රූපවාහිනිය පාවිච්චි කරන්නේ දේශීය ප්‍රවෘත්ති, චන්ද්‍රිකා රූපවාහිනී, බැලීමට පමණයි.

    ReplyDelete
    Replies
    1. අපුරු සුන්දර මතක ගොන්නක් විචා ....
      ජයවේවා !!

      Delete
  14. ලාවට ලාවට මතකයි බැලුවදෝ මන්දා.. පොඩිම කාලෙ.
    චන්ද්‍රලේඛා කට ඇරලා සිංදු කියන කාලෙ.කෙලින්ම වදින්නෙ බොක්කෙ.ආයෙ කියල වැඩක්නෑ..
    නිහාල්සිංහයන් අධ්‍යයනය කළයුතු චරිතයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර ලේඛා රුකා මුණ ගැහෙනකල් හොඳට සින්දු කිවා මචෝ ..ඊට පස්සේ ඕයේ ඔජායේ තමයි ...

      //නිහාල්සිංහයන් අධ්‍යයනය කළයුතු චරිතයක්.//
      ++++++++++++++++++++++++++++++
      ජයවේවා !!!!

      Delete
  15. ආසම සිංදු ටිකක් සිංදුවො...
    අර කලිගු ගංගා සිංදුව හොය හොය හිටපු එකක් ඒක මෙතනට දාපු එකට නං උම්ම එකක් දෙන්න වටිනව...
    ඒ යේස්...

    චන්දලේකගෙයි ලක්ෂ්මන් විජේසේකරගෙයි මම ආසම සිංදුවක් තමා සුපෙම් හැගුම් ඔබෙන් එපා
    පට්ටයි බං ඒ සිංදුව...
    (ඔව් ඔව් මෙතන්ට අදාල නෑතමා ඉතිං මට පාංද..) හැක් හැක්
    ජයවේවා
    ඔය ටෙලි එකක් වත් බලල නෑ බං

    ReplyDelete
    Replies
    1. මචං "සුපෙම් හැගුම් "කියන්නේ ලක්ෂ්මන් විජේසේකර එක්ක ප්‍රදීපා ධර්මදාසනේ.මගෙත් ආසම සින්දුවක්.

      Delete
    2. අනේ පලයන් සින්දුව හෙව්වා කිව්වට නිකමට මාව ඇමතුවද ? හැක්
      //චන්දලේකගෙයි ලක්ෂ්මන් විජේසේකරගෙයි මම ආසම සිංදුවක් තමා සුපෙම් හැගුම් ඔබෙන් එපා පට්ටයි බං ඒ සිංදුව...// ඉතින් මට පාන් ද ? හැක් හැක් ..
      සිරාවට මචෝ පට්ට සින්දු ඒවා ..
      ජයවේවා !!!

      Delete
    3. මනෝජ් උඹ හරි. මගෙ මිස්ටේක්. තැංකූ

      Delete
    4. මනෝජ් උඹ හරි. මගෙ මිස්ටේක්. තැංකූ

      Delete
  16. සුන්දර ගීත ගොන්නක් මචං.................. උඹේ එකතුව ආයෙමත් පිටිපස්සට ගිහින් කියවනවා.... ඒ අතර තියෙන ලස්සන ගීත ආයෙ ආයෙත් හොයාගෙන අහනවා...... මේක සුපිරි එකතුවක් මචං...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ ..
      ජයවේවා !!!

      Delete
  17. චන්ද්‍රලේඛා සින්දු කිව්වට රඟපෑ බවක් දන්නේ නැහැනේ මචං.

    ReplyDelete
    Replies
    1. රේඛා එකෙන් පස්සේ වෙන නාට්‍ය වල හිටියද කියලා මතක නැ මචෝ ..
      ජයවේවා !!

      Delete
  18. සිංදු අනෝගෙන් පමණයි . ඇති විශිෂ්ටයි උත්කෘෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...මෙවැනි අගනා කොමෙන්ටු ඉවානයා ගෙන් පනමයි ..හැක්
      ජයවේවා !!!

      Delete
  19. යකෝ මං දාපු කොමෙන්ටුව කෝ???

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ උඹ දාපු කොමෙන්ට් දෙකම උඩ තියනවා ..අනික මේක ...බිත්තර දෙකේ කතාව මතක් වුනා ...හැක් හැක්
      ජයවේවා !!!!

      Delete
    2. හෙණයක් ගහල රවුටරේට කෙලවුනා ඊයෙ... ෂුවර් එකටම් ඒ වෙලාවෙ වෙච්ච වැඩක්... හොර ඉවානයා...

      Delete
    3. ඒ හෙනේ තොට වැදුන් නෑනෙ..චැහ්
      අපරාදෙ රවුටරේ ……ඕ යේස් !!

      Delete
    4. හුකෑස් ...මේ පත්තරයා නම් අර එස් .බි ගේ නැකතින් ඉපදුන එකෙක් මයේ හිතේ ..

      Delete
  20. දිමුතු මුතු සහ රේඛා ටෙලි නාට්‍ය ද්විත්වයම විකාශනය වූ සමයේ කළු සුදු රුපවාහිනියකින් නරඹන්නට තරම් වාසනාව මට තිබුණා. රේඛා කියන්නේ නිකංම ටෙලියක් නොව පර්යේෂණයක්.ටෙලි නාට්‍ය යුගය ආරම්භයේ එලෙස පර්යේෂණයක් කරන්නට තරම් ධෛර්යයක් නිහාල්සිංහයන්ට තිබුණා.
    නිහාල්සිංහයන් ටෙලිසිනේ කරද්දී මම හිටියෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ.ඔහු සමග මගෙ මතකද බොහොමයක්.ඉඩ ලැබෙන හැටියට ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියා පරක්කු මොකද බැලුවා.
      //රේඛා කියන්නේ නිකංම ටෙලියක් නොව පර්යේෂණයක්.//රේඛා නාට්‍යට පස්සේ මෙවැනි නාට්‍යක් දෙකක් හදුනා වාගේ මතකයි ..."ඉරපයා " - සමිතා ,ලක්ෂ්මන් ,කමල්

      අය්යේ ඉක්මනින්ම ලියමු ඒ සුන්දර මතක ටික ..
      ජයවේවා !!!

      Delete
  21. මේ සින්දු ටෙලි ගීත කියලා දැනගත්තේ අද තමයි..

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවානේ සිතු ..එකත් ලොකු දෙයක් නේ ..
      ජයවේවා !!!!

      Delete
  22. සිංදු .. අම්මපා මේ කියනකං මේ සිංදු ටෙලියක සිංදු කියල දන්නෙ නෑ.. සමහර ඒව අහල තිබ්බෙත් නෑ.සිරාවට

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේ සින්දු ටික දාලා මම ලොකු පිනක් නොවැ කරගෙන තියෙන්නේ ..උඹත් දන්නේ නැ කිව්වම ..
      ස්තුතියි මචෝ
      ජයවේවා !!!

      Delete
  23. දිමුතු මුතු බලල තියෙනවා, හැබැයි රේඛා බලල නැහැ...
    ගෙරි පත්තරය කිව්වා වගේම මමත් ඔය සින්දු ටික ටෙලියක බව දැනගත්තේ ඕන් උඹෙන්...

    ReplyDelete
  24. ඔය කියන ටෙලි නාට්‍ය දෙකම විකාශය වෙන කාලෙදිම නැරඹූ බවක් යන්තමින් මතකයි..ඒ ඇරත් මේ ගීත ටික නම් හොදටම මතකයි. සුනිල් ආරියරත්නයන් රෝහණ වීරසිංහයන් මොන තරම් දක්ෂයින්ද කියලා මේ රචනා කීපයෙන් මොනවට පේනවා.

    ReplyDelete
  25. මෙතෙක් නොදැන සිටි කාරණා බොහොමයක් දැනගත්තා.. ඉස්තුතියි..

    ReplyDelete