Sunday, May 22, 2016

"අපට ඔබේ දෑත දෙන්න වැටුණු තැනින් නැගිට එන්න"

දෙවැනි මෙහෙයුමට අපි සුදානම්. විපතට පත් අපේම වුන්ගේ නිවෙස් පිරිසිදු කර දෙන්නට. ශ්‍රම දායකත්වය දිය හැකි අය සටහනක් දාන්න සම්බන්ධකරගත හැකි විදියත් එක්කම. එසේම අපට මෙන්න මේ දේ හැකිනම් ලබා දෙන්න.
රබර් හෝස්, මොප්, වයිපර්, ඉදල් කොසු, විශබිජ නාශක ද්‍රව්‍ය, ඒවා පහත ස්ථානයට භාර දෙන්න අප ඒවා ලබා ගන්නම්.
ඉහත ද්‍රව්‍ය ඔබට පිරිනමන්න හැකිනම් ඒවා නො 455 ගාලුපාර කොල්ලුපිටිය (කාගිල්ස් බෑන්ක් ඉදිරිපස) සමුපකාර රක්ෂණ සමාගමේ ආරක්ෂක අංශට භාර දෙන්න. එසේම අපව දැනුවත් කරන්න 0777210068 නලින්, 0719283200 පුබුදු.
(අපේ නලින් දිරුක්ෂ බුකියේ දමා තිබුන පණිවිඩය මෙතැනට ගත්තේ බ්ලොග් කියවන හැමෝටම දැනුම් දීමට .අපි එකතුවෙලා පුළුවන් දෙයක් කරමු )

-------------------------------------------------------------------------------
අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න....

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න 
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න 
එපා ජාති ආගම් කුලමල තකන්න
හිතමු අළුත් ශ්‍රී ලංකාවක් හදන්න

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ
----------------------------------------------------------------------
සාමානයෙන් කොච්චර කැළණි ගගේ වතුර වැඩි උනත් නාගල ගම් වීදිය උඩින් වතුර දාන්නේ කලාතුරකින්. 89 ගංවතුරෙන් සැගවුන තමන්ගේ අම්මා සොයන තරුණයෙක් ගැන කපුගේ මහත්තය නිරංජලා සරෝජිනි මහත්මිය එක්ක කිව්ව ගිතයක් මතක් වුනා ..

නාගල ගම් වීදියේ..
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

කැළණි ගඟානෝ උතුරා ගංවතුරක් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අද අපි උඹවත් සෙව්වා
වැලි තරමට බෑ කද නම් උහුලන්නට බෑ
කටකර අම්මණ්ඩි කොහෙද කවුරුත් දන්නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

ඔහේ පාලුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහක මහ ගජසෙන් බිඳදා
අනේ අනිච්චං කියල කිවුව කෙනෙක් නෑ
කටකර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ
නාගල ගම් වීදියේ වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිලි වගේ ලෑලි පැලේ උඹ උන්නා..
කටකර අම්මණ්ඩියේ..

ගායනය: ගුණදාස කපුගේ සමඟ නිරංජලා සරෝජිනි

14 comments:

  1. ඔව්,අපි එකතු වෙලා නැගිටිමු.
    අර උඩ සින්දුව නම් අහලා තියෙනවා.එත් කපුගේ කියන සින්දුව ගැන ඇහුවේ සින්දුවාගෙන් තමයි

    ReplyDelete
  2. උඩ තියෙන සිංදුව නිකං සමහර අය පොඩි චූන් එකක් ගියහමත් දාගන යනව(විහිළු නෙවී පොඩ්ඩක් කල්පනා කරල බලහං බොරුද කියල) දෙවනි එක නං අහල නෑ.

    අපි පුලුවන් විදියට උදව් කරමු මචං. අපි මේ පැත්තෙ පුලු පුලුවං විදියට ගේම ගහනකොට උඹල ඔය පැත්තෙ කරන දේ අගය කරන්න වචන නෑ බං.
    පහුගිය දවස් වල මම දැක්ක නෙව උඹ කරපු දේවල්..
    ජයවේවා සිංදුවා

    ReplyDelete
  3. දෙවනි සිංදුව ඇහුවෙම අදයි බන්..

    හ්ම්ම්ම් කොහොම උනත් අපි අපි ගොඩ යමු.

    ReplyDelete
  4. ලිපිය මම මෙතනත් දැම්මා.
    http://nelumyaya.com/?p=5843
    කැළණි පාලම නාට්‍යය මතකද. ඒ කාලේ ඉඳන්ම ගලනව. තවමත් එහෙමයි. කෝ flood defence

    ReplyDelete
  5. සුනිල් එදිරිසිංහගේ ගීතය හරිම සංවේදීයි. කනට ගහලා කිව්වට වැඩිය හොඳට වදිනවා.

    ගංවතුර සහ නාය වින්දිතයන් වෙනුවෙන් අපිත් අපේ ගමේ සුබසාධක සමිතියෙන් ද්‍රව්‍යමය ආධාර සහ සේවා ලබාදුන්නා.

    ReplyDelete
  6. 89 ගාණටම ආවයි කියල නේද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. 89 ට වඩා වැඩියි කියල කියන්නෙ. අපේ ගමේනම් 89 ට වඩා අඩි එක හමාරක් වතුර වැඩියි. හේතුව නම් අවිධිමත් ඉදිකිරීම් නිසා වතුර ඉක්මනින් බැස නොයෑම.

      Delete
    2. 89 මීට වඩා කාලයක් ගඟ උසට තිබුනයි කියනව, මේ පැත්තෙ. දැන් වතුර පිරිල තියනව පහත් බිම්වල ගඟට ගලන්න මාර්ගයක් නැතුව. 89 මේතරම් ඉදිකිරීම් නොමැති නිසා (ඉවාන්ලත් ඉන්න නැතුව ඇතිනේ ;-D ) ඉක්මනට වේලෙන්න ඇති.

      Delete
  7. දෙවෙනි අදියරටත් දායකත්වයක් සපයන්නම්...

    ReplyDelete
  8. දෙවෙනි අදියරටත් දායකත්වයක් සපයන්නම්...

    ReplyDelete
  9. කපුගේගෙ මේ සින්දුව අහල තිබුනට මෙච්චරට දැනිල තිබුනෙ නෑ මෙච්චරකල්..

    ReplyDelete
  10. me athare delkanda ACME institute eke A/L, O/L saha siyalu satahan ekathu akranawa.haki thaak paniwudaya laba denna.

    ReplyDelete