Monday, June 6, 2016

"රාජ සභා මණ්ඩප වල ජයට නටාලා"


එදා පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ මෙන්ම ප්‍රසංග වේදිකාවේ ද ඔහු රඟපෑ චරිතයන් මෙන්ම ගායනයන් ද වසර ගණනාවක් ගතවුනත් අදත් ප්‍රේක්ෂක රසික හදවත්වලින් දුරස් නොවී පවතී.ඒ  අන් කවරෙක් නොව ජනප්‍රිය නළුවකු හා ගායකයකු ලෙසින් අප ආදරයය කල  ග්‍රැන්විල් රොඩ්රිගෝය .

මෝදර, "ද ලා සාල්" විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය හැදෑරූ ග්‍රැන්විල්, සංගීතය කෙරෙහි යොමුවන්නේ පාසල් වියේදීමයි. නිරතුරුව ඔහු අත රැඳුනේ බොක්ස් ගිටාරයයි. "කවදා හෝ සංගීතඥයෙකු වන්නෙමි" යන සිතුවිල්ල මේ කාලයේදී තම සිත්හී මෝදු වෙමින් තිබූ බව පසු කලෙක ග්‍රැන්විල් මාධ්‍යයට පවසා ඇත. ඔහු මුතුවැල්ල ශාන්ත ජෝන් දේවස්ථානයේ ගායන වෘන්දයේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටියදී බොහෝ පැසසුම් ලැබුවේය. 

කේමදාසය මාස්ටර්ගේ ඇසුරේ කලා කෘතින් වලට දායකවීමට ලැබීම  ඔහු ලද ඉමහත් වාසනාවකි .කේමදාසයන් ද රජ වැඩ කෘතියට ග්‍රැන්විල් සහභාගි කරවා ගන්නේ, ඔහුගේ සංගීත කුසලතාව හා රංගනයේ හැකියාවන් ද  මනාව හඳුනා ගත් නිසයි .

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, හා ධම්ම ජාගොඩ යන ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නට තරම් වාසනාවන්ත වනවා.  ග්‍රැන්විල් , ඔහු තුල සැඟවී ගත් නිසග කුසලතාවන් ඔප මට්ටම් කර ගැනීමටත් මෙය ඔහුට මහඟු අවස්තාවක් වනවා . "මනමේ", "සිංහබාහු", "මහාසාර", "සුභ සහ යස", "ඒකාධිපති" හා "සක්යා", වේදිකාවේ දී ඔහු ප්‍රතිභාව පෙන්වූ නාට්‍යවේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "වීර පුරන්අප්පු" හා පරාක්‍රම නිරිඇල්ල ගේ "සිරිමැදුර", සිනමාව තුල ඔහු ප්‍රතිභාව පෑ චිත්‍රපට වේ. වීර පුරන්අප්පු චිත්‍රපටයේ "ජය අපටයි ලංකාවේ" ගීතයට ඔහු ගායනයෙන් ද සහාය විය. 

සිනමාව තුල නළු කමට අමතරව, ඔහු කලා අධ්‍යක්ෂණයෙන් ද දස්කම් පෑවෙකි. ඔහු ධර්මසිරි වික්‍රමරත්න ගේ "හිමකතර" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ වෙනුවෙන්  ජනාධිපති සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගේ කතාව" වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණට සරසවි සම්මානයත් දිනා ඇත. කේ. ඒ. ඩබ්. පෙරේරාගේ "පාසල් ගුරුවරී" චිත්‍රපටයට ඔහු රංගනයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ද දායක විය. සුරන්ජිත් ද සිල්වා‍ගේ "මනෝකාය" ටෙලි නාට්‍යයේ භූමිකාව ඉතා කැමැත්තෙන්  රංගනයේ යෙදුන අවස්තාවක් බව ඔහු විසින් පවසා ඇත.

1999 ජනවාරි 10 වැනිදා රිය අනතුරට පත් වෙච්ච ග්‍රැන්විල් ජනවාරි 14 වැනිදා කවුරුත් නොසිතූ නොපැතූ මොහොතක ජීවිත රඟමඬලෙන් සමුගෙන ගියා ....
(සරසවි පුවත් පතින් )
------------------------------------------------------------------------------------------------
මගේ යටත් වැසියෝ සියලු දෙනාම
මුලු දවස පුරා සිනාසිය යුත්තෝය.
මේ රජ අණ කඩ කරමින් කඳුළක් හෙළන ඕනෑම අයෙකු
රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
බරපතල දඬුවම් පමුනු වනු ලැබේ.
ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජු‍ගේ
අලුත්ම නියෝගයයි ඒ.

ඔහුට වුවමනා වුණේ,
තම රටවැසියන් සියළු අගහිඟයෙන් දැවෙතත්,
කිසිඳු අගහිඟයකින් තොරව,
යස ඉසුරින් පිරී දිවි ගෙවන බවට
අවට ලෝකයට හැඟවිමටය.

ඔහුට වුවමනා වුණේ
තම රටවැසියන් කිසිදු නිදහසක් නැතිව
වහල් යදමින් බැඳී වෙළෙතත්
සියළු නිදහසින් යුතුව
සොම්නසින් සැදී දිවි ගෙවන බව
අවට ලෝකයට හැඟවිමටය.

ඔහුට වුවමනා වුණේ
තමා මහා කුරිරු පාලකයෙකු වෙතත්,
අමන මෝඩයෙකු වෙතත්,
ඒ බව වැසෙන සේ අමුතු අමුතු සෝබන පා
ජන සිත් රවටා
තමා මහා රසිකයෙකු බවත්,
මහා ප්‍රාඥයෙකු බවත්
සිය රට වැසියන්ට හැඟවිමටය.

පොඩ්ඩක් ඉදිරියට පණින බත් බැල සන්නිවේදකවරු
මෙහිදී..
මහා රජුගේ මහා ගුණය, මහා නුවණ,
මහා ඉහළින්ම වනන්නට වූහ.

කපටි නිළමේවරුන්,  ආවතේවකාරයෝත්
ඒ වෙනුවෙන් උත්සව සංදර්ශන
සංවිධානය කරන්නට වූහ.
බඩගැති පූජකවරු ඊට ආශිර්වාද කරමින්,
ප්‍රකාශ නිකුත් කරන්නට වූහ.

වෙනත් කළ හැක්කක් නැති
අසරණ රට වැස්සෝ,
රජ අණ පිළිපදිමින් සිනාසුනහ.
ඇතුළත වෛරය සඟවාගෙන,
පිටතට පෙනෙන්නට සිනාසුනහ.
උදේ සිට රෑ වන තුරු, ‍කොතෙකුත් සිනාසුනහ.

එහෙත් ඒ හැම දිනකම, අඳුර වැටී රෑ බෝ වූ පසු,
ඒ සියළු දෙනා හොර රහසේ, ස්ටෙප්ස් තැනිතලාවට එකතුවී,
කෝපය සංසිදෙන තුරු, පිළිකුල වමෑරෙන තුරු,
සිත් සැහැල්ලු වන තුරු,
දෙස් දෙවොල් තියමින්,  හත් හැවනි හවමින්,
කදුළු වැසි වස්සමින්,
ඇති තරම් හැඬූහ.

ගී පද :        ඩේවිඩ් කූගල්තිනොව්
සංගීතය :  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය  : ග්‍රැන්විල් රොද්‍රිගෝ
------------------------------------------------------------------------------------------------
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //

කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //

මොමිය මොමිය මෝ දෙයියා
මොමිය මොමිය මෝ දෙයියා

උඩු කන්දේ උඩ සිටිනා රතී රතී
යට කන්දේ දිය නානා රතී රතී
ඔටා දමන රතී
මර කෑර ගාන රතී…//

ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ
ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ
සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්ගේ
ගෝයා පුච්ච කෑ තැනදී
ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
මීන පුච්ච කෑ තැනදී
මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ

ගායනය  : ග්‍රැන්විල් රොද්‍රිගෝ
------------------------------------------------------------------------------------------------
මායාවෝ අකල් මකෝ
අමීනාවො කෑවෝ.
එලේ ලේ මඤ්ඤා මොකෝ
අනවිරාවෝ කෑවෝ..

රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
මෙරාය රම්පි පපර බැන්ජෝරේ
දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ

කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී
මෙරේ හයි කපරිඤ්ඤා....

ගායනය  : ග්‍රැන්විල් රොද්‍රිගෝ
------------------------------------------------------------------------------------------------
මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට

අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්

ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)

නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
නොලැබුනෝත් නම් ඉතින්
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට
බටහිර අහසින් අගේට
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට

මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ
නිලදරුවෝ දරුවෝ

භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්
දේව බැල්මක් මහා අසිරියක්
මිනිසා තවමත් නගුල් හැදුවත්
මිනිසා තවමත් නගුල් හැදුවත්
ගොවියෝ නොදනී- කිසිම හසරක්
කිසිම හසරක්
එහෙවු එකේ කැපවී මුළු හදින්
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
කොම්පැනි වලට පිං

නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ - ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

ගායනය  : ග්‍රැන්විල් රොද්‍රිගෝ
------------------------------------------------------------------------------------------------
රාජ සභා මණ්ඩප වල ජයට නටාලා
ගෝනි ගණන් ප්‍රශස්ති ගී බිමට හළාලා
නාමධාරි ලොකු පට්ටම් පිටේ ලියාලා
බොහොම කාලයක් නටල ම දැන් හති වැටිලා...

ගහේ ගෙඩිය බිමට වැටිල උඩත් තැලිල යටත් තැලිල
කවර දාක පැළ වේවි ද ටිකක් හිතාපං
තෙමුණු කුකුළ ළඟදි නරිය සිංහ වංසෙ ගත්ත ලෙසට
හිතේ හයිය නැතොත් කොනක් අනේ බලාපං...

නැමිල නැමිල දෙකට නැමිල කොන්දෙ කෙටියෙ ඇටත් බිඳිල
නැගිට ගන්න ටිකක් කෙළින් හිතා බලාපං
වන්දිභට්ට කම් කරන්න කාගෙත් දර දිය අදින්න
එකෙක් වෙන්න එපා මෝඩ කමෙන් මිදීයං...

අලුත් ලොවක් ගොඩ නඟන්න අඳුරින් එළියට බහින්න
ටිකක් වෙහෙස වුණත් දිරිය තවත් වඩා ගං
යකඩ කූඩු කඩං යන්න නැතත් යකඩ පොල්ලක් ළඟ
පතෝල කරලකින් වුණත් ගසා බලාපං...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය : ග්‍රැන්විල් රොද්‍රිගු
------------------------------------------------------------------------------------------------
චන්දන මල් දම් දාලා
මල් මකරන්දෙන් නාලා
කුංකුම අංජන කස්තුරි
කල්කය සිත්වල ඇස්වල ගාලා..
සිත්වල ඇස්වල ගාලා
සීගිරියෙන්දැයි ආවේ
රන්වන් රන්දම් වේලේ...//

රන්සිරි කැල්මෙන් මූනේ
පුන්සද නින්දෙන් පීදේ
රූසිරි රූසිරි සෝබා සෝබා..
සිහිවන්නේ සැමදා..සැමදා..
ඇල්මට බැල්මට ඉන්නද සිත්බැද
කින්නර නෙත්ලඟ සෝබා..
සීගිරියෙන්දැයි ආවේ....
රන්වන් රන්දම් වේලේ...//

නිර්මල පවුරින් ප්‍රේමී..
කවුරුද වෛරෙන් පැන්නූ..
රූසිරි රූසිරි සෝබා සෝබා..
සිහිවන්නේ සැමදා..සැමදා..
මින්දද බන්දන යෞවන රන්කද
දෙවුලොව අත්හැරියාසේ....
සීගිරියෙන්දැයි ආවේ....
රන්වන් රන්දම් වේලේ...//

ගායනය : ග්‍රැන්විල් රොද්‍රිගු
------------------------------------------------------------------------------------------------
ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
එතේ වැටේ නැත දෙවියෝ
දේවාලේ දේවාලේ දේවාලේ
නැත දෙවියෝ
ඒ දෙවොලේ මං දෙවියෝ

දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ
කියා පරාඹු සේවනේ
වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ

කිරියත් කිරිදියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
කිරියත් කෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඳුරු
ඉටිපන්දං අගිල් කපුරු
සඳුන් ල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පළතුරු
ලාබායී ගජ ලාබායී//

නා‍ට්‍ය‍ය‍ - වි‍ශ්‍ව‍ සු‍න්‍ද‍රී‍
ගායනය : ග්‍රැන්විල් රොද්‍රිගු


------------------------------------------------------------------------------------------------
"ගීත ටික මෙතනින් ගන්න"

ප.ලි.
ග්‍රැන්විල් ගැන ලියන්න  හිතාගෙන හිටියත් ඒක කල්  ගියා .උදේ එනකොට ඇසුන ඔහුගේ හඬ නිසා අද මේ කෙටි සටහන හරි තබනවා කියලා හිතාගත්තා .වැරදි අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න.(තොරතුරු සහ ඡායා රූප අන්තර් ජාලයෙන් ) .... ජයවේවා !!!

40 comments:

  1. විවිධ ක්ෂේත්‍රවල පැතිරුණු කුසලතා තිබු ග්‍රැන්විල් වැන්නෙක් නැවත බිහි නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. හැලප අයියේ එවැනි පුද්ගලයන් බිහිවන්න දැන් කළා ක්‍ෂේත්‍රයක් තියනවාද ? කියන ගැටළුවකුත් තියනවා නේද ?

      Delete
    2. හැලප අයියා ග්‍රැන්විල් ගැන ලියල තිබ්බ පොස්ට් නිසා ඔහු ගැන විශාල පැහැදීමක් ඇති උනා..

      Delete
  2. වැඩිය සින්දු අහල නැහැ. අර දිග සින්දු කොහොම කිව්වද මන්ද? හැබැයි ඕනේ කාලෙකට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ දිග සින්දුව සමුහ ගායනයක් ..කේමදාසගේ "කිලර් " කැසට් එකේ .(මාලනී ,ප්‍රදීපා ,අමරසිරි වැන්නන් සමග )

      Delete
  3. මේ නම ඇහෙද්දි මතක් වෙන්නෙ මනෝ කාය ටෙලි නාට්‍ය.. ඒ වගේම මර මර ඔටා දමඥ ගීතයයි, මායාගිතයයි...

    වචන ටික දැම්ම එක අගෙයි සිංදු..
    කළා අධ්‍යක්ෂකවරයෙක් කියලා දැනන් උනෙ නැ...අපූරු සටහන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මානි ...අපිට කරන්න පුළුවන් මේවා බල බල සතුටු වෙන එක විතරයි ...

      Delete
  4. මෙතුමගෙ නිතර රසවිඳින ගීත කිහිපයක්ම තියෙනවා.මනෝකාය ටෙලිනාට්‍ය තවමත් අප අතර නොමියෙන මතකයක් ඉතිරි කරල තියෙන්නෙ මෙතුමගෙ රංගනය නිසා.

    ReplyDelete
    Replies
    1. සුසීමා එකේ චරිතයත් අමතක නොවන එකක්..
      ස්තුතියි මනෝ ...

      Delete
  5. මනෝකාය කියන්නෙ මං පට්ට ආසාවෙන් බැලුව ටෙලියක්.. සිටි හිට්ස් එකේ මේ ළගඳි යනව දැක්ක බලන්න වෙලාවක් තිබ්බෙ නෑ...
    අර දේ වාලේ මං දෙයියෝ මං හිතං හිටියෙ රොඩ්නි ගෙ කියල...
    මර ඔටා දමන්නං , දේවාලෙ රාජ සභා ඇර අනික්ව එකක් වත් අහල නෑ...
    නෝනාවරුනි මහත්වරුනි පොරගෙ හොද කොමඩි තිබ්බ ටෙලියක්...

    අපූරුයි සටහන සිංදුවො... ජයවේවා

    ReplyDelete
    Replies
    1. නෝනාවරුනි මහත්වරුනි එකෙන් ගොඩක්ම ජනප්‍රිය වුනා ...සුසීමා එකේ තල්මහ එක්ක ඒ දවස් වල පට්ට මලෙන් හිටියේ ....හැක්

      Delete
  6. ග්‍රැන්විල් රොද්‍රිගෝ නම් අති දක්ෂ වේදිකා රංගන ශිල්පියා වේදිකාවට වගේ ම ටෙලිනාට්‍ය වලටත් සිය දායකත්වය ලබා දුන් බව දැන සිටියා.."කඩඉම", "සුසීමා"වගේ ටෙලිනාට්‍ය වල ඔහු රඟපෑවා මතකයි..
    එහෙත් ඔහු දක්ෂ සංගීත නිර්මාණකරුවෙක් බව නම් දැනගත්තේ මෑතකදී..
    "රාජ සභා මණ්ඩපවල" ගීතයේ තනුව සහ සංගීතයත් ඔහුගේ....
    පදපෙළ හා හොඳින් පෑහෙන ඒ තනුවත් සංගීතයත් ඔහුගේ හැකියාව විදහා පානවා කියා සිතනවා..
    මෙවන් සෑම අතින් ම දස්කම් පෑ රංගධරයින් හිඟ කාලයකදී අතීතයේ විසූ එවැන්නන් මෙලෙස යළි සිහි ගැන්වීම ම සිතට ඇතිකරවන්නේ සතුටක්...
    ස්තුතියි සිංදු ඇනෝ...!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩිනාලි ඔබගේ වටිනා අදහස් වලට ....

      Delete
  7. ග්‍රැන්විල් මැරුන දවස මට අද වගේ මතකයි බං.ග්‍රැන්විල් වාහනේක හැප්පිලා ඇඩ්මිට් කලා කියල පහුවෙලා ආයෙමත් රේඩියේටර් එකේ උණුවතුර තුවාලවලට වැටිල උන ලේ විෂවීමක් නිසා මියගියා කියල කිව්වෙ..හෝස් ගාල ගියා එවෙලෙ..

    දක්ෂකම් පිරිච්ච සුන්දර මනුස්සයෙක්.. අපරාදෙ වේලාසන ගියා වැඩියි..අරක්කු සිගරට් කටේ නොතියපු කලාකාරයො අතරෙන් එක්කෙනෙක් කියලයි දන්නෙ.ඉන්න තැනක හොඳිං ඇති !!

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ ගොඩක් කල් ඉන්න අවසර නෑ මචෝ ...

      Delete
  8. මේ හැම සින්දුවක් වගේම මං 97-98 කාලෙ ඉඳලම බොහොම ආස කරපු සින්දු. ඒ කාලෙ සින්දුවක් කියන්න කියපුගමන් කියවෙන්නෙ ඔය සින්දු සෙට් එකෙන් එකක්. තවමත් ඇහෙනකොට බොහොම ආසාවෙන් අහන්නෙ. ඒ කාලෙ මේව නිතර වෑර්ලස් එකේ ගියා. ඔහු කලින් නොගියානම් තවත් අපූරු ගීත ටිකක් අපිට ලැබෙනු නිසකයි.

    ඉපදුන දවසපටන් පෙරහැරේම
    තනිවට හිටියොත් තනිකම පමනයි
    අකුනු සැරක් සේ ඔබෙන් ලැබූ සරදම්
    එක ඉවුරක ඔබ
    අපේ ලෝකයේ
    ඈත ගව්ගනන් දුරසිට ආවෙ මේ ගමන්.
    වගේ සින්දු ගානක් අපිට දුන් සුන්දර කලාකරුවානනි! ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. //ඔහු කලින් නොගියානම් තවත් අපූරු ගීත ටිකක් අපිට ලැබෙනු නිසකයි.//
      +++++++++++++++++++++++++++++++++++++++
      ස්තුතියි මචෝ...

      Delete
  9. "ද ලා සාල්" ද

    ඩිලාසාල්ද මචං

    ReplyDelete
  10. මමත් කැමති සුන්දර මනුස්සයෙක්...

    ReplyDelete
    Replies
    1. හැමෝම කැමති සුන්දර මිනිසෙක් ...
      ජයවේවා !!

      Delete
  11. මම ඉතාම කැමති රංගන ශිල්පියෙක්. ඔහු ඉතාම නිහතමානී චරිතයක් බව අහලා තිබුනා. වැර වීරියෙන් ක්ෂේත්‍රයෙ යම් මට්ටමකට ඇවිත් එහි ප්‍රතිඵල නෙලමින් ඉන්න කාලයෙදි දිවියෙන් සමුගන්නට සිදුවීම ඉතාම අභාග්‍යයක්.

    මට මතක විදියට දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයකට ගිහින් එන අතරතුරදි තමයි රිය අනතුර උනේ...ඒකෙන් රංගන ශිල්පී සේනක විජේසිංහත් බරපතල තුවාල ලැබුවා. ඔහුගේ මතකය නැවත ජීවමාන කලාට උඹට ස්තූතියි ගොයියො.

    ReplyDelete
    Replies
    1. එ කාලාකන්නි දවස අද වාගේ මතකයි මචන් .
      බොහොම ස්තුතියි සිරෝ ...

      Delete
    2. නෝනාවරුනි මහත්වරුනි ටෙලිය තමයි ග්‍රැන්විල්ගෙ හැරවුම් ලක්ෂය...එතනින් තමයි ඔහු ගොඩාක් ජනතාව අතරට ගියේ...ඒ ටෙලිය රූගත කරන කාලෙම තමයි අනතුර සිදු උනෙත්...පසුව ඒ චරිතය කලේ ජයසේකර අපොන්සු...

      Delete
  12. අකාලයේ අහිමි වී ගිය කලාකරුවෙක්....

    ReplyDelete
    Replies
    1. අකාලයේ අහිමි වී ගිය තවත් කලාකරුවෙක්....

      Delete
  13. මේ වගේ විශිෂ්ඨ නළුවෝ ආයේ බිහි වෙන්නේ නෑ. ඒක අපේ අවාසනාව. ගානයටත් වැඩිය මම කැමති එතුමන්ගේ රංගනයට. මනෝකාය ටෙලිය නම් අමතක වෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. //මේ වගේ විශිෂ්ඨ නළුවෝ ආයේ බිහි වෙන්නේ නෑ.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  14. මේ මනුස්සයා වාහන අනතුරකින් රෝහල් ගතකලාට පස්සේ, රෝහලේදී එයාගේ පර්ස් එක නැතිවුනා. ඒ ගැන, ඒ වාට්ටුවේ කාර්ය මණ්ඩලය වෙතත් චෝදනා එල්ලවුණා. ඒ නිසා, මොහුට කල ප්‍රතිකාර අඩාල කිරීමේ හේතුවෙන්, තුවාල වල විෂබීජ පැතිරීම උත්සන්න වී මියගිය බවට, ලොකු රාවයක් ගියා ඒ කාලේ. මොහුගේ බිරිඳ ඒ ගැන හොඳටම දන්නවා ඇති.

    මේ මනුස්සයා අහම්බෙන් මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණා මට, 1980 දශකයේ මුල් භාගයේදී. මා එවකට සිටියේ මගේ බිරිඳට හිමිව තිබුණු ගුරු නිවාසයක. ඒ විද්‍යාලයට ප්‍රදර්ශනය කරන්න ගෙනාවා කුස පබාවතී නාට්‍යය. එදා, ලංකාව සහභාගිවන, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක්, රූපවාහිනියෙන් විකාශනය වුණා. යම්කිසිවකු අපේ ගුරු නිවාසය අසලට විත්, කතාකරන හඬ ඇසී බැලුවාම, මොහු පොඩි ළමයකු මෙන් බැගෑපත්ව, 'අනේ සර් මට මැච් එක බලන්න පුලුවන්ද' කියා ඇහුවා. අපි ඔහුව සාදරයෙන් පිළිගෙන, අසුනක් පනවා, තරගය නරඹන්න දී, තේ පැන් සංග්‍රහයක්ද දුන්නා. එදා ඔහු කළා ලෝකය ගැන බොහෝ දේ කිව්වා. ඔහුට මාව අල්ලලා ගියා. ඔහු කළා ලෝකය ගැන කියපු සමහර කතා, කලකිරෙන සුළුයි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වාසනාවන්ත වෙලා තියනවා මොහොතකට හරි ඔහුව ආශ්‍රය කරන්න ....සුන්දර මතකයන් අපිත් එක්ක බෙදා ගත්තාට බොහොමත්ම ස්තුතියි විචා ...ජයවේවා !!!

      Delete
  15. අනිත් අය කිසිකෙනෙක් කිසිදා ග්‍රැන්විල් ගැන නොකියූ දෙයක් මම කියන්නම්. මම මිනිස්සුන්ගෙ ශාරීරික ලක්ෂණ හිතෙන් විශ්ලේෂණය කරන පුද්ගලයෙක් හැටියට මම නිරීක්ෂණය කරපු ප්‍රධානම දෙයක් මේක. මේකට සිංහලෙන් යෙදුමක් නෑ.

    He was a man with an under-bite.

    ReplyDelete
    Replies
    1. ඔහු තමන්ගෙ රුව පිළිබඳව කණගාටුවෙන් හිටි බව මම අහල තියෙනවා. නමුත් මට හිතෙන විදිහට නම් ඔහු අවලස්සන කෙනෙක් නෙමෙයි. පළමු වතාවට ජෝයි මුකර්ජි ගෙ රඟපෑමක් මම රූපවාහිණියෙන් නැරඹුවෙ ග්‍රැන්විල් මිය ගියාට පස්සෙ. ජෝයි දැකපු ගමන් මට හිතුණෙ "හරියටම ග්‍රැන්විල් වගේ නෙ" කියලා. ඔහුත් මේ සමානකම දැන සිටි බව දැන ගත්තම මට සතුටක් ඇති වුණා. Underbite ශල්‍යකර්මයකින් නිවැරදි කළ හැකි තත්වයක් නේද?

      Delete
    2. Underbite- යට හනුව හා දත් උඩු ඇන්දේ දත් ආවරණය වන සේ ඉදිරියෙන් පිහිටීම?

      Delete
    3. ඒක අවලස්සන තත්වයක් හෝ නිවැරදි කල යුතු දෙයක් නෙවෙයි මම හිතන්නෙ. අපි බහුතරය කට වැහුවාම උඩ ඇන්දේ ඉස්සරහ දත් යටි ඇන්දෙ ඉස්සරහ දත් වලට ඉදිරියෙන්නෙ තියෙන්නේ. ඔන්නම කටවල් වහලා බලපල්ලා. ඉතාම සුලු ප්‍රතිශතයක් ඉන්නවා ඒකෙ අනිත් පැත්ත.

      Delete
  16. රාජ සභා ගීතය මගේ ප්‍රියතම ගීතයක්...බොහොම ස්තුතියි ඔහු ගැන රසවත් මතකයන් ගොන්නක් අවදි කලාට...

    ReplyDelete
  17. මමත් හරිම ආස චරිතයක්...

    ReplyDelete
  18. ග්‍රැන්විල් ගැන කියද්දී මට මතක් වෙන්නෙම හරියට වැඩක් ගන්නේ නැතුව අහක දාපු වටිනා උපකරණයක් වගේ එකක්.. :(

    ReplyDelete
  19. ග්‍රන්විල් මගෙ ගමේ මගෙ නිවසට ආසන්නයේ පදින්චි වී සිටි නියම මහත්මා ගතිගුන තිබු කලා කරුවෙකි පලාතේ බොහො පිරිසක් අසුරු නොකලාට සෑම විටම බාල මහලු සියලු ගම් වාසින්ට නිතරම සිනහවකින් සන්ග්‍රහ කර නික්ම ගිය මහත්මා කලා කරුවෙකි.

    ReplyDelete
  20. Granwil mahatha miya giyaa kiyalaa ahapu dawase mama dawalta kaweth ne.echechcharatama hitha riduna dawasak eda.

    ReplyDelete