Sunday, June 26, 2016

"අහස වැසි වසිනා නමුත් - කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්"


1971 දෙසැම්බර් 20 වන දිනයයි ..විද්‍යා විෂය හදාරන 8 වසරේ සිසුවෙකු ගුවන් විදුලියේ ගීතයක් පටිගත වී එය ප්‍රචාරය වන්නේ කෙසේදැයි බැලීමට ආශාවෙන් හා දැඩි කුතුහලයකින් ගුවන් විදුලියේ 5වන මැදිරිය වෙත යනවා .එදින ප්‍රචාරය වන වැඩසටහනක් සඳහා එක ගීතයක අඩු බව දැන ගන්නා ඔහු සිය මතකයේ රැඳී තිබු කවි පද කීපයක් ලියා  වාදක මණ්‌ඩලයේ සිටි නෙවිල් ප්‍රනාන්දු නම් වූ සංගීතඥයාට ලබා දෙනවා.නෙවිල් ප්‍රනාන්දු එවේලේම ගිටාරයේ තත් පිරිමදිමින් නිර්මාණය කළ මධුර තනුවක් නිර්මාණය කරනවා .එදා ගුවන් විදුලි සංස්ථාවේ සින්දු පටිගත කරනවා බලන්න ගිය කොල්ලා පස්වැනි මැදිරියෙන් එළියට ආවේ ගීත රචකයෙක් වෙලා. ඒ සුජාතා අත්තනායක ගැයූ  "මංගල කසී සළු" ගීතය නිර්මාණය වන්නේ එලෙසයි .ගී පද රචකයා වන්නේ ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ සුන්දරත්වය උදෙසා මහා විසල් මෙහෙයක් කරපු "සුනිල් ආර්. ගමගේ" නම් සොඳුරු මිනිසායි ...
ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය" ගීතය බිහිවූයේද ගුවන් විදුලියේ නව පදමාලා වැඩසටහනට තැපෑලෙන් යොමු කළ පද මාලාව ගුණදාස කපුගේ වෙත යොමුවීමෙනි. සුනිල් එදිරිසිංහයන් සරල ගී වැඩසටහනකට තෝරාගත් "පුර පෝය හඳට" ගීතයද ඔහු තැපෑලෙන් යෑවූ පද වැලකි. රෝහණ වීරසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූ "සමාවෙන්න ගුරුතුමාණෙනි" ගීතයද සුනිල් ආර්. ගමගේ නව පද මාලා වැඩසටහනට යොමු කළ ගීතයකි.

අවුරුදු හතළිස් පහකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ගී කෙත පෝෂණය කල සුනිල් ආර්.ගමගේ නම් අපුරු  ගී පද රචකයාගේ  නිර්මාණ කීපයක් ඔබ වෙනුවෙන් ...........


♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ...

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - ගුණදාස කපුගේ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්... //

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - සුනිල් ආර්. ගමගේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ප්‍රේමය කිමැයි කියා දුන් 
ඔබමැයි
ඔබගේ සිතමැයි
ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි කියා දුන් 
ඔබමැයි ප්‍රේමය නිසාම මා අතරමං කළේ
ප්‍රේමය කිමැයි

සියවසක් ගෙවී නොගියද
සියවසක් දිගයි අද රැය ...//
කළු වලාකුළක් පාවී ඇවිදින්
එතුවක් හිත පිරි සතුට වසා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

පෙර පවක් කියා සිතුවද
පෙර පිනත් ඔබයි මා ලද ...//
සිල් බිඳුණු බඹරකුට පෙම් පුරමින්
එතුවක් හද බිඳි සුවඳ සොරා ගත් අරුමය
මං කාට කියන්නද මිහිරියේ

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු 
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි ළංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක 
ඔබ හැර

කළා සොලොස පිරි පුර හඳ
අතැර ගොසිනි සිය පිය බඳ ...//
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක 
ඔබ හැර

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර් ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනම ද 
මම මෙතැනම ද හැමදාම
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

දියරළ පෙළකි ඇස කඳුළු හිත දවනා
මහ සමුදුරක කිමිදී සෙනේ පුරනා
රැයක් දවාලක් නොබලා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබ ම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණනේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ....
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අළුත් වැස්සක් වහින්නට සැරසේ....

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි.....

වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි.....

ගී පද - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
කවිය ඔබ        
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී 
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ 
කවිය ඔබ 

පද එකින් එක ලියවා 
සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා 
මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක 
සිත ඉකි ගසා හැඬුවා

හොර ඇහෙන් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ අත ළඟින් හිඳිනා මොහොතක 
දුර ඈත බව දැනුනා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ 
විහඟුන් වාගේ පියාඹා 
පාවී මේ ගං තෙරේ

පායා 
ඈත පායා 
විසිරේ හිරුගේ ඡායා ...//
පිපි මල් නොතලා 
පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

පාවී ඈත පාවී 
පවනේ සැලෙනා රාවේ ...//
දියරැල් අතරේ 
හැඟුමන් කිමිදේ 
මේ ගී ගයනා හදේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - අ'නස්ට් සොයිසා
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නඟේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නඟේ

ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
මහ පිරිත වී නුඹ
ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙළවරක හිඳ
කොදුරනා ..
මහ පිරිත වී ..
ඇසෙන නෑසෙන දුරින්

නෞකාවා දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමටද සොදුරි
ජිවිතේ රුදු රළ පතර
පහස විද සැනසෙනු විනා
තවම මගේ හිත ගොඞබිමට දුරිනි

කෞමුදිය උදෑසන පෙති හල
සඳක සෙනෙහස ඉහිරුනිද සොදුරි
ජිවිතේ සොඳුරුම රැයෙක
අහිමි පෙම් සුව ඉවසනා
තවම මගේ හිත නුඹේ පුසුඹ මිහිරි

ගායනය - අමරදේව
ගී පද - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ඔරුව මගේ 
තොටුපළ නුඹගේ....
අවසර දීපන්නේ...
නුඹේ අවසරේ ලැබූ සැණින්
තොටුපළේ නුඹේ...
මමයි මගේ ඔරුවයි 
නවතින්නේ....

සීතල දිය රැළි සෙනෙහස කැන්දන්
තොටුපළට ලඟා වී නුඹට හොරෙන්...
දොඬනා මැසිවිළි නෑසුනා වගේ
නුඹ කාටද මුමුණන්නේ...
කාටද මුමුණන්නේ...

රුවල් බිඳී තනිවූ දින ඔරුවේ
ඔබ සිතට මුවා වී ඉකි බිඳිමින්...
හසරක් නොපෙනෙන මේ රුදු දියඹේ
කොතැනද නවතින්නේ...
කොතැනද නවතින්නේ...

පද රචනය - සුනිල් ආර්. ගමගේ. 
සංගීතය - එම්. ආර්. චූලසිංහ.
ගායනය - විශාරද නන්දා මාලිනී
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ...
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//

මුතු මාල පොටක් ගෙලේ බදින දා..
සිත කොල සිතුම් එබී බලන දා..
රෑ නින්ද නැතිව හීන දුටුව දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..

පුර පෝය හදට..

රන් තොරණ සැදී මඟ සරසණ දා..
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
නෑ හිත මිතුරන් හිනා පුරන දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..

පුර පෝය හදට..

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
මංගල කසී සළු මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැලැඳ මා
සිටියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ 

මල්සර මිණි බුබුළු දිලිසී
සිහිනෙන් නොදුටු රැයේ
නීල තරු පොකුරූ මා දුටුවා
නීල තරු පොකුරූ මා දුටුවා

ජීවන ගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා

පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : නෙවිල් ප්‍රනාන්දු 
ගායනය : සුජාතා අත්තනායක
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
නිල් කටරොළු මල් ගොමුවේ පැනි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

පුංචි කමට නොදැන කරන වැරදි වලට සමානො‍වී
කෝටු පාර ඉඳ හිටලා නුඹට තලද්දී
නෙත කඳුළින් නුඹ හඬද්දි
හිත කඳුළින් මං හැඬුවෙමි

නිල් කටරොළු මල් ගොමුවේ පැනි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

කිරිකළ හත පෙවී නුඹට පා පොඩි එසවුනු දා සිට
සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුනේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ

ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : සුනිල් ආර්. ගමගේ
සංගීතය : රෝහණ වීරසිංහ
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝ
ඔබ මා හමුවේ
පෙම්බස් දොඩනා යුගය නිමාවේ
පෙම්බස් දොඩනා යුගය නිමාවේ
ගංඟාවේ ගීතේ

ඔබ මුව මඬලේ මුතු හිනා වගේ
දිය සරැලි ගඟේ ගලනා රඟේ
මතකයේ වෙලී පැටලේ
මල් බමර පැතුම විලසේ
මල් බමර පැතුම විලසේ
ගංගාවේ ගීතේ

ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා
නෙත් තුඩු අතරේ හමුවී දොඩා
මා ළයේ සඳා නොමැකේ
අරවින්ද කැකුළ විලසේ
අරවින්ද කැකුළ විලසේ
ගංගාවේ ගීතේ......

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ 
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
පෙමවත තරහා වෙලා 
නිහඩව ඉන්නේ ඇයි 
ඔබගේ නපුරු කමට 
මා සිත තනි කම රන්දා ....

පෙරදා බැඳුනු සෙනේ 
අඩුවක් නැ මෙතෙක් වුනේ 
පෙම්බර හිමියනි මාගේ 
මා සිත රිදවන්න එපා 
නෙතු කඳුලැලි පුරවන්න එපා ...

කඳුලක දුක රඳවා 
ඔබ අද යහනයට වැදී 
මියුරස ශිනයෙන් මගේ 
මා සිත රිදවන්න එපා 
ගොළුවත රකිමින් ඉන්න එපා ...

ගායනය - සුජාතා අත්තනායක 
ගී පද - සුනිල් ආර් ගමගේ 
සංගීතය - මොහොමඩ් සාලි
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සියපත් තුඩු අග සුවඳ සිඹින්නට රෑ යාමේ
ඇවිදින තරුවක් දැයි සැක සිතුණා
ඔබ එළිය නිවා හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සීතල දිය මත ඉගිලී යන්නට වෙර දරනා
තනිවුණු ඔරුවක්‌ දැයි සැක සිතුණා
ඔබ කතා නැතිව හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫

ප.ලි ...
බ්ලොග් එක පාළුවට යන නිසා කෙටි සටහනක් තියන්න හිතුනා ..
වැරදි අඩු පාඩු පෙන්වා දෙන්න ..

34 comments:

  1. මේ හලෝ ....ඔහෙත් ලියනවකෝ සින්දුවක්

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් සින්දු ලියලා මලා.

      Delete
    2. අටමෝ ....ලියලා තියන සින්දුවක් නම් ලියන්න පුළුවන් මචෝ ...
      @ඇනෝ මචෝ උඹ තව කීදෙනෙක් විතර මරන්න බලාපොරොත්තු වෙනවද ? හැක් ...ඇනෝ දාලා උඹේ යාළුවෙක් මරුනේ නැද්ද ? හැක්

      Delete
  2. My most favourite. . Specially what he wrote for Deepika.. unmatched. . But hardly recognized :(

    ReplyDelete
    Replies
    1. මගෙත් කැමතිම ගී පද රචකයෙක් මචෝ ....

      Delete
  3. මෑත කාලයේ ඇහුන නිතරම ඇහෙන ජනප්‍රියම සිංදු ගොන්නක හිමිකරුවෙක්. ගීය ජනප්‍රිය උනාට පද රචකයා නිහඬයි.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මචෝ , හැමදාම සැබෑ කලාකරුවෝ නිහඩව තමන්ගේ යුතුකම් ඉටුකලා නේද ? අනික කොහොමත් පද රචකයා ,තනු නිර්මාණ කරුවා නිහඩයි නේ .ගායකයා විතරයි හැමදාම ඉස්මතුවෙන්නේ ....

      Delete
  4. ලස්සන හදා නිවන පද වැල් ..........ඔවුන් සැබැවින්ම සංගීතය හරි අපූරු මිටියාවතක් කලේය
    ...

    ReplyDelete
    Replies
    1. රසික , දැන් ඉන්න එවුන්ට මෙහෙම හැකියාවක් තිබුනානම් ප්‍රකෝටිපතියෝ.මොකද උන් වචන දෙක තුනක් අමුනලා ගීතයක් කියලා එකක් හදලා රින්ග් ටෝන් වලින් දැනටමත් කෝටිපතියෝ නිසා ...

      Delete
  5. ක්ෂේශ්‍රයට පිවිසීමනම් හරිම අපූරුයි...
    කැමතිම සිංදු ගානක හිමිකරුවෙක්...

    ReplyDelete
  6. හොඳ සටහනක් සිංදු...

    ReplyDelete
  7. "ආයුබෝවේවා මහරජාණෙනි" කියන කුප්‍රකට ගීතයේ පදරචනාවත් මෙතුමාගේ නේද? ඒ ප්‍රශස්තිය කොහොම වෙතත් මෙතුමා විසින් රචනා කර තිබෙන බොහෝ ගී පදවැල් වලට මමද ප්‍රියකරමි

    ReplyDelete
    Replies
    1. දවසේ කොමෙන්ටුව මචං :D :D

      Delete
    2. එයාට අන්තිමට යන ගීයක් උනෙත් මහ රජාණනි ගීයම තමයි. තුන්කල් බලා ලියන්ඩ ඇති.

      Delete
    3. මනෝජ් ඒ ගීතයේ රචකයාත් එතුමා තමයි ....ප්‍රසස්ති ගීත ලියු අනෙක් රචකයන්ගේ ගීතවලට වඩා ඒ ගීතය ජනප්‍රිය වුනා මම හිතන්නේ ...

      Delete
  8. ඔය අපූරු මිනිස්සු අද කාලෙ වගේ උනා නං සිංදු තැපැල් කර කර ඉන්නේ නැතුව කෙලින්ම දානවා රිඟින් ටෝන් වලට. බල්ලොත් ගොඩ. හැබැයි එහෙම උනා නං ඔය වගේ සිංදු ලියවෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. සජ්ජෝ , මටත් හිතුනේ මේ දේම තමයි ....අපි පොඩ්ඩක් හරි වාසනාවන්ත වෙලා තියනවා මේ මිනිසුන්ගේ නිර්මාණ රසවිඳින්න හරි ....

      Delete
  9. මේ ගීත මෙහෙමම තැන්පත් වෙලා තිබුනාවේ. අපේ ආත්මය තුළත් ඒ ගීත තැන්පත්ව තිබෙනවා. මරණ මංචකයේදී මෙවැනි ගීත මතකයට නැගේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා විචා ...මේ යන විදිහට "මරණ මංචකයේදී" අපිට මතක බණත් ෆුල් බෑන්ඩ් එකක් එක්ක ප්ලේ කරයිද දන්නේ නැ ,,දැනටම කවි බණ නම් පොඩි වාදන කාණ්ඩයක් එක්ක වදාරනවා ..හෙට අනින්දා ඔක්ටෝ පෑඩ් එකකුත් ගහයි ...

      Delete
    2. ලෝකෙ කැරකෙනවා සිංදු බොස් :D .. පෑඩ් පාරක් නැතුව මොබ මියුසික්ද .හැක හැක

      Delete
    3. ඔව් උඹලට තියන සින්දු ටිකත් පෑඩ් එක උඩ තියලා කොත්තු රොටි කරන්න පුළුවන්නේ ....යකෝ මම කිව්වේ සින්දු ගැන නෙවෙයි ..කවි සින්දු ගැන ..තව ටික කලක් ගියාම බණ සින්දු එයි කියලා පෑඩ් ,ගිටාර් ,බේස් ,ඔක්කොම එක්ක කියලා ...යාළුවා මැරුණ ඇනොගේ යාළුවෙක් ඔක්ටෝ පෑඩ් ගහලා මලා කියලා කාලෙකට කලින් කිව්වා වාගේ මතකයි ...හැක් හැක්

      Delete
  10. අපූරු සටහනක් සින්දු ඇනෝ!!!

    ReplyDelete
  11. මෙතන පෝස්ට් එකේ තියෙන සින්දු මම අහලා තියෙනවා. නමුත් ඔය මාතෘකාවෙ තියෙන එක අහලා නෑ. අර නුවර කුමාරි ලිව්ව පෝස්ට් එකේ තිබ්බේ මේ වගෙම මාතෘකාවක් බව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අය්යේ මෙන්න මේ සින්දුවේ කෑල්ලක් බන් ගත්තේ

      "අලුත් වැස්සක් වහින්නට සැරසේ
      පුරුදු ආකාසේ....
      දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
      අළුත් වැස්සක් වහින්නට සැරසේ....

      අහස වැසි වසිනා නමුත්
      කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්" ........

      Delete
  12. නියම සින්දු ටික. සුනිල් ආර් ලිව්වා කියල දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එකනේ අජිත් අය්යේ ..අපි හැමදාම ගීතයක දන්නේ ගායකයා විතරයි නේ.අනිත් දෙන්නා ගැන වැඩිය සඳහනක් වෙන්නෙත් නෑනේ දැනගන්න ...

      Delete
  13. නියමයි.
    සුනිල් එදිරිසිංහ කියන්නෙ මගේ ජනප්‍රිය ගායකයෙක්. එයාගෙ මම ආසම සින්දු වැඩි හරියක් මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. ane ayye mamath kamathima gaayakayek thamai sunil...eyage sindu hari lassanai neda ayye...

      Delete
    2. ස්තුතියි ප්‍රසා ...
      @ඇනෝ ..බලන්නකෝ ඔයාලා දෙන්නගේ කැමැත්ත ...හැක්

      Delete
  14. හද බැඳි ගීත ගොන්නේ ඔහුගේ නම මතකයේ රැඳුණේ "අප කතා නොකර ඉමු" ගීතයත් සමඟයි...
    සාමාන්‍ය ගීත රචනා ආකෘතියෙන් වෙනස් වූ "කවිය ඔබ" සහ "අප කතා නොකර ඉමු" යන ගීත මෙන් ම "පුර පෝය හඳට" , "මංගල කසී සළු","ඔබ මා හමුවුණු","පිවිතුරුය පළමු පෙම" වැනි ගීතයන් ට සවන් දෙන එක මොහොතක නොව හැම මොහොතකදීම.....
    මල් සුවඳක් සේ නුඹ දැනුණි...... ආදරණීය පද රචකයානණි.

    සොඳුරු ගීත රැසක පදමාලාවන් ඔස්සේ හදවත සිතුවම් කරනා මේ අපූරු හද සිත්තරා පිළිබඳ ව කෙටි වුවද මේ සටහන හදවතින් ම අගයමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩිනාලි ඔබට ....එකතු කරන්න බැරි ටිකත් එකතු කරන්නම් ...

      Delete