1932 සැප්තැම්බර් 13 වෙනිදා ඇල්පිටියේදී උපත ලද "මරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි" වැඩි දෙනා අතර ප්‍රසිද්ධ වූයේ “රොක් අයියා”, “රොක්සාමි මාස්ටර්” යන ආදරණීය නම් වලිනි. සිය මවගේ සහ පියාගේ ආභාෂය නිසාත් සංගරලිංගම් නම් සංගීත ගුරුවරයා නිසාත් ඔහුට සංගීතය පිළිබඳව ඇල්මක් ආශාවක් ඇති වූ බවත් පැවසේ. සුසිල් ප්‍රේමරත්නගේ ගීතයක් සඳහා ගිටාර් වාදනය කිරීමට ගුවන් විදුලියට ගිය රොක්සාමිට එතැන් සිට දිගින් දිගටම ගුවන් විදුලියේ දොර විවෘත වූ අතර රොක්සාමිගේ සොහොයුරු ඇන්තනි සාමි ද ඒ වන විට වාදනයේ නිපුණයෙකු වූ හේතුවෙන් මේ දෙදෙනාටම ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ අනුග්‍රහය නොමඳව ලැබිණි.
ආර්. මුත්තුසාමිගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ වයලීනය වාදනය කළ රොක්සාමිට සංගීත අංශයෙන් ඉදිරියට යාමට අතහිත දුන් අය අතර තබ්ලා වාදක එම්. ආරියදාස, ජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීෆ් ද වෙයි.
1962 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ “සංසාරේ” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ බි.එස්. පෙරේරා ගේ හදිසි වියෝව නිසාය. එතැන් සිට මිය යන තෙක් චිත්‍රපට 55ක ඔහු සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
ඒවා අතර ධීවරයෝ - චණ්ඩාලි, මහ රෑ හමු වූ ස්ත්‍රිය - සිඟිති සුරතල්, සූරයන්ගෙත් සූරයා - ආත්ම පූජා, හාර ලක්ෂය, ඔහොම හොඳද , සිරිල් මල්ලී - කවුද රජා - නීලා - සකුන්තලා - දෙවියනි ඔබ කොහිද - චිං චිං නෝනා - සිරිපතුල - ටිකිරා - සැලී - අප්සරා - රෑ මනමාලි - යන චිත්‍රපට කැපී පෙනෙයි.
රොක්සාමිගේ මියුරු චිත්‍රපට ගීතාවලිය දිගු එකකි. “ධීවරයෝ” චිත්‍රපටයේ “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා”, “වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා”, “සතුට සෝකේ ජය පරාදේ”, “අගාද සාගරයේ”, “නිලට නිලේ විහිදි යයි”, ගීතද, “චණ්ඩාලි” චිත්‍රපටයේ “මැණිකක් රකිනා නා රජිඳකුසේ”, “සඳෙහි සඳුන් වනේ”, “පාලුයි තනි මට මේ ලෝකේ”, “ඈත ආකාසෙ ආලෝකෙ නෑසෙයි”, “සැකය” චිත්‍රපටයේ “වීණාවෙ සත්සර රාවේ”, “සඳ රැජිනියනේ”, “මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටයේ “ජීවන විල මැද වැජඹෙන කැකුළකි”, “සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ”, “සිහින ගඟෙහි පීනා පීනා”, “සිඟිති සුරතල්” චිත්‍රපටයේ “නිදහස් කාහල නාදේ රැව්දේ”, “සුවඳ කැකුළු වැනි රන් බදුනේ” “සකුන්තලා” චිත්‍රපටයේ “හෘදේ රජ මාලිගේ” - සීතල රටේ මීදුම වැටේ” “දෙවියනි ඔබ කොහිද” චිත්‍රපටයේ “ආදර පූජාසනේ” “සිරි පතුල” චිත්‍රපටයේ “සකල ලොවම බොදු බැතියෙන්” “මිනිහාමයි ලොව දෙවියන් වන්නේ” ආදිය මේ චිත්‍රපට ගීත අතර කැපී පෙනෙයි. අනුකරණ ගීත මෙන් ම ස්වතන්ත්‍ර නිර්මාණයන් ද ඉහත ගීත අතර වෙයි.
ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් පිළිබඳව සැලකීමේ දී චිත්‍රපට ගීත මෙන් ම ගුවන් විදුලි ගීත ද ඊට ඇතුළත් වේ.පහතින් දැක්වෙන්නේ ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකි.
"පොඩිකාලේ අපි දෙන්නා (මිල්ටන් පෙරේරා), බුදු සාමිනී (ඉන්ද්‍රානි සේනාරත්න),සිතුම් පැතුම් පොදි (මිල්ටන් මල්ලවාරච්චි), හිනාවෙන්නේ ඇයි මේ (ජෝතිපාල/පුෂ්පරාණී), සතුට සෝකේ ජය පරාජේ (ලතා), නිලට නිලේ විහිදී යයි (ලතා/ ධර්මදාස), සඳෙහි සදුන් වනේ(මොහිදීන් බෙග්), මැණිකක් රකිනා(මොහිදීන් බෙග්), සඳ රැජිනියනේ(සුජාතා), සරවන භව (මොහිදීන් බෙග්), ජීවන විල මැද(සුජාතා), නිදහස් කාහල නාදය රැව් දේ (මිල්ටන් පෙරේරා), සුවද කැකුළු වැනි (සුජාතා), ඔබේ මව් බිම සිංහලයි (සුජාතා), ඔබගේ හද මාගේමයි (එම් එස් / රංජනී පෙරේරා), ආදර පූජාසනේ (වික්ටර් / සුජාතා), ගමනේ ගිම් නිවූ එදා සහ පියාපත් සලා (මිල්ටන් මල්ලවාරච්චි) "
"ඔහුගේ සුමිහිරි වයලීන් වාදනය පිළිබඳ මතකය අදත් අප දෙසවන පාරයි. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා” ගීතය විවිධ හඩින් අපි අසා ඇත්තෙමු. එහෙත් රොක්සාමිගේ වයලීනයෙන් නැගෙන සංගීතය සමග ඒ පැරණි ගීය ඇසෙත්ම මගේ දෑසට කඳුළු පිරෙයි. එසේ නම් රොක් මිය ගියේ යැයි කෙසේ සිතමුද ?”
ගාමිණී ෆොන්සේකා විසින් මේ අදහස් පැවැසුවේ රොක්සාමි මියගොස් පස් වසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ ගුණ සමරුවට (1993) ලියූ සටහනකය.
1988 නොවැම්බර් 30 වෙනිදා ‘රොක්සාමි’ ජීවතුන් අතරින් සමු ගත්තත් , අප වෙනුවෙන් කළ නිර්මාණයන් සමඟ ම තවත් බොහෝ කාලයක් අප හදවත් තුළ ජීවත් වෙනු ඇත.

--------------------------------------------------------------------------------------
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ ...
පින්වන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ ..
මේ දේසේ ඔබගේ
මේ දෙසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා
දුප්පත් අපි රජවරු මේ කාලේ
බොරු ලොක්කෝ ලෝකේ
දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ ...
ගමේ කොල්ලො එන්නේ
පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා
දුප්පත් අපි රජවරු මේ කාලේ
මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ ...
පාට ගාපු මූණේ සායම් හේදෙන්නේ
ඔය සංකර තාලේ හරි යන්නෙ නෑ
දුප්පත් අපි රජවරු මේ කාලේ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
ගී පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
1978 දී තිරගත "කවුද රජා" චිත්‍රපටියේ ගීයකි.

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනක දී නෑ ගියේ
සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
අතට ආ ඒ රන් කුරුල්ලා
අතැර දැම්මේ ඇයි එදා
සිතට එකඟව සිතා බලනූ
දැවෙයි සෝකේ මුල මෙදා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ
බොන්න ගත් ඒ රිදී බඳුනේ
දිය සිඳී වියළී ගියා
දරුණු දෛවේ කාරුණික නෑ
බොහෝ විට නුඹ වේ දයා
ශෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාරුතේ
ගායනය - ලතා වල්පොල
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
1964 දී තිරගතවූ ධීවරයෝ චිත්‍රපටියෙනි.
--------------------------------------------------------------------------------------
සාගරේ සිහිලැල්
පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක් කියාවී
හෝ...ඒ ගොළු බස පෙම්
දන්නෙමි මම නම්
මා දෙනෙතට ළං වීලා
බලතොත් පෙනේවී
හිරු නැඟ බැස යයි
මදනල දිව යයි
සෙනෙහස අපගේ ලියලයි දළුලයි
පෙර සංසාරේ විඳ හුරු පුරුදු
සුවඳක් ඔබගෙන් පිටවී එයි
ඒ අදවාගෙ කමනීය සැන්දෑවකයි
ඔබ හඬ සුහදේ සවනට සුවදේ
මට මා කවුදැයි අමතක වී යයි
පිපෙණ නෙළුම් මල
පෑදි දෙකම්මුල
සිතක සුරංගන සිහින මවයි
ඔව් අප දෙන්නා මේ රැල්ලයි වැල්ලයි වාගෙයි
ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
හද මල් පඳුරේ
හද මල් පඳුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා
හද මල්
දිවා රෑ සැපතේ විපතේ එකසේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා
හද මල් පදුරේ
හද මල් පදුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා
හද මල්....
ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
1967 තිරගත වූ "රන්රස" චිත්‍රපටිය
--------------------------------------------------------------------------------------
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
මල් ගොමු පිස එන මද නල අතරමඟකදී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී
දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා
නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා
සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - සිරි කුලරත්න
සංගීතය - එම්.කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සළා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙළා
මතකේ තිබේ ද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ඝණ අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නො වේ
මා පවා තනි වුණා
ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පි‍්‍රයේ සිහිණෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලෙයි දෛවයේ තාරකා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා
දෑසක ඇරයුම් හී සර හදුනා
ආදරයෙන් මන බැඳුනා
සුපෙම් හැඟුම් අම මීවිතේ
මා උණුසුම් හැමදා
සුවදෙන ජීවන දහනේ
වෙලිලා හසරැලි කඳුළැල්
ලවන් බඳුන් රස සාගරේ
ගී මධු මී පිරිලා
සැතපෙන සිහින වලාවේ
එතිලා රතැඟිලි හුරතල්
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - එම්.කේ. රොක්සාමි
කොහොම කියන්නද චිත්‍රපටියෙන්
--------------------------------------------------------------------------------------
ජය කේලි බන්දන
සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී
පොබයන ...
අංජන නෙත් යුග
රන්මසු රන්දන
අනුරාගී මදහසිනී වොරඳන
අනුරාගී මදහසිනී වොරඳන
කවුරුද තී සොඳුරී
කිව මැන
කවුරුද තී සොඳුරී
රාජ රාජ රාවණ පරපුරෙනී
පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී
කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී
කියනු මැන
කවුරුදු ඔබ රජුනී
පියරාජ අණසක
පිටුපාල සපැමිණි
තඹවන් බිම සොයමී
නිවහන ...
චංචල තොල් යුග
මින්දද රංගන
කල්‍යාණී මනනඳනී වරඟන
කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී
විජයිඳු
මම වන්නෙමි මධුරී
ඈත ඈත නිල් වනපෙත් කමණී
රාජ ඉසුරු සලසයි රජතුමනී
යක් සේනා බල සුන්කරලමිනී
රාජ කිරුළ හිස පළඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී
අඹර මිහිතලයට රැගෙන එමී
දස රාජ දහමින
හෙළ දූව සුරකිණු
වණු මැණ පිළිසරණා
කුමරිය ...
රන්මිණි මන්දිර
දෙන්නෙමි දොර හැර
තී මාගේ අගරැජිනී මියුලැසි
තී මාගේ අගරැජිනී මියුලැසි
සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ
සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ
ගායනය - දයාරත්න රණතුංග සහ නාලිනී රණසිංහ
ගී පද - සරත් විමලවීර
සංගීතය - එම්.කේ. රොක්සාමි
ජීවන ගංගා චිත්‍රපටියෙන්
--------------------------------------------------------------------------------------
ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී
ජාතිය ආගම කුල බේදේ
සහ වස්තුවටත් - එය යන වේගේ
ආලය හමුවේ පරාජයවේ
යස නීතිය මේකයි ප්‍රේම ලොවේ
හොහොහ් හොහෝ..
ආලය වීණාවක් වාගේ
මෙය තත් රස මවනා මුල් වාගේ
වයනා කලටා සුමිහිරි වේ
මවනා ගතටා සුර සැප වාගේ
ගායනය - එච්. ආර්. ජෝතිපාල
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
1970 දී තිරගත වූ සුමුදු භාර්යා චිත්‍රපටියේ
--------------------------------------------------------------------------------------
සඳෙහි සදුන් වනේ
සීත සුවය දැනේ
පරම සොඳුරු ආලේ
විජය ධජය පෙනේ
පිනක බලය දැනේ
පැතුම සැබෑ වුනේ
සිසිලෙ සුළං කැරළි රඟයි
මහිම කියා සෙනේ
ජීවන සල් රුකේ කුසුම් පිබිදුනා
මෝහන මද මුදු සුවඳක් විහිදුනා
ආදර සිඳු කුසේ නිදන් පෑදුනා
ජීවිතයට ජීවිතයක් ඇඳුනා
පිපුණු මලක වනේ
බඹරෙක් ලං වුනේ
ගගන ගැබයි මිහිමඩලයි සුබ ආසිරි ගෙනේ
සඳෙහි සදුන් වනේ
සීත සුවය දැනේ
පරම සොඳුරු ආලේ
විජය ධජය පෙනේ
ගායනය - අල්හාජ් මොහිදීන් බෙග් / ජී එස් බී රාණි පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම කේ රොක්සාමි
--------------------------------------------------------------------------------------
ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ...
ළඳේ ළඳේ ළඳේ....
මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
එළිය වැටෙනවා...
ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
සුවඳ කරනවා...
ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
ගෙන එමි කැන්දා...
ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
හදවත බැන්දා....
ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
ඔබ පතමි සියලු කලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ..
ගායනය -එච්. ආර්. ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක
ගී පද -කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
ටිකිරා (1978)
--------------------------------------------------------------------------------------
නිදහස් කාහල නාදය රැව් දෙයි
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිනිය වැජඹේ දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා...
සුවඳ අතීතය සමරවු
සමගි පියුම් පෙති පුබුදවු
පිබිදෙවු පිබිදෙවු
දිදුලන තරු ලෙස පිබිදෙවු...
කුලගොත කඳවුරු මතබේදේ
පා කොට රළ මත මහ මුහුදේ
නිදි ගැට දුරලා බැඳි බැමි මුදලා
උදා කරවු සෞභාගේ...
කීර්ති රාව නැඟු දස දේසේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා මල්පල ගන්වා
උදා කරවු සෞභාගේ....
දිනු රට දිනු දැය දිනු සමයයි
දිනු විට දියතෙහි ඔබෙ නම යයි
කර රුපු බන්දා ජය කොඩි නංවා
උදා කරවු සෞභාගේ...
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ
යශෝධරා ඔබ මා දුටු බුදු සිරිතේ
මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ
මා දුටු බුදු සිරිතේ...
දෙදෙනෙකුගේ කුස ගින්දර
එක කුසකට දැනුණා නම්
දෙහිතක ඇති දුක් ගින්දර
එක හිතකට දැනුණා නම්...
කිරි බිඳ බිඳ දෙතොලක තවරාලා
ඉර සඳ තරු පෙන්වා දීලා
මිනිසෙකු වන සැටි පහදා දී
ලෝකය හැදූ වැඩූ
අම්මා... අම්මා...
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එම්. කේ. රොක්සාමි
තනුව හා ගායනය : විජේසිරිවර්ධන පොලොන්නෝවිට
--------------------------------------------------------------------------------------
මා කවුදෝ කවුරුදෝ
කොතනදෝ කෙලෙසදෝ
කොහෙන්දෝ මට කෙසේ වැටහේදෝ ..
මා කවුරුදෝ ..
එක ලේ ඔබේ හා මගේ සිරුරේ
එක සේ ගලා යන්නේ
කෙනෙකුගේ මුණ බලා
ඇයිදෝ සිත මැන්නේ ලොවේ
යුතුකම් සලකා ඉටු කරනා
අයමය ලත වෙන්නේ
හිඳිනෙමි මම දරා
ඔබ එවි දිනේ ලොවේ ...?
ගායනය - එච් ආර් ජෝතිපාල
සංගීතය -එම්. කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර
(කවුද රජා 1976)
--------------------------------------------------------------------------------------
කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක්
හිතේ නෑ නිදහසක්
අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතාවක්
ළඟින් ඉන්නවා නම්
මොකෝ දැන් පමාවක්
අහන්නම් කියන්නකෝ
සුදෝ සුදු වලාවේ
රිදී හිරු සිනාසේ
ඔබේ රස නුරාවේ
මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ
ගී ගඟක් ගලන්නේ
මා සවන් පිනන්නේ
මල් මිටක් වගේ මං
ඔබ විලක් වුනා නම්
ඔබ විලක් වුනා නම්
ගායනය - ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
1970 දී තිරගතවූ ඔහොම හොඳද චිත්‍රපටිය
--------------------------------------------------------------------------------------
වලාකුලක් මෙන් ඇතට පාවුණ නිම් නැති අඹර දිගේ
පිහාටුවක් ලෙස ගිලිහී විසිරුණ පියඹන කවුඩකුගේ
නැගී බිඳුණ රළ වරළස වාගේ බොරවී ගලන ගඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ...
කැලෑ මලක් ලෙස දෙපයට පැගුණ ගොරහැඩි මිනිසකුගේ
කුණාටුවක් මෙන් වියරුව විසිරී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔබ ගෙමිදුල වෙත ආ යාචක ලඳක වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ...
රන් මිණි දද බැඳි සුවිසල් මැදුරුද පොළවට සමවන්නේ
ගුම් හඬ දීගෙන දිව යන දිය රැළි වැලි මත වියැලෙන්නේ
සිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අපි ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරළනු මැනවි ප්‍රියේ
අමතක කරළනු මැනවි ප්‍රියේ..
සංගීතය - ඇම්. කේ. රොක්සාමි
ගායනය -ජී. ඇස්. බී. රාණි පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
මහ රෑ හමු වූ ස්ත්‍රිය 1966
--------------------------------------------------------------------------------------
තේ කෙල්ලේ තේ කෙල්ලේ
තේ දළු නෙලනා දෑගිල්ලෙන්
උඩ රට පදුරක පිපී
මල් දෙකක් මෙනි පිපී
සීතල සුළගද දෙන්නා සිඔ සිඔ
දෙන්නා ජෝඩුව තේ කොළ සිනී වාගේලු
ආසයි......
දළු නෙළුවොත් කූඩේ පුරෝලා
මම දෙන්නම් පඩි වැඩි කරලා
ඔ...ඕ.....
උපකාරේ නිකම්ම බැහැනේ
මා ගැන සළකන්නට ඕනේ
ඔ ....උඩරට පදුරක පිපී
මල් දෙකක් මෙනි පිපී
සීතල සුළගද දෙන්නා සිඔ සිඔ
දෙන්නා ජෝඩුව තේ කොළ සිනී වාගේලු
තේ කෙල්ලේ තේ කෙල්ලේ...
ඔබ කොයි ලැයිමෙද නවතින්නේ
තනියට වෙන කවුරුද ඉන්නේ
කුළියකට මෙහි වැඩකට එන්නේ
නැති බැරි කම් හින්දද ලදුනේ
ඇති නම් සුළු සුළු අඩු පාඩු
කීමට ඇයි තව කිරි කෝඩු
ඔය මුණට දාඩිය දාලා
ගන්නද මං එය පිසදාලා
ඔ.... උඩරට පදුරක පිපී
ගායනය - ඇන්ජලින් ගුණතිලක
සංගීතය – එම්. කේ. රොක්සාමි
ගී පද – කරුණාරත්න අබේසේකර
හොඳම වෙලාව චිත්‍රපටයෙන්
--------------------------------------------------------------------------------------
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...
ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක්
තවකෙක් බදිති සෙනේ...
ජීවන විල මැද...
අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ...
ජීවන විල මැද...
ගායනය : සුජාතා අත්තනායක
ගී පද : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි
“මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්
--------------------------------------------------------------------------------------
රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
මා හද අත වැරදී නෑ වෙන්වුණෙ ඇයි ඔයා
මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ සෝකය පමණකි
මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ සෝකය පමණකි
මේවගේ දෙයක් කරන්න මා නොවේ වෙන්ස්වුණේ
ජීවිත කාලයේ සෝකය ඉවසලා
ආවෙමි සැප සොයා නෑ එය හමුවෙලා
ජීවිත කාලයේ සෝකය ඉවසලා
ආවෙමි සැප සොයා නෑ එය හමුවෙලා
ඉපදෙමු දහස්වරක් ඔබට සැපපතා ප්‍රියේ
මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ සෝකය පමණකි
මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ සෝකය පමණකි
මේවගේ දෙයක් කරන්න මා නොවේ වෙන්ස්වුණේ
රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
මා හද අත වැරදී නෑ වෙන්වුණෙ ඇයි ඔයා
රන්වන් පහණ කෝ .....
ගායනය - එච්. ආර්. ජෝතිපාල
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
--------------------------------------------------------------------------------------
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා
සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගායනය: ප්‍රියා සූරියසේන
--------------------------------------------------------------------------------------
වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ
වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ
වීණාවේ තත්සර රාවේ.......
හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ.....
එම මුදු ළදළුව සුලලිත වේ
ඔබගේ සුසුමට ලෙළ වේ...
වීණාවේ තත්සර රාවේ.....
ඔබ මා හද විල තිසර කුලේ
පිපෙනු මැනවි පති කමලේ.....
තඹුරු පියල්ලක රන තිසරූ
නළවමි බල බල රුසිරූ....
ගායනය -හරූන් ලන්ත්‍රා - සුජාතා අත්තනායක
ගී පද -කරුණාරත්න අබේසේකර
සංගීතය- එම්. කේ. රොක්සාමි
සැකය (1965)
--------------------------------------------------------------------------------------
බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා
ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා
කුලය වත ගොත ධනය නිල තල
නොබැලු කිසි දවසේ - සලකා නොබැලු කිසි දවසේ
දිළිඳු අතු පැල පුරුදු රජ ගෙය
සියලු තැන සමසේ - සැලකූ සියලු තැන සම සේ
ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා
බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා
අඳුර සිඳ බිඳ එළිය දෙන ලද
දහම් ආලෝකේ - දෙන ලද දහම් ආලෝකේ
ඔබය තරුපති ඔබය දිනපති
නිබඳ තුන් ලෝකේ - දිනපති නිබඳ තුන් ලෝකේ
ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා
බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය- එම්. කේ. රොක්සාමි
ගායනය- ඉන්ද්‍රානි විජයබණ්ඩාර

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ...
නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි...
ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා...
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

ප.ලි
විස්තර අන්තර්ජාලයෙන් සහ පුවත් පත් ඇසුරෙනි ...
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .....
විස්තර අන්තර්ජාලයෙන් සහ පුවත් පත් ඇසුරෙනි ...
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .....
රොක්‌සාමි කිසිවෙකු හා උරණ නොවූ අන් කිසිවෙකුද ඔහු හා උරණ නොවූ ගාන්ධර්වයෙකි
ReplyDelete60 දශකයේ එක්‌තරා ඉරිදා දිනක පන්ඩිත් අමරදේවයන් ගීතයක් පටිගත කරන්නට ගුවන් විදුලියට පිවිස වාදක මන්ඩලය කිසිවකු නොපැමිණි නිසා හැරි යන්නට ගොස් බලධාරීන්ගේ ඇවිටිල්ල හමුවේ මෙසේ කියා තිබුනි යෑයි වර්තා වේ
රොක්‌සාමි විතරක් හිටියොත් හොඳටම ඇති මට
ඔහුගේ තනි වයලීන් වාදනය මා හට වාදක මන්ඩලයක්‌මැයි
සාමි දෙයුගලයේද සාලි ගේද 87-89 ලේ වැගිරීම් හමුවේ හදවත හඩා වැටෙන්නට ඇත ඔහුවු අති සංවේදි පුද්ගලයන්ය ඒයුගයේම මේ සංගීතවේදින් තිදෙනාම එක්‌ව කතිකා කරගෙන නික්‌ම ගියා සේය
මානව හිතවාදී ඔහු වෙනුවෙන් අදද රොක්‌සාමි මහත්මිය වසර 30 ක් ගතවිත් කදුඵ සලයි
තමා හඩා වැටෙද්දීත් නිවසට පැමිණි දුප්පත් පුද්ගලයෙකුට ඔහුගේ දරුවාට දීම පිණිස තමාට ගෙනදුන් නවතම ක්‍රිඩා භාන්ඩය අපසු ගෙන පිරිනැමු අයුර වරෙක ජීවන් රොක්‌සාමි විසින් හෙළිකර තිබිනි
බුදු සාමිනේ තනුවේ මිහිරියාව විඳින වරක් පාසා ඔහුව සිහිවි ඇස කඳුලින් තෙත්වන්නාසේය
ඉහත නොසඳහන් රොක්‌සාමි ගේ සුමියුරු නිර්මාණයක් මෙසේ ලියා තබමි
නෙත පිණන රුසිරු වත ඔබේ - සිත එකග කරණ සිත ඔබේ
රන් දිමුතු මුතුද ලග තියේ - මගේ සියඵ දෙයම මතු ඔබේ
රොක් මාස්ටර් කියන්නේ මහා ලොකු චරිතයක්. ඒ බවට සාක්කි තමයි මේ ප්‍රභාත්ගේ කමෙන්ට් එක.
Deleteපියාපත් සලා ලිව්වේ සිරි කුලරත්න බව දැනගෙන හිටියේ නැහැ.ඔහුත් දැන් අසනීපයෙන් බවත් පත්තරවලින් දැක්කා.
විශාකාව ඔබ.....මා කැමතිම ගීතයක්. විජේසිරිවර්ධන පොලොන්නෝවිට අද කෝ...
මේ වීඩියෝ එකේ පළමු ගීය ගායනා කරපු..ජීඑස්බී රාණි පෙරේරාත්, බෙග් මාස්ටරුත්..සංගීතය කෙරූ රොක් මාස්ටරුත් සිංහලා මිනිසුන් නොවෙන බවත් අප මතක තබා ගත යුතුයි... කොතරම් සුන්දරද..
බොහොම ස්තුතියි ප්‍රභාත් ....මේ මිනිස්සු ආශ්‍රය කරන්න තරම් ඔබ තුමාලා වාසනාවන්තයි .අපි තවම වාසනාවන්තයි ඒ ගීත ටික අහන්නවත් පුළුවන් එක ගැන .....ජයවේවා !!!
Delete@අරූ අයියා //රොක් මාස්ටර් කියන්නේ මහා ලොකු චරිතයක්. ඒ බවට සාක්කි තමයි මේ ප්‍රභාත්ගේ කමෙන්ට් එක.//++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteවිශාල පරාසයක් සින්දු
ReplyDeleteමේ හැමසින්දුවකම සංගීතය රොක්සාමී කියලා දන්නෙත් අද සින්දු....
1988 නොවැම්බර් 30 වෙනිදා ‘රොක්සාමි’ ජීවතුන් අතරින් සමු ගත්තත් , අප වෙනුවෙන් කළ නිර්මාණයන් සමඟ ම තවත් බොහෝ කාලයක් අප හදවත් තුළ ජීවත් වෙනු ඇත.
ඒත් කලාකාරයා ජීවත් වෙන්නේ හිත් කීයකද සින්දු.....
//ඒත් කලාකාරයා ජීවත් වෙන්නේ හිත් කීයකද සින්දු.....// අන්න ඔයදේ තමයි සබරේ පුරස්නේ ...
Deleteසංසන්දනාත්මකව කෙටි කාලයක් ජීවත්වෙලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩ කරපු කෙනෙක් නේද?
ReplyDeleteප්‍රා ..අපේ රටේ වැඩක් කරපු කලාකරුවෝ ගොඩක් අඩු වයසින් යන්න ගියා නේද ? ඒ හිටපු කෙටි කාලය තුල බිහිවුන නිර්මාණ තමයි මේ
Deleteආසම කරන සින්දු ගොඩක්. ස්තූතියි
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි මචෝ ...
Deleteමුල් කාලයේදී හින්දි තනු අනුව කල අනුකරණ නිර්මාණ වලට ඔහු යොමුවී හිටියත්, පසුකාලීනව කල ස්වතන්ත්‍ර නිර්මාණ ඉතා ඉහල අගයක් ගන්නවා.
ReplyDeleteඔව් ස්වතන්ත්‍ර නිර්මාණත් හින්දි වලට වඩා ජනප්‍රිය වුනා ...
Deleteමිනිස්සුන්ගෙ හදව්ත්වල රැව් පිලිරැව් දෙන බොහෝමයක් පැරණි ගීත චිත්‍රපට ගීත.. ඒත් අද... අද චිත්‍රපටත් නෑ ගීතත් නෑ.. අමරදේව සර් අහිමි උන දවස්වල බුකියෙ තිබුන සංවේදී පද පෙලක් මතක් වෙනවා... ඇත්තටම මේ හැමෝම ඉන්න දිව්‍ය ලෝකය දැන් කොච්චරනම් සුන්දර ඇතිද....
ReplyDelete//අද චිත්‍රපටත් නෑ ගීතත් නෑ.// අද නළුවොත් නැ ගායකයොත් නැ ...ගී පද රචකයොත් නැ තනු නිර්මනකරුවොත් නැ ...ඔන්න ඕකයි ඇත්ත බන් ...
Deleteපොඩි කාලේ රොක්සාමි කියන නම ඇහුවම හරි අමුත්තක් දැනුනා...
ReplyDeleteඒ දවස් වල ගොඩක් හොඳ නිර්මාණ හැදිලා තියෙන්නේ චිත්‍රපටි වලට...
චිත්‍රපටි ගීත නොවෙන හොඳ සිංදු හැදුනද මචං ඔය කාලේ...
ලොකු චිත්‍රපටි ගීත නොවෙන ගීත බොහොමයක් තියනවා ..ගුවන් විදුලි ගීත ...උඩින්ම කොමෙන්ට් කරලා තියන ප්‍රභාත්ගේ බ්ලොග් එක බලන්න .අදහසක් ගන්න පුළුවන් මචෝ ...
Deleteවිවිධ හැඩවල ගීත කිහිපයක්ම තියෙනවා වගේනේ.
ReplyDeleteඔව් මචෝ ,,,,මාතේගේ බාශාවෙන් කියනවා නම් විශ්මකර්ම නිර්මාණකරුවෙක් ...
Deleteමා ප්‍රියකරන ගීත විශාල ප්‍රමාණයක් රොක් මාස්ටර්ගේ ගීත.හොඳ සටහනක් සිංදුවෝ.
ReplyDeleteස්තුතියි හැලපෙ අයියේ ...රොක් අයියලා මුණ ගැහිලා නැද්ද ?
Deleteනියම සින්දු ටිකක්.
ReplyDeleteහොඳ සටහනක්.
ස්තුතියි ප්‍රසා ....
DeleteThanks Sindu ..
ReplyDeleteI am shame to say that I never new about "Rock Sami" Until reading this
But most of the songs are my favorites.. I only new the singer ..
All the best ..!
ගොඩක් සතුටුයි රාජ් ...රොක් මාස්ටර් ගැන මේ සටහනින් දැන ගත්තා කිව්වාම ..පොස්ට් එකේ වටිනාකමක් තියනවා කියලා හිතෙනවා .
Deleteජයවේවා !!!
පට්ට එකතුවක් මචං............ ගොඩක් සින්දු අහලා තිබුණාට රොක්සාමි මාස්ටර්ගේ සම්බන්ධය දැනගත්තේ අද තමයි........ උඹට ජය
ReplyDeleteස්තුතියි මචෝ ......
Deleteඔය ගොඩක් සින්දු මං හිතාන හිටියේ හින්දි තනු අනුකරණ කරපුවා කියල
ReplyDeleteරොක් අයියා මුලදී කරපුවා ගොඩක් අනුකාරක ගීත ...
Deleteවටිනා ලියවිල්ලක් සිංදු
ReplyDeleteබොහොම ස්තුතියි ගිම්මියෝ ...
Deleteහොඳ ලස්සන සින්දු ටිකක මතක කරලා දීලා තියෙන්නේ. "මධු මල ලෙස මුදු " ලිව්වේ මෙය කියල නම් දැනන් හිටියේ නැහැ. ස්තූතියි අගන විස්තරයට.
ReplyDelete//"මධු මල ලෙස මුදු " ලිව්වේ මෙය// අජිත් අය්යේ එක ලිව්වේ කරු අයියා ..මියුසික් කලේ රොක් අයියා ...බොහොම ස්තුතියි
Deleteහිතාදර සින්දුවා වෙතයි,
ReplyDeleteමේ ඉල්ලන දෙය මේ පොස්ටුව සමග ඇති අදාලත්වය අඩු උවත්, මේ ලියන්නේ ඔබතුමාගේ Contact Details මිනිත්තු කිහිපයක්ම සොයා පලක් නොවූ තැනය ... මේ බ්ලොගේ උඩ ඇහැ ගැටෙන තැනකට, හංගා තියෙන තැනකින් Contact Details ගෙනාවොත් යෙහෙකි !
පසුගිය කාලයේ අන්තර්ජාලය හරහා මහත් ජනප්‍රිය වූ සේනක බටගොඩ පිළිබඳව ලිපියක් පල කරන මෙන් ඉල්ලා සිටිමි ... !
කණ්ඩා මචෝ මෙන්න ඊ මේලය sinduano@gmail.com
Deleteඅඩු පාඩුව හදන්නම් ...
පරන පෝස්ට් එකක් නිසා කමෙන්ට් නොකිරීමට තීරනය කලෙමි. :P
ReplyDeleteපරක්කුවෙලා ආව නිසා කමෙන්ට් නොකිරීමට තීරනය කලෙමි. :P
Deleteකවදත් වගෙම අගෙයි ඇනෝ ඔයාගෙ වැඩ. අඩුවක් ඇත්තෙම නැහැ
ReplyDeleteසින්දුවෝ.....ගිය සිකුරාදා චැට් ඇන්ඩ් මියුසික් බලපන්. රොක්සාමි උපහාර. නියමෙට ගියා.
ReplyDelete