Sunday, May 31, 2015

ඇය යන්න ගියා මැකිලා ...



                    අපෙන් සමුගත් ආදරණීය කලාකාරණිය , සෝමලතා සුබසිංහ මැතිණිය මෙරට කළාවේ උන්නතිය සඳහා කළා වූ මෙහෙය අපමණය.වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.ඇය සිය රංගන දිවියට පා තබන්නේ පේරාදෙණිය සරසවියේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්' නාට්‍යයේ චරිතයකට පණ පොවමිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා' නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර මූදු පුත්තු, නරිබෑණා,ලිය තඹරා, හිරු නැති ලොව, අන්ගාරා ගඟ ගලා බසී  වැනි නාට්‍ය තුළින් ඇය රංගන කෞෂල්‍යයන් විදහා පෑමට සමත් වූවාය. ගුණසේන ගලප්පත්ති , හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති ආදි ප්‍රවීනයන්ගේ නාට්‍ය බොහොමයක ප්‍රධාන චරිත රැසක් ඇයගේ රංගනයෙන් හැඩ විය.ඇය අවසන් වරට රඟපානු ලැබූයේ සිය දියණිය වූ කෞෂල්යා ප්‍රනාන්දුගේ ‘සොඳනළු මරණය' නාට්‍යයේය. නාට්‍යය නිෂ්පාදිකාවක් ලෙස විකෘති ,මවකගේ සංග්‍රාමය ,යදම් වැනි නාට්‍යය නිෂ්පාදනය කල අතර ඇය‍ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 'ළමා හා යොවුන් රංග පීඨය' නමින් නාට්‍ය පුහුණු පාසලක් ආරම්භ කර ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය කර සම්මානයටද පාත්‍ර වූවාය.චිත්‍රපට ක්ෂේත්‍රයේ ද ඇය සිය රංගන දක්ෂතා මුදා හල අතර ඒ අතර තිස්ස අබේසේකරයන්ගේ මහගෙදර චිත්‍රපටයේ මලවින්න වලව්වේ ළමාතැණි ,මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලගේ නපුරු කුඩම්මා ද ඇයම විය.සිනමාව තුළ මඩොල් දූව, මහගෙදර, විරාගය, මේ මගේ සඳයි, සුදු කළුවර, තිලක හා තිලකා සහ සිරිබෝ අයියා වැනි චිත‍්‍රපට ගණනාවක සිය රංගන කුසලතාව විදහා දැක්වීමට සමත් වූ ඇය , සිංහල නාට්‍ය කලාවෙි ප්‍රබල කාන්තා නියෝජනයක් වූ සෝමලතා සුබසිංහ නාට්‍ය ‍වෙිදිනිය සිය දිවි රග මඩලින් සමු ගත්තාය.ඇය ජීවන රඟහලෙන් නික්ම යන මේ මොහොතේ ඇයට උපහාර පිණිස මෙම කෙටි සටහන තබමි .ඔබට නිවන් සුව !!!!


විභාගෙ විභාගෙ..

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභාගෙ තමයි අපේ අභාගේ ....

විහිලුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩකට ....
නෑ වෙලාව විභාගේ...
එකේ ඉඳන් දොලහ දක්වා ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ ...
ඉරක් හඳක් ගහක් කොලක් මනුස්සයෙක් පෙනෙන්නෙ නැහැ
ඔහු සැප දුක අහන්න් නැහැ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නැහැ
විභාගේ ................

අම්ම තාත්තා අයිය අක්කා නංගි මල්ලි විතරක් යෑ
නැන්දා මාම බාප්පා මහප්පා යහලුවො යෙහෙලියෝ අහල පහල අය
කොහොමද ලමයෝ විභාගේ?
තව සුමානෙකින් ප්‍රතිපල එයි
කොහොමද විභාගෙ ප්‍රතිපල ?
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
බස් එක කෝච්චියේ පාර තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල
විභාගෙ ප්‍රතිපල වසංගතේ

ඒ විතරක් යෑ
විද්‍යා විශයද කලාවද?
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න
කවුද උබ දිහා බලන්නේ
විද්‍යාවයි ගනන් ගන්නේ
අඩු ගනනේ වානිජ වත්
ඉතින් පුතේ නම්බුවක් නෙ
ෆේල් උනත් විද්දියාවෙන් විභාගේ කොරලා ...

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)

එහෙම උනේ නැතොත් ඉතිං

යුනිවර්සිටි එකයි ඇත්තේ
මෙකල්ෆකලටි එකයි ඇත්තේ
අපි ඔක්කොම හැටක් ඇත්තේ
ෆැකල්ටියට පහයි ගත්තේ ...
ඉතින් අපී මක්කරන්ද
වරෙන් කෙල්ලේ ගෙදර යන්න
ගෙදර ගොහින් මක්කොරන්න
දීග තලෙක කොහොම යන්නේ
ගෙදර තමයි ඉන්න වෙන්නේ
පාරේ බැහැලා කොහොම යන්නේ
යුනිවර්සිටි එකයි ඇත්තේ...
ඉතින් අනේ කොහොමද අපි
ඔක්කොම ඔය ෆැකල්ටි යන්නේ ..
අම්ම කියයි උඹ දොස්තර වෙයන් දුවේ
උඹ දොස්තර වෙයන් පුතේ
එහෙම උනේ නැතොත් ඉතිං පුතේ
අපට පුතේ මගක් නැතේ.
තාත්ත කියයි ඉංජිනේරුවා වෙයන් පුතේ
ඉංජිනේරුවා වෙයන් දුවේ
එහෙම උනේ නැතොත් ඉතිං පුතේ
අපට පුතේ මගක් නැතේ...

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)

ටියුෂන් ටියුෂන්...

ටියුෂන් බයෝ
ටියුෂන් පියෝ
කෙමෙස්ට්‍රි ෆිස්ක්ස්,
ජීව විද්‍යා රසයන
විද්‍යා භෞතික විද්‍යා
ගණිත මිනිත ක්‍රම
ඕන එකක් ඇත
අහන්න අපගෙන්
මොනවද ඕනෑ..
ටියුෂන් ටියුෂන්.........

(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා  නාට්‍යයෙන්)




මූදු පතුල යට ඉඳලා

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
මූදු පතුල යට ඉඳලා..
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
මූදු පතුල යට ඉඳලා..
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා

නා‍ට්‍ය‍ය‍ - මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති)
ගායනය - සෝමලතා සුබසිංහ

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල
කනකර බඩු දුන්නෙ කවුද
කළුහාමියි දුන්නෙ ඒව
සුදු අස්වය දුන්නෙ කවුද
කළුඅප්පුයි දුන්නෙ ඌව
අම්ම දුන්න කනකර බඩු
අප්ප දුන්න සුදු අස්වය

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව කළුහාමිගෙ දූයි කියල
කළුඅප්පුගෙ දූයි කියල

නා‍ට්‍ය‍ය‍ - එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍වා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න / සෝමලතා සුබසිංහ

අන්ගාරා ගඟ අසබඩ

අන්ගාරා ගඟ අසබඩ
කළුවර මැද සුදු තිරයක
සිනමා පටයක් සෙමින් දිග හැරේ

ඉතාලියෙන් මෙතෙර ගෙනා මේ සිනමා කතන්දරේ
සයිකලයක් අහිමි වූ මිනිසකුගේ කඳුළැල්ලයි
ඔහුගෙ සුසුම් වැලපිල්ලයි
සිනමා හල හැම දෑසක් රිදී තිරේ රැඳී රැඳී

අසරණ වූ මිනිසාගේ  ඉරියව් හා ඇත වෙලී
ඔහුටත් ඇත අඹුදරුවෝ පාපැදියෙන් දිවි රැකෙනා
එවන් මහඟු බයිසිකලේ හොරෙන් අරන් ගිහින්

රෝම නගරෙ විදි පුරා ඔහුගේ ඒ කඳුළයි
දූලි ගැටෙන නගරය මැද ඔහුගේ ඒ සුසුමයි

ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
(සෝමලතා සුභසිංහ මහත්මිය රඟපෑ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ගීතයක්)



(මහගෙදර චිත්‍රපටයේ මලවින්න වලව්වේ ළමාතැණි )




(එතුමියට  උපහාරයක් ලෙස "රුව ගුණ සුවඳ"  වැඩසටහන මේ සමගම අමුණනවා  )

ගීත සියල්ල මෙතැනින්

Monday, May 25, 2015

"එදා ඇදුර මගේ - මෙදා හිමිය මගේ "


ඕන් හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉටු කරගත්තා .ජිවිතේ තිබුන එක එක ප්‍රශ්න නිසා මේ දේ කරන්න හුගාක් කල් ගියා .මොනා උනත් පුළුවන් විදිහට ගොඩ දා ගත්තා .මේ මොනවත් නෙවෙයි .මට මගේ දයාබර බිරිඳ ලවා ගීතයක් කරන්න වුවමනාවක් තිබුනා .ඔන්න එකත් දැන් හරි .මේක පොඩි ටෙස්ටින් 1 , 2 , 3 එකක් වගේ .හැමෝම අහලා බලන්න .අඩු පාඩු පෙන්වා දෙන්න .එය අපිට ලොකු උදව්වක් වේව් ඉදිරියේදී කරන නිර්මාණ වලට .(විශේෂයෙන් ස්තුති කරන්න ඔනෑ පත්තර මල්ලි , මනොෂ් , මනා , අසංකට,නෙළුම් අජිත්  , සහ මේක යු බටේට සෙට් කරලා දුන්න බසු කපල් එකට )

එදා ඇදුර මගේ - මෙදා හිමිය මගේ 
සදා මගේ ලොවේ -ඔබය පහන් කලේ 
අත අල්ලන් ඔහේ - නොගියමි මඟ දිගේ 
මල් ගස් වතු වටේ - පෙම් රැඟුම්ද නැතේ  
නමුදු මෙදා තුරේ - අඩු නැත ආදරේ 
සදා මගේ ලොවේ  -ඔබ සුරගුරු වගේ 
එසේ සිටින කලේ  -ඔබ යයි දෙව් ලොවේ 
මතු භවයද මගේ - අඳුරු වෙයිද සිතේ 
දෙව් ලොවේ යන්න එපා -ඔබ අවැසිම නිසා 
තව භවයක සරා - දෙන්නම යමු පතා ...  

ගී පද - මංගලා රත්නායක අඹේගොඩ




ඔන්න මමත් youtube වීඩියෝ එකක් හැදුවා .බස්සිගෙ එකට අමතරව .එකත් එල්ලනම්





Thursday, May 14, 2015

රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු......

රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු..







වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ.

රුවන් වීරසේකර නම් වූ මේ නිහඬ සොඳුරු වාදකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 43 වැනි වාට්ටුවේ 16 වැනි ගිලන් ඇඳ මත අසාධ්‍ය තත්ත්වයෙන් වැතිර සිටියි.මද සිනහවකින් සැරසුණු රුවන්ගේ හුරුපුරුදු මුහුණ වෙනුවට අද අප දකින්නේ නුහුරු රුවකි.රුවන් අපේ සංගීත ක්ෂේත්‍ර‘යේ නිකම්ම නිකම් වාදකයෙකු නොවේ. වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ යුත්තක් නොවේ.නමුත් දියවැඩියාව යන රෝගී තත්ත්වය හේතුවෙන් තවමත් තරුණ අවධියේ පසුවෙන රුවන් මූර්ජා තත්ත්වයට පත්ව සිටියි. (Diabetic Coma) මේ මූර්ජාව හේතුවෙන් රුවන්ගේ සිහිකල්පනාව, යමෙකු හඳුනාගැනීමේ සහ ශරීරාංග චලනය කිරීමේ හැකියාවද නිද්‍රාවට පත්ව තිබේ.

මීට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන විටද මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව රෝහල් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන් දැනට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති රුවන්ට නැවත සිය දෑත් පණගන්වාගන්නට අවස්ථාවක් උදාවේද යන සැකය තුළ රැඳෙන්නට වෛද්‍යවරුන්ටද සිදුව තිබේ.මේ වනවිට යාන්තමින් හිස හා දකුණු කකුල පමණක් සෙලවීමේ හැකියාව රුවන් වෙත පැවතියද මේ ප්‍රතිභාපූර්ණ වයලීන වාදකයාගේ දෑත් පෙර පරිදි ඔහුගේ වයලීනය සමග එක් කරවීමට හැකියාවක් ඇත්ද යන්න මෙතෙක් පැවසීමට නොහැකි අන්දමේ තත්ත්වයක ඔහු පසුවෙයි.රෝගී තත්ත්වයෙන් මිදීමේ ප්‍රගතියක් තවමත් දකින්නට නොමැති අන්දමේ රෝගී බවකින් පෙළෙන රුවන්ට ඔහුගේ රැකියා කටයුතුවල නියැළීමේ බාධාවක් පවතින බැවින් ඔහුගේ අවශ්‍යතා සඳහා වැයකළ යුතු මුදල් වෙනුවෙන් ආධාර පතා මේ වනවිටත් බැංකු ගිණුමක් පිහිටුවා තිබේ.රුවන්ගේ දෑතට යම් සහනයක් උපකාරයක් සලසන්නට කැමති ඔහුගේ හිත මිතුරන්ට, රසික රසිකාවියන්ට ඔහු වෙනුවෙන් කිසියම් ආධාරයක් ලබාදීමේ හැකියාව ඒ හරහා පවතී.මේ හැරෙන්නට දීර්ඝකාලීන ප්‍රතිකාර වෙනුවෙන් යොමුවෙන්නට රුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ආධාර පිණිස කිසියම් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද රුවන්ගේ සුවය පතන කලා ක්ෂේත්‍ර‘යේ මිතුරන් අතර තීරණයක් ඇතිව තිබේ.ජීවිතයේ තරුණ අවධියේම මෙසේ රෝගාතුර වීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍ර‘යෙන් ඈත්වන්නට ඉඩ නොතබා රුවන්ට අවශ්‍යම මොහොතේ උදව් කරන්නට ඔබටද හැකිය. ඒ සඳහා ඉහත සඳහන් දුරකථන අංකයෙන් රුවන්ගේ පවුලේ අය ඇමතීමෙන් රුවන් වෙනුවෙන් මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංකය හා අදාළ තොරතුරු ලබාගත හැකිය.කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් රුවන්ට සෙත්පතා බෝධි පූජාමය පිංකම් රාශියක්ද පැවැත්වෙන අතර, දෑතින් හා දෙසවනින් ලෝකය ජයගැනීමේ අභියෝගයේ නිරත වූ රුවන්ගේ අප්‍රාණික දෑත නැවත ප්‍රාණවත් කරවන්නට අද පාඨක ඔබටත් යම් ආධාරයක් කිරීමේ හැකියාව පවතී.

077 6061705/ 011 2635167 මංගල වීරසේකර අැමතීෙමන් ඒ සඳහා ඔබටද එක්විය හැකිය.මේ ප්‍රතිභාපූර්ණ වාදකයාට උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ හැකිතාක් ඔහුට උපකාරයක් වීමට අපි විශේෂ නමක් තබමු. ඒ මනුස්සකමයි.

උපුට ගැනීම ‘අද‘ පුවත්පතිනි.







++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


අපේ කාලයේ තවත් සොඳුරු කලාකරුවෙක් වෙනුවෙන් හැමෝටම කරන්න පුළුවන් උදව්වක් කරන්න බලමු ...

මෙන්න ගිණුම් අංකය සහ විස්තර.අපැහැදිලි දෙයක් තියනවානම් 077 6061705/ 011 2635167 මංගල වීරසේකර මහත්මයා අමතා විස්තර තහවුරු කරගන්න ...

H.M.P WEERASEKARA
SEYLAN BANK - SOYSAPURA BRANCH
A/C NO - 079001127410101 (SAVINGS A/C )


Friday, May 8, 2015

"පරවියා වගේ හිස් ටින් එකක් ලියපු සිරිල් ඒ. සීලවිමල දැන්වත් මතක් කරමු"





සිරිල් ඒ. සීලවිමලයන් පිළිබඳ මෑතකදී වඩාත් කතාබහට ලක්වුණේ ඔහු විසින් රචනා කරන ලද 'හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී'  සහ "රාජ මාළිගේ පරවියා වගේ" යන ගීතවලට  මෑතකදී ලැබෙන අති විශාල ජන ආකර්ෂණයත් සමඟය. හැත්තෑව දශකයේ මුල් භාගයේ "දැන් මතකද" චිත්‍රපටයට ඔහු ලියූ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග් යන ජනකාන්ත ගායකයන් තිදෙනා ගායනා කළ හිස් ටින් ගීතයට වැඩිම ඉල්ලුමක් ඇත්තේ එදාටත් වඩා අද දවසේය. නමුත් මේ ගී ලිව්වේ කවුද ගායනා කළේ කවුද කියලා වර්ථමානයේ ගායනා කරන ශිල්පීන් නිකමටවත් කියන්නේ නෑ. තමන්ගේ වගේ කියනවා.නවකයන් මේ ගීත ගයනා කල යුතුයි .අපි හැමෝටම අමතක වෙලා තියන මේවැනි පැරණි නිර්මාණ නැවත ජනප්‍රිය කරන්නේ ඔවුන්ය .එත් මුල් නිර්මාණ වල නිර්මාණ කරුවන් ගැන සඳහන් කිරීම පවා හිතා මතා අමතක කිරීම නම් නවකයන්ගේ කුහකත්වය මනාව පෙන්වීමකි .

අංශ කිහිපයක් ඔස්සේම විශිෂ්ට කුසලතා දක්වමින් කීර්තිමත් සෞන්දර්යවේදියෙක්ව සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් වූ සිරිල් ඒ. සීලවිමල සූරීන් වර්ෂ 1930 ඔක්තෝබර් මස 29 වැනි දින පන්නල සඳලංකාවේ  ඉරබඩගම දී උපත ලැබිය.කදන්ගමුව මහා විද්‍යාලයෙන් අධ්‍යයන වපසරිය ආරම්භ කළ ඔහු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් පශ්චාත් අධ්‍යාපනය ලැබිය.මියයන විට 80 වැනි වියේ පසුවූ සිව්දරු පියකු වන සිරිල් ඒ. සීලවිමල මහතා අනුලා අබේනායක මහත්මියගේ ස්‌වාමිපුරුෂයා වූවාය. 

1960 දශකයේ මැද භාගයේ දී පමණ ලංකා චලන චිත්‍රයට ද දායක විය . ඔහු ලබාගත් ප්‍රබුද්ධ කලා සම්බන්ධතා තුළින් චිත්‍රපට ක්‍ෂේත්‍රයට ද පිවිසීමේ වාසනාව උදාකර ගත්තේය. ඔහු අතින් ලියැවුණු ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකි. එකල ජනප්‍රිය ගායක ගායිකාවෝ රාශියක්ම සීලවිමලයින් අතින් ලැයිවුණු ගීත ගායනා කළහ.චිත්‍රපට දෙබස් රචනයට මෙන්ම තිරකතා රචනයට ද ඔහු දායක විය."සුදෝ ‍පොඩ්ඩක් අඬන්න, මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්, මෝහෙන් මුළාවෙලා, මෙත් මල් පිබිදේවා, සිනාවයි ඉනාවයි, ළිඳෙන් වතුර බිලා, උපන් දිනය ළඟ එන හින්දා, ජන්ම භූමි වන්දනා,දෝතින් දෝතයි, දිලිදිලි දිලිසෙන එළියක්" වැනි ඔහු ලියූ ජනප්‍රිය චිත්‍රපට හා සරල ගී ගණනාවක්ම වත්මනෙහි පවා ජන විඥානයෙහි රැඳී පවතී. එක යුගය දී ඔහු දවස හා රිවිරැස යන පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘත්වය දරමින් මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළේය.එකල ඔහුගෙන් අත් පොත්  තැබූ අංකුර පුවත්පත් කලාවේදීන් හා කලාවේදිනියෝ අද පුවත්පත් ලෝකයේ දැවැන්තයින්ව සිටිනු දැකිය හැකිය. ඔහු සතු නිරහංකාර හා නිහතමානී ගුණය තුළින් පෙරට ආ බොහෝ දෙනෙක් වූහ.පණ්ඩිත් විමල් අභයසුන්දර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස් වැනි සමකාලීනයින් සමග සීලවිමලයින් ද ගුවන්විදුලි මහගෙදර තුළ දැක්වූ පෙළහර අදටත් අප සිත්හි රැඳී පවති.

(අන්තර් ජාලයෙන් විස්තර ටික හොයා ගත්තේ )
මෙතුමා ගැන වැඩි විස්තර දන්නා අය ඒ ගැන මෙහි පල කරන්නෝ

"සින්දු ටික මෙතැනින් ගන්නෝ"

-------------------------------------------------------------------------------------------------------

ප.ලි

"රාජ මාලිගේ" සින්දුව නිසා මෙතුමාගේ ගීත නැවත මතක් වුනේ .ඒ නිසා හදිසියේ මේ පොස්ට් එක ලියන්න හිතුවේ.ගීත බොහෝ ගණනකින් ගීත කීපයක් විතරයි මෙතන තියෙන්නේ.වැරදි අඩුපාඩු ඇති .පෙන්වා දෙන්න.මේ දවස් වල බොග පාලුවට යනවා.මෙහෙම හරි ලියන්න හිතුවේ එකයි.හැමෝගෙම බ්ලොග් වල කොමෙන්ට් එකක් කොටාගන්න වෙලාවක් නැ.ඒ ගැන සමාවෙයල්ලා ...පුළුවන් හැම වෙලේම ඇවිත් යන්නම් .
---------------------------------------------------------------------------------------------------------

01.හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි


ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල

02.හොඳ සිරියාවයි ආකාසේ

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///

ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

03.ළිදෙන් වතුර බීලා

ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..

ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

ළිදෙන් වතුර බීලා...

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන

04.ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ
ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ.

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

කියන්න වාගේ
අහන්න හැකි දේ
කියාවි දෙනෙතින්
ඔයාගෙ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝකෙ නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

ගායනය - හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල

05.සන්සුන් රුවන් හද මන්දිරයේ

සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
රන්වන් එරන් වන් යෞවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා

පද රචනය - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ ශ්‍රීමතී තිලකරත්න

06.මමයි මොට්ටපාල

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් මගේ කොන්ඩය වැව්වා..
මාගෙ ගජමිතුරා.. හො..මාගෙ ගජමිතුරා
රාළහාමි මං පැරදෙව්වා

සව් දොදොලුයි මිරිස්මාලු දවසක් කැව්වා..
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි
මම පලවෙනියට පැන්නේ….
හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි පැන්නේ….
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හූ හූ පාසලෙන්..හා හා පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…//

කොයි වැඩටත් ලැබෙන හින්දා රවුමට ලොකුවෙන් ..
බින්දුවටයි වැඩිය ආස ඉලක්කම් වලින්
අල්ප දයන්නටයි.. හො.. අල්ප දයන්නටයි
මං ආස අකුරු හෝඩියෙන්
කොන්ද වකුටු අපෙ ටීචර් සිහි වෙයි ඒකෙන්
එකොළහ මට එකෙන් බෙදන්නට පුලුවන් කජු කන්නා වාගෙයි….
එකොළහ මම එකෙන් බෙදනවා කජු වාගේ..
දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//

මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ…///

පද රචනය - සිරිල් ඒ. සීලවිමල
ගායනය -ෆ්‍රෙඩ් සිල්වා


07.මෝහෙන් මුලා වෙලා

මෝහෙන් මුලා වෙලා……
මානෙන් උදම් වෙලා...
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ....
මිනිහා කොහේද මේ....

රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ..වේ...

කේලම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්........
උඩින් මිතුරු වී යටින් කතුරු වී..
උගුල් අදින්නා යයි දියවී...
බොරුවෙන් රට පිරිහේවී..............

මා හරි උගතා..මා හරි ජගතා..
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙළන්නට වලක් කපන්නා..
ඒ තුළ වැටිලා මිය යන්නා..
කළ දේ පල දේ එලෙසේ...

පද රචනය : සිරිල් ඒ. සීලවිමල
ගායනය : වික්ටර් රත්නායක
තනුව : ආර්. ඒ. චන්ද්‍රසේන

08.පරවියා වගේ රාජ මාළිඟේ

පරවියා වගේ රාජ මාළිඟේ ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//

මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..

පරවියා වගේ රාජ මාළිඟේ ..

මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
මගේ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..//

පරවියා වගේ රාජ මාළිඟේ ..

ගී පද රචනය - සිරිල් ඒ. සීලවිමල
ගායනය - ප්‍රෙඩී සිල්වා
ද්‍රවිඩ ගී තනුවකි

Monday, April 20, 2015

‘ඔබ රුව ඡායා සැඟවේ පායා’





සිංහල චිත්‍රපට සංගීතය, නව නාද රටා සංකලනයකින් විචිත්‍රවත් කළ නිමල් මෙන්ඩිස් සංගීතවේදියා පසුගියදා මෙලොව හැර ගියේ ය. නිමල් මෙන්ඩිස් යැයි කියූ විට සිනමා හා සංගීත ලෝලයන්ට ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ආ ගී දෙක (‘රන් ටිකිරි සිනා’, ‘ගඟ අද්දර මා’) සිහිපත් වනු වැළැක්විය නොහැකි ය. එය ඔහුගේ උපරිමය නොවූවත් එතරම් ජන ආකර්ෂණීය වූ ගී දෙකක් ඊට පෙර හෝ පසුව නිමල් මෙන්ඩිස් අතින් නිර්මාණය නොවූයේ ය.

නිමල් මෙන්ඩිස් චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ මනික් සන්ද්‍රසාග්රටය. ඒ ඔහුගේ ‘කළුදිය දහර’ චිත්‍රපටයෙනි.

එම චිත්‍රපටයට සංගීතය සපයන්ට පෙර නිමල් කලක් එංගලන්තයේ පදිංචිව සිටියේ ය. එහිදී ඔහු ‘ද කැන්ඩියන්ස්’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන සමාජ ශාලාවල ගී ගැයුවේ ය. මනෝ ශන්මුගම්, පර්සි ඩී. සිල්වා, මාරි මාෂල් සහ අනුර (සුප්‍රකට බෙර වාදක) එම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ. ‘ෆීල් ලයික් අ ක්ලවුන්’ ඔවුන් ගැයූ ගී අතරින් එකල අතිශය ජනප්‍රිය වූ ගීතයකි.

නිමල්ට ස්වකීය කලාත්මක දිවිය තුළ පවුල් පසුබිමක් ද තිබිණි. ඔහුගේ මව රොස්ලින් මෙන්ඩිස් පුරෝගාමී ඉංග්‍රීසි ලේඛිකාවක වූවා ය.

‘කළුදිය දහර’ චිත්‍රපටයෙන් අනතුරුව මනික් සන්ද්‍රසාග්රගේ ම ‘සීතාදේවි’, (තේමා සංගීතය පමණි) ‘රැම්පේජ්’, ‘කොළඹ සන්නිය’ යන චිත්‍රපටවලට ද, ඔහු නිෂ්පාදන අංශයෙන් දායක වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ද ගෝඩ් කිං’ චිත්‍රපටයට ද ඔහු සංගීතය සැපයුවේ ය. (‘ද ගෝඩ් කිං’ හි සංගීත සංයෝජනය හා අධ්‍යක්ෂණය ලැරී ඇෂ්මොර් ගෙනි) ‘කළුදිය දහර’ චිත්‍රපටයට ඇතුළත් නෙවිල් ප්‍රනාන්දු ගයන ‘මාස්ටර් සර්’ ගීතය නිමල් වෙතින් එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය ගීතයක් ‍ලෙස අපේ ඇගයීමට පාත්‍ර වෙයි.

එසේ ම ‘සීතාදේවි’ (මෙය ‘රිඉන්කානේෂන්’ නමින් තැනුණු සිනමා පටයේ සිංහලයා දෙබස් කැවීමකි) චිත්‍රපටයට යොදා ගැනුණු ආචාර්ය පණ්ඩිත් අමරදේව ගයන නිම් හිම් සෙව්වා මා සසරේ’ තවත් එබඳුම ගී නිර්මාණයකි. එය අප තුළ තියුණු රසෝද්දීපනයක් ඇති කරවන සුලු ය. ඉන් වචනයට නැඟිය නොහැකි ‍ෙමාකද්දෝ ශෝකාකූල රමණීයත්වයක් ද අපට දැනේ.

නිමල් පොදු ජන රසිකයන් වෙතට ගියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපට වෙතිනි. ලෙස්ටර්ගේ ‘අහසින් පොළොවට’ චිත්‍රපටයේ සංගීත රචනය චිත්‍රපටයේ තේමාව වඩාත් තීව්‍ර කරවන්නක් වූයේ ය. ඊට ඇතුළත් මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා’ ගීතය සහෘද සිත් ආලෝලනය කළා වූ රම්‍යතර ගීතයකි.

සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ‘රන් ටිකිරි සිනා’, ‘ගඟ අද්දර මා’ යන ගීත දෙක එම චිත්‍රපටය බැලූ, නොබැලූ බොහෝ දෙනා අදත් අතිශයින් ම ප්‍රිය කරන්නා වූ ගීත ද්විත්වයකි. නිමල් මෙන්ඩිස් යන නාමය සමඟ ඒ ගී දෙක ඓන්ද්‍රීයව බැඳී පවතී. ඒ, එහි තිබූ අප‍ූර්ව ශ්‍රැතිරම්‍ය ගුණය නිසා ය. සුමිත්‍රාගේ ම ‘ගැහැනු ළමයි’, ‘යහළු යෙහෙළි’, ‘දුවට මවක මිස’ යන චිත්‍රපටවලදී ද නිමල් සංගීතය සැපයුවේ ය. ඔහු අවසන් වතාවට සංගීත අධ්‍යක්ෂණය කළේ ද සුමිත්‍රාගේ ම ‘වෙෂ්ණාවි’ චිත්‍රපටයට විය යුතු ය.

‘ගඟ අද්දර’ ගීතවල ජනප්‍රියත්වයත් සමඟ ම නිමල් ‘රන් ටිකිරි සිනා’ නමින් කැසට් පටයක් අසූ ගණන්වලදීම නිෂ්පාදනය කළේ ය. ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ගීත හැරුණු කොට ටී.ඇම්. ජයරත්න ගැයූ ‘උපන් බිමෙන් පිට වූයේ’ (පද - ගාමිණී විජේතුංග) ‘කල්පනා‍වෝ පාව යයි මේ නිශාන්තයේ’ ( පද - ඔගස්ටස් විනායගරත්නම්) වැනි ගීතය ඊට ඇතුළත් වුණා මට මතකය.

නිමල් පසුගිය අවදියේ (2005) සුනාමි ගීතයක් ද නිර්මාණය කළේ ය.

බටහිර ‍සංගීතයෙන් ලද අනුප්‍රාණය නිසාදෝ නිමල් මෙන්ඩිස් ගේ තමන්ටම ආවේණිකවූ නාද රටා අපූර්ව විචිත්‍රත්වයක් ගත්තේ ය. කෙසේ වෙතත් ඔහු සංගීතය පෙර අපර දෙදිග වශයෙන් පටු වර්ගීකරණයකට ලක් කළේ ද නැත. අවස්ථාවෝචිත අයුරින් ඔහු ‘සිතාරය’ ප්‍රමුඛ වෙනත් පෙරදිග තූර්ය භාණ්ඩ ද ඉතා ම නිර්මාණශීලී ව යොදා ගත්තේ ය. ඔහුගේ සංගීත ඛණ්ඩයක් ඇසෙද්දී මේ නම් නිමල් මෙන්ඩිස්ගේ සංගීත රචනයක් විය යුතුය යනුවෙන් සිතෙන තරමට අනන්‍ය වූ ලක්ෂණ ඔහුගේ නිර්මාණ වෙතින් දක්නට ලැබුණේ ය. ඔහු දක්ෂ පියානෝ වාදකයෙක් ද වූයේ ය.

සම්මාන කීපයකින් පිදුම් ලැබුව ද නිමල් මෙන්ඩිස් ගේ සංගීතය ඔහු මිය යන තෙක් ම නිසි විචාරක විවරණයකට ලක් වූවා යැයි කිව නොහැකි ය. ඒ, සංගීත විචාර සම්ප්‍රදායක් අපට නොමැතිවීමේ අනිටු ඵල වශයෙනි. ඉන් සිදු වූයේ ඔහුගේ විපුල ප්‍රතිභාව හා සුවිශද නිර්මාණ ශක්තිය ප්‍රමාණිකත්වයකට පත් නොකිරීමයි.

එංගලන්තයේ කාලයක් ජීවත්වෙමින් සිටිය ද මෙරටේ ඉංග්‍රිසි කතා කරන සමාජයේ ගැවසුණ ද බටහිර නිස්සාර සිරිත් විරිත් පිටු දුටු නිමල් කලක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළේ ය. ‍ඔහු කලිසම් ඇඳ තණකොළ කැපීම එකල ගම්මුන්ගේ හාස්‍යයටද හේතු ව‍ූයේ ය. දෙනෝ දාහක් අතර වුව ඔහු සිටියේ හුදෙකලා මානසිකත්වයකිනි. ඔහු දුටු විට මේ නිමල් මෙන්ඩිස් යැයි කෙනකුට සිතා ගන්ටවත් නොහැකි තරම් විය. ඒ තරම් ම ඔහු සරල මිනිසෙක් ද වූයේ ය. ඔහු තුළ තිබුණේ ද කුලුණුබර හදවතකි. බොහෝ විට ඔහු කුඩා දරුවකු මෙනි. මඳ කලක් ඔහු ඇසුරු කළ මම එය මැනවින් දනිමි.

නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ආ ගීතයක් මේ දිනවල නිතර නිතර ගුවනින් ඇසී නෑසී යයි.

‘ඔබ රුව ඡායා සැඟවේ පායා’

මෙම ගීතය සදාකල් අප භාවානුස්මෘතියෙහි රැඳී පවතිනු නිසැකය.




01.රන් ටිකිරි  සිනා

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ලංවී අත් අල්ලා ගෙන
ඇස් දැල්වූවා....//

දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා
ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

බාලේ ගෙවලා
කාලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟ කර සිටලා
ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මැන්ඩිස්
ගායනය : ටී.ඇම්.ජයරත්න

02.මාස්ටර් සර් 

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ 

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ 

එදා දවස උදාවේදෝ...///


ගී පද : කරුණාරත්න අබේසේකර
තනු : නිමල් මෙන්ඩිස්
ගායනය : නෙවිල් ප්‍රනාන්දු

03.ගඟ අද්දර මා

ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී 
හද සන්තක විය අනුහස් ආසිරි ගී 
ඔබ හමුවේ මා මුව ගොළු වුවා 
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ 
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ 
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා 
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ 
මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ 
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ 
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ 
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා 
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබ රුව චායා සැඟවේ පායා ................................//

ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මැන්ඩිස්
ගායනය : විජය කුමාරතුංග

04.නිම් හිම් සෙව්වා

නිම් හිම් සෙව්වා නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුණා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ඉර හඳ සේ මා පැතුමන්
පැතුවා සැනසුම් සයුරේ
සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : නිමල් මෙන්ඩිස්

05.උපුල් නුවන් විදහා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා නම මෝනාලිසා

හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා නම මෝනාලිසා

හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්

06.ගැහැනු ළමයිනේ

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද හිතා බලන්නේ
ගැහැනු ළමයිනේ අවට අලංකාරයිනේ
සිහිනෙන් දුටු දේ විසිරී යයි...
ගැහැණු ළමයි මවු අත් හැරදා
ගමෙන් පිටත් වී යන්න හිතා
බබළන විසිතුරු නගරේ සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතු වී
නිවස සොයා නැවතත් අඬ අඬ ඒ
අඬ අඬ ඒ.....
ගැහැනු ළමයිනේ......

සංගීත නිර්මාණය : නිමල් මෙන්ඩිස්
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද : පියසේන කොස්තා

07.දවසක් දා රෑ 

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ

ගායනය : නීලා වික්‍රමසිංහ
ගී පද : ගාමිණී විජේතුංග
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්

08.උපන් බිමෙන් පිට වූයේ

උපන් බිමෙන් පිට වූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා හිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරං වේ නුඹ හින්දා

ගී පද : ගාමිණී විජේතුංග
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්
ගායනය : ටී.ඇම්.ජයරත්න

09.කල්පනාවෝ පාව යයි

කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ
නිල් වළාවේ යාවී ඈ සොයා
සඳක් සේ නිම් වළල්ලේ නොසැංගී
නැළැවෙමු ගයා ගීතිකා

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ කෙසේ ආදරේ
බිඟුන් සේ මත් වී මලේ රොන් උරා බී
සැනහෙමු නිවා වේදනා

ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ
මධු මීවිතේ උතුරා යනා
නේක මල් සුවඳින් පිරේ දිවි මාවතේ
තනි වේ නම් සාගරේ රැළි සේ
සිතුම් මැද ආදරේ මේ මියුරු ගී
රාව නැංවේවා සදා කාලේ

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ කෙසේ ආදරේ
බිඟුන් සේ මත් වී මලේ රොන් උරා බී
සැනහෙමු නිවා වේදනා

ගී පද : ඔගස්ටස් විනායගරත්නම්
ස්වර : නිමල් මෙන්ඩිස්
හඬ : ටී. එම්. ජයරත්න


සින්දු ඔක්කොම මෙතැනින් ගන්න

--------------------------------------------------------------

මෙරට සංගීතයට නව මානයක් එක් කළ අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතඥ නිමල් මෙන්ඩිස් මහතා‍ට උපහාරයක් වේවා !!!!!!

(වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න)

Wednesday, April 8, 2015

"චායාවකි මෙය මායාවකි එය - සසර පුරා ඔබ ඈතට ඇඳුණා"





       උපාලි ධනවලවිතාන ලියූ සරල හා චිත්‍රපට ගී සංඛ්‍යාව විශාලය. තෝරා බේරාගැනීමකින් තොරව ඔහු ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් ගීත ලියූවෙකි. ඒ නිසා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දයාරත්න රණතුංගගේ සිට නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල දක්වා බොහෝ දෙනා ගැයූ ගී අතර ඔහු ලියූ ගී එකක් දෙකක් හෝ තිබේ. දෝත පුරා මුතු මාල ලතා, රුවන් නෙළුම් කුමාරියේ, මංගල මධු සමය පතා, හත්වළල්ල කන්ද කපා, පහන් ටැඹ යට, දිසාපාමොක් ඇදුරුතුමනි, උදුම්බරා මනාලියේ, උපමා රූපක අලංකාර, රූස්ස ගහ ළඟ, පෙරමඟ සුබ නිමිත්ත වී, කදිරදේව සුරින්දු, සඳ තාරකා හඬාවී, පෙර එක දවසක, මම දෙවිඳුනි දෙවොලට ආවේ, හිරුද මුවාවී, මුව හසරැලි සාගරේ රසිකයන් ආදරයෙන් වැලඳගත් උපාලිගේ ගී අතර වේ.

37 වැනි වියේ ජීවිතයෙන් සමුගෙන යන විට උපාලි ධනවලවිතාන 100කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක ගීත රචනා කර තිබිණි. අරුණ වලා දුහුල ඉරා (රක්තා), කඳුළු පැතුම් (තණ ගිරවි) රෑන් අතරේ මළ හිරුගේ (කඩවුණු පොරොන්දුව) වළා ඉමෙන් එහා (පෙති ගෝමර), සමුදුරු හතකින් (මිහිඳුම් සිහින) රන් අකුරින් ලියවෙන්න පුතේ (රණ දෙරණ) නාඬන්න තරු පොකුරේ (රෝසි) දියකිඳුරිය සේ සාගරේ, සාගර ළවැල්ලේ (ඔබටයි ප්‍රිය ආදරේ) සක්වළ එතෙරට ඇසෙනා (ගෙදර බුදුන් අම්මා) සිහින අහසේ වසන්තේ (නැවැත හමුවෙමු) ඔහු ලියූ චිත්‍රපට ගී අතුරින් කිහිපයක් පමණි.

නැවැත හමුවෙමු චිත්‍රපටයේ ‘සිහින අහසේ වසන්තේ’ ගීතය ලියා ඇත්තේ දයාසේන ගුණසිංහයන් බවට වරෙක කියැවුණු අතර ඒ සම්බන්ධයෙන් දැඩි මතභේදයක් පැනනැඟිණි. ඒ වන විට අදාළ දෙදෙනාම ජීවතුන් අතර නොසිටීම නිසා ඇති වූයේ මහත් ව්‍යාකූල තත්ත්වයකි. එහෙත් 1992 ජනවාරියේ නිකුත් වූ ‘තිරතරු’ සිනමා පුවත්පතට “මේ ගීතය ලියුවේ මම නෙවෙයි උපාලි යැයි’ දයාසේන ගුණසිංහයන් කර තිබූ ප්‍රකාශයක් හමුවීම නිසා උපාලි ධනවලවිතානට සාධාරණය ඉටුවිය. ඔහු ජීවතුන් අතර සිටියදී ප්‍රකාශයට පත් කළ ඔහුගේ ගීත නිර්මාණ එකතුව වූ ‘උදුම්බරා’ කෘතියට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නැත. ‘උදුම්බරා’ පළ වූයේද අදාළ ගීතය නැවැත හමුවෙමු තිරගත වූයේද එකම වර්ෂයකදී වීම ඒ ප්‍රමාදයට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය.

විවිධ තේමා ඔස්සේ නෙක නෙක රස දනවන ආකාරයෙන් ගීත රචනයේ සමත්කම් පෑ උපාලි ඉන් නොනැවතී චිත්‍රපට දෙබස් රචනය හා තිර රචනයටද එක් විය. ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටයේ තිර රචනය ඔහු ලියූවකි. ‘සිංහරාජයෝ’ චිත්‍රපටයේ තිර කතාව හා දෙබස් ඔහු රචනා කළද එය නිෂ්පාදනය වූයේ නැත.අඩුවෙන් කතා කළ නමුත් උපාලි වැඩියෙන් වැඩ කළේය. අවුරුදු 38ක් වැනි අඩු වයසකින් ජීවිතයෙන් සමුගෙන යනු ඇතැයි අන් කිසිවකු තබා ඔහුවත් නොසිතන්නට ඇත. උපාලිගේ වියොවින් බිරිය ශ්‍රී මතී, දූ දරුවන් වන නිරූපමා, තාරකා සහ දුල්ෂාන්, විශාරද සරත් දසනායක ඇතුළු සමීපතමයන් පමණක් නොව ඔහු ලියූ ගී රස විඳි රසික පර්ෂදයද කම්පාවන්නට ඇත.

ගීත සිය ගණනක් ලියූවද උපාලි ධනවලවිතානගේ කෙටි ජීවිත කාලයේදී ඔහු නිසි ඇගැයීමකට ලක්වූවාද යන්න ප්‍රශ්නයකි. චිත්‍රපට පසුබිම් ගීතයේදී සම්මානයට සුදුසු ගීත ඔහු අතින් ලියැවී තිබුණු බවට විචාරක මත පළ වුවද සම්මාන ලැබුණේ නැත. කිසිදු අවස්ථාවක මතභේදයට තුඩුදෙන කාරණා මාධ්‍ය හරහා කතා කිරීමට උපාලි ධනවලවිතාන ඉදිරිපත් වූයේ නැත. පන්හිඳට සිත්සේ කතා කිරීමට ඉඩදී ඔහු මුනිවත රැක්කේය.  එහෙත් ඔහු පන්හිඳෙන් ලියූ ගී තවමත් සහෘද හදවත් සමඟ ‍ෙදාඩමලු වෙයි.



සුරවී       විස්තරය උපුටා ගත්තේ මෙතැනින්

+++++++++++++++++++++++++++++++++++++++++++++++++

01.දෝත පුරා මුතු මාල ලතා

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු
දෙතොල් රුවින් මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබලු

දෝත පුරා මුතු මාල ලතා...

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටෙයි

දෝත පුරා මුතු මාල ලතා...


ගායනය, සංගීතය - බන්ධුල විජේවීර
ගී පද - උපාලි ධනවලවිතාන

02.දේදුණු රන් පැහැය එලා

දේදුණු රන් පැහැය එලා
මෝහන තොල් යහන සලා
හඳ සිද බිද ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

සීත හිමේ හිම සිසිලෙන්
ආල හැඟුම් මවා....
පාන නුරා නෙතු ඉඟියෙන්
කෝල පැතුම් නිවා.....
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

දේදුණු රන් පැහැය එලා....

පෙමට පිදෙන සිතැඟි කළබ
මොණර ගමන් ලතා.....
පවනෙ ලෙලෙන ලපලු විලස
සිතක ගිමන් නිවා....
නැවුම් ලොවක හඳ සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ

දේදුණු රන් පැහැය එලා....

ගායනය -අබේවර්ධන බාලසූරිය
ගී පද - උපාලි ධනවලවිතාන


03.මංගල මධු සමය
මංගල මධු සමය පතා 
කුලගෙට ආ රූපිකාව 
පාළු ලොවක තනිකරදා 
දියඹට යනවා කුස 
ගින්දර නිවා ගන්න 
දියඹට යනවා 
හෝ... හෝ... හෝයියා හෝයියා ..

රැල්ල බිඳින අඳෝනාව 
ජීවන මළපොත කියවයි 
නිම් නැති නිම් වළලු පෙළේ 
සම්පත ඇය සැනසුමයි 
ඇය මට අත වනනු පෙනේ 
ඉවුර කොණේ අතු පැලේ 
හෝ... හෝ... හෝයියා හෝයියා ..

අඳුර දවන තාරකාව 
කළු ලන්තෑරුම් එළියයි 
ඔරු බඳ තුරුළේ දැණුනේ 
ඊයෙ ලද උණුසුමයි 
ඇය මට අත වනනු පෙනේ 
ඉවුර කොණේ තොටුපලේ 
හෝ... හෝ... හෝයියා හෝයියා 

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග 
පද රචනය - උපාලි ධනවලවිතාන 
තනුව හා සංගීතය - සරත් ද අල්විස්

04.හත්වළල්ල කන්ද කපා

හත්වළල්ල කන්ද කපා 
ගංකරයෙන් පාවෙලා 
දියකඩ පීරා..... 
නගාකෙල්ල ඉන්න පැලට 
තෑගි අරන් මං එනවා

දොලදෙනියේ වැව් බැම්මේ 
හිඹුටු කැලෙන් නඟේ නුඹට 
හිඹුටු කඩන් මං එනවා
ඉවසිලි නෑ නුඹ දකින්න
අනේ එපා ඔච්චම් කර 
බක් මී මල් හිනාවෙන්න

තුරු වදුලේ කිරල රොදේ 
යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ උණ පදුරේ 
හීල් හෙවනෙ කතා කරමු
වාසනාව අග හිඟ නෑ 
නගා කෙල්ල ඉන්න පැලට

පද රචනය - උපාලි ධනවනවිතාන
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

05.පහන් ටැඹ යට

පහන් ටැඹ යට - සොහොන් කොත ළඟ
කවුද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ

ඔබ වියෝවින් වේදනාවෙන්
මිහිරි පොද වැටුණු දවසක
නෑ සියන් කරවටින් මා
ගෙන ගියා ඔබ සොහොන් පිටියට

ඒ සොහොන් කොත පෙනෙන මායිමෙ
පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමුවී
කියා ගන්නට සිතට බැඳි පෙම

පද රචනය - උපාලි ධනවනවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල

06.දිය කිඳුරිය සේ සාගරේ

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළි රූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දේහ ලතාවේ රූ සිරු වරුණේ
නොදැනී මේ ලෙස යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පාවෙලා
ගිනි දැල් පරදා හස කැන් නැගුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දෙදෙනා හමු වී පෙර දා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැණුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක මිදෙනා පිනි මල වාගේ
ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා

ගායනය -එච්.ආර්. ජෝතිපාල
පදමාලාව - උපාලි ධනවල විතාන
සංගීතය - සරත් ද අල්විස්

07.උදුම්බරා මනාලියේ

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑසකොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

කෝකිල රජදහන් පවා හඬින් උමතුවෙලා
සීගිරි සුරදූත ළඳූන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේමවිමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ

ගායනය: දයාරත්න රණතුංග
පදමාලාව - උපාලි ධනවල විතාන

08.රූස්ස ගහ ළඟ පාළු මාවතේ

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ

පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

පද රචනය - උපාලි ධනවලවිතාන
ගායනය - විජය කුමාරතුංග

09.සඳ තාරකා හඬාවී 

සඳ තාරකා හඬාවී 
කඳූ මීදුමෙන් එහා 
ඔබ හා ගෙවූ අතීතේ 
මතකේ ලියා තියා 
මතකේ ලියා තියා 

සිත පාවෙලා ගියාවේ 
නටබුන් සොයා අනාතේ 
අනුරාග මල් හිනාවන් 
පෙරසේ මුවේ නොවේ 

අඩ නීල රෑ වළාවේ 
හෙට පායලා උදාවේ 
කවදාක හෝ විඳීන්නේ 
මතු ඒ අමා සුවේ .....

ගායනය: ප්‍රියා සූරියසේන 
පද රචනය: උපාලි ධනවලවිතාන 
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්

10.පෙර එක දවසක සඳ නැති සවසක

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

පෙර එක දවසක සඳ නැති සවසක...

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා
පෙර එක දවසක සඳ නැති සවසක...

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන

11.සිහින අහසේ වසන්තේ

සිහින අහසේ වසන්තේ 
තාරකා මල් හිනැහුණා
රංචු ගැසිලා කුරුල්ලෝ 
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැගුම්.....

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනිවු කතර බිමේ
ගීතිකා එවන් ලොවේ 
මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවේ ඔය හඩ වාගේ
සවනේ රැවු දේ....

සිහින අහසේ වසන්තේ... 

සිහිලැල් පවනේ ගී හඩ විසිරී
මතකය ඈත රෑඳේ
මා හදේ හිරුත් ඔබයි 
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා 
මහද ප්‍රණාමේ....

සිහින අහසේ වසන්තේ... 

ගී පද - උපාලි ධනවලවිතාන
ගායනය -එච්.ආර්. ජෝතිපාල

12.සක්වළ එතෙරට ඇසෙනා 

සක්වළ එතෙරට ඇසෙනා 
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා 
කරවන එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා 
ගෙදර බුදුන් අම්මා....

කල්පකාල දිගු ගමන් තලාවේ 
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා මෙගොඩට පීනා 
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා 
බුදු හිමි බුදුබව පතලා....

සුරංඟනාවන් පැල් බැඳ අහසේ 
දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි 
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු 
නිරයේමයි උපදින්නේ....

පද රචනය - උපාලි ධනවලවිතාන.
සංගීතය - සරත් දසනායක.
ගායනය - නන්දා මාලනී 



++++++++++++++++++++++++++++++++++++++++



ගොඩක් දවසකින් මොනවත් බෝගට දාන්න බැරි උනා .මේ සින්දු ටික එකතු කරලා  ටික දවසක් වෙනවා .වෙලාවක් තිබුනේ නැ පොස්ට් කරන්න .මව්බිම පත්තරෙන් තමයි විස්ටර ටික ගත්තේ .කාටවත් අගේ නැති තවත් "රත්තරන් මනුස්සයෙක් " කියලා තමයි කියන්න තියෙන්නේ .වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න ...

Tuesday, March 10, 2015

"යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ"





ශ්‍රී ලාංකීය සංගීතයේ නොමැකෙන මියුරු හැඟුම්බර කට හඬ ඔහුම විය. යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ ද ඔහුම විය. මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග්‍රගන්‍ය ගායන ශිල්පියා සහෘද රසවතා ඔබ අතරින් සමුගෙන අදට වසර 17  සපිරෙයි.ශ්‍රී ලාංකීක ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හැමදාමත් මිල්ටන් මල්ලවාරච්චි නාමයට හිමිවෙනු ඇත. ස්‌වතත්ත්‍ර ගීත නිර්මාණය අතරින් අතිශය ජනප්‍රිය ගීත වැඩිම සංඛ්‍යාවක්‌ ගායනා කිරීමේ කිරුළ හිමි වන්නේ ඔහුටමය. යුග යුග ගණන් කාලය ගෙවී ගියද මේ මිහිදෙරණේ ගුවන් ගැබ පුරාවට මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ යොවුන් හදවත් තුළ සදාකාලිකවම ලැඟුම් ගනු ඇත.ඔහුගේ වැඩිම ගීත සංඛ්‍යාවක රචකයානන් වූ සහ ළබැඳි සහෘද මිතුරා වූ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින් රචිත මේ ගීත මෙසේ අද ඔහු වෙනුවෙන් ගැයෙනු ඇත.කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් තුල සිටි ගීපද රචකයා මතුකරගන්නට කෙසේ හේතුවූවා දැයි යන්න මේ පිළිබඳව ප්‍රිය බිරිඳ සමදරා කෝට්ටගේ ධර්මවර්ධන මහත්මිය සිළුමිණ පුවත්පතට දැක්වූ මෙම අදහස් වලින් පිළිබිඹු වෙනවා.

“කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි. කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”




01.මුහුදු වෙරළේ නිසල පියසේ

මුහුදු වෙරළේ නිසල පියසේ
කඳුළු අරණේ සතුට වැළපේ...
පෙර මේ වාගේ ආදර ගීයේ
ශෝකය මුසු වී නෑ

යළි ඒ වාගේ ජීවන ගීයේ
සතුට රැඳෙන්නේ නෑ...
සොමි සඳපානේ මා වෙත යාවූ
ඒ රුව අමතක නෑ

සඳ පෙර වාගේ කෝ අද අහසේ
ඈ අද මා ළඟ නෑ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

02.ඈත රන් කැළුම් අතරින්

ඈත රන් කැළුම් අතරින්
සිහින තරු කසුන් යායේ
මගේ පැතුම ඔබේ පැතුම්
මල් පීදෙන්නයි...

පැලෙන් එහා ඈත කැලේ
දම් බෝවිටි හිඹුටු කැලේ
හවස තනිව යන්න එපා
මගෙ රන් මැණිකේ...

පාළු පැලේ පැල් රකින්න
මට තනියට කවි කියන්න
මා එනතුරු දීග නොයන්
මගෙ රන් මැණිකේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

03.හද පතුලේ

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල
කැළඹිල්ල මා නම් ඔබේ...
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල
සැනසිල්ල වෙන්නම් ඔබේ...

මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකී තිබේ දෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ...

අපේ ආදරේ බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමී මගේ
පැතූ සේ සදා ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමී මගේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


04.හඬන්නෙපා දැන් 

හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්...

අප හමු වූ දිනේ රඟහලේ
සිත බැඳුණේ ඔබේ මා කෙරේ
අප බිඳුණේ කෙසේ නොදැනේ...

සිත තැළුණූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනී
යළි හමු වූ නියා මා දනී...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

05.පා සිනහා

පා සිනහා...
ඈ නැළවේවී
මධු සුර ගී මුමුණාවී...
සේද වලාවෝ ගත දවටාලා
සීත සඳේ රන් කැළුම් වෙළාලා
සිහින සඳැල්ලේ පාව නිදැල්ලේ
එනු සියුමැල්ලේ සීත රැයේ...
ඒ ළය ළං වේ මේ ළය සැනහේ
ආලය ලියලා මල් පල ගැන්වේ
හෝපලු තැන්නේ ළා දලු යහනේ
ඈ සතපන්නේ සීත රැයේ...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

06.දෙඅදර විලිකුන්

දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...

මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුව ක් වාගේ...

මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ...

පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

07.ඝන අඳුරේ...

ඝන අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළා ගන්න මුහුදු ගියා...

තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා...
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා...

පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා...
බිය සැක නැති අය දුටුව ම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

08.රන් මසු නැහැ කියා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...

මැදුරේ දොරගුළු ලූ නියා
අඳුරේ මා තනිවූ නියා
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඬුවේ එදා...

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ මා තනි නොකළේ
කිමදෝ හඬනූ ඔයා...


පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

09.ආදරයේ මිහිර රැඳී

ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී

අතීතය බොරළු තලා
පිනට ඔබේ සැඟවීලා
තුෂාරයේ සිහිල වෙළා
දිය දහරා මතු වීලා...

සදාදරේ අමා සරේ
හැඬ වු ළඳේ මහද වෙණේ
ජීවිතයේ සොඳුරු සුවේ
ඔබේ සිනා රැල්ල ගෙනේ......

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
(කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගේ මුල්ම ගීත රචනාව වූයේ මෙයයි)

10.සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් 

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්...

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අත පැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැතිනම් තනි වෙන්නම්...

ජීවන ගමනේ බාධක දුක සැප
එක සේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

11.අද හෙට ඔබ මා 

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැන ගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා...

ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම්
වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි...

යොමු වී වෙනතක
ඔබ තනි වූ දින
තනියට සිටියේ
මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැඳිලා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

12.රනඹර ඉඳුදුනු

රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා
බිඟුවැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ උදා වුණා වසන්තේ උදා වුණා...

රන් බඳ රන් කුඹු රන් සළු වෙළා
චන්දන අංජන දෙනෙතේ උලා...
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා...

ඇගෙ ළැම රන්ගිරි බෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ...
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

13.පැරදීලා පලා ගියේ නෑ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ

දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉනු නොලසේ
ළයෙ හී රන් ගිරි සිරසේ
රැඳෙමී මා විත් වලාකුළක් සේ

රන් කාසී කොහෙන් ගෙනෙම් දෝ
රන් මාලා කෙසේ සොයම් දෝ
හිස් දෑතින් කෙසේ එමී දෝ
මා එනතුරු ඔබ බලා හිඳී දෝ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

14.දෑසින් කියූ ඒ හැඟුම්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා
මා හදවතේ...

දෑසින් කියූ ඒ හැඟුම් ආදරේ හැඟුම්...
වනමල් පිපී බිඟු වැල් වෙළී
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...

දෙකොපුල් සලා පෑ මල් සිනා
රස කල්පනා යා කළා
අද මෙන් හෙටක් නෑ
හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

15.උපුල් කොපුල්

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ

හදේ තැවුල් තුනිවී යතේ
හිරුයි සඳූයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිණිවාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි


16.වීණා බිඟු වීණා

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා
දෑත ළතැවෙන්නෙ ඒ දෑත තනි වූ නිසා
සිහින මායාවෙ පැටලීලා නින්දේ පවා
දෑස විමසන්නෙ හුරු දෑසදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා
වාසනාවන්ත තුරු වැල් එතී ළං වෙලා
ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා
දෑස නලවන්න සිත් වූවදෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ


පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව  : ග්‍රේෂන් ආනන්ද
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

17.සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ
මගේ හැඟුම් බිඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ බවයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වෙතැයි
ඔබගේම දෙනුවන් කියයි

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....

ලංවීම වෙන්වීම ඔබගේ ලොවේ
එකදාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් ලදේ
ඔය මල් හිනා නෑ අගේ

සිටු කුමාරියේ ඔබේ සිනහ සඳළුතලාවේ....

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

18.කෙසේ කියන්නද

කෙසේ කියන්නද
ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුනවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දාම විසින් ඔබ අත් හලෙමී පවසමි
ලොවටම ඇසෙන නිසා..
කෙසේ කියන්නද ඔබ මා

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

19.ඉවුරු තලා ගංගා

ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා

මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ
සුව නොලබා ගියෙ දෝ කෙසේ

ඉවුරු තලා.....

නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා
සිටියෙම් මා ඔබ එන තුරා

ඉවුරු තලා.....

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

20.සයුරු තෙරේදී අවන්හලේදී

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ

පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙත් කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

21.ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ...
දවනු දැනේ සිසි කිරණ පවා...

සිසිල නොදේ මඳ පවන පවා...
ඔය මුව පියුමේ තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...

ඔබ වෙනුවෙන්...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ මට රැයද දිවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ...

ඔබ වෙනුවෙන්...

පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
තනුව - සෝමපාල රත්නායක


සියලූම ගීත මෙතැනින්

-------------------------------------------------------------------
ප .ලි
මිල්ටන් මලලවාරච්චි නම් සොඳුරු මිනිසාගේ 17 වන සමරුව වෙනුවෙන්  තෝරා ගත් ගීත කීපයක් පමණි . ඔබත් දන්නා සොඳුරු මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ...
(වැරදි අඩුපාඩු පෙන්න්වා දෙන්න )