Friday, October 23, 2015

"අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි"




ජනකාන්ත ගායක සංගීතවේදී "බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්" නොහොත්  "ග්‍රේෂන් ආනන්ද" , ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවආරච්චි වැනි සමකාලීනයන් සමඟ චිත්‍රපට පසුබිම් පසුබිම් සංගීතය තුල නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.ඔවුන්ගෙන් පසුව සිංහල සිනමාවේ ප්‍රමුඛ පසුබිම් ගායකයා වූයේ ග්‍රේෂන්ය. ඔවුන් සිටියදීද ග්‍රේෂන් ගී ගැයුවත් පෙරමුණටම ආවේ ඔවුන්ගේ ඇවෑමෙනි. ගාමිණී,රවීන්ද්‍ර , සනත් , ජීවන්, සිට චන්න පෙරේරා, අර්ජුන කමලනාත් යන වර්තමාන නළුවන් වෙනුවෙන් ද ග්‍රේෂන් චිත්‍රපට පසුබිම් ගී ගයා ඇත. ඔහු පළමුවරට සංගීතය අධ්‍යක්‍ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ "දුර්ගා" චිත්‍රපටයේය. පසුව ළඳුනි ඔබ දෙවඟනක්, රන්දෙනිගල සිංහයා, ධවල පුෂ්පය ඇතුළු චිත්‍රපට දහ අටක පමණ සහ ටෙලි නාට්‍ය කිහිපයක සංගීතය අධ්‍යක්‍ෂණය කළේය. ග්‍රේෂන් ආනන්ද චිත්‍රපට දෙසීයක පමණ පසුබිම් ගීත ගයා තිබේ. "රජ දරුවෝ" චිත්‍රපටයට ග්‍රේෂන් ගැයූ "බිළිඳුනේ දරුවනේ මගේ" ගීය වෙනුවෙන් ඔහු පළමු වරට සම්මානයක්‌ දිනා ගත්තේය.
       
දේවස්‌ථානයේ කන්තාරු කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙතෙම එහිදී පියානෝව වාදනය කිරීමට පුරුදු පුහුණු වූවේය.බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වනුයේ ග්‍රේෂන් පියානෝ වාදනය පිළිබඳ ලන්ඩන් උපාධිධරයෙකි. ඒ වාගේම දක්ෂ ගිටාර් වාදකයෙකි. එළිමහන් ප්‍රසංග වලදී පවා ඔහුගේ ගායනය අතරතුර ඇතැම් විටක ඔහුගේ සුරත රැඳි ගිටාරයෙන් ඔහුම ඇතැම් කොටස් වාදනය කරමින් හැඩගැන්වීය.එය ඔහුට අනන්‍යතාවක් වීදෝයි සිතේ.සරත් දසනායක හමුවීම නිසා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ග්‍රේෂන් ආනන්ද ප්‍රථම වරට ගායනා කළේ යුග ගීයකි. ඒ 1976 දී නීලා වික්‍රමසිංහ සමඟ ගයන ඈත දුරක දෑස පායලා." ගීයයි. එම ගීතයේ සංගීත නිර්මාණය කළේ ද ග්‍රේෂන් ආනන්ද විසින්මය. ඔහු පළමු චිත්‍රපට ගීය ගැයුවේ සේන සමරසිංහගේ "මල් කැකුළු" චිත්‍රපටයටය. එයද යුග ගීයකි. ඒ ශ්‍යාම් ෆොන්සේකා සමඟ ගැයූ "බිඳු කඳුළු සලා" ගීයයි.
     චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිරූපය වූ ජෝතිපාලයන් සමඟ එක්ව ගීත ගයමින් ගායන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගත් ග්‍රේෂන් ආනන්ද ගේ වියෝව ගැන නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරන්නටත් , බොහෝ දෙනා ඔහුගේ මධුවිත පානය පිළිබඳ වැඩිපුර කතාබහට ලක් කළා. එහෙත් ඊට සාපේක්ෂව මධුවිත සමඟින් ම ඔහු මේ ක්ෂේත්‍රයට කළ මෙහෙවර පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු නොවේද ?

--------------------------------------------------------------------
01.බිඳු බිඳු කඳුළු ගලා

බිඳු බිඳු කඳුළු ගලා - පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා - ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නාදෙනා 
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා 
සිඳු සිඳු කඳුළු ගංගා - ආදරේට ආදරේ පාලා

උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත 
බමර කුමර සඳ ස්නේහේ

පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම නොපිපි සිත
ආශාවේ

ගායනය - ග්‍රේෂන් ආනන්ද, ශ්‍යාමි ෆොන්සේකා,
සංගීතය - සරත් දසනායක
පද රචනය - සෝමපාල ලීලානන්ද
(සේන සමරසිංහ මහතාගේ ‘මල් කැකුළු‘ චිත්‍රපටියෙන්)
--------------------------------------------------------------------
02.තරුයායේ ඈතින් ඈතට දිදුලන

තරුයායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියෙන 
සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුනාවේ
හද දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

යන එන හැම තැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ
වෙන්නොම වේවා - හැමදාම එකටයි ඉන්නේ
සෙනෙහෙ පුදා - සෙනෙහෙ පුදා
ජීවිතෙ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

ඔබ අප අතරට කිසියම් දිනයක
නොසිතූ ලෙසකින් – මරු ලං විනි නම්
ඒ මගද එකටයි යන්නේ
සෙනෙහෙ පුදා – සෙනෙහෙ පුදා
ජීවිතේ පුරා
මතු බවයෙන් බවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද
--------------------------------------------------------------------
03.ඈත දුරක දෑස පාවෙලා

ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනි වෙමු
පාළු ලොවක ඈත දුරක
දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳිලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවී සදා

ඒ සිහිනේ වී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ

පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ නීලා වික්‍රමසිංහ 
--------------------------------------------------------------------
04.ඉපදී ලොවේ 

සිනහ කඳුළු එනවා - යනවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා - යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි
භවයෙන් භවේ . . .

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා – පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද
--------------------------------------------------------------------
05.ආදර සීනුව පෙම් ලොව

ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණ යි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ 

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහස යි මුහුද යි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්න ද සිදුවන්නේ

සංසාරේ හුරු සුවඳ යි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමට යි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව... 

ගායනය - ග්‍රේෂන් ආනන්ද
පද රචනය - කේ.ඩී. කේ. ධර්මවර්ධන
'ප්‍රමාද වැඩියි' ටෙලි නාට්‍යයේ ගීතයකි
--------------------------------------------------------------------
06.ගීත ගයා 

ගීත ගයා ගීත ගයා
පළදන්නේ මා ඔබට
පෙම් මල් මාලා
සංගීතේ මා වේවා සංසාරේ
හැම වාරේ හමුවේවා - සුපෙම් පා

රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා
ලංවේවා 
සුපෙම් පා . . .

තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ . . .
සුපෙම් පා . . .

පද රචනය - ආනන්ද බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
--------------------------------------------------------------------
07.සතුටින් නිදැල්ලේ

සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
මේ ඇසුරින් මිදීල ඉගීලියන් කුරුල්ලෝ
සතුට පතා හිතා මතා 
කියමි ගොතා නියම කතා
හොඳම කතා විනෝදයට
ඕං අසා ගන්නකො

කුරුලෙකු සිර කරලා 
තබනු බෑ නොවැ කිසිදා..
ඌ ලොවේ සුව සොයා ඉගිල්ලුනේ
සැනසීමෙන් ඉඳලා මැරුනත් 
කම් නැහැ කියල
ඒ මිහිර සුව විඳින්න සොඳුරු නැවුම් 
ලොවට යන්න
සතුටින් පියාඹන්න රූ කියා නිදහසේ
සතුට පතා හිතා මතා - හොඳම කතා
කියමි ගොතා - හොඳට කතා විනෝදයට
ඕං අසා ගන්නකො

සිත සවියෙන් පුරවා සිටින අය ජය ලබනා
නැහැ ලොවේ කිසි දිනේ පැරදුනේ
ඇයි සෝකෙන් තැවිලා මොකටද 
අයියෝ අඬලා
ඒ මිහිර සුව විඳින්න  පැතූ පැතුම් 
සඵල වෙන්න 
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා . . .

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද
--------------------------------------------------------------------
08.සිහින අහසේ වසන්තේ

සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රුංචු ගැහිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැඟුම්

සිහිලැල් පවනේ ගී හඬ විසිරී
මතකයෙ ඈත ඉමේ
ග ීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ ඔය හඬ වාගේ
සවනේ රැව්දේ

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ

පද රචනය – උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
--------------------------------------------------------------------
09.බිළිඳුනේ දරුවනේ

බිළිඳුනේ  දරුවනේ මගේ
පැලෙත් රජ මැදුරේ
අම්මා පෙවු කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා පෙවූ කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙවු කිරවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
බිලිඳුනේ දරුවනේ . . . .

පුර හද පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ
පුතුනේ කියා මට අමතන්න
එන්නම් සොයා
බිලිඳුනේ දරුවනේ . . .

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සරසවිය සම්මාන දිනුවේ රජ දරුවෝ චිත්‍රපටයේ එන මේ ගීතයෙනි)
--------------------------------------------------------------------
10.රනින් මාල 

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ

ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා 
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ 
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...

ගායනය, සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
--------------------------------------------------------------------
11.හිම කඳු යහනේ

හිම කඳු යහනේ
වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී
අපේ සිහින උයනේ

දෙසිතක බැඳි - රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද - නොතනි වෙලා

ඒ හසරැල් විල – මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුලක් නැගි මොහොතක
ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ

හිනැහෙමි එසෙඳහි
කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ නිරංජලා සරෝජිනි
--------------------------------------------------------------------
12.හිම රේණු වැටෙනා 

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
ගැ - මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා

මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ ලතා වල්පොල
--------------------------------------------------------------------



ප. ලි ..
දක්ෂ වාදකයෙක්, ගායකයෙක්, හොඳ ගී තනු නිර්මාණ ශිල්පියෙක් වූ ග්‍රේෂන් ආනන්ද ගැන අපි කථා කරමු ....
ග්‍රේෂන් ඔහුගේ වටිනා කම දැන සිටියාද ? අපි ඔහුට වටිනා කමක් දුන්නාද ?

99 comments:

  1. තරු යායේ ඈතින් ඈතට ගීතය අඩංගු උනේ බයිසිකලය චිත්‍රපටියේය....

    ReplyDelete
    Replies
    1. ඔව් සුදු පුසෝ .ඒ ගීතය බයිසිකලේ චිත්‍රපටියේ ගීතයක් ...මම සඳහන් කරලා තියන ගීත බොහොමයක් ගීත ..
      01.බිඳු බිඳු කඳුළු ගලා --"මල් කැකුළු" චිත්‍රපටිය
      02.තරුයායේ ඈතින් ඈතට දිදුලන--"බයිසිකලය"චිත්‍රපටිය
      04.ඉපදී ලොවේ --"මමයි රජා"චිත්‍රපටිය
      06.ගීත ගයා-- "දිනුම"චිත්‍රපටිය
      07.සතුටින් නිදැල්ලේ--"ජය අපටයි" චිත්‍රපටිය
      08.සිහින අහසේ වසන්තේ--"නැවත හමුවෙමු" චිත්‍රපටිය
      09.බිළිඳුනේ දරුවනේ-- "රජ දරුවෝ" චිත්‍රපටය
      11.හිම කඳු යහනේ--"සසර චේතනා"චිත්‍රපටය
      12.හිම රේණු වැටෙනා -- "ආත්මා"චිත්‍රපටය

      Delete
  2. ග්‍රේෂන් මං හිතන්නේ තමන්ගේ වටිනාකම අදුරගත්තෙ නැහැ කියලයි.. යුග ගායන කරපු ලතා, සුජාතා, ඇන්ජි එක්ක එමෙහත් විටින් විට තරහ තිබිල තියෙනවා. ඇන්ජි එක්ක න පට්ට තරහං මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. අලියාගේ තරම අලියා දන්නේ නැහැ කියනවා වගේ ග්‍රේෂන් එයාගේ වටිනා කම දැනගෙන හිටියේ නැද්ද නැත්නම් ඒ වටිනා කමෙන් කවුරුත් වැඩක් ගත්තේ නැද්ද කියලා හිතෙනවා දෙශෝ ...

      Delete
    2. ඇන්ජිම එක්ක නං අපිටත් තරහයි නෙ දේශො...
      සිරාවටම මට නං දිරවන්නෙම නැති මහ හඩු චරිතයක්

      Delete
    3. මහේෂ් උඹ හරි බං.. මගෙත් අදහස ඕකමයි.ඇන්ජි කියන්නෙ මාත් ඒ තරං ආස නැති චරිතයක්.

      Delete
  3. ජෝතිපාල චිත්‍ර පට පසුබිම් ගීතයේ අසහාය ගායකය කියල කිවුවට , එදා ඉදන් මටනම් ග්‍රේෂන් ආනන්ද තරම් කෙනෙක් හිටියෙ නෑ.

    ReplyDelete
  4. ජෝතිපාල චිත්‍ර පට පසුබිම් ගීතයේ අසහාය ගායකය කියල කිවුවට , එදා ඉදන් මටනම් ග්‍රේෂන් ආනන්ද තරම් කෙනෙක් හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් දැනුනේ ග්‍රෙෂන්ගේ ගායනය තමයි චිත්‍රපට පසුබිම්ගීත විදියට හරියටම ගැලපුනේ කියලයි.ඒ සිංදු ඇහෙනකොටත් ෆිල්ම් හොල් එකක ඉන්නවා වගේනේ දැනෙන්නේ.

      Delete
    2. ජෝතිලා ,මිල්ටන්ලා ,ග්‍රේෂන් ලාගේ කට හඬ ඒ කාලේ හිටපු නළුවන් එක්ක බද්ද වෙලා තිබුනේ .ඒ නිසා අපිට ඒ ගීත හොදට දැනුනා ...දැන් චිත්‍රපට වලට නළුවොත් නැ ගායකයොත් නැ ..

      Delete
  5. සොඳුරු හඬක් හිමි ග්‍රේෂන් ආනන්ද පිළිබඳව මේ තැබූ සටහන ඉතා වටිනවා කියා හිතනවා.. ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නොනැගුණාට ඔහු සෑම විටම ඉදිරිපෙළ සිටි ගායකයෙකු ලෙසයි මා දකින්නේ.. ඔහුගේ කටහඬ ජෝතිපාලයන්ගේ හඬ මෙන් ම චිත්‍රපට ගීතයට හොඳින් ගැලපුණා.. ඔබ ඉහතින් සඳහන් කර ඇති ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවන් වූ චිත්‍රපට ගීතයි... සමිතා සමඟ ගැයූ "තිසර විලේ පියුම නෙළූ" ගීතයත් ඉතා ම මියුරු චිත්‍රපට ගීතයක්....
    ඔහු ගැයූ සරල ගීත අතරින් "ඈත දුරක " හැරුණුකොට "ගඟුලේ ඉවුරේ ගහකොළ ඡායා", "හවසට පායා අරුණේ සැඟවෙන", මාලිනී බුලත්සිංහල සමඟ ගැයූ "මල් මුතුලැල් හිරිපොද වරුසාවක", සහ නීලා සමඟ ගැයූ "දුර ඈත ඈත සසරේ" වැනි ගීත මතකයෙන් කිසිදා නොගිලිහෙන ගීතයි..
    මෙසේ අගනා සුමියුරු ගීත රැසක් අප වෙනුවෙන් ගායනා කළ මේ සොඳුරු හඬ හදිසියේම අපෙන් ඈත් වීම කනගාටුවට කරුණක්.. ඔහුගේ මැද මාවතේ ගමන් කළ නිර්මාණ රසික අපගේ සිත් සුවඳවත් කළා.. ඔහු තමන්ගේ වටිනාකම නොදත්තෙක් ලෙසින් මා හිතන්නේ නැහැ.. එහෙත් ඔහුගේ පුද්ගලික ජීවිතය ඔහුගේමයි...ඒ පුද්ගලිකත්වයට අප ගරු කළයුතු බව මගේ හැඟීමයි...

    1. බිඳු බිඳු කඳුළු ගලා - පද රචනය : සෝමපාල ලීලානන්ද
    5. ආදර සීනුව - පද රචනය : කේ.ඩී. කේ. ධර්මවර්ධන

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඩිනාලි ....ඔබගේ අදහස් මේ පොස්ටුවට ආලෝකයක් වුනා .
      //ඔහු තමන්ගේ වටිනාකම නොදත්තෙක් ලෙසින් මා හිතන්නේ නැහැ.. එහෙත් ඔහුගේ පුද්ගලික ජීවිතය ඔහුගේමයි...ඒ පුද්ගලිකත්වයට අප ගරු කළයුතු බව මගේ හැඟීමයි...//
      100% එකඟයි ..
      සමන් චන්ද්‍රනාත් මහත්මයා මෙහෙම කියනවා ..
      “ඇත්තම කියනවා නම් ග්‍රේෂන් විතර ද බිව්වේ. ඒ කාලේ ජෝතිපාලටත් ඔය චෝදනාව තිබුණා. වෙන බොන අය නැත්ද? කලාකරුවකු ගේ හොයන්න ඕන ඔහු බිව්ව ඩ්‍රෑම් ගණන ද? එහෙම නැත්නම් ඔහු කලාවට කළ මෙහෙයද? ඩ්‍රෑම් ගණන හොයන අයත් අඩියක් ගහල තමයි හොයන්නේ. ඔය විදියට කතා කරන කොට බීමත්කම තමන්ගේ ජීවිත කෙටි වෙන්න උදව්වුණු කලාකරුවන් හිටියෙ නැද්ද? මහගමසේකරට බීමත්කම ජීවිතයට බාධාවක් වුණේ නැත්ද? ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට බාධාවක් වුණේ නැත්ද? සයිමන් නවගත්තේගමට බාධාවක් වුණේ නැත්ද? කරුණාකර කලාකාරයෝ ගැන කතා කරත්දී බීපු ප්‍රමාණය ගැන කතා කරන එකෙන් වළකින්න. මේ මරණයත් එක්ක අපි කතා කළ යුත්තේ ඔහුගේ බීමත්කම ගැන නොවෙයි."

      නැවතත් ඔබට ස්තුතියි ඩිනාලි ...
      ජයවේවා !!!

      Delete
  6. Karadiya reli udin 'gamana' maga salakunu ne... great!

    ReplyDelete
    Replies
    1. නිවාඩු ඉවරද මචෝ ....
      මම උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා .කමක් නැ පස්සේ කියපන්.. හැක්
      කම්මලයා හැමෝටම ලෙඩේ දීලා වගේ ..

      Delete
    2. Niwadu ne ban me hutte phone eken mouth liyanna be

      Delete
    3. Niwadu ne ban me hutte phone eken mouth liyanna be

      Delete
    4. එක අස්සේ ෆෝන් එක දැම්මම දෙක දෙක වදිනවද බං

      Delete
    5. ඉවාන්...
      +++++++++++++++++++++++

      Delete
    6. hutte phone
      අලුත් ෆෝන් වර්ගයක්ද මචං?

      Delete
    7. ඒක නං සැටිපිකෙට් ඇත්ත කතාව ඉවාන් අයිය

      Delete
    8. ඉවාන් ++++++++++++++

      කමියා අඬුව තියෙද්දි අත පුච්චගෙන නෙවැ :D

      Delete
    9. කමියෝ............

      //mouth liyanna be//

      ඒක අැත්ත බං.... අතින්නේ ලියන්නේ.....

      Delete
    10. කම්මලයා ෆෝන් එක මොකක් අස්සට දාලාද දන්නේ නැ ඩබල් වෙන්නේ ...හැක්
      අය්යෝ ක මීයා.......හැක්

      Delete
    11. @ කල්‍යාණ මිත්‍රOctober 23, 2015 at 11:07 PM

      මහත්මයා ඒ ෆෝන් ජාතිය ගත්තේ ආමි ඇන්ඩ් නේවි ස්ටෝර්ස් එකෙන්ද?

      Delete
    12. චැහ් ,,,විචාරක අංකල්ලාගේ කාලේ ඔය කියන ජාතිය තියෙන්න නැතිව ඇති මයේ හිතේ ...අර ඇඟිල්ල හිල අස්සට දාලා කරකවලා නොම්බරේ ඩයල් කරන සිස්ටම් එක නොවැ තියෙන්න ඇත්තේ ....හැක් හැක්

      Delete
  7. Replies
    1. දැන්වත් කම්මලය එක්ක තියෙන ආස්සරේ නතර කරන්න හිතල නැද්ද කමි අයියෙ? ලෙඩේ හොඳටම වැඩි වෙලානෙ. ට්‍රිබල් වැදිල. හැක හැක.

      Delete
    2. //දැන්වත් කම්මලය එක්ක තියෙන ආස්සරේ නතර කරන්න හිතල නැද්ද කමි අයියෙ? //
      දවසේ කතාව ..

      Delete
  8. එදා ඕ එදා
    වනයේ පඳුරේ අතු ඉති අතරේ
    තරුවක් පිපී රෑ
    බාලේ පුන්චි කාලේ වගේ
    ආෂාවේ ආෂාවේ පායා

    වගේ ගීත ගොඩක් හිමි ගායකයෙක්. සංගීත නිර්මාණ කරුවෙක්. අපෙන් සදහටම වෙන් වූ අමිල සම්පතක්.
    ඔහුගේ ගීතවලට මා බෙහෙවින් ආසා කරන නිසා මට ගීත 100ට වැඩි ගනනක් එකතු කරගන්න පුලුවන් වුනා. ඒ එකතුවට මගෙ මිතුරෙකුත් බොහොම උදව් කරා.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ අගය තේරෙන්නේ ඒ මනුස්සයා නැති උනාම මචෝ ..
      ජයවේවා !!

      Delete
  9. මම කැමතිම ගායකයෙක් ග්‍රෙෂන් ජයමහ කියන්නේ.බිළිඳුනේ දරුවනේ මගේ.. සිංදුව මම ගොඩක් කැමති එකක්..අනිත් ගීතත් එකවගේ රස විදින්න පුලුවන්කමක් තිබෙනවා..

    ග්‍රෙෂන් ජයමහට ගාම්භීර කටහඩක් තියෙන්නේ.ඒ හඩ පෞරෂය අනුකරනය කරන්න තවම කාටවත් බැරිවුනා..විවිධ ගායකයන්ගේ සිංදු ඇල්බම් තියන mp3 එකක් දාලා තියනකොට ග්‍රේෂන් ජයමහගේ සිංදුවක් යනකොටම බෆල් දෙදරන්න පටන්ගන්නවා.හරියට හෝල් එකක ඉන්නවා වගේ....

    ඔහු ඔහු ගැන ඒතරම් තැකීමක් කලේ නැහැ.ඒ නිසාමයි ජීවිතය නැති වුනේ.නැතිවුනා කියලා දැනගත්ත දවසේ මට ඇත්තෙන්ම හිතට දුකක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි..ලජ්ජාවේ බැ..

      ..//ග්‍රෙෂන් ජයමහ//..
      කියලයි ටයිප් වෙලා තියෙන්නේ..
      සමාව බජනය කර "ග්‍රෙෂන් ආනන්ද "යයි නිවරදි කරගතයුතුය..

      Delete
    2. මමත් බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා ..
      ඒ හඩ පෞරෂය අනුකරනය කරන්න තියා පිරිමි හඬකින් ගීත කියන්නේ කීයෙන් කිදෙනෙක්ද මචෝ ...

      Delete
    3. කසුන්
      ග්‍රේෂන් ආනන්දට වගේ වෙයිද මටත් ?

      Delete
    4. මනෝ ...උඹය බය නැතිව ඉදින් ...මොකෝ උඹ මැරෙන්න සින්දු කියනවායැ ...බොනවා විතරනේ ....හැක්

      Delete
  10. මමත් හිතනවා මචං ග්‍රේෂන් කියන්නේ චිත්‍රපට පසුබිම් ගායනයට වඩාත්ම ගැලපුන හඬ පෞරුෂයක් තිබ්බ ගායකයෙක් කියලා..මනෝ මන්දිර කිව්ව වගේ ග්‍රේෂන් ආනන්දගෙ සිංදුවලට බෆල් දෙදරනවා....ඒ වගේම තනු නිර්මාණ කරුවෙක් අති දක්ෂ ගිටාර් වාදකයෙක් ඒ ඔක්කෝටම වඩා නිහතමානී මනුස්සයෙක්..මං හිතන්නෙ ඔහුට නියම වටිනාකම නොලැබෙන්න හේතුවත් ඒකමයි..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++
      ඔක්කෝම ටික උඹ කියලනේ ...

      Delete
    2. බ්‍රෑන්ඩ් ඒක ගල්............... මෙන්ඩට කියන්න අමතක වුණ කොටස..

      Delete
    3. ග්‍රේෂන් ගැන කිව්වාම මෙන්ඩා බය වෙලා වාගේ කුරුට්ටෝ ...හැක්

      Delete
  11. සෝ එකකට ආවම ගිටාර් එකක් ගෲප් එකෙන් ඉල්ලගෙන ගහන දෙන්නෙක් මම දැකලා තියෙනවා.. එකෙක් තමයි ග්‍රේෂන්... අනේ මේ මනුස්සයගේ සුපෙම් පා... පා.... පා.... සින්දුවට පුක නැතිවෙන්න කොච්චර නම් නටලා ඇද්ද මියුසිකල් සෝ වල...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම් බීලා මැරිච්ච ගොනෙක් කියන එකත් කියන්නම ඕන...

      Delete
    2. දැන් කාලේ වාගේ අත්පුඩි හිඟාකන්න ඒ මිනිස්සුන්ට ඕනි උනේ නැ .ෂෝ එකකට ආවම ස්ටේජ් එක පිරෙනවා ....අකාලේ අහිමි වෙච්ච වටිනා ජිවිතයක් ...
      ස්තුතියි මාතේ ..

      Delete
  12. හැමදාම වගේ සමහර සිංදු දැක්කෙත් දැනුයි . කොහොමත් මිනිහෙක් මැරුණම "කොච්චර හිටියත් ඔය යකා මෙහෙමයි " කියන එක අපේ සමාජයේ මාර පුරුද්දක් . ඒ නිසා ග්‍රේෂන් ගැන කතා නොකර බීම ගැන කතා කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. නිසයාකර ඇගයීමට ලක් නොවුණු තවත් විශිෂ්ටයෙක්

    උඹට ස්තුතියි සිංදුවෝ

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත ඉවාන් ...කොච්චර හොඳ දේවල් කලත් දකින්නේ අනිත් විතරයි ...
      ලිස්ට් එකක් හැදුවොත් විශිෂ්ඨයෝ කවුරුත් නිසි ඇගයීමකට ලක් වෙලා නැ කියලා හිතෙනවා .
      ස්තුතියි මචෝ ...

      කොච්චර කෙරුවත් හොඳක් අහන් නෑ
      දනට පිනට රිසි පින්වත්තූ
      දෙව්දත්වරු මිස ඉපදී නැතුව ද
      බුදු බව පතනා බෝසත්තූ....//

      කැළෑ කොළේ සිට ගඟේ වතුර ටික
      උලා දමා නසනා මිසකා...//
      අනේ අපොයි ඌ කියාල උණු වී
      නොරකිනු ඇයි තවෙකෙකු අනිකා...

      මගේ කුස ම නොව අනිකෙකුගේ කුස
      බත් පතකින් පුරවා පිනනා...//
      බණේ පැවත එන වදන් කියවු ලොව
      පරම්පරාවට මතු නැඟෙනා...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ටියුලින් ජයරත්න
      ගායනය : අබේවර්ධන බාලසූරිය

      Delete
  13. මෙතන තියෙන ගොඩක් සින්දු ජෝති කියපුවා කියලයි මම හිතාගෙන හිටියේ...
    ඒ වගේම ඒවා ජෝතිගේ හොඳම සිංදු කියලයි මම තෝරගෙන තිබුනේ...
    දැන් බැලුවම් ජෝති ගේ සිංදු වලට වඩා ග්‍රේෂන්ගේ සිංදු හොඳයිනේ...

    ඉපදී ලොවේ නවාතැන්පොලේ... බිලිඳුනේ දරුවනේ... රනින් මාල... සිංදු මගේ ෆේවරිට්...

    ඈත දුරක දෑස පාවෙලා...
    තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවළක් සේ...
    සතුටින් නිදැල්ලේ අවසරලද ඇසිල්ලේ...

    කියන සිංදු තුනටත් පට්ට කැමතියි...

    ඒ කියන්නේ මම වැඩිපුර කැමති වෙලා ඉඳල තියෙන්නේ ජෝතිගේ සිංදු වලට නෙමෙයි ග්‍රේෂන්ගේ සිංදු වලට...

    ReplyDelete
    Replies
    1. හිම රේණු වැටෙනා සීතලේ
      නෙත ගාව රඳවා ආදරේ...

      සිංදුව මට මිස් වෙලා, මේකත් මම ගොඩක් කැමති සිංදුවක්...

      Delete
    2. පිරිතක් කියලා දානයක් දුන්නා වාගේ පිනක් නොවැ මන් කරගෙන තියෙන්නේ ...නැ මන් මේ කිව්වේ ලොකු පුතාට ග්‍රේෂන් ජෝති ගෙන් වෙන් කරලා දුන්න එකට ...හැක් ..
      ස්තුතියි බන් උඹට ...

      Delete
  14. ගීත ලෝකයේ තමන්ට හිමි තැන තවමත් නොලද ගායකයෙක්.ඔහු ඔහුගේ වටිනාකම දැන සිටියේ නෑ.කලින්ම ගියෙ ඒ නිසයි.
    ජේ ඒ මිල්ටන් පෙරේරා ගැනත් යමක් ලියපං සිංදුවෝ.

    ReplyDelete
    Replies
    1. චන්දන අය්ය ලියල තියෙයි ඒත් ගොඩක් විස්තර නං නැ හැලපෙ

      Delete
    2. ඇත්තටම හැලපේ අය්යේ මේ ලෝකෙට වැඩක් කරපු මිනිස්සු ඉක්මනින් ගියා නේද ? ඔහු ජීවත්ව සිටියදී ඔහුගේ වටිනාකම අපේ මිනිසුන්ටත් දැනුනේ නැ මම හිතන්නේ ....මිල්ටන් ගැනත් ලියමු ...
      බොහොම ස්තුතියි ..
      ජයවේවා !!!

      Delete
    3. මහේෂ් මම දැක්කා ඒ පොස්ටුව ...ස්තුතියි මචෝ

      Delete
  15. 1990 දශකයේ එක් දිනක, වවුනියාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක පැවති සංවත්සර උත්සවයක් සඳහා පැමිණි ගායක ගායිකාවන් අතර, ග්‍රේෂන් ආනන්දත් හිටියා. එදා සංදර්ශනයෙන් පස්සේ, ඔහුගේ මිතුරු නිලධාරියකුගේ ඉල්ලීම මත, ඔහු කඳවුරේ නැවතුනා. පහුවදා ඔහුත් සමග, ලස්සන වැවක් අසල අපි පුංචි සාජ්ජයක් පැවැත්වුවා. එදා ඔහු බොක්ස් ගිටාරය වයමින්, ගීත රාශියක් කිව්වා. ඇත්තටම එම සජීවී ගායනා ඉතා ඉහළ මට්ටමක තිබුණා. එදා තමයි ඔහු කිව්වේ, ඔහුට සංගීතය පිළිබඳව බ්‍රිතාන්‍ය සංගීත විද්‍යාලයකින් උපාධියක් තිබෙන බව. අපි විශ්මයට පත්වුණා, ඇයි ඔහු සංගීත පාසලක්වත් පවත්වාගෙන යන්නේ නැත්තේ කියා.

    බොහෝ කලාකරුවන් මෙන් ඔහුද මීවිතට ගොදුරු වුනා. තම දරුවකුට මෙන් ඔහුට අවවාද දී, ගලවාගන්නට ලතා වල්පොල මහත්මිය උත්සාහ ගත්තත්, එය ව්‍යර්ථ වුනා.

    ඔහුගේ සම්පූර්ණ නම බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි විචා ...අපුරු අතීත මතකයන් ගොන්නක් ...
      ග්‍රේෂන්ගේ සම්පුර්ණ නම සඳහන් කලාට විශේෂයෙන් ස්තුතියි වෙනවා ...
      ජයවේවා !!!1

      Delete
  16. මං කැමතිම ගායකයන්නෙන් එක්කෙනෙක් අනෙකා කපුගේ.. දෙන්නම වල පල්ලෙ වගේම දෙන්නම බෙබාල..
    ග්‍රේෂන් ගෙ මේ සිංදුවට මේ සිංදුවට මං කැමතී කියල බොරු කියන්න බෑ ඒ කටහඩට කැමතී ඒ කටහඩ නිසා ඒ සිංදු වලට කැමතී... අනික බලහං ඒ වොයිස් එක.. පට්ට නේ... මට නං ලොවෙත් ඩයල් එක බුවා...
    තනියෙං ඉන්න වෙලාවක ඈත දුරක දෑස පාවෙලා ඇහෙද්දි ආයෙ නිකං ලොවෙත් නැ....
    පට්ටයි සිංදුවො... පෝස්ටුවට අමතරව කමෙන්ට් ටිකත් සෑහෙන්න වටිනව කියල කියන්නම ඕන
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අහ් මචං..
      අර නම වෙනි සිංදුව ඒක බිළිදුනේ නෙවී
      දිළිදුනේ දරුවනේ... මට වරදින්න විදියක් නෑ ඒත් ටිකක් හොයල බලල එඩිට් කරහං..

      Delete
    2. ඔවු ඒක දිළිඳුනේ තමයි වෙන්න ඕන.

      Delete
    3. මහේෂ් ස්තුතියි මචෝ උඹේ අවංක අදහස් වලට ...පොස්ටුව දැම්මේ කොමෙන්ටු වලින් වැඩි විස්තර දැන ගන්න ..එත් දැන් අපේ පරණ සෙට් එක "අරූ අය්යා " එහෙම නැති එක ලොකු පාඩුවක් ....
      ස්තුතියි මචෝ ..

      Delete
    4. මහේෂ් / ප්‍රසන්න , එක "බිළිඳුනේ" තමයි ...උඹලා කිව්වාම මම පොඩ්ඩක් හොයලා බැලුවා ...
      නැවතත් ස්තුතියි ..
      බ්‍රෑන්ඩ් එක #@..

      Delete
  17. ජෝතියි, ග්‍රේෂනුයි දෙන්නගෙ චිත්‍රපටි ගීත තමයි මාත් ඉහලින්ම රසවින්ද ඒව.
    මොනව උනත් දෙන්නම අකාලයේ මියැදිලා ගියෙ.
    නියමයි මේ සටහන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා ..අපේ කාලේ ජෝතිට , ග්‍රේෂන්ට අකමැති කවුද ? දවසේ කැමති වෙලාවක අහන්න පුළුවන් කට හඩක් ...

      Delete
  18. ඉස්සර බදුල්ලෙ ක්ලාස් ගිහින් ආපහු එනකොට හැමදාම සෙට් උනේ එකම බස් එකක්.කයිලගොඩහරියෙන් සෙට් එක ඔන් කලාම උන් හැමදාම දැම්මෙ එකම කලෙකශන් එකක්.ලොග්ගල් ඔය හරියට එනකොට හැමදාම ප්ලේ උනේ ග්‍රේෂනගෙ සින්දු සෙට් එක.බස් එක අනූවට විතර පාගල ඇල පාරෙ ඊගහ වගේ විදිනකොට හැමදාම ප්ලේ උනේ භවයෙන් භවේ සින්දුව.ආයෙ කියල වැඩක් නෑ,ෆූල් ඕපන් ජනේලෙන් කඳුලු පනින්න හුලංපාර වදිනකොට ගැලවෙන්න හදන කොන්ඩෙ සැරින් සැරේ හද හද වියානා ඇල දිහා බලාගෙන අර සින්දුවත් අහගෙන යනකොට දැනුන ආතල් එක කියන්න තේරෙන්නෙ නෑ.සිංදුවේ තාලෙටමයි යන වේගෙට බස් එකත් දෝලනය උනේ.එතකොට දැනෙන්නෙ බස් එකත් මමත් සිංදුවේම කොටසක් වගේ.

    දැනුත් මට ඒ හැඟීම දැනෙනවා, උඹේ පෝස්ට් එක නිසා.ස්තූතියි අයියණ්ඩී....

    ReplyDelete
    Replies
    1. ඈ බං.. සිරාවට අහන්නෙ. ඒ බස් එක ටාට ද ලේලන්ඩ් ද ??? ඒකෙ සෙට් එක නං සුවර් සොට් පයනියර් හරි කෙන්වුඩ් හරි.…… මං හූන කිව්ව වාගෙ කියන්නං ඕං !!!

      Delete
    2. වාහනේක යනකොට අමිතා වැදිසිංහගෙ ‘රන් දොරින් එන්න ආදරේ...‘ දාගෙන ගිහිං බලපංකො.

      Delete
    3. ස්තුතියි මනෝ ....
      @පත්තරේ ෂුවර් එකට ලේලන්ඩ් එකක් මචෝ ....හිකිස්
      @මධාවී ...අනේ බන් මට නම් බස් අජිත් වගේ නම් සෙට් වෙන්නේ නැ ...හැක් හැක්

      Delete
    4. බස් එක තව ටිකක් හයියෙන් ගියානම් උඔට අහන්න වෙන්නෙ “බවයෙන් බවේ“ තමයි

      Delete
  19. අදත් ගෙදර යන්න කොටුවෙ ඉන්නෙ මං, අම්පාර බස් එකක.තව ටිකකින් යයි.අහනව ග්‍රේෂන් ගෙ සින්දු සෙට් එකක් යනගමන්.කන පැලෙන්න හෙඩ් සෙට් එක ගහගෙන.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව අදවත් බස් එකේ ටිකට් ගනිං මචං.. ටීචර් පැටියෙක් වෙච්චි උඹට දැං ඉබ්බ යන්න හොඳ නෑ..ඕ යේස් !!

      Delete
    2. මූ ඉබ්බා විතරක් නෙවේ කැස්බැවාත් යන්න පුරුදු වෙලා වගේ දැන් ...හැක්
      @ පත්තරේ ...පැටියෙක් නිසා තමයි මූ දැන් පොඩ්ඩක් ලියන්නේ ..

      Delete
  20. තරු යායේ සින්දුව මම හරිම කැමති එකක්. ග්‍රේෂන් ව මතක් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අය්යේ ..
      ජයවේවා !!1

      Delete
  21. නීලා කියන්නෙ ඕනිම දක්ෂ ගායකයෙකුට හොඳම මුසුවක්. ග්‍රේෂන්ගෙ ඔය ඈත දුරක සින්දුව තමා මට මෙතන බෙස්ට්. චිත්‍රපටියේ ගන්න මෙලෝ හත්තිලව්වක් නැති වුණාට හිම කඳු යහනේ සින්දුවත් ඒ දවස්වල හිට් වුණා. උඹේ නැවත පදිංචිය ගැන සතුටුයි සින්දුවෝ.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති ගීතයක් තමයි "ඈත දුරක" සින්දුව ...තව "රනින් මාල " ...තව ...කියන්න ගියොත් කොක්කොම සිංදුවල නම් දාන්න වෙනවා .
      ස්තුතියි මචෝ ...
      (මොකක්ද බන් මේ නැවත පදිංචිය ? දානයක්වත් දෙමුද ?)

      Delete
    2. උඹ වැඩිය ලියන්නැති නිසා කීවෙ.

      Delete
  22. සින්දුවෝ පට්ට.............. විශේෂත්වය තමා මේ සින්දු හැම ඒකක් ම අපේ හිත් වල තාම තියෙන ඒක..... අැත්තට ම අැගයීමකට හරියට ලක්නොවූ ගායකයෙක්... මාතා කිව්වා වගේම බීලා මැරුණ සම්පතක්.....

    සුපිරි සටහනක් සින්දුවෝ

    ReplyDelete
    Replies
    1. //විශේෂත්වය තමා මේ සින්දු හැම ඒකක් ම අපේ හිත් වල තාම තියෙන ඒක//
      +++++++++++++++++++++++++++++++++
      බලාගෙන යනකොට කුරුට්ටෝ බිලා මරුන කලාකාරයෝ හැමෝම වැඩ්ඩෝ නේද ?
      ස්තුතියි මචෝ ..

      Delete
  23. මචෝ...සින්දුවෝ...

    උඹ කරන මේ වැඩේ නම් බොහොම විශිෂ්ටයි...
    -----------

    ග්‍රේෂන් කියන්නේ මැරුණත් අමරණීය කළා ශිල්පීන් අතලොස්සෙන් එක්කෙනෙක්.

    මිනිහා බිව්වා ද නැද්ද කියන එක නෙමෙයි , කරපු සේවෙයි වැදගත් ...

    ReplyDelete
    Replies
    1. //මිනිහා බිව්වා ද නැද්ද කියන එක නෙමෙයි , කරපු සේවෙයි වැදගත් ...//
      ++++++++++++++++
      මටත් අහන්න වුවමනා වුනේ ඔන්න ඔය දේ තමයි විභියෝ .....
      බොහොමත්ම ස්තුතියි උඹට ...

      Delete
    2. සතිෂ්ටත් ගැහුවා කාලකන්නි ඔය විදිහටම.

      Delete
    3. @ම්ධුවෝ ...අනේද කියන්නේ ...ඒ අසරණයා මැරුණම මොනවද නොකිව්වේ ...බිලා ඇතුලේ ඔක්කොම දියවෙලා කිවා ...ලිව්කෙමියාවෙන් මැරුණා කියලා දන්නේ කින් කී දෙනාද ...

      Delete
  24. කවදත් වගෙ සින්දු වැඩ (ය්) නෙ ? අඩුපාඩුවක් නැතිව අගේට ලියලා. හැමෝම නොදන්න දේවල් අපිට ඉතුරු කරල තියෙනවට ස්තුතියි හොඳේ

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න මුණු පොතේ නෝනත් ඇවිත් ...
      බොහොම ස්තුතියි මෙහෙම හරි ඇවිත් යන්න එනවාට ..
      ජයවේවා !!!

      Delete
  25. හැමදාම වගේ උඹ ගීත කලාවට ලොකු මෙහෙයක් කරනවා.... ග්‍රේෂන් කියන්නෙ වටිනා මනුස්සයෙක්. බීම ඒ මනුස්සයාගේ පෞද්ගලික කාරණාවක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජ්ජෝ ....නැවත පැමිණීම ගැන බොක්කෙන්ම සතුටුයි මචෝ ....
      හැමෝම කැමති අනුන්ගේ පුද්ගලිකත්වය ගැන විවේචනය කරන්න විතරයි මචෝ ....
      ජයවේවා !!!

      Delete
  26. මේ වගේ සරල ගී දැන් නිර්මාණය වෙන්නැත්තෙ ඇයි බන්!

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන් මෙහෙම ලියන්නේ නැති නිසා තමයි වර්ණයෝ ...
      දැන් කලාකාරයන්ට වඩා නලා කාරයොනේ බන් ඉන්නේ ..අනික ගීතයක් රස විඳින සෙට් එකකුත් නැ නොවැ ...
      ජයවේවා මචෝ !!!

      Delete
  27. එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ,,,
      බ්‍රෑන්ඩ් එක .....

      Delete
  28. ඉපදී ලොවේ ගීතය ''මමයි රජා'' චිත්‍රපටයට ජෝතිපාල සමග ගැයුවේ

    ReplyDelete