Thursday, November 12, 2015

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ"

"අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ" ...

තැනින් තැන බ්ලොග් පොස්ට් වල කොමෙන්ට් කොට කොටා හිටිය මාව "සින්දු ඇනෝ " නමින් බ්ලොග් ලෝකෙට ඇවිත් අවුරුද්දකුත් වෙලා ...
එදා ඉඳලා මාත් එක්ක ඉඳිමින් මාව දිරිමත් කල හැමෝටම බොහොම ස්තුති කරනවා ..විශේෂයෙන් කියන්න ඕනා  "පත්තර මලයයි , මනොශයයි" මාව උනන්දු කලේ නැත්නම් මෙහෙම බෝගක් අටවා ගන්න එකකුත් නැ .. "මාතලන් "බොස්ට පිං  සිද්ධ වෙන්න බෝගක් අටවා ගන්නේ කොහොමද කියලා දැනගත්තා .අපි වගේ අලුතෙන් එන එවුන්ට මාතා ලොකු ශක්තියක් වුනා . "දේශකයාගේ "මේ පොස්ට් නිසාත් මම පොඩ්ඩක් මුදුනා උනා ..හැක් හැක්..මෙහෙම එකින් එක නම් කියන්න ගියොත් හැමෝගෙම ලියන්න වෙනවා ..එකක් හරි අමතක උනොත් මට සොරි වෙන නිසා හැමෝටම බොහොමත්ම ස්තුතියි අවුරුද්දක් පුරා දුන්න සහයෝගයට ...ජයවේවා !!!







හැඩ රුවින් නෙත පුබුදු වේ නම්
සුවඳ පවනට හාදු දේ නම්
පිපී හිනැහී පරව යා නම්
මලට කුමකට වාසගම්

පොළොව සනහා වැසි වසී නම්
ගලා ඇළ දොළ වැව් පිරේ නම්
තෙමා කෙත් බිම් සරු කෙරේ නම්
කුමට යල මහ කල් බැලුම්

සොඳුරු දෑසින් ලොව දකී නම්
මිනිස්කම ලියලා වැඩේ නම්
හදේ සෙනෙහස ජනිත වේ නම්
නොවෙ ද අප ලේ නෑසියන්

ගී පද - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි
ගී තනු - විශාරද නීලා වික්‍රමසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ



මෙන්ඩා ස්පෙෂල් බියර් 

103 comments:

  1. සුභ පැතුම්.... තවතවත් චිරාත් කාලයක් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා.........

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සුදු පුසෝ ....කාලෙකින් දැක්කේ ...
      ජයවේවා !!

      හුරතලේට ගෙදර හිටිය පූසා
      උකුළු මුකුළු දාපු කැකුළු පූසා
      මාත් එක්ක තරහද මගේ පූසා
      පූසා ගියොත් මට පාළුයි පූසා
      කළු උක් පැණි බේරි බේරි
      රස දී කිරි හීරි හිරි
      බිව්වෙ කවුද පූසා නේද පූසා
      මෙලොවට දැලි ගාපු ගාපු
      ලිප ලඟ අළු නාපු නාපු
      පූසා මගේ කොහෙද යන්නෙ පූසා
      සීනි බනිස් කාපු කාපු
      තනියට මගේ ආපු ආපු
      සේද කැටිය පූසා නේද පූසා

      ගී පද - ධර්මසිරි ගමගේ
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස
      ගායනය - එම්. එස්. ප්‍රනාන්දු

      Delete
  2. උඹ කරන සේවය අති ඉස්තරන්...

    සයිබරයේ ඕන තරම් තියෙනවා ලිරික්ස් තියෙන සයිට්ස්... ඒත් උඹ මාතෘකාවට අදාලව දාන කොමෙන්ට් සින්දුවේ පුදුම ගැලපීමක් තියෙනවා... ඒක කරන්න බෑ සින්දු විශ්වකෝෂයෙකුට මිසක්ක... ඒ අතින් උඹ විශ්වකෝෂයක්..

    සුපැතුම්..... සැමදා ජයම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. උඹට බොහොමත්ම ස්තුතියි මාතා අය්යේ ...උඹලාගේ දිරි ගැන්වීම නිසා තමයි මෙච්චර කාලයක් හරි ඉන්න පුළුවන් උනේ ....
      නැවතත් ස්තුතිය් උඹට .....උඹේ බ්ලොග් පාඩම නිසා තමයි මේක හදා ගත්තේ ..
      ජයවේවා !!!

      Delete
    2. මාතලං බොස් !!
      අපේ රැහේ - අපේ එවුන් … එකෙන්ම

      Delete
  3. උඹ යන්නේ වෙනම මගක.. ඒක සුන්දරයි.. ඒකනේ අපි බොට කැමති...

    ජය වේවා.. අවුරුද්දක් ගිහිල්ලත් ඔය උල්පත හිදුන්නැතෙයි බං.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශෝ ...උඹේ පොස්ට් එකත් මේ බ්ලොග් එක හදන්න මාව දිරිමත් කළා ..
      සින්දු නම් හිඳිලා නැ බන් ..දැන් තියන පුරස්නේ වෙලාව තමයි හිඳිලා තියෙන්නේ ..
      ජයවේවා !!

      Delete
  4. වෙලාවකට උඹ කමෙන්ටු වලට දාන සිංදු ගැන මං නිතරම කියන දේ දන්නව නෙ
    අහල නෑ බං...
    ඇත්තටම ඒක වෙන්නැ උඹේ කමෙන්ටුවලට වැඩිපුරව වැටිල තියෙන රිප්ලයි කමෙන්ටුව හිහි
    තවත් අම්බානක් කල් මේ බ්ලොග් ලෝකෙ සිංදු ව උඹම වෙන්න ඕන...
    අවුරුද්දට සුභ පැතුම් මචෝ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. භෝම ස්තුතියි මයියා ...උඹ එදා ඉඳලාම මාව දිරිමත් කළා ..
      සමහර සින්දු මමත් අහන්නේ මේකේ පොස්ට් එකක් දන්නා යනකොට බන් ..
      ජයවේවා !

      Delete
  5. මෙන්ඩා ස්පෙෂල් කිව්වාට ඒකේ මෙන්ඩාගේ සලකුණ නෑනේ........

    අවුරුද්දට සුභ පැතුම්.. ජයවේවා... අපි හැමදාම ඔබ සමගයි

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තෙ ඔය තිනේනෙ දිලිසි දිලිසි

      Delete
    2. ඔය තියෙන්නේ කූක්කු බෝලේ

      Delete
    3. කුරුට්ටෝ ...උඹ කියන්නේ එලද බ්‍රා එක නැ කියලානේ ....හැක්
      ස්තුතියි කුරුට්ටෝ ..ජයවේවා !!

      @ හම්මේ ..ඔන්න ඔය රැවුලේ තියන පැණි ටික පිහදා ගනින් ..හැක් හැක්
      @මෙන්ඩෝ ,,,එකනේ බන් ..ඉතින් කියපන් බලන්න කප් සයිස් එක එහෙම ...හික්ස්

      Delete
    4. මට නං ඒක අතට අහුවෙන්නත් මදි මදි වාගෙ :D

      හා නැද්ද .හැක්

      Delete
    5. "කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
      ගැටවර අලුත් හා කල් ගිය පැරණි තන
      වට මැන ගන්න මහ රජගෙන් ලැබුණි අණ
      පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන"

      Delete
  6. උඹ, බ්ලොග් ලෝකය තුල, මුලින්ම අඩුවක් යැයි කිසිවෙකුට නොහිතුන, නමුත් උඹ ආවට පස්සේ අපි තදින් ඇබ්බැහි වුන, ඒ නිසාම දැන් ලොකු අඩුවක් වගේ දැනෙන හිදැසක් පුරවපු බුවෙක්.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩුඩ්... අන්න නියම ආත්මප්‍රකාශනය.. හැබැට බං මේ අදහසු් ඇයි මට එන්නේ නැත්තේ. .හැක්

      Delete
    2. @දේශකයා,
      ඉඳගන ඉන්න තැනිං නැගිටල බලහං ට්‍රයි එකක් දීල.

      Delete
    3. ඩුඩ් අය්යා මචං ...උඹලාගේ මේ සහයෝගය නිසා තමයි මේ හැම දේම ...ඇනෝ කොමෙන්ට් එකකින් දෙකකින් ඇරෙන්න වෙන කාටවත් මාව කරදරයක් නම් උනේ නැ ...උඹේ කොමෙන්ටුව මට ලොකු හයියක් වගේම සියුම් ආඩම්බරයකුත් දැනෙනවා ...බොහොමත්ම ස්තුතියි .

      @දෙශෝ උඹට ලඟකදී ඉඳලා එන් නැති ගතියක් තියනවා වාගේ හිටන් ...එකනේ හැම එකක්ම දැන් කෙටි කරලා කියන්නේ ..හැක්
      @ප්‍රසා උඹත් ඔය ඉන්නන තැනින් නිගිටිලා ඉස්සරහා කඩේ පැත්තට ගිහින් වරෙන් ...දේශා එක්කම ...

      Delete
    4. ඩූඩ් බොස් …

      උඹ තමයි නියමම නිර්වචනය දුන්න මිනිහා !! ටොපේ ටොප් …

      Delete
    5. ස්තුතියි පත්තර මල්ලි,

      Delete
  7. උඹටත් ජය වේවා... උපිටත් ජය වේවා මචං. ලිවිල්ල අත් නෑර දිග ගමනක් යමං...

    ReplyDelete
    Replies
    1. ස්කොතුයි පිශාචයෝ ....හැක් අපිලා මොනා ලියන්නද බන් ..අනුන් ලියපු සින්දුවක් මෙතැන දානවා මිසක් ..තොපි නොවැ ලියන්න ඕනෑ ....
      නැවතත් බොහොම ස්තුතියි මචෝ ..
      ජයවේවා !!

      Delete
  8. උඹේ සින්දු හින්ද බ්ලොග් ලෝකෙට අලුත් යමක් එකතු උනා. ඒක වටිනව.
    දිගටම ලියාගෙන යං.
    ජයවේවා !

    (බයිට් මොකවත් නැතෙයි...)

    ReplyDelete
    Replies
    1. වනචර සින්දු ඇනෝ/ ඩ්‍රැකී කෙනෙක් දෙන්නද?

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රසා ...මම කලින් හිතාගෙන හිටියේ කවදා හරි ලොකු උනාම ප්‍රසන්න වාගේ බොලොග් එකක් කරනවා කියලා ...අපිට ඒ අහලකටවත් එන්න බැරි වෙයි කියලා දැන් තමයි තේරෙන්නේ ..හැක්
      කලින්නම් බයිට් එකට වනචර ප්‍රියත් හිටියා ...දැන් ඒ ඌරත් නැ .පහු ගිය ටිකේ අර කැමරා හොම්බා බයිට් එකට ගත්තා ..දැන් උත් නැ ..
      දැන් ඉතින් තන් මෙන්ඩාවත් ගමු ..හැක්

      Delete
    3. මෙන්ඩො,
      උඹ අහුවෙයං තනියම...!!!

      Delete
    4. ඩ්රැකියො .… කිරි බොන්න වෙන්ඩැ ?? හැක හැක .

      Delete
    5. පත්තරයො,
      උඹත් අහුවෙයං...

      Delete
    6. ඩ්රැකියො .… කිරි බොන්න වෙන්ඩැ ?? හැක හැක .

      Delete
  9. සිංදු ඇනෝ... උඹ ගීත විශ්වකෝෂයක් , පුදුමම හිතෙන කරණය තමා උඹට මාතෘකාවට අදාළ ගීතය සැනකින් හොයාගන්න් තියෙන හැකියාව. ඒක අටපට්ටමේ පෙන්නන වටිනා හැකියාවක්.
    තව අවුරුදු දාහක් විතර සිංදු කියන්න ලැබේවා ..

    උඹට තියෙන වටිනාකම උඹවත් දන්නේ නෑ. එත් අපි හොඳට දන්නවා

    ReplyDelete
    Replies
    1. දාහක්.. යකෝ මටත් තව හත් අටසිකයට වඩා ඉන්න බැරි කොට මේ වෑසක සින්දුවා කෝම ඉන්නද බං.. හැක්..

      Delete
    2. බොහොම ස්තුතියි ඉවාන් ..මටත් කියන්න තියෙන්නේ "උඹට තියෙන වටිනාකම උඹවත් දන්නේ නෑ. එත් අපි හොඳට දන්නවා " කියන එකම තමයි මචෝ ...ගමේ එකා වෙච්චි උඹ ගැන මට පට්ට ආඩම්බරයි ...
      //මේ වෑසක සින්දුවා // අඩෝ ලැක්චරයා උඹට නම් ...දෙය්යනේ කියලා ඔන්න තව 5ක් 6ක් ඉන්න පුළුවන් වෙයි මයේ හිතේ ...හැක් හැක්

      Delete
    3. ඔය බදුල්ලෙ එව්වො නං නොදෝමකිං !!
      තූ විතරක් :D

      Delete
    4. අඩෝ වල් පත්තරයා ...

      Delete
  10. ආයුබෝවේවා
    ජයෙන්ජය වේවා
    සින්දු යනෙනා
    තැන දිනේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ණයෝ ...
      ජයවේවා !!!

      Delete
  11. කියන්න වදන් නෑ
    එල ද බ්‍රෙ
    බ්‍රෑන්ඩ් එක ගල්
    උඔ බ්ලොග් වලට අලුත් කමෙන්ට් කලාවක් එකතු කරා..

    ReplyDelete
    Replies
    1. අයි අද බ්‍රෙ, බ්‍රා නැද්ද.

      Delete
    2. මු එක්ක නම් බෑ අෆ්ෆා...
      බ්‍රා

      Delete
    3. එලද බ්‍රා මචෝ ..උඹත් දැන් බොලොග් වලට නැතිවම බැරි එකෙක් වෙලා ...
      ස්තුතියි මචෝ ...
      ජයවේවා !!

      @ප්‍රසා ...බ්‍රා එක පොඩි කරනකොට බ්‍රේ වෙලා ...හැක්

      Delete
    4. සිංදු උඹ කියනවා වගේ හැම බිලොග් එකකටම නැතිවම බැරි කොමන්ට් ටිකක් තමයි,ප්‍රසා,මෙන්ඩා,පත්තරයා,කම්මලයාගේ කොමන්ටු.මේ කොමන්ට් වලින් එකක් හරි අඩුවුනොත් බිලොග් එක පාලුයි..

      Delete
    5. //ප්‍රසා,මෙන්ඩා,පත්තරයා,කම්මලයාගේ කොමන්ටු// ++++++ වල් පත්තරයා නම් නැතත් කමක් නැ ..කම්මලයා එනවානම් ..ඩබෝල් නේ ...හැක් හැක්

      Delete
    6. මනෝ ,සිංදු ඔබෙ සැප අපෙ සතුටයි.
      අපි වෙනුවෙන් ලියන උඹලට කමෙන්ට් නොකර පුළුවන්ද ? අනික සල්ලි නැතිව අපිට ලැගල ඉන්ඩ දීල තියන තැන්වල නැතුව කොහෙ කියල යන්නද ?

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  12. හෑ....................අර වීදුරු හප්පන පින්තූරේනම් මල් හතයි. අපිත් හප්පමුද වීදුරු සහ ..........

    හද පත්ලෙන් නැගෙන උණුසුම් සුබ පැතුම්, දිගු ගමනක් යන්නට වාසනා වේවා!

    ReplyDelete
    Replies
    1. විදුරැවක් ඔලුව උඩ තියාගෙන නටමු..

      Delete
    2. ඔබතුමාලාගේ සහයෝගයෙන් පටන් ගත්ත දෙයක් මේක ..ඔබලාගේ පැරණි මතකයක් හැමෝමත් එක්ක බෙදා ගන්නයි වුවමනා වුනේ ..බොහොම ස්තුතියි ..
      ජයවේවා !!
      විදුරු හපන්න ?? හය්යෝ අර මෙන්ඩා ස්පෙෂල් එක දැකලද කිව්වේ ....හැක්
      @විදුරැවක් ඔලුව උඩ තියාගෙන නටලා බලු මචන් කෙනෙක් බදා ගෙන නිදා ගන්න ....

      Delete
  13. සින්දු,
    ඔක්කොටම කලින් උඹට සුභ පතනවා...

    උඩ ගොඩ දෙනෙක් කියල තියෙනවා වගේම උඹට සුවිශේෂී හැකියාවක් තියෙනවා, අදාළ සිංදුව හොයා ගැනීම සම්බන්ධයෙන්...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ...
      ජයවේවා !!!
      (ඔය උඩින් කියලා තියන දේවල් වැඩිය ගණන් ගන්න එපා බන් ..)

      Delete
  14. උඹ හින්ද ,අහලවත් නැති සිංදු ගොඩක් මේ අවුරුද්දක කාලෙක වගේම ඊට කලින් කමෙන්ට් වලිනුත් දැනගත්ත.
    ඒ වගේම ගායකයො, රචකයො ගැනත් දැනගත්ත .
    අවුරුදු එකේ ඇනිවසරියට ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න ආවා මගේ බොක්කා ..ඩබල් ආදිපාද ...
      බොහොම ස්තුතියි මචෝ ..උඹ හින්දා මගේ පොස්ට් වලට එක කොමෙන්ට් එකක් හරි වැඩි වෙනවා ..
      හැක් හැක්
      ජයවේවා !!!

      Delete
    2. ආවා ආවා මේන්න ආවා

      අනේ ඔය දෙක දෙක දාන සොට්ටෙයා කෑල්ල මටත් දියකො :D

      Delete
  15. උඹ හින්ද ,අහලවත් නැති සිංදු ගොඩක් මේ අවුරුද්දක කාලෙක වගේම ඊට කලින් කමෙන්ට් වලිනුත් දැනගත්ත.
    ඒ වගේම ගායකයො, රචකයො ගැනත් දැනගත්ත .
    අවුරුදු එකේ ඇනිවසරියට ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. මගේම අනුරුව මගේම ලඟදෝ
      මගේම මුහුණට සමීපවී ..
      මගේම තොරතුරු මගේම දෑසින්
      විමසන දවසක් එනු මැනවි ...

      ගායනය - වික්ටර් රත්නායක ..

      Delete
    2. ආතරයෙක්... කස තැලුම් කකා
      බ්ලොගරයකට ගෙන යන ගමනේ..
      කම්මලයෙක් දැක මකාගන්න එය
      කදිමයි ලොබ සිතුවාලු.

      Delete
  16. සින්දුවා... දිගටම ලියන්න වගේම අනිත් උන්ගෙ එව්වා වලට රිංගල අවස්ථාවේ හැටියට සින්දුවක් කියන්න ධෛර්යය ශක්තිය ලැබේවා... උඹගේ අවස්තානෝචිත සින්දු තේරිල්ලලේ හැකියාව තියන වෙන එකෙක් මං ලොවෙත් දැකල නෑ.. සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සජ්ජෝ ...මටත් ඕනි මේක කරනවාට වඩා අනිත් වුන් ලියන ඒවා කියවන්න තමයි ..මේ කාලවේලයා එක්කනේ මචෝ බැරි ..

      Delete
  17. සිංදු ඇනෝ... උඹේ ලොකුම වටිනාකමක් තමයි ගීයේ නිර්මාණකරුවන් හෙලි කිරීම.කිසිම මාධ්‍යයක හරියට නොකරන වැඩක් උඹ හරියට කරනවා.. සුපිරියි මචං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ ..දැන් තියන එෆ් එම් වල ඉන්න ගිරව් මේවා දන්නේ න මචෝ නිර්මාණකරුවන් හෙලි කරන්න ...

      Delete
  18. සක්.. අඩියක් ගහන්න කියාපු නිමිත්ත.. මාත් ඉන්නේ වෙලාව හිඳිලා මචෝ..

    මෙන්න මාත් තෝරනවා අවස්ථානෝචිතව සිංදුවක්.. හැක්..

    'කිරි ඉතිරේවා! නව වසරේ.. කිරි ඉතිරේවා!!..

    (උඹේ දොස්තර හොඳහිත සින්දු ටික නිසා මට වැඩිය මගේ පොඩි උන් දෙන්න උඹට ලව්.. )

    ReplyDelete
    Replies
    1. කාලවෙලයා නම් මහා එපා කරපු එකෙක් බන් ..බෝගක් කියවන්න වත් චෑන්ස් එකක් දෙන්නේ නැ ..
      ස්තුතියි ගමේ මිත්‍රයා ...

      Delete
    2. මෙන්න මගෙනුත් අවස්තානුකූල සිංදුවක්

      රෑට කමු අපි වම්බොටු වම්බොටු හොදි හදලා :D

      Delete
  19. සිංඳු අැනෝ නමක් දිනපු සිංදූ
    අවුරුද්දක් ලියපු කියපු සිංදු
    අගෙයි නුඹේ ගැලපීමත් සිංඳූ
    ජය වේවා අවුරුද්දට සිංදු

    මගෙනුත් උනුසුම් සුභ පැතුම් සිංදු!

    ReplyDelete
    Replies
    1. භෝමත්ම ස්තුතියි තෙලියෝ ..උඹලාගේ දිරි ගැන්වීම නිසා තමයි තවම ඉන්නේ ..
      ජයවේවා !!!

      Delete
  20. උඹට සුබ පැතුම්...!!

    උඹේ ගොඩක් පොස්ට් තියෙනවා කියවන්න මට.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මනෝජ් ...
      හැමදාම මේ පැත්තේ එන එකා වෙච්චි , උඹ මේවා කියවලා නෑ කියලා හිතන්න අමාරුයි . .
      ජයවේවා !!!

      Delete
  21. උඹ බහිනකල් මම හිතාගෙන හිටියෙ මමත් සිංදු ගොඩක් දන්නව කියලයි.නමුත් උඹ අපි කවුරුවත් අහල නැති සිංදුත් අපට කියල දුන්නා.ඒ අතින් බලනකොට උඹ සිංදු විශ්වකෝෂයක්.ඒ වගේම බ්ලොග් අවකාශයේ කවුරුත් සිංදු ගැන උඹෙන් ඉගෙනගන්න දේවල් අති මහත්.තවත් කාලයක් මේ සත්කාර්යය කරන්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.අවුරුද්දෙ සංවත්සරයට හදවතින්ම සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. //උඹ බහිනකල් මම හිතාගෙන හිටියෙ මමත් සිංදු ගොඩක් දන්නව කියලයි.//

      උඹ විතරක් නෙමෙයි හැලපයියෙ අපිත් හිතාගෙන හිටියෙ අපි හෙන සිංදු දන්න පොරවල්‍ය ඕන නම්බරයක් කිව්වොත් අල්ලලා දෙන්න ඇහැකිය ඕන්නං කෝඩ්ස් එක්කත් දෙන්නංය හාඩ් එකේ කට කපල සිංදුය …කියල හෙන පොරවල් වගේ ..

      මේ කාලකන්නියා පතබෑවිලා අපි නිකං කඳෝපැනියො වගේ උනා නෙවෑ.. විලිලැජ්ජාවෙ පණ ගියා .චැහ් :D හෙණම ගහලා හෙණම ගහලා අකුලෝගෙනම පල ..

      Delete
    2. බොහෝම ස්තුතියි හැලප අය්යේ ...කොමෙන්ටුව මට බරවැඩියි වාගේ බුදු අය්යේ .. මම මේ කියන තරම් කෝෂයක් නම් නෙවෙයි.මමත් ගීත හොයලා ,අහලා තමයි මේ දාන්නේ ...සමහර සින්දු මමත් ඒ වෙලාවට තමයි අහන්නේ ..මම කැමතියි අපේ හිටිය පරණ "කළාකරුවන් " ගැන හොයන්න ..එහෙම හොයන කොට හම්බ වෙන දේවල් තමයි මම මේ දාන්නේ ..මේ දෙයින් එක්කෙනෙක් හරි දෙයක් දැන ගන්නවා නම් සතුටුයි ... නැවතත් බොහොම ස්තුතියි හැමදාම ඇවිත් මාව දිරිමත් කලාට ...

      @වල් පත්තරයෝ ,යකෝ ඔහොමත් කියනවාද මේ වහින කාලේ ..නිකම් ලගින් යන එකක්වත් වැදුනොත්....හැක්

      Delete
  22. චියර්ස්... චියර්ස්... චියර්ස්...... දින තුන්සිය හැටපහක් වෙනුවට දින 365x100 යනකල් හරිකමක් නෑ මේක ලියන්න වාසනාව උදා වේවා... මගේ දරුවන්ගෙ දරුවන්ට කවද හරි සිංදු සීයගෙ සිංදු ගබඩාවෙන් සිංදු ගැන අහල බලල හොයල රසවිඳින්න ලැබේවා..

    අයියණ්ඩී සුබ පැතුම්... චිරාත් කාලයකට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. //මගේ දරුවන්ගෙ දරුවන්ට //

      හුරේ !! හැක් හැක්

      Delete
    2. ඇති යාන්තන්,දැන් උඹ ඉන්නවා කියලාවත් දන්නවානේ ...
      බොහොම ස්තුතියි මනෝ .උඹල නිසා තමයි මෙහෙම බෝගක් ඇති උනේ ..එත් දැන් උඹලාගේ කොමෙන්ට් එකක් වත් නැ ...ලියපන් මොනා හරි ..නැත්නම් ලියනවා උඹ ගැන මඩ පත්තරයක් පත්තරයට කියලා ...මනෝ ...ඒක නෙවෙයි දැන් උඹට දරුවෝ කීදෙනෙක් ඉන්නවාද මචෝ ..මම මේ නිකමට අහන්නේ ..හිකිස් ..

      Delete
    3. @පත්තරේ ...

      'එදා අපෙ හීන මාළිග මෙදා උන් තනා ගත් සඳ
      කඩා නොලන්ටයි.....' හැක්

      Delete
  23. මචෝ උඹට සුභ පතන්න එන්න වුනේ ටිකක් පරක්කු වෙලා...

    අපේ පෝස්ට් එකකට උඹේ කොමන්ටුවක් වැටුනම අනිත් ඔක්කොම කොමන්ට් වලට වඩා ඒක මතුවෙලා පේනවා වැඩියි.හේතුව තමයි උඹේ සිංදුව පෝස්ට් එකට ලෙසටම ගැලපෙනවා.ඒ නිසා පෝස්ට් එකෙන් පස්සේ දෙවනියට ඇහැ යන්නේ උඹ දාලා තියන සිංදුව මොකක්ද කියලා බලන්න.ඔන්න ඕකයි උඹේ තියන විශේෂත්වය..

    අවුරුද්දට සුභ පැතුම් මචෝ...

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි උඹලා එනවානේ මචෝ ...ඒ හොඳටෝම ඇති ..
      බොහොම ස්තුතියි මනෝ ..
      ජයවේවා !!!

      Delete
    2. මනෝ මේ දවස්වල අර දේවාලෙ දාන වැඩේට මහන්සි වෙනවලු. බ්ලොග් කියවන්න වෙලාවක් හොයාගන්නෙ අමාරුවෙන් ලු.

      Delete
    3. ප්‍රසා ,මට මනෝ දැක්ක ගමන් මතක් වෙන්නේ "පලිඟු මැණිකේ " එකේ තේමා ගීතය ...හැක්

      https://www.youtube.com/watch?v=_6A7p3Ne1Ow

      Delete
    4. මට ඒ පෝස්ට් එක බලලා දේවාලයක කෙනෙක් කතා කරා බං.ඒ වගේ ඒවා වැඩිය දාන්න එපා කියලා කිව්වේ....

      Delete
    5. සින්දු
      මම "පලිඟු මැණිකේ " එකේ සිංදුව බාගෙන ඇහුවා.සියලු දේවලා වල තේමා ගීතයට ඒක හොඳයි වගේ.නැත්නම් බන්දුලගේ ඕං ග්‍රිං කට්ටු කට්ටු කියන එක...

      Delete
  24. සුබ පැතුම් සින්දු. මේකෙ ප්‍රවීනයො කියනව වගේ සින්දු excellent.

    ReplyDelete
    Replies
    1. මාත් පරක්කුයි සින්දු . sorryyyyyyyy

      Delete
    2. මාත් පරක්කුයි සින්දු . sorryyyyyyyy

      Delete
    3. හුටා මෙන්නෝ සබරයාටත් ලෙඩේ බෝ වෙලා ...හැක් හැක්

      කිසිම අවුලක් නැ සබරේ පරක්කු වෙලා හරි උඹලා ආවනේ ..වැඩේ තියෙන්නේ දැන් නම් ඉතින් තේ කහට එකක් තමයි බොන්න තියෙන්නේ .ඊයේ හවහ මේ වල් පත්තරයා හෙම ඔක්කොටම වග කියලා ...

      Delete
    4. 4න් එකෙන් ටයිප් කරන්නෙ ඒකයි පොඩ්ඩක් අවුල් යන්නෙ. සින්දු. නැත්නම් කම්මලෙ එක්ක aganest එකට නෙවී අනේ

      Delete
    5. 4න් එකෙන් ටයිප් කරන්නෙ ඒකයි පොඩ්ඩක් අවුල් යන්නෙ. සින්දු. නැත්නම් කම්මලෙ එක්ක aganest එකට නෙවී අනේ

      Delete
    6. ෆෝන්වල බ්‍රවුසර්වල අවුලක් වගේ. කමියත් ඩබල් වෙන්නෙ ෆෝන් එකෙන් එද්දිලු.

      Delete
    7. කොස්සි බටෝ , ඕක ෆෝන්වල අවුලක් නෙමේ . මගේ පර්ශනයක ප්‍රතිඵලයක්. දැන් මටත් කියල මගේම අනුගාමිකයො ඉන්නව හරියට සායි බබාට වගේ .

      Delete
    8. කොස්සි බටෝ , ඕක ෆෝන්වල අවුලක් නෙමේ . මගේ පර්ශනයක ප්‍රතිඵලයක්. දැන් මටත් කියල මගේම අනුගාමිකයො ඉන්නව හරියට සායි බබාට වගේ .

      Delete
    9. කම්මලේ බලහන් එකේ ක්‍රෙඩිට් එකත් මේ බට කොස්සි බ්‍රව්සරයට දෙන්න යන්නේ ..අතාරින්න එපා මචෝ ..

      Delete
    10. බ්‍රව්සරය මෙතනට සම්බන්ධයක් නෑ. මම කමෙන්ට් කරන pc එකයි tab එකයි phone එකයි කෝකෙන් දැම්මත් ඕක වෙනව ( නෑ ,නෑ මට ඩබල් කරන්න පුළුවන් )

      Delete
    11. එතකොට ඔය අන්තිම එක දැම්ම‍මෛාකෙන්ද බං.

      Delete
    12. ප්‍රසා ඒක දාලා තියෙන්නේ බව්සරයෙන් ..හැක්

      Delete
  25. උණුසුම් සුභපැතුම් සින්දුවෝ! මේ ටිකේ අම්බානක වැඩ නිසා බ්ලොග් ගොඩක් මගඇරෙනවා. ඒකට ඉතින් සමාව භාජනේකට දාන්න.

    තව අවුරුදු විසිපහක් තිහක්වත් මේ බ්ලොග්කට්ට අදින්න සින්දුට ශක්තිය ලැබෙන්න කියල තමයි මමනම් ප්‍රාර්ථනා කරන්නෙ!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සියේ ....අවුරුද්දකින් විතර දැක්කේ ..
      ජයවේවා !!

      Delete
  26. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්............. ඕ............... අවුරුද්දක් සැපිරීමට අපෙනුත් අවංක සුබ පැතුම්.........! ජයවේවා.......!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අවන්කයෝ ...
      ජයවේවා !!!!

      Delete
  27. මගෙනුත් උණුසුම් සුබපැතුම් සින්දුවෝ උබ සිරාවටම සින්දු විශ්ව කෝෂයක්..චිරාත් කාලයක් ලියන්නට උබට ශක්තිය
    උබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආචාර්ය තුමෝ ..

      Delete
  28. පරක්කු වුණාට කමක්‌ නෑ, බ්ලොග් අවකාශයේ ගීත සංරක්ෂණාගාරයට උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete