Monday, November 30, 2015

"දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ"




ගීතයක්‌ රස විඳින්නට විශේෂ තුන් කට්ටුවක සුසංයෝගය  ඉතා වැදගත් වෙයි. ගීතයක පදමාලාව ගායනය මෙන්ම ඊට ඉතා මියුරු තනු නිර්මාණයක්‌ ඇතුළත් නොවුණහොත් එය සාර්ථක ගීතයක්‌ ලෙස අපේ හදවතේ සදාකාලිකව සටහන් නොවේ.

* දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ....
* හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා..
* හංස ධෙනුව හංසයාගේ
* පැන පැන එන සඳේ
* සීතලේ මල්වනේ පාවෙලා 
* හද සන්තානේ ඇති සන්තෝසේ
* ආදරණීය බබෝ 
* ප්‍රංශයෙන් රැජන ආවා 
* ඈත වනපෙත සරසාලා
* පායයි මේ රෑ සඳවතී 
* අලුත් කලාවක් හොයා ගත්තා මං
* නොයිඳුල් වන මල්,  
                                        ආදි ජනප්‍රිය ගීත වල තනු හා සංගීතය නිර්මාණය කල සංගීතවේදියා මතකද ? ඔබට විස්වාස කිරීමට හැකිද ඒ තනු නිර්මාණ කරුවා සංගීතය ගැන මූලික දෙයක් වත් ඉගෙන නොගත් කෙනෙකු කියා ...ඔහුගේම වචන වලින් කිවහොත් "මම සංගීතයේ මුල අකුරවත් ඉගෙන ගෙන නම් නෑ. කොටින්ම සංගීතය ගැන මට කිසිම දැනුමක් නෑ. මේසයකට තාලයකට තට්ටුවක් දානවා ඇරුනහම කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න මම දන්නෙ නෑ"...ඒ වෙනකෙකු නොව රටක් ජනතාවක් නැළවෙන ගී තනු නිර්මාණය කල "මොහමඩ් මොහිදීන් අබ්දුල් හක්" එහෙම නැත්නම් "ගලගෙදර හක්" කියන සංගීතවේදියා. එතුමාගේ විශිෂ්ඨ නිර්මාණ කීපයක්   තමයි මේ . උපතින්ම මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන මෙතුමාගේ  උපන් ගම ගලගෙදර. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ සහිරා විදුහලෙන් . ඉන් පසුව 6 ශ්‍රේණියේ සිට උසස්‌ පෙළ දක්‌වා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තා. 

"දකින දසුනේ දෙනෙත රැඳුනේ සොඳුරු රුව ඔබ වේ" ගීතයේ තනුව අපුරු එතුමාගේ අත්දැකීමකින් නිර්මානය වුවක් ."ගලගෙදර හක්" ගුරුතලාවේ මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු විදිහට වැඩ කරපු කාලෙ බදුල්ලෙ ගිය දවසක යාළුවෙකුගෙ ඇල්බමයක තිබුණ  ගැහැනු ළමයෙකුගෙ පින්තූරයකට හිත ගිහින් තියනවා . ඒ පින්තූරෙ ඉන්න කෙනා හැබැහින් දැක කතා කරන්න ලොකු ආශාවක් ඇතිවෙලා .ඔහොම හිත හිත ඉන්න කාලෙ ඉස්කෝලෙ ගුරු නිවාසයේ ජනෙල් කවුළුවෙන් ඈත කඳුයාය දිහා බලා ඉන්න කොට මට ඒ රුව මැවිල පෙනුණාළු .ඒ පින්තූරෙ සාක්කුවෙ දමාගෙන සැරින් සැරේ බල බල සිහින මවන කාලෙ තමයි මේ ගී තනුව හක්ගේ ඔළුවට ඇවිත් තියෙන්නේ . ඒ තනුවට දෙමළ වචන දාලා කරුණාරත්න අබේසේකරට දුන්නාම ඔහු “දකින දසුනේ”.. කියල සින්දුව ලියා දී තිබෙනවා . පස්සෙ ජෝ දේව් ‘ගීතා’ චිත්‍රපටයට මේ ගීය තෝරාගෙන තිබුනා.

ගලගෙදර එම්.එම්.ඒ.හක් 70 දශකයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ජෝ දේව් ආනන්දට මුණගැසෙන්නේ යාපනයේදීය. ඒ ජෝ දේව්ගේ කෙටි චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීමෙනි. ඔහුගේ හැකියාවන් තේරුම් ගත් ජෝ දේව් තම චිත්‍රපටවල සංගීත නිර්මාණය හක්ට පැවැරුවේ දැඩි විශ්වාසයකිනි. ‘ගීතා’, ‘සුජීවා’, ‘සුනේත්‍රා’, ‘සූකිරි කෙල්ල’, ‘ඔබයි මමයි’ චිත්‍රපටවල ගීත අතිශයින්ම ජනප්‍රිය විය. එම ගීතවල මිහිර හා ආකර්ෂණීය බව නිසා ම සිනමා ලෝලීහු සිනමාහල්වලට එක් රොක් වූහ.'සුජීවා’ චිත්‍රපටයට එච්.ආර්.ජෝතිපාල ගැයූ ‘චන්දන ඇල්ලෙන් නාලා’ ගීතය එදා එම චිත්‍රපටය දින 107ක් මරදාන එල්පින්ස්ටන් සිනමාහලේ නොකඩවා තිරගත විය. එය වසර 17කට පසු චිත්‍රපට ඉතිහාසයේ සනිටුහන් වුණු වාර්තාවක් ද විය. ගලගෙදර හක්ගේ මධුර මනෝහර එම ගී තනු නිර්මාණය තවත් රසගැන්වූයේ අපෙන් වියෝ වූ ධර්මසිරි ගමගේ සහෘදයාණන්ය.එදා තමන්ගේ තනු වලට ගී පද ලියූ කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්‌ වැන්නන් ඔහු අදත් නිතර සිහිපත් කරන්නේ සතුටිනි .1973 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස ද සම්මානයක්‌ හිමිකර දුන් "චන්දන ඇල්ලෙන් නාලා" ගීතය පමණක්‌ නොව හැත්තෑව දශකය මුල් භාගයේ අතිශයින් සාර්ථකව තිරගත වූ චිත්‍රපට පහක පමණ සංගීත අධ්‍යක්‍ෂණය කළේ ද ඔහු විසිනි. ජෝ දේව් ආනන්ද අධ්‍යක්‍ෂණය කළ "සුජීවා" මෙන්ම ගීතා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි" යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂණය කළේ ඔහු විසිනි.

70 දශකයේ චිත්‍රපට කර්මාන්තයේ දියුණු වට උරදුන් මේ මියුරු ගීතාවලියේ හිමිකාරයාට අද අත්වී ඇති ඉරණම ඛේදජනකය. සංගීතය පසෙකලා පසුව ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස දහස්‌ ගණනක්‌ දරුවන්ගේ නැණැස පාදන්නට කැපවූ මේ සංගීතවේදියාට අද ඉන්න හිටින්න කියලා ගේ කෑල්ලක්වත් නැත, කොළඹට එන්නට කිසිදු ආරාධනාවක් නැත.වර්ණවත් කලා මහෝත්සව හරසරින් කොළඹ පැවැත්වෙද්දී "හක්" පාළු පොල්වත්තක අඳුරු කුටියක තම අතීත මතකය සමරමින් කල් ගෙවයි....

මේ ඒ ගැන ඔහුගේම අදහසයි ,,
"ලස්‌සන තනු ගණනාවක්‌ම මම ළඟ තියෙනවා. ඒත් අද අපි වගේ අයගෙන් පලක්‌ ගන්නේ නැහැ. මට හරිම දුකයි. අද වුණත් හොඳ නිර්මාණයකට මම එක්‌වෙන්න කැමතියි.මගේ හිතේ ගී තනු රාශියක් තියෙනවා. ඒව නිර්මාණ බවට පත්කරන්න උදව් කරන්න කෙනෙක් නෑ. ...."

60 ,70 දශකේ බොහෝ කලාකරුවන්ට අත්වූ ඉරණම මෙතුමාට ද අද අත් වී ඇත ....ප්‍රතිභාසම්පන්න ශිල්පියකු මියගිය පසු ශෝකය ප්‍රකාශ කරනවාට වඩා ඔහුගේ හැකියාවෙන් වැඩක් ගැනීමට හෝ නිසි ඇගැයීමකට ලක්‌කිරීමට තවමත් ප්‍රමාද වැඩි නැත........ඔහුගේ දුරකථන අංකය 077-9182393

--------------------------------------------------------------------------------------
01.චන්දන ඇල්ලෙන් නාලා

චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා

මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ - ලොකය නෑ එය දන්නේ

දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ

එක කුසුමෙකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදු වන්නේ

ගී පද  : ධර්මසිරි ගමගේ
තනුව : ගලගෙදර එම්. එම්. ඒ. හක්
ගායනය : එච්. ආර්. ජෝතිපාල

--------------------------------------------------------------------------------------
02.දකින දසුනේ දෙනෙත ඇඳුනේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
 පවන ඇසුනේ සවන රැඳුනේ
ඔබගේ කට හඬ වේ
ඔබගේ කට හඬ වේ..

මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතක සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ...

දෙපස ගංගා දෙකක එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
සයුර තුළ පාවේ
සයුර තුළ පාවේ...

ගී පද : කරුණාරත්න අබේසේකර
තනුව : ගලගෙදර එම්. එම්. ඒ. හක්
ගායනය : එච්. ආර්. ජෝතිපාල

--------------------------------------------------------------------------------------
03.හිටින්න පොඩ්ඩක් හිටින්න

හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නෙ ඇයි ඔයා 
පනින්න ඉස්සර බලන්න
පනින්නෙ කොහේ කියා.....

ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා
හිටින්න පොඩ්ඩක් හිටින්න.....

ශාන්ත දාන්ත වුණාම මාළඟ ජෝඩු වී
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ
හිටින්න පොඩ්ඩක් හිටින්න.....

ගී පද  : ධර්මසිරි ගමගේ
තනුව : ගලගෙදර එම්. එම්. ඒ. හක්
ගායනය : එච්. ආර්. ජෝතිපාල

--------------------------------------------------------------------------------------
04.නුපුරුදු හැඟුමකි

නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ

ඔබෙ නුවන් රන්කූඩුවේ
කවුද යුවළක් ජෝඩුවේ
ඉන්නෙ කවුදෝ හැංගිලා
බලනු මැනවී ළංවෙලා

ඔහු වගේ මා ඔබ වගේ ඈ
සතුටු වේ සපුරා
අතට අත දී හිතට හිත දී
එන්න මා පෙම්බරා

පිපී හැලෙනා ලිය ගොමු
හැපී නඟනා ගුමු ගුමු
සුළගෙ එතිලා මුසුවෙලා
ඈත විහිදෙයි පාවෙලා

අපගෙ හඬ ඒ අතර සැතපේ
මියුරු සර වපුරා
ගලා හැලෙනා දිය ඇලී
රිදී නද දී සිලි සිලී

බලා අපගේ රූසිරි
පතයි නොපැතූ ආසිරි
මල්සරා ආ විටදී එන්නේ
හී පහම විසුරා . . .

ගී පද - කරුණාරත්න අබේසේකර
තනුව - ගලගෙදර එම්. එම්. හක්
ගායනය - එච්. ආර්. ජෝතිපාල -ඇන්ජලින් ගුණතිලක

-------------------------------------------------------------------------------------
05.ප්‍රංශයෙන් රැජිනක්

ප්‍රංශයෙන් රැජිනක් ආවා
එනවද නැතිදැයි ඇසුවා
ඔබ නිසා යන්නෑ..යන්නෑ
කෙළෙසද ඔබ හැර යන්නේ
අයි ලව් මයි ඩියර්.. අයි ලව් ඩියර් යූ...

සාලිය වින්ඩ්සර් ලා
රජකමත් අතහැරලා උන්නේ...
රොමියෝ ජුලියට් ලා 
ප්‍රේමයේ නමිනුයි දිවි දුන්නේ....

අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...
ප්‍රේමය උතුරනවා
හදවතේ ගිඩි ගිඩි ගගා තදින්..
මා වෙත එන්න සුදෝ 
හඳ වගේ මගෙ ගෙයි වහල උඩින්..

ඉන්පසු අපි දෙන්නා
යමු ප්‍රියේ සුදු අස්සයෙකු පිටින්...
අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ..
ලෝකය ගිනි ගත්තත් 
කමක් නෑ ඔහෙ ඇල් වතුර බිබී..

ආලය කලොත් ඇතී..
ඒකනේ නව පරපුරේ හැටී...
දෙනු මැන මටත් ප්‍රියේ
ඒ නිසා ප්‍රේමෙන් බිඳක් හරී....
අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ගලගෙදර එම්. එම්. හක්
ගායනය - ෆ්‍රෙඩී සිල්වා

--------------------------------------------------------------------------------------
06.මදාරා මල් කුමාරී

මදාරා මල් කුමාරී
දියමන්තිය රුවින් පිරූ
මම රජෙක් නම් ඔබ රකින්නේ
රජ මැදුරක යසස් දැරූ...
තුසීතේ සුව ගෙනා වූ 
ඔබෙ සෙවණේ දැකුම්කලූ
නෙත් පියන්නම් හිස තබන්නම්
මට මොකටද මැණික් මලූ

මිහිරි සුව දෙත මී පැණී
තුරුණු දෙතොලක ගෑවුණි...
ඔබයි මා ප්‍රිය දේහිණී
උපන්නේ ඔබ නාමෙනී...
තුසීතේ සුව ගෙනා වූ 
ඔබෙ සෙවණේ දැකුම්කලූ...
මම රජෙක් නම් ඔබ රකින්නේ
රජ මැදුරක යසස් දැරූ...

ගලයි ගඟ මෙන් ආදරේ
ඉඳිමි මම ඒ ගංතෙරේ...
සිහින ඔරුවක පා වෙවී
දිනක මම ඔබ වෙත එමී...
මම රජෙක් නම් ඔබ රකින්නේ
රජ මැදුරක යසස් දැරූ...
නෙත් පියන්නම් හිස තබන්නම් 
මට මොකටද මැණික් මලූ...

විසිර යනමුත් දස අතේ
එක ම තැනක ම හිත ඇතේ...
මුසු ව ඉන්නට ප්‍රිය කතේ
දිනක් ඇත එය දුර නැතේ...
තුසීතේ සුව ගෙනා වූ 
ඔබෙ සෙවණේ දැකුම්කලූ...
නෙත් පියන්නම් හිස තබන්නම්
මට මොකටද මැණික් මලූ...

ගී පද " ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ගලගෙදර එම්. එම්. හක්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
--------------------------------------------------------------------------------------
07.හද සන්තානේ

හද සන්තානේ ඇති සන්තෝසේ -නිළුපුල් දෑසින් උතුරා ගලයි
කිසියම් දාක නොමවින්දා වූ - සුපසන් ප්‍රේමෙන් හිත මා වෙළයි

හැඟුමන් රෑන විහඟුන් සේම - රැව් පිළිරැව් දී මන්මත් කරයි
මුලු තුන් වේලේ මගේ ආහාරේ - ඔබ මේ පාන පරමාදරෙයි

පාලුව තාපය පන්නාලා - ලෙන්ගතු භාවය පෙන්නාලා
මා හදුනා ගෙන ලංවීලා -ආ ඔබ මින්මතු මාසතුයී

රස මදුපානය කලතාලා - දිවි කුසලානය පුරවාලා
සුරතට මගෙ පිලිගන්වාල - ආ ඔබ මින්මතු මාසතුයී

පිය මනිනා බිම පලස මෙන් - හිස ඉහලින් උඩු වියන මෙන්
මම ඉමි විල්තලෙ ඉවුර මෙන් - මා ඔබ ඔබ මා සන්තකයි

හැඟුමන් රෑන විහඟුන් සේම - රැව් පිළිරැව් දී මන්මත් කරයි
මුලු තුන්වේලේ මගේ ආහාරේ -ඔබ මේ පාන පරමාදරෙයි

තනුව : ගලගෙදර එම්. එම්. හක්
ගී පද : කරුණාරත්න අබේසේකර
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක


"ගීත සියල්ල මෙතැනින් "
--------------------------------------------------------------------------------------
"ගීතා" - 1970
1.පැන පැන එන සඳේ - සුජාතා අත්තනායක
2.දකින දසුනේ – එච්. ආර්. ජෝතිපාල
3.මිනි ස්කර්ට් – එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
4.මසිත විල්තල චංචලවේ – ජෝතිපාල, සුජාතා
(ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර)

"සුජීවා" - 1972 අප්‍රියෙල් 12

1.චන්දන ඇල්ලෙන් නාලා - ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
2.මගේ හද වෙණ පිරි මැදලා - ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)
3.නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ - ජෝතිපාල, ඇන්ජලින් (කරු)
4.ඈත වන පෙත සරසාලා - සුජාතා අත්තනායක (ධර්මසිරි ගමගේ)
5.ආදරණීය බබෝ ළඟටම – එම්. එස්.,ඇන්ජලින් (ඇම්. ඇම්. ඒ. හක්)
6.ඇස් මේ ලස්සන වේ - ජෝතිපාල, ඉන්ද්‍රරාජ් ඇන්ඩ් ද ගැජුවෙට්ස් (කරු)
 ("කිස් නම් හාදුව" ගිතයේ සංස්කරණය කරන ලද ගීතය)
7.අලුත් කලාවක් සොයා ගත්තා - ෆෙ‍්‍රඩී සිල්වා (ප්‍රේමකීර්ති)

"සුනේත්‍රා" - 1973 ඔක්තෝබර් 12

1.ආදර කතාව ලෝකේ - ජෝතිපාල, ඇන්ජලින් – පද ධර්මසිරි ගමගේ
2.හිටින්න පොඩ්ඩක් හිටින්න - ජෝතිපාල -පද – ධර්මසිරි ගමගේ
3.පායයි මේ රෑ සඳවතී - සුජාතා - පද –ධර්මසිරි ගමගේ
4.හංස දේදුන හංසයාගේ - ජෝතිපාල, ඇන්ජලින් – පද – කරුණාරත්න අබේසේකර
5.හද සන්තානේ - ජෝතිපාල, සුජාතා - පද – කරුණාරත්න අබේසේකර
6.සූකිරි කෙල්ලේ - ජෝතිපාල, ඇන්ජලින් –පද – කරුණාරත්න අබේසේකර
7.ප්‍රංශයෙන් රැජිනක් ආවා - ෆ්‍රෙඩී සිල්වා, පද - ප්‍රේමකීර්ති ද අල්විස්

"ඔබයි මමයි" - 1975 පෙබරවාරි 14

1.මදාරා මල් කුමාරි - ජෝතිපාල, සුජාතා අත්තනායක
2.අනුරාග ඔටුනු පැළඳි මධුසමේ - ජෝතිපාල, සුජාතා අත්තනායක
3.වාසිය දුටු තැනේ - එච්. ආර්. ජෝතිපාල
4.අලංකාර රාත්‍රි යාමේ – එච්. ආර්. ජෝතිපාල
5.රැජිනිය මාවේ රූ සිරියාවේ – ඇන්ජලින් ගුණතිලක
6.කුලුඳුල් වනමල් මල්වර - ජෝතිපාල, සුජාතා අත්තනායක
7.කෝටුවේ රජ්ජුරුවෝ - ෆෙ‍්‍රඩී සිල්වා
8.අලංකාර ප්‍රීති ලෝකේ – ලතා වල්පොල

"සූකිරි කෙල්ල"- 1975 මැයි 09

1.කෙල්ලන් ගැන සිතාලා බිය වීලා - ඇන්ජලින් ගුණතිලක (ධර්මසිරි ගමගේ)
2.සීතලේ මල් වනේ – ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
3.රඟදෙන සිතුවිලි අතරේ – එච්. ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
4.සීදේවී ගිම්හාන කාලේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (කරු)
5.සීදේවි ගෙට ආවේ - සුජාතා අත්තනායක (කරුණාරත්න අබේසේකර)
6.මන මෝහන සුව සාදන - ජෝතිපාල, ඇන්ජලින් (කරු)
7.තරුපති වට තරු කැට - සුජාතා අත්තනායක


--------------------------------------------------------------------------------------
ප.ලි 
විස්තර හොයාගත්තේ අන්තර් ජාලය සහ පරණ පුවත් පත් කිපයකිනි ..කිසියම් වැරද්දක් තියනවා නම් පෙන්වා දෙන්න ...

71 comments:

  1. පට්ටනේ ඕයි.. සංගීතය ගැන හදාරන්නෙත් නැතුව වාදක භාණ්ඩයක් වයන්නවත් දන්නේ නැතුව චිත්‍රපටි හතකට සංගීතය කරනවා කියන්නේ.. තනිකරම තනු උල්පතක් වෙන්න ඕනි.. අනික බලපන් මේ සින්දු ටිකම..

    ඔය වගේ මිනිස්සුන්ගේ 'පොදු ඉරණම' ගැන හැමදාම මෙහෙම කණගාටුවෙන් කතා වෙන්න වෙන්නේ නම් අපේ කරුමෙට.. සක්..

    ReplyDelete
    Replies
    1. //තනිකරම තනු උල්පතක්//
      ++++++++++++++
      කමියෝ බලපන් මෙතැන මම දාලා තියන පොස්ට් වලින් වැඩිහරියකම මේ 'පොදු ඉරණම' ගැන තමයි කතා කරලා තියෙන්නේ ....
      මේවා අපේ කරුමෙද රටේ කරුමෙද දන්නේ නැ මචෝ ..
      ජයවේවා !!!

      Delete
  2. හද සන්තානේ ඇති සන්තෝසේ
    නිලුපුල් (නිල් + උපුල්) දෑසින් උතුරා ගලයි
    කිසියම් දාක නොම වින්දා වූ
    සුපසන් (= සුප්‍රසන්න) ප්‍රේමෙන් හිත මා වෙළයි
    හැඟුමන් රෑන විහඟුන් (= කුරුල්ලන්) සේම
    රැව් පිළිරැව් දී මන්මත් කරයි
    මුලු තුන්වේලේ මගෙ යහනෙ
    ඔබ මේ පාන (= ප්‍රදර්ශනය කරන) පරමාදරෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් ..ඔන්න නිවැරදි කළා ..
      ජයවේවා !!!

      Delete
  3. අගෙයි සින්දුවෝ ඔබේ සේවාව...
    මෙතුමලාගේ ගී නැවත තරලියට ආ යුතුයි
    ජයවේ සින්දු!

    ReplyDelete
    Replies
    1. කවුද මචෝ මේවාට මැදිහත් වෙන්නේ ..ලංකාවේ සංස්කෘතික අමාත්‍යංශයේ විෂය පථය මොකක්ද දන්නේ නැ ..මෙවැනි කළා කරුවෙක් වත් මතක නැත්නම් ...කුමන කතාද මචෝ ...
      ස්තුතියි වර්ණයෝ ..
      ජයවේවා !!!

      Delete
  4. මෙහෙම තනු නිර්මාන කරුවෙක් ගැන, මේ ගී වල තනු උත්පත්තිය ගැන මමනම් මේ ඇහුවමයි.මේ නමවත් මෙච්චරකල් මගේ ඇහැ ගැටිල තිබුනෙ නෑ.අපි නොදන්න මේ වගේ හැංගුන මැණික් කැට මේ රටේ තව කොච්චරනම් ඇතිද, නෑසූ ගීත කෙතරම්නම් ඇතිද. දුරින් තියෙන ඒ දේවල අපේ ලඟට මෙහෙම සමීපකරල අයියන්ඩී කරන සේවයනම් ආයෙ කියල වැඩක් නෑ. ඕනි හදිස්සියකට ඕනි සිංදුවක්, ඕනි පදවැල් ටිකක්, එක තප්පරයෙන් හොයල දෙන උඹට අපිට දෙන්න වෙන්නෙ ස්තූතියයි පිනුයි විතරයි බං...

    ReplyDelete
    Replies
    1. ආ සෑර් .....උඹ ඉන්නවා නේද ? මම හිතුවේ උඹ තවම අර බස් එකේ කියලා ...හැක් හැක්
      ස්තුතියි මචෝ ...
      දෙසැම්බර් නිවාඩුව නිසා අලුතින් කියවන්න පොස්ට් ටිකක් ලියපන් ..නැත්නම් දන්නවානේ "අර ටික" ඔක්කොම මෙතැන ලියනවා ...හැක්

      Delete
    2. //"අර ටික"//

      හොරෙන් කියහන් මච්ං කණට කරලා. අපි කාටත් කියන එකක්යෑ..... වැඩිම උනොත් විස්වාසම කරන්න බැරි උන් දහා පාලොස් දෙනෙක්ට කියයි..

      Delete
    3. සති දෙකයි ප්‍රියා මූට කල් දෙන්නේ ...නැත්නම් අපේ මඩ බලකායට දෙනවා නිවුස් එක ...ඇයි යකෝ පින්සෙන්ඩු වෙනවා කියලා එහෙමත් පින්සෙන්ඩු වෙන්න පුලුවන්ද ? ....ප්‍රියා හිටපන් තොටත් දෙන්නම් ඒ ටොපියම ....ෆෝන් එක දැන් නම් උඹේ .....එක්කෝ ඕන නැ ...හැක් හැක්

      Delete
    4. ඇයි බං මනෝෂයා මාතර හයිවේ බස් එකක් යට ඉන්නවා ප්‍රා ෆෝටෝ එකක් අරන් මාතයියන්ඩි පොස්ට් එකක් දාලා තිබුනේ

      Delete
    5. සිංදු ~ අඩේ අඩේ මම 'අහිංසකයි රටක් වටී' ඈ. අපි ඕවට නෑ හොදේ..

      මෙන්ඩා ~ අඩේ කමෙන්ට් එකක් නොකෙටුවට මාතා අයියගෙ පෝස්ට් එක මාත් කියෙවුවා. ඒකෙ මනෝත් හිටියද? හුකෑස්..

      :v

      Delete
    6. හුටා ,,,මෙන්ඩා ඒකත් මාට්ටුද ? ඉවරයි ...මම එක නෙවෙයි කියන්න ගියේ ..තව සති දෙකක් හිටපන් කියන්නම් ..
      @ප්‍රියෝ බොටත් දෙන්නම් ...හිටපන්

      Delete
    7. හරි හරි ඉතින් ඔච්චර හරියක් කරන්නොනි නෑනෙ මෙ අහිංසකයට!!!

      හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා.

      "අපි එකම රෑනෙ කුරුල්ලෝ.."

      Delete
    8. හරි හරි කුරුල්ලන්ගේ හැටි බලාගමුකෝ ...

      Delete
  5. සින්දුවෝ, උඹ මෙතෙක් කල් ලියන ලද ලිපි අතරින් විශිෂ්ඨතම ලිපියක් ලෙස මෙය අගය කරනවා.

    අපි ඉස්කෝලේ ගියකාලයේ, පාසල් පෙම්වතුන්ව සිටි කාලයේ, රසවිඳි මේ ගීත, අපේ හදවතේ ස්ථිරවම තැන්පත් වෙලා තියෙන්නේ. මේ පදමාලා බොහොමයක්, අදත් මතකයෙන් ගයන්න පුළුවන්.

    ඊටත් වඩා පුදුමාකාර දේ තමයි, මා හිතා හිටියේ මේ අග්‍රගන්‍ය කලාකරුවා අද ජීවතුන් අතර නැහැ කියලයි. ඒ කාලයේදී අන්තර්ජාලය නොතිබුන නිසා, මෙවැනි විස්තර කියවන්න ලැබුනේ පත්තර වලින් විතරයි. නමුත් පත්තර වලත්, මෙතුමා ගැන එතරම් විස්තර පලවී නැහැ.

    අපිට උත්සාහයක් ගන්න බැරිද, මෙතුමා රූපවාහිනී වැඩසටහනකට ගෙනල්ලා, මේ ගීතත් පරණ/අලුත් ගායක ගායිකා දෙපිරිසම සම්බන්ධකර ගායනා කරමින්, මෙතුමා සමග හොද හරවත් පිළිසඳරක යෙදෙන්න. අපි කවුරුහරි, යම්කිසි රූපවාහිනී නාලිකාවක් සමග සම්බන්ධයක් තියනවා නම්, මෙය අමාරු වැඩක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. නුපුරුදු හැඟුමකි සින්දුවේ ඕඩියෝ ක්ලිප් එක නියම එක නෙවේ. සින්දු විකුණාගෙන කන්නියක් කරපු මළවිකාරයක්.

      මෙන්න මෙතන තියනවා මුල් ගීතයේ හඬ

      https://www.youtube.com/watch?v=xyrciKRXUUg

      ප්‍රංශයෙන් රැජිනක් ආවා සින්දුව සුනේත්‍රා චිත්‍රපටියේ තියෙන්නේ හොයලා බලන්න ක්ලිප් එකක් ගන්න පුලුවන්ද කියලා.

      Delete
    2. //අපිට උත්සාහයක් ගන්න බැරිද, මෙතුමා රූපවාහිනී වැඩසටහනකට ගෙනල්ලා, මේ ගීතත් පරණ/අලුත් ගායක ගායිකා දෙපිරිසම සම්බන්ධකර ගායනා කරමින්, මෙතුමා සමග හොද හරවත් පිළිසඳරක යෙදෙන්න. අපි කවුරුහරි, යම්කිසි රූපවාහිනී නාලිකාවක් සමග සම්බන්ධයක් තියනවා නම්, මෙය අමාරු වැඩක් නෙවෙයි.//++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      විචාරක මහත්තයෝ ..මෙන්න කරනවානම් වැඩ ...බලමු හැමෝම ට්‍රයි කරලා ..මෙවැනි කළා කරුවෝ බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ඇගයීම් විතරයි ..මැරුණට පස්සේ මොන රෙද්දක් කලත් වැඩක් නැ ...මම ප්‍රේමදාස අතුකෝරල මාස්ටර් ගේ මල ගෙදරදී නම් ලංකාවේ කළා කාරයෝ කියන සෙට් එකකට හොඳට කියලා දුන්නා කළා කරුවන්ගේ හැටි ....

      Delete
    3. මුල් ගීත ටික තියනවා සර් ...ඔය උඩින් තියන ගීත ඔක්කොම මම මේ සතිය ඇතුලට දෙන්නම් ..එතෙක් ඔය "සුරිය කාන්ත" ටික වදාරන්න ..හැක් හැක්

      Delete
    4. සින්දුවෝ, මට පොඩි ගැටළුවක් ආව. සුජීවා චිත්‍රපටියේ තියන ජෝතිපාල ගයන ගීතය, 'කිස් නම් හාදුව වේ' නෙවෙයි. ඒක, ජෝතිපාල කියපු වෙනත් පසුබිම් ගායනයක් කියලයි මතක. සුජීවා චිත්‍රපටියේ තියෙන්නේ, 'ඇස් මේ ලස්සන වේ' කියන ගීතය. මේ තියෙන්නේ ඒක.

      https://www.youtube.com/watch?v=coWhXsUAclM

      ඒ වගේමයි මේ ගෙතයේ තනුව හක් මහත්තයාගේ වෙන්න බැහැ. එහෙම කියන්නේ අපහාසයකට නෙවෙයි. මේ ගීතයයේ තනුව පරණ හින්දි චිත්‍රපටි ගීතයකින් ගත්ත එකක්. මේ තියෙන්නේ ඒ ගීතය.

      https://www.youtube.com/watch?v=QT1-pc3VJpI

      Delete
    5. විචාරක මහත්තයෝ ඔබ තුමා නිවැරදියි ..මොකද "කිස් නම් හාදුව" කියන ගීතය එවකට වාරණයට ලක්වුනා ....ඒ ගිතයේම සංස්කරණය කරන ලද ගීතය තමයි "ඇස් මේ ලස්සන වේ" කියන එක "සුජීවා එකට " අරන් තියෙන්නේ ....මගේ ළඟ තිබුන සිනමා විස්තර එකතුවේ තියෙන්නේ "කිස් නම් " ගීතය කියලා ....මේක නිවැරදි කරන්නම් ..බොහොමත්ම ස්තුතියි විචා ...

      Delete
    6. හද සන්තානේ ගීතයේ, ජෝතිපාල මහත්තයා අතින් වෙච්චි උච්ඡාරන වැරද්දක් තියනවා. එක වරක් ගුවන්විදුලි වැඩසටහනකත් ඕක ගැන කිව්වා. ඔය ඉහලින් දාලා තියන වීඩියෝ එකේ අදාළ තැන ප්‍රතිවාදනය කරමින් අහන්න, 'පාළුව තාපය පන්නාලා' කියන එක ජෝතිපාල මහතා අතින් කියවී තිබෙන්නේ 'පාලුය තාපය පන්නාලා' කියලයි.

      Delete
  6. සිංදුවෝ, මේ ලිපිය ලිවීම ගැන මම උඹට හිස නමා ආචාර කරනවා.ඒ වගේම මේ ලිපිය උඹ මෙතෙක් ලියු හොඳම ලිපිවලින් එකක්.ගලගෙදර හක් මාස්ටර් අපේ කාලයේ අපි බෙහෙවින් රස වින්ද මධුර ගීත උල්පතක්.ඔහුගේ ගී සුගන්ධය දැනුත් හිතට දැනෙනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හැලපේ අය්යේ ...තවත් අපිට අමතක වෙලා ඉන්න ඔබේ කාලයේ මෙවැනි මිනිසුන් මතක් කරන්න ..අපි ඒ ගැනත් කතා කරමු ..
      ජයවේවා !!!

      Delete
  7. හක් මාස්ටර් දැනට කුරුණෑගල නගරය අවට නිවෙස් වලට ගොස් ඉංග්‍රිසී උගන්වමින් තම ජීවීතය ගැටගහ ගනියී. ඔහුගේ ඉංග්‍රිසි භාෂා කුසලතාව ගී තනු නිර්මානයට නොදෙවෙනිය.කිසිවෙකුටත් යටත් කල නොහැකී සරල නිවහල් මිනිසෙක් වන හක් මාස්ටර් 70 දශකයේ තමාගේ සුන්දර මිතුරු ඇසුරවල් ගැන කියන කතා මම අසා ඇත්තෙමී.මෑත කාලයේ අජිත් බංඩාරට තනුවක් නිර්මානය කල බවත් ඔහු කීය.

    සිංදු , ඇත්තටම අද මේ මාධ්‍ය වල ඉන්නේ මොකුන්ද ?

    ReplyDelete
    Replies
    1. පුබුදු ඔබ වසනාවන්ත වෙලා තියනවා එතුමා සමග කතා කිරීමට .මම අත්දැකීමෙන් දන්නවා මෙවැනි සුන්දර මිනිසුන්ගේ ආශ්‍රය කොච්චර සුන්දරද කියලා ...
      නියමයි මචෝ .ජයවේවා !!!!
      (අද මාධ්‍ය වල ඉන්නේ ඉන්නේ මචෝ "ගිරව් "...උන් දන්නේ කියවන්න විතරයි ...ඒවාත් කිසිම වැඩකට නැති දේවල් )

      Delete
  8. සිංදු මචං.. සිරාවට මම හිතාගෙන හිටියේ ඔය ගොඩක් සින්දු හින්දි කොපි කියලා..අම්මපා බං ගලගෙදර හක් මාස්ටර් ගැන ඇහුවෙත් මේ පෝස්ට් එකෙන්.. එතනින් එහාට කියලා වැඩක් නෑනේ ... උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බං !!!!

    ReplyDelete
    Replies
    1. //"ගලගෙදර හක් මාස්ටර් ගැන ඇහුවෙත් මේ පෝස්ට් එකෙන්"// හෙනම ගහපං.. හැක්

      Delete
    2. //සිරාවට මම හිතාගෙන හිටියේ ඔය ගොඩක් සින්දු හින්දි කොපි කියලා//මචෝ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේවා අනුකාරක ගීත කියලා ...හැක මාස්ටර් ගැන ඇහුවේ මේ පොස්ට් එකෙන් කිව්වට උඹ ඉන්නේ නම් හක් මාස්ටර්ගේ ක්ලාස් මේට් වාගේ ..හැක් හැක්
      ජයවේවා !!!

      Delete
    3. @ඉවාන් , හෙනම ගහපන් විතරක් කියලා හරියන්නේ නැ බන් ...අකුලොලා පල කියන්නේ නැතිව ..

      Delete
    4. අන්න මචෝ ඒක අමතකම වෙලා තිබුනේ ....
      බයිට් එකට වනචර ප්‍රියා ...

      Delete
    5. උඹව කාලත් මදි ......
      හැක හැක් ...

      Delete
    6. පරක්කු උනාට තොත් උඩුකුරුඤ්ඤං .........හැක්

      Delete
  9. කදිමයි ඇනෝ. කවදත් වගෙම. අපිට + අපේ ඊළඟ පරම්පාරවලට මේවා එකතු කරල සංරක්ෂණය කරනවට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසමාලි ...
      ජයවේවා !!!!

      Delete
  10. ගීතත් සමග මේ නම අහල හුරුවක් තිබ්බට උඹ දාලා තියෙන විස්තර නම් දාගන හිටියෙම නෑ. කිසිම සංගීත භාණ්ඩයක් වයන්නේ නැතුව, සංගීතය හදාරලත් නැතුව මෙහෙම තනු නිර්මාණය කරන්නේ කොහොමද කියල හිතාගන්නවත් බෑ.
    විශිෂ්ටයි සිංදුවෝ

    ReplyDelete
    Replies
    1. මතලන්ගේ භාෂාවෙන් කියනවානම් මචෝ "විෂ්ම කර්මයෝ " .....
      බොහොම ස්තුතියි මචෝ !!!
      ජයවේවා !!

      Delete
  11. හක් මාස්ටර් ගැන අසා තිබුනත් ඔහු ගැන මෙතරම් විස්තර දැනගෙන හිටියේ නෑ.මේ ගීත අසා තිබෙනවා.ඒත් මේ ගීත රචනා කලේ කවුද කියලා දැනගත්තේ මේ පෝස්ට් එකෙන්.අපි මතකයෙන් ඈත් වෙලා යන මේ විශීෂ්ඨයන් නැවත නැවතත් අපේ මතකයට අරගෙන එන්න උඹ දරන උත්සහය වටිනවා මචං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝ ....දැන් ඉන්නා එවුන්ට මෙවැනි විශිෂ්ඨයන් හිටියා කියලා කියන්න හරි ඕනනේ මචෝ ...
      ජයවේවා !!!

      Delete
  12. හක් මාස්ටර් පට්ට.... මේ විස්තරේ ලියපු උබ වල්ල පට්ට සින්දුවෝ........ තව මොනවා කියන්නද ඉතින් ?????????

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මැලයෝ .....!!!!
      ජයවේවා !!!

      Delete
  13. ඉතාම වටිනා ලිපියක් සින්දුවෝ..............

    අැත්තට ම මෙතුමා ගැන අැහුවේ අදමයි.... මේ සින්දුනං බොහොමයක් අහලා තියෙනවා... මේක තමා අපේ දුර්වලතාවය.. නිර්මාණකරුවා ගැන අපි හොයන්නේ නැහැ.... ඔබ කරනා මෙහෙය උපරිමයි....

    විශේෂයෙන් ම මෙතුමා ජීවත් ව සිටියදී මේ විදිහට හරි අැගයීම වටිනවා.... මැරුණාම මිනිස්සු වර්ණනා කරලා වැඩක් නැහැ... මෙතුමා හැබෑවට ම අගය කළ යුත්තෙක්..... හැකි විටෙක හඩ අහන්න කතා කරන්නම්......

    කොහොමත් ගුරුතලාව පැත්ත කියන්නේ කවි තනු මැවෙන පරිසරයක් තමා.... හරිම සුන්දරයි.....

    ReplyDelete
    Replies
    1. //හැකි විටෙක හඩ අහන්න කතා කරන්නම්......// +++++++++++++++++++++++++++++++++++++++++
      නියමයි කුරුට්ටෝ

      බොහොමත්ම ස්තුතියි ...
      ජයවේවා !!
      //ගුරුතලාව පැත්ත කියන්නේ කවි තනු මැවෙන පරිසරයක් තමා//
      අනේ පලයන් යන්න ...අපි නොදන්න ගුරු තලාව ..හැක් හැක්

      Delete
  14. වැරැද්දක් පෙන්නලා දෙන්නෙ කොහමද බං..අපි ඉගෙන ගන්නෙ උඔගෙන්..

    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මචෝ ....
      ජයවේවා !!!

      Delete
  15. මටත් ඔළුව නමාගෙන කියන්න වෙන්නේ හක් මාස්ටර් ගැන මමත් අහල නැහැ කියල තමයි... ;(

    ReplyDelete
    Replies
    1. හරි හරි ලොකු පුතේ ඔළුව උස්සලා මේ පැත්ත බලන්න .ලජ්ජා වෙන්න දෙයක් නැ ...අද ඉගෙන ගත්තානේ ...හැක් හැක් ...
      ලොකු , මාස්ටර්ගේත් මාස්ටර් වගේ හිටිය පත්තරයා දන්නෙත් නැතිලු බන් ...ඔන්න පොරවල් ..හැක්
      ජයවේවා !!

      Delete
  16. අපේ රටේ උන් ගොඩාරියාක් වෙනාස් කියන්නෙ නෙකන්ද බන්..???

    අපි කරන්නෙ අගයන්න ඕන මනුස්සයො ජීවත් වෙනකම් පයිසෙකට ගණන් නොගෙන ඉඳලා මැරුනට පස්සෙ කළා බවනට ගෙනත් ගෞරව දක්වන එකයි..... අන්න අපේ හැටි...

    එහෙම උන් අතරෙ උඹ වගේ උන් ඇත්තටම සම්පතක්.!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මටත් තියන ප්‍රස්නයක් තමයි ජාතික කළා භවන කියන්නේ කළා කරුවෝ මැරුණම තියන තැනක් විතරමද කියන එක ....අනේ මන්දා අර උඹ කියන්නා වාගේ "අපේ රටේ උන් ගොඩක් වෙනස් නේ "..
      බොහොම ස්තුතියි උඹ මෙහෙමවත් ඔළුව පෙන්නලා යන්න එන එක වත් ...
      ජයවේවා !!!

      Delete
  17. විළි ලැජ්ජයි ඕයි.. සරම ගලෝල මූණ වහගන්න හිතෙන්නෙ මේ වෙළාවට තමා... අහල තිබ්බෙ නෑ මෙතුමා ගැන... බ්ලොග් කියවිල්ලේ වටිනාකම් දැනෙන්නෙ මේ වගේ වෙළාවට... මේ මහත්මයා සංගීතය ඉගෙනගෙන තිබ්බ නං කොහොමට හිටින්න තිබ්බද...(එහෙම නෑ කියල කිසිම අඩුපාඩුවක් නෑ) උඹට පින් සිද්ධවෙනවා මේ කරන සමාජ මෙහෙවරට. එතුමාට නිදුක් නිරොගී සැප පතනවා..

    ReplyDelete
    Replies
    1. ලැඡ්ඡා වෙන්න එපා පුතා...අපි දන්නෙත් අද තමයි..
      අපි අත ඇරහන් අර පත්තර මල්ලි දන්නෙත් නෑලු..
      මම සරම ගලවලා ඔලුවේ ඔතා ගත්තෙ මු මම අහලා නැති කපුගේගෙ සිංදුවක් දාපු දවසේ

      Delete
    2. //බ්ලොග් කියවිල්ලේ වටිනාකම් දැනෙන්නෙ මේ වගේ වෙළාවට//++++++++++++++++++++++++++++++++++++
      මේකනම් ඇත්ත සජ්ජෝ ...ගොඩක් නොදන්නා දේවල් කියවන්න පුළුවන් බ්ලොග් අවකාසෙන් ..බලාගෙන ගියාම ගොඩක් දෙනෙක් මෙතුමා ගැන නොදන්නා පාටයි ..
      අවුලක් නැ මචෝ ..ඔන්න ඔය සරම පහලට දාපන් ...
      ජයවේවා !!!!

      @ඇත්තටම මෙන්ඩෝ මොකක්ද මචෝ ඒ සින්දුව ? ,,,සිරාවට මට මතක නැ කොහෙද ඒ සින් එක උනේ කියලා ..

      Delete
  18. දියුණු ධනවාදී රටක ඉපදුනානම් මල්ටි මිලියනර්ස් ල. පරණ සමාජවාදී රටක හිටිය නම් - ..........සමාජවාදී සමුහාණ්ඩුවේවීරයා ගෞරව නාමය සහිතව නොමිලේ අග නුවර ෆ්ලැට් එකක් හා ලොකු පෙන්ෂන් එකක්. ලනක්වේ ඉපදුනාම - සින්දු ඇනොගේ බ්ලොග් එකේ ඉඩක් ගත හැකි. ස්තුතියි. ඇත්තටම මෙහෙම කෙනෙක් ගැන දැන ගත්තේ අද. සින්දු ටික නම් දනනවා ජෝති නිසා.

    ReplyDelete
    Replies
    1. //දියුණු ධනවාදී රටක ඉපදුනානම් මල්ටි මිලියනර්ස් ල. පරණ සමාජවාදී රටක හිටිය නම් - ..........සමාජවාදී සමුහාණ්ඩුවේවීරයා ගෞරව නාමය සහිතව නොමිලේ අග නුවර ෆ්ලැට් එකක් හා ලොකු පෙන්ෂන් එකක්. //+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      මෙන්න මේක නම් සහතික ඇත්ත අජිත් අය්යේ ...කරුමෙකට මේක අම්මට සිරි ලංකාවනේ ,,,,
      බොහොම ස්තුතියි ...ජයවේවා !!!

      Delete
  19. ඇත්තටම මාත් ගලගෙදර හක් ගැන දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්. උඹට පිං...

    තනුනිර්මාණය මාර අමාරු කාර්යයක් නේද බං. ඒ උනා‍ට මෙයා ගී පද හදන්නත් කලිං තනුව හදන්නෙ. මාර ප්‍රතිභාවක්...

    ReplyDelete
    Replies
    1. මෙහම වටිනා මිනිස්සු ලෝකෙට බිහිවෙන්නේ ඉතා කලාතුරකින් මචෝ ....
      ඕන් බලාපන් ඩ්‍රැකීයෝ ....උඹලා අර වෙනත් රටවල ඉන්න යක්ෂ පොරවල්ගේ ඉපදීමේ ඉඳලා ඊට පසු පරම්පරාවල් ගැන පවා දන්නවා ...හක්‌ ගැන දන්නේ නැ ...හැක් හැක්
      ජයවේවා !!!!

      Delete
  20. ඇහුවෙත් අදයි බං.... උඹගෙන් ඇර වෙන කාගෙන් මේ දෙවල් ගැන දැන ගන්නද... බොහෝමයක් ගීත අදටත් ජනප්‍රියයි නේ.. විශ්වකර්ම පොරවල් කියන්නේ මේ වගේ මිනිස්සුන්ට...

    ReplyDelete
    Replies
    1. //ඇහුවෙත් අදයි බං// විස්වාස කරන්නත් අමාරුයි මාතේ උඹලා මේ ගැන අහලා නැ කිව්වාම ...
      "විශ්වකර්ම පොරවල්" - මේක තමයි ගැලපෙනම වචනේ ..
      ස්තුතියි ලොක්කා ..
      ජයවේවා !!!

      Delete
  21. මේ කරන මෙහෙයට අපේ සින්දුට උපහාරයක් කරන්ට ඕනී....
    සජ්ජයියා කියුව වගේ බ්ලොග් හින්දා ටික කාලයක් ඇතුලත ගොඩක් දේවල් දැනගත්තා... ඒ අතරින් සින්දු 1st

    ReplyDelete
    Replies
    1. සබරේ බොහොම ස්තුතියි මචෝ ...

      Delete
  22. මචෝ සමහර සින්දුවල තියෙන වචන වගේම ඒවා ගැයෙන් ලයාන්විත කම දැක්කම හිතෙනවා ගීත රචකයින්ට මේ රටේ සලකන විදිහ බලු වටින්නෑ කියලා. සමහරක් ගීත මතක හිටින්නෙත් ඒ වගේ විශේෂ වචන නිසා.
    උඹ දාන හැම කලෙක්ෂන් එකේම මගේ ෆේවරිට් එකක් හරි තියෙනවා. මේකෙනං “පැන පැන එන සඳේ“අනික “හද සන්තානේ“.
    මොහිදින් බෙග් වගේම මෙයත් සිංහල සංගීතය පෝෂණය කරපු අසම සම මිනිසෙක්.
    උඹේ යුග මෙහෙවරට ආයිත් සැලියුට්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...
      උඹලා නැති උනාම බ්ලොග් හරි පාළුයි මධුවෝ ...
      බෙග් ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා ..
      ජයවේවා !!!!

      Delete
  23. මේ හක් හමුවෙන්න යනව අපි හෙට අනිද්දම...අමිත් ලියන්ගේ සංගීතවේදියත් එක්ක....ඇත්තටම මෙයාගෙ තනුවලට සංගීතය කරේ වෙන කෙනෙක් වෙන්න ඕනි....ඔව්....මෙයා කටින් මෙලඩි එක කියනවලු....එතකොට රචකයා වචන ටික ඒකට බස්සනවා....මියිසික් වෙන කෙනෙක් කරනවා...ගීයකට තුන් දෙනෙක් නෙමේ 4 ක් 5ක්ම දායක වෙන්න පුළුවන්....

    ReplyDelete