Wednesday, November 4, 2015

"කිත්සිරි රැන්දු කේසර සිංහයා ජිවිතයේ අනිත්‍ය බව පසක් කරමින් සදහටම අපෙන් සමු ගනී "




‘කේසර සිංහයෝ’, ‘ගිජු ලිහිණියෝ’, ‘විජය ගීතා’ හා ‘සසල රේඛා’ ‘මධුමාලි’, ‘ධීවර සම්පත’ හා ‘සෙනාලි’ වැනි තිරගත වූ හා නොවූ චිත්‍රපට රැසක ද කඳපොල කුමාර තුංගයන්ගේ ‘ධවල මන්දිර’, ‘සත් රුවන් වරුසා’, ‘ගිම්හානෙට පසු’, සුසිර රත්නකුමාර ගේ ‘බෝනික්කා’ යන ටෙලිනාට්‍ය වලද සුගතපාල සෙනරත් යාපාගේ ‘මැටි කරත්තය’ යනාදි වේදිකා නාට්‍ය රැසක හා මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරයේ ' ධර්මදාස වල්පොල ගැයූ ‘දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ’ සුජාතා අත්තනායක ගැයූ ‘සිහිනයකි මේ ජීවිතේ’ ටී.එම්. ජයරත්න ගැයූ සුදු හුණුකූරෙන් අයන්න ලියලා’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘මීට වඩා ලෝකය තව ලස්සන වුණු දාක දුවේ’ ලතා වල්පොල ගැයූ "කිත්සිරි රැන්දු " වැනි ගී රැසක් සඳහා සංගීතය නිර්මාණය කල "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අප අතරින් සදහටම සමු ගත්තා .සිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් කල එතුමාට නිවන් සුව පතමු !!









 "කිත්සිරි රැන්දු " 



"මගේ දෑස ඔබේ කියා "





අවසන් කටයුතු රාගම බටුවත්තේදී හෙට සිදුකෙරේ ......

36 comments:

  1. කවදාවත් මැරෙන්නේ නැති වෙයි.. සුභ ගමන් ප්‍රිය කලාකරුවාණෙනි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමියෝ ... හැමදාම ජිවත් වෙන නිර්මාණ බිහිකරපු සුන්දර මනුස්සයෙක් ..

      Delete
  2. සිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් ඉටුකල ප්‍රේමදාස අතුකෝරල කලාකරුවානන් ජීවිතයට සමුදුන්නද අප හදවත් තුල සැමදා ජීවත් වනු ඇත...කලාකරුවානනි ඔබට නිවන් සුව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ ...මෙතුමාගෙන් ගත්ත ගොඩ දෙනෙකුට මල ගෙදර පවා අමතක වෙලා ..

      Delete
  3. කලා ලොවේ සිදුවිම් ගැන මේ වගේ අපව නිතර දැනුවත් කරන සින්දු ඇනෝ..ඔබට නිවන් සුව...හුටා නෑ නෑ..
    "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඔබට නිවන් සුව පතමු !!

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ ...හැමෝටම නිවන් සුව ලැබේවා !!

      Delete
  4. ohuta niwan suwa pathami
    apa dhAnuwath kala Ano obatath thuthi

    ReplyDelete
  5. සුභ ගමන් ප්‍රිය කලාකරුවාණෙනි!

    ReplyDelete
  6. මේ නැතිවුනේ කළා ලොවේ අගනා මැණිකක්. මෙවැනි ඇත්තම කලාකරුවන්ගේ පයේ දූවිල්ලක් වෙන්න තරම්වත් අද ඉන්න පුස්සන් සුදුසු නැහැ.

    මහා කාලාකරුවාණනි ඔබට නිවන්සුව!

    ReplyDelete
    Replies
    1. "මෙවැනි ඇත්තම කලාකරුවන්ගේ පයේ දූවිල්ලක් වෙන්න තරම්වත් අද ඉන්න පුස්සන් සුදුසු නැහැ"
      +++++++++++++++++++++++++++++++++
      වෙන කියන්න දෙයක් නැ විචාරක තුමෝ ....
      ස්තුතියි ...

      Delete
  7. ඔහුට නිවන් සුව.

    ReplyDelete
  8. හිටිය කාලේදි අපව සතුටු කලාට ස්තුතියි.. සුබ ගමන් මාස්ටර්.. අපිත් දවසක එන්නං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...
      යන දවස කියපන් ....පොඩ්ඩක් පරක්කු වෙලා එන්න ..හැක්

      Delete
  9. සංගීතවේදියාණනි ඔබට සුබ ගමන් ! මේ සටහනට ස්තුතියි සින්දු ඇනෝ

    ReplyDelete
  10. කලාකරුවාණනි ඔබට නිවන් සුව.
    කළ ගුණ දැක්වීමට සින්දුට තුති

    ReplyDelete
  11. සුභ ගමන් ඔබට හිතාදර කලාකරුවාණෙනි... යළිත් දවසක අම්ල මිනිසෙක්ව අප අතරම ඉපදේවා...
    සිංදු උඹටත් ස්තූතිය් සහෝ..

    පුලුවන් නං බෙග් මාස්ටර් ගැනත් ලියහං. මට මතක විදියට අද ට හෝ ඊයෙ ට බෙග් මාස්ටර් නැති වෙලා අවුරුදු 34ක් වෙනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා ....
      ලියමු ලියමු ..." ඈත භවේ දී මතකද හමුවූවා "..

      Delete
  12. බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී මියැදෙන්න ලැබීම වාසනාවක්
    කලාකරුවාණනි ඔබට නිවන් සුව පතමු
    ජයවේ සින්දුවෝ

    ReplyDelete
    Replies
    1. මට හමුවුන සුන්දර මනුස්සයෙක් මචෝ .....
      ස්තුතියි ...

      Delete
  13. මාස්ටර් ඔබට සුභ ගමන් !!!

    ආයෙත් එන්න අපිව සතුටු කරල යන්න ……

    සිංදු උඹටත් ස්තුතියි මේ කරන සේවයට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ....කරුමේ කියන්නේ මාස්ටර් නැති උනාම හැමදේම නැතිවෙනවා .ඉදිරියට ගෙනියන්න කවුරුත් නැ ...

      Delete
  14. අමරණීය මාස්ටර් ට නිවන් සැප ලැබේවා...!!!

    (මේ දැනුවත් කිරීම් වලට සිංදුවටත් කවද හරි නිවන් සැප ලැබේවා!)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ !!

      උඹටත් අනුමෝදන් වෙත්වා !!

      Delete
  15. සින්දුවෝ විස්තරයට තුති.......

    ඔහුට සුභ ගමන්

    ReplyDelete
  16. කලාකරුවාණනි ඔබට නිවන් සුව!!
    දැනුවත් කිරීමට ස්තූති

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නිදහසේ නවාතැන ....

      ස්තුතියි ඔබට !!

      Delete
  17. නොමියෙන කළා කරුවෝ , හැබැයි උඹ මේ කරන මෙහෙවර අඩු ගානේ වගකිවයුත්තන්ගේ අවධානයටවත් යොමු වෙනවනම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් ....වග කිව යුත්තෙක් මම කියපු ගමන් උදව්වක් කළා ...(නලින් අය්යට දැනුම් දුන් සැනින් පත්තරේ පල කළා ... නලින්ට බොහොමත්ම පින් ....)

      Delete