Wednesday, March 2, 2016

"එදා ඇසුණු ගී "


1960 දශකයේ අවසන් වසර කිහිපය අතරින් එක්තරා දිනයකි
ගුවන් විදුලියේ 06 වන මැදිරිය කෙමෙන් කාර්යබහුල වෙමින් පවති 
ඒ තවත් නොබෝ වේලාවකින් පටිගත කිරීමට සංගීතමය වැඩසටහනක් වෙනුවෙනි
ලැයිස්තුගත කර ඇති ගී අතරින් එකක් තෝරා අප කථානායකයා වෙත කලින් ලබාදී තිබුනෙන් ඔහු එය පුහුණුවන්නට සුදානමින් සිටින්නේ වාදක මන්ඩල ප්‍රධානියා ගේ අවසරය ලැබෙන තෙක්ය

වාදක මණ්ඩලයේ ඔහු හොඳින් හඳුනන්නේය

මැදිරියට ඇතුඵවුනු උස් පුද්ගලයා හඳුනාගන්නට ඔහු ට අසිරු නොවේ , ඒ රටේ තොටේ නමක් දිනා සිටි පී එල් ඒ සෝමපාලයන් ය. 

එක් පසෙක රොක්සාමි මාස්ටර් ය ඔහු දැහැන් ගතව වයලිනය සෙමෙන් හඩවනු පෙනේ 

ඔහු පසුපසින් එඩිගා පෙරේරා වින්සටන්ටිද අල්විස් ඒලියන් ද සොයිසා වයලීන් අතැතිව අසුන්ගෙන සිටිති

ඈත කොනේ තාල තරංග වාදකයා නව යවිවනයෙකි ඒ රංජිත් බෝගෝඩ ය

තවත් නොබෝ වේලාවකින් පටිගතකරන්නට නියමිත ගීතයේ සංගීත අධ්යක්ෂවරයා මැදිරියට ඇතුඵ වෙමින් තමා දෙසට පියමං කරනු ඔහු දකි  

එහෙත් ඔහු පසුපසින් සෙමින් හා අසීරුවෙන් පා තබමින් ළමා සාරියකින් සැරසි එන මෙ හිරිමල් යුවතිය කවුරුන්ද ??????

දැනගන්න වුවමනා නම් මෙතැනින් "එදා ඇසුණු ගී " අඩවියට ගොඩවදින්න

--------------------------------------------------------------------------------------------------------
ප.ලි
මෙන්න පැරණි ගීත රස විඳින හිතවතුන්ට වටිනා කියන බ්ලොග් අඩවියක් .ගිහින් බලන්න ....මුහුණු පොතේ ඉතාමත් වටිනා ලිපි පලකරන "ප්‍රභාත් රාජසූරිය " මහත්මයා බ්ලොග් එකක් පටන් ගත් බව අද තමයි දැන ගත්තේ ..ඔන්න මුහුණු පොතෙන් බොලොග් වලට තවත් සාමාජිකයෙක් කැන්දන් ආවා ..හැමෝම සහයෝගයක් දෙමු ...ජයවේවා !!!

29 comments:

  1. හා.

    ගිහින් කියවලා කොමෙන්ට් කරලා එන්නම්. හා තව එකක්. රෝලටත් දාගන්නවා.

    එල නෙහ්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් ...උඹටත් පරණ සින්දු ගැන උණක්නේ තියෙන්නේ ..ඔන්න් ගිහින් බලපන් ..

      Delete
  2. ගියා සින්ඩිගත කරගත්තා...... ස්තූතියි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටෝ ...වටිනා සහයෝගයක්

      Delete
  3. ස්‌තුතියි ඇණෝ ඇඩිමින්තුමනි !!

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් ..මෙන්න ලොකු සර් ඇවිත් ...
      ජයෙන් ජයම වේවා !!
      අපි හැමෝම ඔබතුමාට උපරිම සහයෝගය දෙනවා ...

      Delete
  4. ඇත්තද බං පී එල් සෝමපාලගෙ සාක්කුවෙ නිතරම යකඩ ඇණයක් තියෙනව කියන්නෙ?

    ReplyDelete
  5. පාර කිව්වට තැන්කු හොදෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්මි ..අගනා ගීත පිටුවක් ..

      Delete
  6. උම්ම්ම්ම්ම්ම්මා.......

    ReplyDelete
  7. දැන් මෙන්න ඒ ජේ ක්ලැරිනට්ගෙන් කරීම් වාදනයක් කිව්වලු.

    දැන් මෙන්න ජික්කිගෙ පහත් තැනින් යයි ගලා ජලේ කියලත් කිව්වලු.

    ReplyDelete
  8. අඩෝ නියම බ්ලොග් එකක් බන්...
    මල් හතයි...

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතෙන් ඇදගෙන ආවේ ...

      Delete
  9. මේ පාරෙන් ගිහිං බලන්නම්

    ReplyDelete
    Replies
    1. හොදා හොදා ..පරිස්සමෙන් ගොහින් එන්න

      Delete
  10. කවදත් වගෙම අනගි වැඩ්ක් ඇනෝ

    ReplyDelete
    Replies
    1. අනගි ගීත පිටුවක් හංසි ..

      Delete
  11. පරණ සිංදු කොහේද අපි එතැන

    ReplyDelete
    Replies
    1. නැත්නම් අපි වෙන කොහේ යන්නද මනෝ ...

      Delete
  12. අපේ සංගීතය සමග අපි කවදත් එකට .. ඔන්න එහෙ ගිහින් තමා ආවේ ඇනෝ..

    ReplyDelete
  13. මරුනේ... ගිහින බලල එන්නම්.

    ReplyDelete
  14. සහයෝගය පළකරමින් දිරිගැන්වූ අප හිතවත් ඇණෝ ඇතුඵ ඔබ සැමට ට මා ස්‌තුතිවන්ත වෙමි



    ReplyDelete