Sunday, May 8, 2016

"හිරු පායා එන සුන්දර මොහොතක"


මීගමු පුරවරයෙන් බිහි වූ අසූව අනූව දශකයන්හි වඩාත් ජනාදරයට පාත්‍ර වූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, ‘ගම හැරදා සිදාදියට’, ‘සුදු සේල අගින්’,'කවියන්ගේ රස හැඟුම'  වැනි රසික සිත් සතන් පිනවූ ගීත රැසක හිමිකරු ය.ඒ විල්බට් ඇන්තනී නම් වන අපූර්ව ගායකයා ය,සංගීතවේදියා ය.

කරුණාරත්න අබේසේකරයන් මෙහෙය වූ “මැලිබන් ගුවන් තොටිල්ල“ ආධුනික ගී ප්‍රසංගය (1965) වැඩ සටහනේ දී එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ඇලෝයි ගුණවර්ධනයන් ලියූ “පායා ඇයි හිනැහෙන්නේ“ ගීතය ගයා ජයග්‍රහණය කොට ගුවන් විදුලි ගායන ශිල්පියෙකු වීමේ භාග්‍ය හිමි කර ගත් විල්බට් “කවියන්ගෙ රස හැඟුම“ ගීතය මුලින්ම ගුවන් විදුලියට ගායනා කරන විට ඔහුට වයස අවුරුදු විස්සක් වත් සම්පුර්ණ වී නොතිබිණ .එමෙන්ම වයස අවුරුදු 15 දී පමණ මීගමුවේ පැවති ගායනා තරඟයකදී තමා “මීගමු ගීත රාජයා" ලෙස තේරීම ද එම තරඟයේ විනිශ්චය මණ්ඩලයේ සිටි ලතා වල්පොල ගායන ශිල්පිනිය සමඟ පසු කලෙක යුග ගී ගායනා කිරීමට තමාට අවස්ථාව ලැබීම පිළිබඳ ව ද විල්බට් සිය ගායනා දිවියේ විශේෂිත සිදුවීම් ලෙස සැලකුවේ ය.

වයස අවුරුදු 12 දී පමණ “රම්‍යලතා“ සහ “සොහොයුරෝ“ චිත්‍රපට වල ළමා චරිත නිරූපණය කරමින් කලා ක්ෂේත්‍රයට එක් වූ විල්බට් ගේ හඬ මුලින්ම චිත්‍රපටයකදී යොදා ගන්නා ලද්දේ කවි ගායනයක් සඳහා ය. ඒ “මිස් මල්ලිකා“ චිත්‍රපටයේ ය. පසු කලෙක “හොඳින් නැත්නම් නරකින්“ චිත්‍රපටයේ “නාඬන් මගේ සුදු බට්ටිච්චෝ“ ගීතය ගයමින් පසුබිම් ගායකයෙකු වූ විල්බට් පසුව “ඔබ මට විශ්වාසයි“ - “අතුරු මිතුරු“ - “නොහඬන් ලඳුනේ“ - “සුර දරුවෝ“ - “ඔබ මගේම වේවා“ සහ “කුමරි බඹසර හැඬු දා“ ඇතුළු චිත්‍රපට කිහිපයකම පසුබිම් ගීත ගායනා කළේ ය. “සුදු නංගියා“ - “සුදු සේල“ සහ “සමනල කාලේ“ (සංජීවනී වීරසිංහ සමඟ) විල්බට් ගැයූ ගී ඇතුළත් වූ කැසට් පට වන අතර ලතා වල්පොල, ප්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි සහ සංජීවනී වීරසිංහ සමඟ විල්බට් යුග ගී ගයා ඇත.

ඔහු ගීත ගායනා කළේ අතළොස්සයි. ඒ සියල්ල ගොඩක් අදටත් ජනප්‍රියයි. හැබැයි එතුමාගේ හැකියාව ගැන අදටත් අපේ සංගීත ක්ෂේත්‍රයේ අය දැනුවත් නැහැ කියලයි මට හිතෙන්නේ . ඔහුට තිබුණේ හරිම වෙනස් ගැඹුරු හඬක් වගේම සොඳුරු නිහඬ මනුස්සයෙක්.

------------------------------------------------------------------------------------------------
තුරු වන පෙත් තැනි තලා කදුරු බිම් 
ජනපද මැද දෙරණේ....
දරු කැළ කිරි බොන කිරට හඬන තුරු
යුග යුග බැඳි සරණේ
අම්මා.... අම්මා.....

ඔබ මෙන් කිසිවෙකු නැත මේ දියතේ
කරුණා ආදර දැක් වූයේ
දුක ප්‍රීතිය සංතාපය හමුවේ
ඔබ ළඟ නැහැ වෙනසක් දුටුවේ
සතුට පැමිණි කල සෝකය ආ කල
කවුදෝ මා අබියස ඉන්නේ
අම්මා.... අම්මා....

අද මම තනියෙම ඔබ ද තනිව ඇත
දෙපැලක දෙතැනක දෙඅත ඇදී
ගවු සිය දහසක් දුරට ගියාදෙන්
මගෙ ලෙය ඇත ඔබෙ නමට බැඳී
අසරණ වුණු දා එන්න නොවරදා
අවසන් සුසුමට යළි පණ දී
අම්මා.... අම්මා....

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: විල්බට් ඇන්තනී
------------------------------------------------------------------------------------------------
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ
හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ..

කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිලුනි නෑනෝ
බාල වියේ බැඳි ආලය අමතක කල නෑනෝ
දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උළා නෑනෝ
නැකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ...

සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
එක ළඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ
නව අවුරුදු  කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ...

ගායනය  - විල්බට් ඇන්තනී
පද රචනය : තු.ව. කුසුම්පාල
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
------------------------------------------------------------------------------------------------
නොමග නොයන් පුතේ 
ඔබට රටක් ඇතේ 
රටේ දියුණ සැදුම ඔබට 
බාරයි මගෙ පුතේ...

අද කැඩු දේ හෙට ඕනෑ 
විය හැකි වන නිසා 
රට ට උරුම කිසිම දෙයක් 
බිම නොදමන් නසා...

තරුණ සවිය රට නැඟුමට 
යොදනු සොඳින් සිතා 
ඔබේ උපන් බිම කවදත් 
ඔබටයි මගෙ පුතා...

යෝධ මහල් නැහැ කොහෙවත් 
එක දවසින් සැදුණේ 
ගඩොලින් ගඩොලක් තබලා 
සෙමින් සෙමින් බැඳුණේ...

දුර නොබලා ඉක්මන් වී 
නෑ නෑ පල ලැබුණේ 
යන්නෙ කොහේදැයි නොම දැන 
නොයන් ගමන් පුතුනේ...

ගායනය - විල්බට් ඇන්තනි
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
------------------------------------------------------------------------------------------------
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා වෙත බලනු නිතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්

හෙලු සුසුම් සොවින් තෙමු කදුලු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්
ඔබ මා එක් වී සදා පෙමින්

සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින්
මතු යලි කදුලැලි නොමැත නෙතින්

ගායනය - විල්බට් ඇන්තනි
පද රචනය - සිසිර කොතලාවල,
තනුව සංගීතය- ඩයමන්ඩ් පෙරේරා
------------------------------------------------------------------------------------------------
බඹරු මත්වෙලා මලට ළං වෙලා
ඔබට ළංව මහද මත් වෙලා
කඳුළු වියැළුණා සිනහ මතු වුණා
අපගෙ ලොවට සතුට යා වුණා

කැකුළු පීදුණා සුවඳ විහිදුණා
දෑත ළං වුණා පැතුම් ඉටු වුණා 
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

රන් රිදී නැතේ මාළිගා නැතේ
මිහිර ඇත ඔබේ පුංචි පැල්පතේ 
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

ගායනය - විල්බට් ඇන්තනි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
------------------------------------------------------------------------------------------------
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
සුදු නංගියා මාගේ හිනහී ගියා
ආලෝකධාරාව උතුරා තියා
සුදු නංගියා මාගේ හිනහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

සුදු නංගි ඔබ හින්දා වන මල් පිපෙයී
සොමි සඳට ඔය කැල්ම නව හාදූ දෙයී
ආලෝකධාරාව උතුරා ගියා
සුදු නංගියා මාගේ හිනහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

ආලෝකයේ පහන දල්වා තියා
දෙන්කෝ නගෝ මාගේ ආදරය පා
හසරැල්ලේ කඳුලැල්ල සඟවා තියා
සුදු නංගියා මාගේ හිනහී ගියා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා

ජීවිතයේ ගංගාව පැදලා යමූ 
දුක සෝක කම්කටලූ උහුලා ගමූ
ඔබ හින්දා මා වින්ද දුක් වේදනා
හසරැල්ලෙ ඔබෙ ගෑවිලා සුංවුනා
කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා.....

ගායනය - විල්බට් ඇන්තනි
පද රචනය -ක්ලොටිල්ඩා වර්ණකුලසූරිය ?
සංගීතය - විල්බට් ඇන්තනි
------------------------------------------------------------------------------------------------
සුවඳයි මේ මල මොන මල දෝ
පරසතු උයනින් වැඩියා සේ
සුමුදුයි මේ පෙති මොන පෙතිදෝ
ඒ මත සැතපෙන්නේ කවුදැයි

මේ රොන් බී යන්නේ කවුදෝ
බිව් පමණින් නොසිඳෙන ගානයි
දුටු සැනෙකින් පවසින් දවනා
මන් මත් කරවන රුවනාරයි

මේ අත්තටු දෙක කාගේදෝ
රන් ලියකම් රන් රූ දිළිසෙයි
සමනලයෙක් මෙහි ආවාදෝ
අත්තටු බිම දා ගියෙ ඇයිදෝ

පද රචනය - ලූෂන් බුලත්සිංහල
ගායනය - විල්බට් ඇන්තනී
සංගීතය - රෝහණ වීරසිංහ 
------------------------------------------------------------------------------------------------
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුණා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා...

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී...

සීතල පවනට මුසු වීලා
ගයනා ගී හඬ රැව් දෙනවා
ලාලිත මෝහන වදන් නිසා
තුරුලිය හිනැහෙනවා
ඔබ හින්දා මගෙ මුළු ජීවිතය ම
රසයෙන් රස වෙනවා...

අවහිර බාධක අතරතුරේ
අපගේ ජීවන ඔරුව පැදේ
ඔබගේ හසරැලි අතරතුරේ
මම නැහැ සංතාපය දුටුවේ
සොඳුරිය ඔබගේ සොඳුරු බවින් මගෙ
ජීවය ඔකඳ කෙරේ...

ගායනය : විල්බට් ඇන්තනි
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය : සෝමපාල රත්නායක
------------------------------------------------------------------------------------------------
පායා සඳ නැඟුණා 
මට පළ නෑ ඒ සඳේ කැන්
ඔබ මා ළඟින් නෑ
මා හා ඔබ හිඳිනා 
මොහොතට ඒ මේ සඳේ කැන්
මෙලෙසින් දිලෙන්නෑ......

හෙට ආයෙ හිරු එයි පහන් දොරින්
සඳ හා නැඟී තරු කැන් මකා
එළිය විහිදී ලොවම පිබිදී 
බිඳිති පෙම් රළ සාගරේ......

ඔබ මා ළඟින් නම් මා කෙරෙන්
පිරි ආදරේ අඩු නෑ ප්‍රියේ...
සඳට ගත දී හිරුට සිත දී
පුදනු මැන මට ආදරේ......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: විල්බට් ඇන්තනි
------------------------------------------------------------------------------------------------
ඈත හිමෙන් කඳු අතරින්
ජිවිතයට සැනසීම ගෙනේ
අඳුර සිඳී හද ලෙනෙහී
ජිවිතයට සැනසීම ගෙනේ

බලාපොරොත්තුවේ රුවන් විමන්
බිඳී ගියා කාලයේ සුළඟින්
සැනසුම සොයමින් පෙරටම ඇදෙමි
ඔබ ඇති තැන  එය ඇති බව දනිමි
ගණදුර දුර මග ඔබේ නෙත් දකිමි

හිමෙන් එහා ඇති හිම සිසිලෙන්
විමන තනා ගමි ඔබ වෙනුවෙන්
මගේ සිතුවිලි එහි තනිකර තබමි
සිත් සන්තාපය දුරු කර හරිමි
හෙට දවසට නෙත් යුග හරිමි

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය: විල්බට් ඇන්තනී
------------------------------------------------------------------------------------------------
හිරු පායා එන සුන්දර මොහොතක
මා දිනු ශ්‍රී ලන්කාවේ
ලස්සන දුටු විට පාවෙයි හදවත
මනමෝහන ගන්ගාවේ

තුරුලිය වනමල් ගත සරසාගෙන
තව දිනකට සැරසෙනවා
නවුම් උදෑසන ප්‍රීති ප්‍රමෝදෙන්
මුලු හෙලයම පිබිදෙනවා
හිරු පායා එන. ...

ගන්ගා ඇල දොල මෙන් අප දිගටම
නොනැවත පෙරටම යන්නේ
සවු ඉසුරින් පිරි සිරි ලන්කාවක්
මතු දින ඉදිකර වන්නේ..

ගායනය: විල්බට් ඇන්තනී
සංගීතය : රෝහණ වීරසිංහ 
------------------------------------------------------------------------------------------------
කුඹුකේ ලිඳට උදේහවා හඳ පායනවා
මැණිකේ හෙමින් ලිඳට නැමී වතුර අදිනවා
දුනුකේ පඳුරු මඳ සුළගේ හෙමින් වැනෙනවා
කන කෙකෙලියෝ මැණිකේ දැකලා ඉගිලී යනවා

කණේ කඩුක්කන් මැණිකේගේ එළියෙ දිලෙනවා
අතේ වළලු මිනි කිංකිනි හඬ පරදනවා
රනින් මාල මුතුපොට කර වටේ වැනෙනවා
ගමේ කුමාරිය ගමටම සිරිය බෙදනවා

තෙල් ගා පීරපු වරලස දිගට වැවෙනවා
නිල වරලේ මල් දවටා නිලට දිලෙනවා
මල් රෙද්දේ මල් ටික ටික බිමට හැලෙනවා
විල්ලුද හැට්ටය මැණිකෙගේ රතට කැපෙනවා ..

ගායනය: විල්බට් ඇන්තනී
------------------------------------------------------------------------------------------------
සඳ නැඟෙන සීත රැයක මුහුදු තීරේ
සුළං කැරැල්ලේ ඈත ඇදේවා....
දුරු රටක ඉන්න ඇයගෙ සුවඳ පාරේ
පැතුම් පිරී හැඟුම් පා වෙලා...

ඔබෙන් එදා වෙන් වී ගුවන් තලේ පාවී
සුසුම් මැදින් පියා සලා...
ගතින් මිදී ආවේ සිතින් නොවේ මිහිරේ
හැඟුම් මැදින් දෙනෙත් වසා ලා...

අහස් තලේ පායා පෙනේ ඇගේ චායා
දෙනෙත් විදහ බැලුම් හෙළා....
යළිත් ඇගේ දෑතේ සිහිල් මොළොක් පහසේ
බැඳෙන්න දෝ කෙසේ ඉතින් මා....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : විල්බට් ඇන්තනි
------------------------------------------------------------------------------------------------
පායා සඳ නැඟුණා
මට පළ නෑ ඒ සඳේ කැන්
ඔබ මා ළඟින් නෑ
මා හා ඔබ හිඳිනා
මොහොතට ඒ මේ සඳේ කැන්
මෙලෙසින් දිලෙන්නෑ

හෙට ආයෙ හිරු එයි පහන් දොරින්
සඳ හා නැඟී තරු කැන් මකා
එළිය විහිදී ලොවම පිබිදී
බිඳිති පෙම් රළ සාගරේ

ඔබ මා ළඟින් නම් මා කෙරෙන්
පිරි ආදරේ අඩු නෑ ප්‍රියේ
සඳට ගත දී හිරුට සිත දී
පුදනු මැන මට ආදරේ

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: විල්බට් ඇන්තනි
------------------------------------------------------------------------------------------------
ප.ලි
දැනට වසරකට පමණ පෙර අපෙන් සමුගත් සොඳුරු කලාකරුවෙකු ගැන තැබූ කෙටි සටහනකි .
"පනස්වෙනි " පොස්ට් එක දාන්න බ්ලොගය පටන් ගෙන අවුරුදු එකහමාරක් විතර ගියා කියහල්ලකෝ  ...හැක්
(වැරදි අඩුපාඩු ඇතොත් පෙන්නා දෙන්න ...)

49 comments:


  1. සුභ පැතුම් පනස් වෙන පොස්ට් එකට... අපි සියයයට ඔන්න මෙන්න ... ඒත් අවුරුද්දයි.... හිරුපායා එන.. මමත් හරි ආසා කරන සිංදුවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු ...!!

      Delete
  2. 50 ට සුබ පැතුම් !!
    මාත් ආසම ගීත ටිකක් මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. අල පණහයි - ගෝව තිහයි :D ඕ යේස්

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියා !!!

      @ප.ම ..උඹ දැන් පොලේ බිස්නස් බැස්සද ?

      Delete
    3. පත්තරේ වරෙං මාත් එක්ක පොලේ යන්න. හැක්..

      Delete
  3. කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිලුනි නෑනෝ
    බාල වියේ බැඳි ආලය අමතක කල නෑනෝ
    දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උළා නෑනෝ
    නැකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ...

    සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
    එක ළඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ
    නව අවුරුදු කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
    ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ...

    ඉතාම කැමති ගීතයක්... ඒ වගේම ඔහුගෙ අනෙක් ගීත බොහොමයකුත්....

    සුබපැතුම් අයියන්ඩී අර්ධ ශතකය වෙනුවෙන්.. හැබැයි ශතකයටනම් අවුරුදු එකහමාරක් දෙන්න බෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. සීයියා පනහ වෙනව

      Delete
    2. උඹේනම් සිනහ වෙනව ඇති.ඒකනේ දැන් නොලියන්නෙ.

      Delete
    3. බොහොම ස්තුතියි මනොෂ් ...පනහේ කතාව දැම්මේ අපරාදේ ..කවුරුවත් පොස්ට් ගැන කියන්නේ නැ වාගේ ...

      Delete
    4. විශේශ මොනාහරි සඳහන් කලොත් එදාට බහුතරයක් දෙනා කතාකරන්නෙ පෝස්ට් එක ගැන නෙවෙයි.එහෙම එකක් තියෙනවා.හොඳම දේ එදාට ඒ ගැනම පෝස්ට් එකක් දානෙක.

      Delete
    5. විශේශ මොනාහරි සඳහන් කලොත් එදාට බහුතරයක් දෙනා කතාකරන්නෙ පෝස්ට් එක ගැන නෙවෙයි.එහෙම එකක් තියෙනවා.හොඳම දේ එදාට ඒ ගැනම පෝස්ට් එකක් දානෙක.

      Delete
  4. පණහට සුබ පැතුම් සිංදුවෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප අය්යේ ..

      Delete
  5. පනස්වැනි කඩයිමට සුබපැතුම්.සියවැනි කඩයිම පසුකරන්නට ඉක්මනින්ම හැකිවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුසෝ ..........

      Delete
  6. පනස්වෙනි සටහනට සුබ පැතුම් සින්දුවෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් ........

      Delete
  7. පනහට සූභ පැතුම් මචෝ...
    සුදු සේල අගින් වැසු නීල නුවන් සිංදුව බොහෝ දෙනෙක් ප්‍රිය කරන එකක් මම හිතන්නේ
    ගුවන් විදුලි නාලිකාවල වම් මේ ගීත ඇහෙන්නේ නැති තරම්

    ReplyDelete
    Replies
    1. මනෝ තවම වෙළඳ සේවයේ පොඩ්ඩක් පරණ ගීත යනවා ...අහලා බලපන් ....
      බොහොම ස්තුතියි මචෝ ...........

      Delete
  8. සුභ පැතුම් පනස් වෙන පොස්ට් එකට ...
    එන සතියක මොහුගේ ගී වාදනය වෙන වැඩසටහනක් කරන්න පුළුවන් අපට ඔහුගේ ගී සැමටම අසන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට .........

      Delete
  9. හුරේ ……

    එකෙන්ම පණහයි නේ.. :D

    අකුලෝලම පල … හැක හැක

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි පත්තර මල්ලි ඔබගේ වටිනා අදහස් වලට ...
      #%@#&^

      Delete
  10. 50 ට සුබපැතුම් ....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ ...ජයවේවා !!!

      Delete
  11. 50 වෙනි පෝස්ටුවට සුභ පැතුම්..

    ReplyDelete
  12. විල්බට් ඇන්තනී......
    මේ නම මගේ මතකයට ඇතුළු වන්නේ "සුදු සේල අගින් වැසු නීල නුවන්..." කියන ගීතය ඔස්සේ....
    ඊට පෙර ඔහුගේ ගීත ඇසෙන්නට ඇති.. ඒත් ගායකයා කවුදැයි සොයන්නට මා පෙළඹවූයේ මේ ගීතයයි...
    "හෙළු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
    සේල අගින් ගෙන පිසනු සෙමින්...
    ඔබ මා එක් වී සදා පෙමින්...

    සිත වෙළා දුකින් ලොව කියූ වදන්
    යළි අප රිදවනු නොහැක ඉතින්
    මතු යළි කඳුළැලි නොමැත නෙතින්......"
    (සිසිර කොතලාවල / ඩයමන්ඩ් පෙරේරා)

    තනුවේ ඇති ළගන්නා බව සහ පදපෙළේ රැඳි ආදරණීයබව ඒ ලෙසින් ම අප වෙත ළංකරවූ ඒ ගායනය නිසා ම ඔහුගේ අනෙකුත් ගීත වෙත මගේ හිත යොමුවුණා..
    ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ නොසිටිය ද ඔහුගේ සරල, සුන්දර ගී ගායනාවන් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගත්තා.....
    එවන් සොඳුරු ගායකයෙකු නැවත මෙසේ සිහි ගැන්වීම ඉතා වටිනවා... අනාගත රසිකයින් වෙනුවෙන් මෙන් ම සිංහල ගීතය වෙනුවෙන් මේ කරන මෙහෙය අගය කරන්නේ සතුටින්....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඩිනාලි වෙනදා වාගේම වටිනා අදහස් පළකරමින් ලබා දෙන සහයෝගයට..ජයවේවා !!!

      Delete
  13. මං ආසාම කරන බර කටහඩක් තියෙන සුන්දර ගීත ගොන්නක්........... සුපිරිය මචං

    ReplyDelete
    Replies
    1. එකනේ කුරුට්ටෝ අමතක වෙන්න නොදී නැවත මතක් කරලා ගත්තේ ..
      ජයවේවා !!!

      Delete
  14. ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ගයා, සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයක් ලැබූ පසු, දිගටම ඒ ගායක ගායිකාවන්ගේ ගීත ප්‍රසංග වේදිකාවල ගයමින්, 'රසිකයන් ඉල්ලන දේ දෙන්නේ' යන බොරුවට මුවාවෙමින්, බඩ වඩාගන්නා අමනයන්ට, මෙවැනි ගායකයන්ගෙන් ලැබෙන ආදර්ශය බොහොම ඉහලයි.

    ReplyDelete
    Replies
    1. අනිවා විචා ...මුලින් ප්‍රවීනයන්ගේ ගී වලින් ඇවිත් තමන්ගේම රටාවක් ,අනන්‍යතාවයක් හදා ගත්තා .දැන් වෙලා තියෙන්නේ තමන්ගේ කියලා එකක් හදා ගන්න බැරි කමක් .ඒවා මාකට් කර ගන්න බැරි නිසා පරණ ගායකයන්ගේ ඒවා ගයනවා මම හිතන්නේ ...
      ජයවේවා !!!!

      Delete
  15. 50 වෙනි පෝස්ටුවට සුබ පැතුම්...

    "සුදු සේල අගින්", "ගම හැරදා සිදාදියට", මගේ ප්‍රිය කරන ගීත...ස්තුතියි තොරතුරු බෙදා ගත්තට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොකුරු ....

      Delete
  16. ස්තූතියි ! පද රචනා සහ විස්තර හොයාගන්න මේ බ්ලොග් එක ඉස්තරම් නේ ! සිංදු ඇනෝට බොහොම ස්තූති

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිලිගන්නවා සහෝ !!!
      බොහොම ස්තුතියි ,,,

      Delete
  17. කවියන්නෙ රස හගුම සහ නොමග නොයන් කියන්නෙ අදටත් ජනප්‍රිය ගීත..
    අනෙක්වාට සාපේක්ෂව මම කිවෙ... බහුතරයක් අහපුවා නෙවි...
    ස්තූතියි සිංදු...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියෝ ....උඹ අහලා නැ කිව්වම විස්වාස නැ

      Delete
  18. සින්දු ඇනෝ....මෙහෙම ලිපි බ්ලොග් ලෝකයට එකතුකිරීම අගය කරනවා. විල්බට් ඇන්තනි මාලු ව්‍යාපාරිකයෙක්ව හිටියා මගේ හිතේ. මම කැමති ගීත කිහිපයක් තියෙනවා. නිර්ලෝභී පුද්ගලයෙක් බවත් අසා තිබෙනවා.

    මේ ලිපියෙන් මට මතකයට ආ චරිතයක් තමයි තු.ව.කුසුම්පාල කියන්නේ. ඉතාමත් ජනප්‍රිය ගීත රාශියක් මොහු අතින් ලියවිලා තියෙනවා. මොහු ජීවතුන් අතර නැහැ. ලස්සන සින්දු ලියපු ඉන්ජිනේරුවෙක්.

    අනිත් කෙනා තමයි අති දක්ශ ගිටාර් වාදකයෙක්වූ ඩයමන්ඩ් පෙරේරා.

    ReplyDelete
    Replies
    1. ඔව් එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්.දවසක් පත්තරේකට කියලා තිබුනා - “මම කලාකරුවෙකු වශයෙන් කලා කටයුතු කරන්නේ මගේ හිතට. ව්‍යාපාර කටයුතු කරන්නේ මගේ බඩට. ලක්ෂ ගණනක් ව්‍යාපාර වලින් ලැබුවත් ඊට වඩා තෘප්තියක් සාර්ථක එක ගී නිර්මාණයකින් ලැබෙනවා" කියලා ....
      අරු අය්යේ තුවක්කු වඩුගේ කුසුම්පාල ගැන විස්තර හොයමින් ඉන්නේ .පුන්සිරි සොයිසා "එගොඩත් මෙගොඩත්, රූසිරිනී, කොළොම් පුරෙන් වැනි ගීත කීපයක් ද, විල්බට් ඇන්තනි - ගම හැරදා, අතුල සෝමසිරි "සිංහල ජය ගීත හඬට, සනත්,මල්කාන්ති ගයන "නෙත ගිය හැම තැන", දයාරත්න,අමරා රණතුංග ගයන "පේ‍්‍රම කතාවක චරිත දෙකක්' වැනි ගීත ලියුවේ ඔහු .

      බොහොම ස්තුතියි අරූ අය්යේ ..ජයවේවා !!

      Delete
  19. පනස් වෙනි ලිපියට සුභ පැතුම්. උඹත් යෙදෙන්න හෙමින් ගමනක. Slow and steady...Steady?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ් අයියේ ....හෙමින් යමු .

      Delete
  20. සිංදුවෝ... පනහට සුභ පැතුම්.. උඹ මේ කරන්නෙ එසේ මෙසේ මෙහෙවරක් නෙවෙයි... විදට් ඇන්තනි මම ආසම ගායකයෙක්.. මධුර මනෝහර හඬවල් කියන්නෙ අන්න ඒවට...

    ReplyDelete
    Replies
    1. විල්බට් ඇන්තනි මමත් හරිම කැමති ගායකයෙක් .ගීත ගොඩක් නැති වුනාට තියන ටික බොක්කටම වදින්න කියලා තියනවා ...
      බොහොම ස්තුතියි සජ්ජෝ ...

      Delete
  21. යකෝ මංගල කාරණාවක්නෙ..... හාෆ් සෙන්චරියට සුබ පැතුම් මචෝ..... ඉක්මනින්ම සෙන්චරියක් ගහලා.. ඒ තරම්ම වේගෙන් ඩබල් සෙන්චරියකුත් ගහපන් කියලා සුබ පතනවා,,,,

    ReplyDelete
    Replies
    1. කවදාද මචෝ බාත්රූම් එකෙන් එලියට ආවේ ...
      උඹලා නැති නිසා මේවා ලියලා වැඩකුත් නැතුවා මචෝ ..හැක් හැක්
      අන්න අර මනොශයාට කිව්වනම් 100 ට 200ක් ලියයි ....
      බොහොම ස්තුතියි ප්‍රියෝ ..
      ජයවේවා !!!

      Delete