Monday, October 24, 2016

"ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා"

වැලිතොට අගම්පොඩි සාරොන් ද සොයිසා සහ පානදුර පින්වත්තේ ගී කියනගේ ජෙයිසනෝනා ද සිල්වාට දාව අගම්පොඩි ජුලියට් ද සොයියා 1915 අප්‍රේල් මස 22 වැනි දින බළපිටි‍ය, වැලිතර නිවසේදී උපත ලැබුවේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක කුලුඳුල් නිවුන් දරු උපතේ වැඩිමහල් දරුවා ලෙසය.මූලික අධ්‍යාපනය ලද්දේ වැලිතර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙනි.ඒ. ජේ. ද සොයිසා හෙවත් "සොයිසා මාස්ටර්" යනු කවුරුන්දැයි වත්මන් පරපුර නොදන්නවා ඇති නමුත් ඔහු අතින් ලියැවි රස ගැන්වුණු මධුර ගී එදා මෙන් අද ද එකසේ ජනප්‍රියත්වයේ පවතී.

පාසල් අවදියේ පටන් කලා රසිකයෙකු වූ ඔහු ස්වකීය කලා ජීවිතය අරඹා ඇත්තේ වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසිනි. එවක ඔහුගේ සමකාලීනයන් වූ හර්බට් එම්. සෙනෙවිරත්න, උපාලි වනසිංහ යන අය සමඟ ඔහු ‘සිදුහත්’, ‘සිරිසඟබෝ’ වැනි වේදිකා නාට්‍යවලට දායක වී ඇත.

සොයිසා සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ ගීත රචනා ක්ෂේත්‍රයෙනි. ඒ, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘අයිරාංගනී’ චිත්‍රපටයෙනි. ඉනික්බිතිව ජයමාන්නගේම ‘මතභේදය’, ‘දෛව විපාකය’, ‘වනලිය’, ‘හදිසි විවාහය’, ‘ජීවිත පූජාව’, ‘මංගලිකා’ වැනි සිනමාපටවලට ද ඔහු ගීත රචනා කළේය. ඔහු ලිවූ මුල්ම ගීතය වූයේ මොහිදින් බෙග් සමඟ රුක්මණී දේවිය ගායනා කළ 'තරු පායන ආකාසේ ගීතයයි'(අයිරාංගනී 1954),

*රාණී එන්කෝ නැගී මපෙම්' - රුක්මණී දේවි, මොහිදින් බෙග්
   (අයිරාංගනී 1954),
*පෙම් සිහින ලෝකේ මායා' - රක්මණී දේවි, මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*පෙම් මල් මාලා නෙළා ගොතාලා'-රුක්මණී දේවි,මොහිදින් බෙග්
   (මතභේදය 1955),
*ආදර පාන සුදා' - 'දෙවියන් කෝ සමන් දෙවියන්' - රුක්මණී දේවි
   (මතභේදය 1955),
*මල් සරාට ප්‍රේම ලෝකෙ' - සුජාතා පෙරේරා
   (සත පනහ 1965),
*සුරතලියේ සුකුමලියේ'-මොහිදින් බෙග්, ෂර්ලි බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සාගර හිමිය සොයා'-මොහිදින් බෙග්, මේබල් බ්ලයිත්
   (දෛව විපාකය 1956),
*සුදෝ සුදු රන්'- මොහිදින් බෙග්
   (දෛව විපාකය 1956) ,
*සරාගොයියා හරි මිනිහා'- මේබල් බ්ලයිත්
   (වනලිය 1958)

ආදී සුමධුර ගීත ඔහු ලියූ චිත්‍රපට ගීත අතරෙන් කිහිපයක් පමණි.ඔහු ලියූ ගීත 'ජීවිත පූජාව', 'මංගලිකා', 'රහස් දූපත', 'ඇතුල්වීම තහනම්', 'ප්‍රවේසම්වන්න', 'සල්ලි මල්ලි සල්ලි', 'සිහිනය', 'ලන්ඩන් හාමු' යන චිත්‍රපට සඳහා ඇතුළත් විය. එසේම දෙබස් රචකයකු ලෙස 'සිහිනය', 'වෙන ස්වර්ගයක් කුමටද', 'හෙට ප්‍රමාද වැඩියි', 'දරුවා කගේද', 'සත පනහ', 'ස්විප් ටිකට්', 'ඇතුල්වීම තහනම්', 'ලන්ඩන් හාමු' සහ 'දෙහදක දුක' යන චිත්‍රපට ප්‍රධාන වේ. 

සොයිසා චිත්‍රපට දෙබස් රචකයෙක් ද වෙයි. ‘සිහිනය’, ‘වෙන ස්වර්ගයක් කුමට ද?’, ‘හෙට ප්‍රමාද වැඩියි’ ‘දරුවා කාගෙ ද?’, ‘සිතක මහිම’, ‘සත පනහ’, ‘ස්විප් ටිකට්’, ‘ඇතුල්වීම තහනම්’, ‘ලන්ඩන් හාමු’, දෙහදක දුක’ ඔහු දෙබස් ලියු චිත්‍රපට අතර වෙයි. 'ජීවන ගීතය', 'සැනසුම', 'හදවත් නැත්තෝ' යන චිත්‍රපටයන් හි කතා රචනය ද,'සිතක මහිම' හා 'දරුවා කගේද' යන චිත්‍රපටයන් හි සහය අධ්‍යක්ෂකවරයා වූයේ ද ඔහුය.

සොයිසා වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්ව සිටියේය. ඩී. බී. ධනපාල මහතාගේ ආරාධනයෙන් 'දවස', 'රවිරැස', 'සවස' සහ 'විසිතුර' යන පුවත්පත්වලට සම්බන්ධව සිනමා පුවත් හා විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කළේය. 

එස්. එස්. වේදා, ආර්. ඒ. චන්ද්‍රසේන, ආර්. මුත්තුසාමි, පී. එල්. ඒ. සෝමපාල, පී. එස්. දිවාකර, පාණ්ඩුරංගන්, බී. එස්. පෙරේරා, මොහාමඩ් සාලි, නෙවිල් ප්‍රනාන්දු යන දේශීිය විදේශීය සංගීතවේදීන් සමඟ චිත්‍රපට සඳහා නිර්මාණ දායාද කළ ඔහු, ගුවන් විදුලිය සඳහා ද ගීත රැසක් ප්‍රබන්ධනය කළේය.

1956 වසරේදී ගම්පහ සෝමාවතී මහත්මිය සමඟ විවාහ වූ ඔවුනට පුතුන් තිදෙනෙකු හා එක දියණියක වූවාය. 1984 ජූනි මස 02 දින ඔහු මිය යන විට 69 වන වියෙහි පසු විය. 
-----------------------------------------------------------------------------------
තරු පායන ආකාසේ
සමන් මල වාගේ
සිසිල දෙන වේගේ
ඔබයි සඳ මාගේ

තරු පායන ආකාසේ
මකන රැස මාගේ
තෙදිනි නැඟ වේගේ
ඔබයි හිරු මාගේ

ආලෝකේ ඔබගේ ප්‍රීති ව
මහදේ ප්‍රියාවී
පහනෙකි මාගේ
නිවසෙ හි දිස්නේ මවා වී

ඕ...ඔබෙ ආදර ගංතීරේ
සොයා පීනා ආයේ
නහා සැනසී යේ
මධුර ඔබ ප්‍රියේ..

ඕ රාජා මාගේ
රත්නෙකි දිලෙනා දෙවේලේ
වේවා ප්‍රේමේ නොමැකි ඒ
චන්ද්‍රා ලපේ සේ ....

ඕ...ඔබ නාඹර රූපේ මේ
මා ජීවෙ සම්පතා දේ
මිහිරි රසෙනා දේ
කොමල මන පෑදේ..

තරු පායන ආකාසේ.....

ගායනය -මොහිදීන් බෙග් - රුක්මණී දේවී
ගී පද - ඒ. ජේ. ද සොයිසා
සංගීතය - එස්. එස්. වේදා - ආර්. ඒ. චන්ද්‍රසේන
අයිරාංගනී (1954)
-----------------------------------------------------------------------------------
පෙම් සීන ලෝකේ මායා
සංසාරයේහි පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවා ද තාම ආවේ..

දෙදෙනාගේ ආලය පාන සේමා
බැබළේවා ලෝකේ..
සේමා බැබළේවා ලෝකේ
ආකාසේ පොළොවේ හා ජලේ
මේ ප්‍රීති ගීත පාවේ..

සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවා ද තාම ආවේ..

සන්ධ්‍යාවේ පරවන මලකී
මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ
මේ ශේෂ වූ වෙලාවේ...

මේ ශේෂ වූ වෙලාවේ

සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවා ද තාම ආවේ...

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා
පණ සේ වාසේ වී
දෙදෙනා පණ සේ වාසේ වී
කිසි දා දුක ශෝක නොවෙමින
ලැබෙවාය ප්‍රීතිභාවේ...

සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවා ද තාම ආවේ..

ගායනය - මොහිදීන් බෙග් - රුක්මණි දේවි
ගී පද - ඒ. ජේ. ද සොයිසා
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන
මතභේදය (1955) හින්දි තනුවකි
(ගීතය ගත්තේ යුග යුග රැඳී ගීත පිටුවෙනි )
-----------------------------------------------------------------------------------
සරා ගොයියා හරි මිනිහා - තුවක්කුවක් කරේ තියා
දවසක් දඩයමේ ගියා - සරා ගොයියා හරි මිනිහා

රාළහාමි කෙනෙක් එදා - සයිකලයක නැගී සදා
වෙල අයිනේ පාර දිගේ - පැට්රෝල් ගොස් එන අතරේ
සරා ගොයියා යනු දුටුවා
සරා විහිළුවකට හිතන් - තවක්කුවත් අතට අරන්
පැනලා එම වැටට උඩින් - දුවන්ට විය බොහොම තදින්
පස්සත් නොබලා විගසින්

රාළහාමි මේ දැකලා - සරාව ගැන සැක හිතලා
විගහට බැස දනිපනිලා - බයිසිකලය පසෙකටලා
පස්සෙන් එළවන්ට වුනා

නියර දිගේ කුඹුර දිගේ - වතුර වලේ මඩ වගුරේ
වැටට උඩින් කඩුලු උඩින් - වැටි වැටි දුවතිය දෙන්නා
අහළ පහළ හිටි කොලු රැල - මේ දෙන්නට හිනා උනා
වෙලේ හිටිය වහු පැටියා - රාළහාමිට බය වීලා
දුවන්ට සැරසුන හින්දා - රාළහාමි කඹේ හැපී
දඩෝරියන් බිම පෙරළී

මුහුණ පුරා මඩ නැවුනා - වෙස් මුහුණක් වාගෙ වුනා
සූට් එකෙන් දිය පෙර පෙර - නැගිටීගෙන කොර ඇන ඇන
ආයෙත් එළවන්ට වුනා
මේ බව දුටු කපටි සරා - හිනා වෙමින් නැවතීලා
හෙමින් හෙමින් හති ඇර ඇර - වෙල මැද්දේ ඉ‍දගත්තා

රාළහාමි ද කිට්ටු වුනා
රාළහාමි පැනපු ගමන් - සරාගෙ අත අල්ලා ගෙන
කොහෙද යකෝ උඹ දිව්වේ - දුවලා බේරෙන්නද බොල
මගෙන් එහෙම බැරිවේවි

මොකද රාළහාමි ඇයි - වැරැද්ද මම කරපු මොකෝ
කොයිද යකෝ ලයිසන් එක - දීපන් එය බලන්ට මට
සෙල්ලමකට හිතුවද උඹ
සරා එවිට ඉණ අතගා - ලයිසම ඔහු අතට ගෙනා
මෙන්න රාළහාමි කියා - ලයිසම ඔහු අත තැබුවා
රාළහාමි මෝඩ වුනා

මොකටද එහෙනම් මිනිහෝ - තුවක්කුවක් ගෙන දිව්වේ
තමුසෙට ඇයි මගේ දිවුම - මොකටද පස්සෙන් ආවේ
පුදුම වැඩක් නේද මෙක
දුවන්නටත් අද ලයිසන් - ගන්නට ඕනද රාළහාමි
කියා ඇහුව කලට සරා - රාළහාමි ලජ්ජා වී
හිනා වෙලා යන්ට ගියා

ගායනය - මේබල් බ්ලයිත්
ගී පද - ඒ. ජේ. ද සොයිසා
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන
දෛව විපාකය චිත්‍රපටියෙන් (හින්දි තනුවකි- ශ්‍රී 420 )ගීතය මෙතැනින්
-----------------------------------------------------------------------------------
සුරතලියේ සුකොමළියේ
සුන්දර රාජිනියේ
විවාහයේ මල් නෙළා
පළඳිමුකෝ.....

මා සුදා මගෙ සුදා
පෙම් ලොවේ රාජයා
මා ඔබේ ඔබ මගේ
මා ඔබෙ ඔබ මගෙ
විවාහයේ මල් පැළඳ සදා......

වන රැජිනී මාල ගොතා
පිළි ගැනුමට ආවා
සුරංගනාවිය සොයා
ප්‍රේම ලොවේ.....

ආලයේ ගී ගයා
සෝ ගඟ පසු කරලා
සැනසෙමු නැළවෙමු
සැනසෙමු නැළවෙමු
හඳයි ලපේ වගෙ වෙන් නොමවී

මඩ වගුරේ පිපුණ මලේ
අඩු නොම වේ සුවඳේ
අපේ විවාහය නිසා
ඒ තිර වේ....

ගායනය - මොහිදීන් බෙග් - ෂර්ලි බ්ලයිත්
ගී පද - ඒ. ජේ. ද සොයිසා
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන
දෛව විපාකය (1956 )
(ගීතය  ගත්තේ sinhala Old Songs වෙතින් )
-----------------------------------------------------------------------------------
දෙවියන් අපේ මූණ බැලුවා ...
හොඳ දේ කළොත් හොඳම වෙනවා
පූරුවේ පිනක් කඩන් හැලුනා
දුප්පත් කමේ අඳුර මැකුණා

අද දෙවියන් අපගේ මූණ බැලුවා
කාලෙකට පස්සේ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා
කාලෙකට පස්සේ

හොඳ දේ කෙරුවොත් කවදාවත්
නෑ ඒකෙන් වරදින්නේ
දුප්පත් නමටයි දුක් විඳගෙන
අපි කාලෙ ගෙනියන්නේ

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා .

කාලා බීලා ජොලි කැන්න දන්නවා අපි
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී ...

මල් වාගේ පෝසත්තුන්
බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන්
නම් වැඩක් කෙරෙණවා .

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - ඒ. ජේ. සොයිසා
සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.ගීතය මෙතැනින්
-----------------------------------------------------------------------------------
සුදෝ සුදු රන් කඳේ මගෙ පෙම්
ලොවේ රැජිණී ප්‍රියේ මාලා
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
සිරේ අද මා සොරෙකු වීලා

පැලෙයි හර්දේ තැවී පුපුරා
අහෝ සිහිවී ඔබේ දුකටා
කවුද පිහිටක් වන්න ඉන්නේ
දෙවියනී මේ දුගී අපටා
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
සිරේ අද මා සොරෙකු වීලා

මෙ සංසාරේ දුකයි සැපතයි
කියාල මේ දෙකයි ඇත්තේ
ඇයිද මට මේ දුකම සැමදා
කරුම ජීවේ සැපක් නැත්තේ
ඔබට බැඳි ප්‍රේමෙ.......

ගායනය -මොහිදීන් බෙග්
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන
පද රචනය - ඒ. ජේ. සොයිසා

-----------------------------------------------------------------------------------
සාගර හිමිය සොයා
රූබර නදිය ගියා
අපේ පෙම් රහස කියා

ළිහිනි ගිරා නේක රෑන ගිරා
අපේ තිර ප්‍රේමේ පවසාවී පෙම් ගී ගයා
සේපාලිකා කුසුම් සුවදින් පෙරා
හමා ආවා මේ සැනසීම ප්‍රේමේ කියා

ලස්සන සමනළයා
ඒ දැක රොනට ගියා
ලස්සන සමනළයා
ඒ දැක රොනට ගියා
අපේ පෙම් රහස කියා

පෙම් ලෝකයේ නැගූ සිංහාසනේ
ඔබයි අභිෂේකේ ලැබුවාවු රැජිනි උතුම්
සිංහාසනේ එපා ලෝකේත් එපා
ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා
ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා

රජකම විහිළුවකි
පෙම්ලොව සිතුමිණකි
රජකම විහිළුවකි
පෙම්ලොව සිතුමිණකි

අපේ පෙම් රහස කියා
සාගර හිමිය සොයා
රූබර නදිය ගියා
අපේ පෙම් රහස කියා

ගායනය -මොහිදින් බෙග්, මේබල් බ්ලයිත්
පද රචනය - ඒ. ජේ. සොයිසා
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන



-----------------------------------------------------------------------------------
මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී ගයා ගී

ප්‍රේමවන්තයෙක්‌ මටත් ලැබෙයි කියා
මා සිතුවෙ නැත්තේ සීනෙකින් කියා .
දෑත ගන්නයි කියා
මාගෙ ආලේ සොයා
අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා

දැක්‌ක දාම නෙත් ඇදී ගියා ප්‍රියේ
පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ළයේ
වාසනාවයි මගේ
ප්‍රේම රාණි වාගේ
ඉතින් සැමදා මං ඉන්නෙම් මේ ජීවිතේ

මාව ඔබට පෙන්න දුන්නෙ මහබඹයි
ඒක අහස පොළොව එක්‌ වුණා වගෙයි
රාම සීතා සොයා
ආවා වාගේ ඔයා
කොහේ ඉඳලා දෝ ආවා මේ මා සොයා

ගායනය - සුජාතා අත්තනායක
පද රචනය - ඒ. ජේ. ද සොයිසා
සංගීතය - ආර්. මුත්තුසාමි


-----------------------------------------------------------------------------------
ප.ලි
පොස්ටුව සඳහා විස්තර අන්තර් ජාලයෙන් සහ පුවත් පත් වලිනි .වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ..

24 comments:

  1. සින්දු දැනගෙන හිටියට අයිතිකාරයෝ දැනන් හිටියේ නැහැනේ. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි .පොස්ටුවේ ලොකු වටිනාකමක් තියනවා කියලා හිතෙනවා .
      ජයවේවා !!!!

      Delete
    2. ගොඩක්ම වටිනවා සින්දු ඇනෝ. ඉදිරියටත් මේ වගේ ලිපිටිකක් බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. කිසිම අඩුපාඩුවක් , වැරැද්දක් නැහැ. සිංදු ටික ඇහුවෙත් අද.:)

    ලස්සනයි සිංදු අයියේ.

    ReplyDelete
    Replies
    1. මෙඩූසා..... අර දැක්කම ගල් ගැහෙන යකින්නිදෝ.......

      Delete
    2. ස්තුතියි මෙඩුසා ...ජයවේවා !!

      @සබරේ ...ඔවෝ ඔව් .කෙලින් බලන්න එපා මුණ දිහා හරිය ...

      Delete
  3. හැමදාමත් වගේ ඇහුවෙම නැති සිංදුත් සින්දු හොයලා දාලා...
    දවසක සින්දු ඇනෝ ගැනත් පොස්ටුවක් දායි කවුරු හරි...

    ReplyDelete
  4. Old is Gold කිව්වේ නිකං නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මල් මල්ලි ....Old is Gold+++++++++++++++

      Delete
  5. අඩේ.. මෙතුම ගැන විස්තර දැනගත්තෙ අද...

    ඒක නෙවෙ, අනික් නිවුන් සොහොයුරාට මොක්ද උනේ කියල හොයාගන්න නැත්ද...

    ReplyDelete
    Replies
    1. ඔන්න් බලපන් මෙච්චර පොස්ට් එකක් දාලා උඹ හොයන දේ ....

      Delete
    2. මට හිතුන උඹ ඔහොම කියයි කියල :-) :-)

      කුතුහලය බං කුතුහලය.. ඕක මගෙ උපන් ගතිය.. ;-)

      Delete
  6. මෙවැනි අය පිලිබඳව මතක් කරදීම හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ අයියේ ...උඹල ලියන්නේ නැති එකනම් ලොකු පාඩුවක් අපිට

      Delete
  7. කියන්න තියෙන්නේ මේ සිංදු ඇහුවේ උඹට පිං සිද්ද වෙන්න කියලා තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ...සතුටුයි ..

      Delete
  8. ඇත්තනේ උඹ කිව්වේ සින්දු අහලා තිබ්බට ලිව්ව කෙනා ගැන දැනගත්තේ අද.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි මචන් හරි සන්තෝසයි මචන් ....ජයවේවා !!!

      Delete
  9. මේ ගීත LP තැටිවලින් අහපු කාලේ මතක්වුණා.

    මේ ගීත අතරින් බහුතරයක්, හින්දි තනු වලට සිංහල වචන දමා ලියන ලද ඒවා. නමුත්, රචකයා ඉතා දක්‍ෂ ලෙස වචන පෙළගස්වා තිබීමෙන්, රසය මනාව උද්දීපනය වෙනවා.

    ReplyDelete
  10. මම කැමතිම පරණ සිංදු වලට... බොහොම ස්තූතියි සිංදු ඇනෝ...

    ReplyDelete
  11. අගෙයි සින්දුවෝ............. කාලෙකින් මේ පැත්තට ආවෙත්...... බලමු ආයෙමත් පුරුදු පරිදි එන්න හැකි වෙයිද කියලා.......... ජයවේවා

    ReplyDelete