Sunday, January 29, 2017

"සිත් සනහාලන මුතුවන් වරුසා"


1932 ජනවාරි 21 වැනිදා තලංගම දී උපත ලැබූ පසිඳුගේ ප්‍රේමදාස පෙරේරා පාසල් යන කාලයේදීම පුවත්පත් සඟරා ආදියට කවි සහ ලිපි ලිවීම ආරම්භ කළ ඔහු සිළුමිණ, ලංකාදීප, ජනතා, පුවත්පත් සඳහා වැඩි වශයෙන් ලිපි, කෙටි කතා, කවි ආදිය ලීවේය. ‘බටහිර ලේඛකයෝ’ නම් කෘතිය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි ඔහු ‘ජගත් සුරංගනා කතා, සීනි ගෙදර නපුරු ආච්චි, අමරණීය පුද්ගලයෝ, සිතිවිලි රේඛා, පද්‍ය තරංගනී, නව සඳක්, පාළු අඳුර නිල් අහස මමයි, මිහිර පැතූ ආදරේ, පූජෝපහාරය සහ චීන මධුසමය’ වැනි පොත් විශාල සංඛ්‍යාවක් රචනා කළේය.මා නවකතා, නවකතා, කෙටි කතා ග්‍රන්ථ ලියා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුහ .

තලංගම ප්‍රේමදාස සම්මානනීය ගීත රචකයකු ද  වූයේය.තලංගම ප්‍රේමදාස යන නාමය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ගුවන් විදුලිය නිසාය. සිරි අයියාගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක් වුණු ඔහු, විචිත්‍රාංග රැසක් සහ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. විල්බට් ඇන්තනි ගැයූ ‘හිරු පායා එන සුන්දර මොහොතක’, රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ ‘රන් විමනේ දොර ඇරිලා’, ‘රත්නදීප රත්නදීප ලංකදීප සෝබනී’ වැනි දේශාභිමානී ගීත ද, සෝමතිලක ජයමහ ගැයූ ‘දස බිම්බර මාර සෙනඟ’, ‘බුදු හිමිගේ මුව කමලේ’ සහ වික්ටර් රත්නායක ගැයූ ‘සිත් සනහාලන මුතුවන් වරුසා’ වැනි බොදු බැති ගීත ද ,කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ එන ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ ‘ජීවිත රෝදේ කැරකෙනවා’, ‘කතුරු මුවාත් ‘ චිත්‍රපටයට ඇතුළත් වූ ‘කතුරු මුවාත් පිහිය මුවාත්’ යන ගීත ලියුවේ ද තලංගම ප්‍රේමදාසයන්ය . ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයෙහි එන ‘මායා මිරිඟුව පිරුණු ලෝතලේ’ නම් වූ ගීතයට 1979 දී පැවති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයක් ද හිමි විය.

තිමති වීරරත්න අධ්‍යක්ෂණය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ තිර නාටක රචකයා වූයේ ද තලංගම ප්‍රේමදාසය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘හොටබරි යුද්දේ’ වේදිකා නාට්‍යයෙහි රචකයා ද ඔහුය.‘සූකිරි’ සහ ‘යහළු’ තලංගම ප්‍රේ්මදාසයන් අතින් සංස්කරණය වූ ළමා පුවත්පත්ය. ඔහු භාෂා පරිවර්තකයකු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයෙහි සේවය කළේය. 1986 ඔක්තෝබර් 24 වැනිදා ඔහු මෙලොවින් සමු ගත්තේ අම්මට සිරි ලංකාවේ තවත් කිසිම ඇගයීමක් නැති කලාකරුවෙකු ලෙසය .... 
(විස්තර උපුටා ගත්තේ සරසවිය පුවත් පතින් )
-----------------------------------------------------------------------------------------------
හදේ පිපෙන බැති මල් ගෙන
සෙනේහයේ පිණි දිය ඉස
ඔබේ මුදු දෙපා අභියස
තබා පුදන්නම්..
තබා පුදන්නම්...

ඔබේ ගෙලට මුතු මාලා
සයුරෙන් මතු වේ වලා
ඔබේ පිනට රන් මිණි කැට
පොළවෙන් මතුවේ...
පොළවෙන් මතුවේ...

මවුනි ඔබේ විරු දරුවන්
වැළලූ මිහි දෙරණ පුරා
ගත සිත සිත දිරියෙන් පුබුදන
සුවඳකි ඇත්තේ...

ගී පද - තලංගම ප්‍රේමදාස
සංගීතය - පියදාස අතුකෝරාල
(ගීතය ලබා දුන් එදා ඇසුණු ගී බ්ලොගය සම්පාදනය කරන ප්‍රභාත් රාජසුරිය මහත්තයාට බොහොම පිං )
-----------------------------------------------------------------------------------------------
සිත් සනහාලන මුතුවන් වරුසා
කඩා හැලෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ...

සත්කුළු පව්වෙන් සත් මහ සයුරෙන්
ඈත එපිට බුදුරැස් විහිදේ
සත් පියුමන් මුනිදුන්ට පිපීලා
සුවඳ ගලනවා සිරිපාදේ....

ක්ලේශ දවාලන රාග නිවාලන
ඔබ දැකගන්නයි මා ආවේ
නෙත් ලැබුණා මට ඔබ දුටු පමණින්
දොරටුව හමුවේ නිවන් පුරේ....

ගී  පද - තලංගම ප්‍රේමදාස
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

-----------------------------------------------------------------------------------------------
බුදු හිමිගේ මුව කමලේ
සදහම් රොන් සුවඳ ගලා
මුළු දියත ම සිසිල වෙලා
සිසිල වෙලා සිසිල වෙලා

නිවන් පුරේ දොර ඇරිලා
බුදු ආලෝකය පිරිලා
මුළු ලෝකය එළිය වෙලා
එළිය වෙලා එළිය වෙලා

තණ්හා ආශා දෙදෙනා
බිය වී ඈතට ඇදුණා
මුදිතාවේ ගඟ ගැලුවා
ගඟ ගැලුවා ගඟ ගැලුවා

මාර සෙනඟ පැරද ගියේ
සනරාමර තිලොව පියේ
ඔබෙ පාමුල සෙවණ තියේ
සෙවණ තියේ සෙවණ තියේ

ගී පද - තලංගම ප්‍රේමදාස
සංගීතය  - ඩන්ස්ටන් ද සිල්වා
ගායනය  - සෝමතිලක ජයමහ

-----------------------------------------------------------------------------------------------
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය ගං තීරය
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිහිල මවා
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගගේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා - හද වෙත බුදුන් වඩිනවා

ගී පද : තලංගම ප්‍රේමදාස,
සංගීතය: වින්සන්ට් ද අල්විස්,
ගායනය : සෝමතිලක ජයමහ

-----------------------------------------------------------------------------------------------
මායා මිරිඟුව පිරුණු ලෝතලේ
ජීවිතයේ ගැල ඇදේ... අදේ
ආශා වෙරළේ මිහිරි වේදනා
ඉකි බිදිනා හඩ ඇසේ ..ඇසේ..

රාග චේතනා හද පාරවමින්
මෝහ අදුරකින් නෙත් වැසුනා
තිලෝ තථාගත බුද්ධාලෝකෙන්
එළිය වුනා සිත එළිය වුනා

මායා මිරිඟුව පිරුණු ලෝතලේ
ජීවිතයේ ගැල ඇදේ... ඇදේ ...........

සත්‍ය ධර්මතා ජය දද නංවයි
අසත්‍යයේ රුපුසෙන් පරදා
අටලෝ දහමේ අනුසත් මහිමෙන්
දුක සැප එක ලෙස තුරුලු වුනා

මායා මිරිඟුව පිරුණු ලෝතලේ
ජීවිතයේ ගැල ඇදේ... ඇදේ .........

ගී පද - තලංගම ප්‍රේමදාස
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - වී. හේමපාල

-----------------------------------------------------------------------------------------------
ජීවත රෝදේ කැරකෙනවා
කැරකෙනවා
කරත්තය ලුහුබැද කැරකෙනවා
කැරකෙනවා

මතක අතීතේ පොත මැද්දෙන්
දුක් බර පිටුවක් පෙරලෙද්දෙන්
කදුලෙන් ඉපදී කදුලෙන් සැනසී
ජයගත්තෙමි ජීවිත යුද්දේ

කන්දක් නැගි තැන පල්ලමකී
පල්ලමේ වැටුනෝත් ලෙල්ලමකි
ජයද පරාජය එකසේ ගෙන එන
ජීවිතයත් හරි සෙල්ලමකී

සතුරු කුරුල්ලා පියා සලයි
අද මගේ හදවත නිසංසලයි

දුක සැප හමුවේ..
සොදුරු හිනාවෙන්
ජීවත්වීමත් ප්‍රියංකරයි
ජීවත රෝදේ කැරකෙනවා
කැරකෙනවා
කරත්තය ලුහුබැද කැරකෙනවා
කැරකෙනවා........

ගී පද - තලංගම ප්‍රේමදාස
සංගීතය -ප්‍රේමසිරි කේමදාස
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා/ වික්ටර් රත්නායක ඇතුළු පිරිස

-----------------------------------------------------------------------------------------------
කතුරු මුවාත්....
පිහිය මුවාත්.....

සට පට ගාමින් ගිනි ගල් රෝදේ
පෙරලෙනවා...පෙරලෙනවා..
මුවහත් තියලා මගේ ජීවිතයත්
ඔපපෙවනවා...ඔප වෙනවා...
වැඩිය නොවේ.. සත සීයයි
කතුරට.. පිහියට..
සීයයි..සීයයි..සීයයි...සීයයී

හොර බොරුවක් නෑ
වංචාවක් නෑ
වැඩ ඉහලයි.. වැඩ ඉහලයි
ඇයි රොක්වන්නේ රෝදේ හැපුණොත්
මං ඉවරයි.. මං ඉවරයි

කතුරු මුවාත්....
පිහිය මුවාත්.....

පය ළෙලදෙනවා..ගිනි විසිවෙනවා
මේ රස්සාවෙන් සිත සැනසෙනවා

මොට්ට කතුරකින් කොහොමද මෙතරම්
වැඩගත්තේ වැඩගත්තේ
මුවහත් තබනා ගණනින් සතයක්
අඩු නැත්තේ..අඩු නැත්තේ
වානේ නෙවෙයි ..මේවා බෙලෙක් පතුරුයි
ජග්..ජග්..

සුදුකෙස් අතරින් නොදැනිම පාළුවේ
ඉගිලෙනවා..ඉගිලෙනවා..
ලස්සන මල් මග දුටුවොත් රහසින්
පැණි බොනවා ..පැණි බොනවා
පන්නරේ තිබ්බා පිහියට පණ පෙව්වා

ගී පද - තලංගම ප්‍රේමදාස
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය -ප්‍රේමසිරි කේමදාස
-----------------------------------------------------------------------------------------------
හිරු පායා එන සුන්දර මොහොතක
මා දිනු ශ්‍රී ලන්කාවේ
ලස්සන දුටු විට පාවෙයි හදවත
මනමෝහන ගන්ගාවේ

තුරුලිය වනමල් ගත සරසාගෙන
තව දිනකට සැරසෙනවා
නවුම් උදෑසන ප්‍රීති ප්‍රමෝදෙන්
මුලු හෙලයම පිබිදෙනවා
හිරු පායා එන. ...

ගන්ගා ඇල දොල මෙන් අප දිගටම
නොනැවත පෙරටම යන්නේ
සවු ඉසුරින් පිරි සිරි ලන්කාවක්
මතු දින ඉදිකර වන්නේ..

ගී පද - තලංගම ප්‍රේමදාස
ගායනය- විල්බට් ඇන්තනී
සංගීතය - රෝහණ වීරසිංහ

-----------------------------------------------------------------------------------------------
ප.ලි.
 2017 දී පොස්ට් කරන පලවෙනි එක .බ්ලොග් එක ලියන්න කම්මැලි කමෙන් හිටියේ .එත් මේවා අනාගතේ කවුරු හරි වැඩක් ගනියිනේ .ආයෙමත් ලියන්න කියලා හිටන් හිතාගෙන ඉන්නේ .වැරදි අඩුපාඩු තියනවා නම් පෙන්වා දෙන්න .මෙතුමා ගැන තව විස්තර තියනවා නම් එකතු කරමු ..(ගී පද සොයා දුන් මගේ වත්පොත් මිතුරා Sindu Mee ට බොහොම ස්තුත්යි )

20 comments:

  1. හුග කාලෙකින් උබ දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කවුරුත් නැති නිසා එන්න හිතුනේ නැ මෙන්ඩෝ ...

      Delete
  2. ගැටලුවක් මට..... එතකොට කාටූන් අඳින තලංගම ප්‍රේමදාස කවුද? මෙතෙක් කල් හිතාගෙන හිටියේ ගීත ලියන්නෙත් ඔහුමයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ තලංගම ජයසිංහ නේද ?
      තලන්ගම ජයසිංහ යනු ලේක්‌හවුස්‌ ආයතනයෙහි කුසුම් සමයෙහි බිහිවූ විශිෂ්ට පුවත්පත් කලාවේදීන්ගේ පරපුරට අයත් ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි. හේ එකල මෙරට පොදු ජන ආකර්ෂණයට පාත්‍ර වූ චිත්‍ර කලාවේ පුරෝගාමී ශිල්පියකු ලෙස සුදිලුණි. ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කතා බෙහෙවින් සමාජ සංවාදයට ද තුඩු දුන් බව මට මතකය.

      අඩ සියවසක්‌ ඉක්‌මවූ සිය වෘත්තීය ජීවිතයේ සාඩම්බරය ද සමග තලන්ගම එහිම අභිමානවත් ඉසව්වකට සම්ප්‍රාප්තව සිටියි. ඒ කාටුන් ශිල්පියකු ලෙසය. කාටුන් ශිල්පියා යනු චිත්‍රය හෙවත් රූපය භාවිත කරමින් සමාජයට ප්‍රබල ආමන්ත්‍රණයක්‌ කරන්නෙකි. හේ පැහැදිලිවම සමාජ දේශපාලනය පිළිබඳ අතිශය සංවේදී වූද ඒ සමාජ ප්‍රපංචයන් විනිවිද දක්‌නා වූද නිර්මාණකරුවෙකි.

      කාටුන් යනු අද ජනමාධ්‍ය සමාජයේ ප්‍රමුඛ හා ප්‍රබලතම ප්‍රකාශනයකි. එමගින් කරනු ලබන සන්නිවේදනය ද ඉසියුම් ය. කාටුන් ශිල්පීන් විසින් හඳුන්වා දෙන ලද "මිකී මවුස්‌" වැනි නිර්මාණ ඔස්‌සේ නූතන මාධ්‍ය ප්‍රවාහය සමග බැඳුණු විවිධ චරිත ද වෙති. ඊට අමතරව සමාජ හා දේශපාලන උත්ප්‍රාසයක්‌ දනවමින් පාඨක මනසෙහි බුද්ධිමය ආලෝකයක්‌ දැල්වීම අද්‍යතන කාටුන් ශිල්පීන්ගේ අභිලාෂය වී තිබේ.
      http://www.divaina.com/2014/08/03/nimna03.html

      Delete
    2. සප්ත කන්‍යා චිත්‍රපටයේ කතාව තලංගම ජයසිංහගේ බව මතකයි.

      Delete
    3. ආහ්... මට පැටළිලා නේද? දැන් නිරවුල්...
      ස්තුතියි ඇනෝ.........

      Delete
  3. තලංගම ප්‍රේමදාස කවියාණන් පිළිබඳව ලියෑවි කියෑවි තිබුණු අවස්‌ථා විරළය ඔහුව හඳුනන්නන් ද ක්‍රමයෙන් මෙලොවින් නික්‌ම යමින් පවතී නමුත් ඔහු ද ඒ යුගයේ වෙනත් ගී පද රචකයන් මෙන්ම බිහිකළ නිර්මාණ අනගිභවනීයය

    ඒවා ඉහත කී පරිදි සංඛ්‍යාත්මකව සිමිතය නමුත් අරුත්බරය සෞන්දර්යාත්මකය මණහරය පියකරුය

    ඔහු ගේ පෑන් තුඩින් 60 දශකයේ අවසන් භාගයේ දි ලියෑවුනු වදන් වැල් තනු නිර්මාණයෙන් සරසාලුයේ ප්‍රවිණ සංගීතවේදී ගුවන් විදුලි වද්‍ය වෘන්දයේ ජලතරංග වාදකයෙකු ලෙස එකල කටයුතු කරනු ලැබුවා යෑයි කියන පියදාස අතුකෝරාළයන්ය

    හදේ පිපෙන බැති මල් ගෙන

    හා

    රත්නදීප රත්නදීප ලංකාදීප සෝබනී
    ස්‌වර්ණදිප රත්නදීප ස්‌වර්ණදීප රත්නදීප ලංකාදීප රාජනී ලංකාදීප රාජනී

    තනුව ට සමානව

    රන් විමනේ දොර ඇරිලා රන් වරුසා බිම හැළිලා
    රන් ගොයමේ කිරි වැදිලා සොම්නස්‌ ගග ගලනවා
    ජීවන සරු පස මැද්දෙන් සොම්නස්‌ ගග ගලනවා


    නිර්මාණය කලේ අතුකොරාළයන්ය

    මේවා කලෙක ගුවන් විදුලියේ සමූහ ගී වැඩසටහන යටතේ නිතර වාදනය වුවද අද අසන්නට නැත


    මේ බ්ලෝග් සම්පාදක සිංදු ඇණෝ සහෘද ඔබට මගේ ශුභාෂිංසන





    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ප්‍රභාත් මහත්තයෝ ....මගේ පොස්ට් එකට මේ කොමෙන්ටුව ලොකු එළියක් ඇති කළා වාගේ ....

      Delete
  4. දැන් උඹත් ටිකක් හොරවෙලා. මොනව කරන්නද, මේක අවර දසාව.ඉක්මනට ගෙවෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. හා හා වැදී බණ කියන්ට තනන්ට එපා මචෝ ......ලියනවා කිව්වා නම් ලියමු හරිය ..ඔන්න් අවන්හලත් ආයේ ඕපන් කරලා ...

      Delete
  5. කතුරු මුවාත් විතරයි අහල තියෙන්නෙ. ඒකත් ඒ පිච්චර් එකට පිං සිද්ද වෙන්න.
    ඉතිං ඔන්න ඔහොමයි සිංදු මෙහෙ තත්වෙ. මැණික් යට ගිහිං ගොමරිටි උඩ එන කාලෙනේ හිටං. ගණං ගන්න එපා.
    අපි අපි පුලුවන් දේ කරමු. කාට හරි ප්‍රයෝජනයක් වෙයි නෙව.

    සමහරක් විට කවදමහරි දවසක කවුරු හරි උඹේ බොග කියවල මෙහෙම කියන්නත් බැරි නෑ

    හදේ පිබිදෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නං

    හිහි (එහෙම හොඳද මංද නේ)
    දිගටම යමු ඈ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ...කිව්වත් වාගේ කාට හරි ප්‍රයෝජනයක් තියෙයියිනේ ...

      Delete
    2. මුහුණු පොත මීට වැඩිය ලේසි නැද්ද?

      අමිල ස.වි.

      Delete
  6. සින්දු ඇනෝ බ්ලොග්ස්වලින් ඈත්වෙලාද.....මේ වගේ ලිපි කියවන අපි වගේ අයත් ඉන්නවා.

    ReplyDelete
  7. නවාතැන්පොලේ ඔබ උන්නා - හිම කැට විසිරෙන හැන්දෑවේ

    මේ ගීතයේ පද/ගීතය සොයාගන්න පුළුවන් ද?

    ReplyDelete