Monday, March 13, 2017

"හත් වලාමෙ වෙච්චි දේට"

ප්‍රවීණ පුණත්පත් කලාවේදියකු සහ ජනප්‍රිය ගී පද රචකයකු වූ දෙල්තොට චන්ද්‍රපාලයන් 1938 පෙබරවාරි 28 වැනිදා උපත ලැබූ අතර එච්.ඇම්. කුඩලිගම කවියා ගේ යොමු කිරීමක් අනුව එවකට ජනතා පත්‍රයේ කතුවරයාව සිටි ජ්‍යෙෂ්ඨ තම පුවත්පත් කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන් විසින් දෙල්තොට චන්ද්‍රපාලයන් , සිළුමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරයද හෙබවිය.තවද දිනමිණ සහ ලංකාදීප පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස දිගු කාලයක් සේවය කළේය.ජන දින, ජන සතිය, ලංකාදීප ආදි පත්තරවල උප කතු වරයකු වූ දෙල්තොට සිය ප්‍රගතිශීලී චින්තනය නිසා සමහර ආයතන වලින් විසි වී ගිය නමුදු කාලයාගේ අවෑමෙන් යළිත් ඒ තැන්වලින් ම ඉස්මතු ව නැගී සිටියේ ය.

විපරීත වී යමින් පවතින සමාජ ආකල්ප මෙ ලෙස තියුණු උපහාසයට ලක් කරන දෙල්තොට චන්ද්‍රපාල ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ගත්කතුවරයකු, ගීත නිබන්ධකයකු වශයෙන් කීර්තිමත් නමක් දිනා ගැනීමට පෙර රසික ප්‍රතිචාරයට ලක්වූයේ කිවිවරයකු වශයෙනි.ඔහු ඉංගිරිසි සිංහල දෙබසෙහිම හසළ ලේඛකයෙකි.කලාවටම ජීවිතය කැප කළ ඔහු මනුස්සත්වයෙන් පිරුණු හදවතක් තිබූ සුන්දර මිනිසෙකු විය.

‘මල පොතේ අකුරු බෑ කිව් මිනිහා, එක කුඩයක් යට ගෑවී නොගෑවී, පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන, මල් ගෙන ආවේ නෑ සමිඳුනි’ වැනි ජනප්‍රිය ගීත රැසක් රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ චන්ද්‍රපාලයන් ළමා පොත් විශාල ප්‍රමාණයක් ද රචනා කළේය. 2006 ඔක්තෝම්බර් 03 වැනිදා ඔහු මෙලොව හැර ගියේය.ඔහු ගේ ජනපි‍්‍රය ගීත නිබන්ධන ඊයේ අද මෙන් හෙටත් රසික ප්‍රතිචාරයට ලක්වෙමින් පවතිනු නොඅනුමානය.

------------------------------------------------------------------------------------


එවරස්ට් කන්ද දුම්බාලා දුම් සිංදු
ප්‍රංසයෙ වැලක මිදි ඉදිලා මී බිංදු
සියොල් නගරෙ හිම වැටිලා හිම බිංදු
නයිල් ගඟේ ඉඳී මලකට රැප් සිංදු

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
පීසා එකක් දුන්නයි සිලි කවරෙකට
පීසා නොකා බැස ගේ ළඟ කඩයකට
ණය වී පුතේ කිරි දුන්නේ මම නුඹට

සමහරු දැන උගත් කම් ටික පෙන්වන්න
සංරක්ෂණ කරති කෝකත් රැකගන්න
සීපද ටිකත් අද තාලෙට ගැලපෙන්න
පුළුවනි මේ වගේ යළි සකසා ගන්න...

(කවිය 2005 සැප්. ඔක්./දෙල්තොට චන්ද්‍රපාල)
------------------------------------------------------------------------------------
පින්න මල් පිපී
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි

ලන්ද කොනේ වෙල අයිනේ
කැන්ද ගහේ ගහ මුදුනේ
සිංදු කියන කුරුලු රෑන ගම නළවනවා
ගම නළවනවා

බිංදු බිංදු රන් පිණි මුතු
පුංචි පුංචි කරල් සැදී
ගොයම් ගසේ අග ඇමිණී සුළඟෙ නටනවා
සුළඟෙ නටනවා

සිංදු සිංදු හතර අතේ
වෙල් එළියම එක ගීයයි
රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැළවෙනවා
ගම නැළවෙනවා

ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: දෙල්තොට චන්ද්‍රපාල
තනුව: වික්ටර් දළුගම
+++++++++++++++++++++++++++++++
රත්ති අරන් උදනැක්කේ
රත්ති අරන් උදනැක්කේ කොහෙද යන්නෙ නඟෝ
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නඟෝ

තෙලටිය ගොන්නේ තෙලටිය දලූ මැද ඉන්නේ
කෙකටිය ගොන්නේ කෙකටිය දලූ මැද ඉන්නේ
කණටිය ළඟ මියන පඳුරු අතරේ ඉන්නේ
නුඹ නොබලා ඉන්න බැරිය ඇස් රිදවෙන්නේ

හේන කොටා ගිණි තියලා ඇල් ඉහලා ඇත
මිදුලෙ බුලත් පන්දලමේ දළු ලියලා ඇත
කුඹුරේ මා වී සරුවට කිරි වැදිලා ඇත
නඟෝ මගේ පැලට වරෙන් අගහිඟයක් නැත

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
+++++++++++++++++++++++++++++++++
එක කුඩයක් යට
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ

කිසිවෙකු සමගින් එකට තුරුලුවී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ

මද අව් රස්නෙට වුව සෙවනක් නැත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනුව - ස්ටැන්ලි පීරිස්
+++++++++++++++++++++++++++++++++
මළපොතේ අකුරු බෑ කී මිනිහා
මළපොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා
මළපොතේ අකුරු බෑ කී මිනිහා

මං කැන්දන් එන දවසේ
කණ අස්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුණ්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා

පාන්දරම කඩේ ගිහින්
ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක හීතල වෙනවා

ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනුව - එච්. එම්. ජයවර්ධන
+++++++++++++++++++++++++++++++++++++++
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා 

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා 

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් 

ගායනය, සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල
+++++++++++++++++++++++++++++++++
වසන් වී මුළු ලෝකයෙන්
හදින් හද හඳුනා
දුරින් සිටියත් සිතින්වත්
එක ළඟින් ඉමු දෙන්නා

තුටින් පිරිලා හිතු මගේ
හිතින් හිත බැඳිලා
අපට නොදැනී අපේ සිත්වල
සෙනෙහෙ මල් පිපිලා

අතින් අතගෙන එක්ව යන්නට
වරම් නොම ලැබෙනා
සිතින් එකතුව පෙරුම් පුරනා
පෙම්වතුන් දෙදෙනා

ගායනය,තනු නිර්මාණය - ෂර්ලි වෛජයන්ත
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
+++++++++++++++++++++++++++++++++
පුල්ලි ගොනා ගෙට පැනලා
කඹය කඩාගෙන
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින
හවරිය කාලා
මටයි දෝසෙ තියන්නෙ
මං මක් කොරන්ටද

හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

උපන් දවසේ සිට
තණකොළ කන ගෙරියට
කන්න දෙයක් නැතිව වාගේ
හවරිය කාලා .....

කරුමෙක මහත
නරක නාමෙ දැන් මට
හිතල කොරපු දෙයක් යෑ
බැණල වැඩක් වෙනවයැ
හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

මහා විසාලෙට තිබුණු
කොන්ඩේ නැතිකොට
මඟට බහින්නේ කොහොමද
කියලා අහනවා ,,,,,
වයස ගිහිල්ලත්
ගෙදර උන්දැගේ කෝලම්
මහ පාරේ යන්නට
කොණ්ඩේ නැතිව බැරිවයැ
හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

ගායනය  - බන්දුල විජේවීර /රෝහණ බැද්දගේ
සංගීතය  - රෝහණ බැද්දගේ
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
+++++++++++++++++++++++++++++++++
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී...
අතීතයේ තතු මේ ලොව දන්නේ
ඔබත් මමත් පමණී
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී..
එවන් අතීතය හිමි කර දෙන්නේ
කදුළු බිදක් පමණී....

බාධක අවහිර දුටුදා ආදර
මන්දිර සිද බිද දා....
පැතුම් ඉසුරු පොදි සිත්හි දරා ගෙන
මතකද සමුගත්තා
බාධක අවහිර දුටුදා ආදර
මන්දිර සිද බිද දා....
ඉකි බිදිනා දෙහදක් පෙරදා
මතකයි සමුගත්තා...

දිනයක යළි අප හමුවේදෝ සිත
වදදෙනවා සැනෙකින්
නන්නාදුනනා දෙදෙනෙකු විලසින්
ඉන්නට හැකිද ඉතින්
දිනයක යළි අප හමුවේදෝ සිත
වදදෙනවා සැනෙකින්
අප පිලිබද සිත සෙනෙහස රන්දා
වෙන් වී යමු සැනෙකින්...

පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනු නිර්මාණය හා සංගීතය - විශාරද ෂර්ලි වෛජයන්ත
+++++++++++++++++++++++++++++++++
මලක් වි ඔබ කිමද පිපුණේ
නෙළන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ...

මලේ සුවඳ සිතට ළං වී
සෙනේහෙන් මට ඉඟි කළා
දොළේ සිසිලස ගෙනෙන සුළඟේ
මගේ සිතිවිලි පිබිදිලා...

නෙතේ කඳුලෙන් දරා ගමු දුක
පැතුම් අතරේ තනිවෙලා
අපේ යැයි අපි සිතාගෙන සිත්
හදාගමු දෙතැනක වෙලා...

පද රචනය- දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය සහ ගායනය - ඉන්ද්‍රජිත් දොළමුල්ල
+++++++++++++++++++++++++++++++++
තරහවෙලා ඉමු අපි දෙන්නා
කීවෙමු ඊයේ අප දෙන්නා
ඒ මොහොතේ සිට
ගෙවු හැම මොහොතේ
ඒ අමනාපය මැකී මනාපය
දහස් ගුණේකින් වැඩි වුවා ....

නුදුටු නියායෙන් ඉවත බලාගෙන
ඔබ සිටියත් කොන් වී
දුටු මොහොතේ සිට සිතෙන් සිටින්නේ
මා ඔබ වෙත ලංවී ..

රැ නිදි නොලබා සුසුම් හෙලාගෙන
පහන් කලෙමි ඊයේ
සිහිනෙන් වත් මතු තරහ වෙලා නම්
ඉන්නට බැ ආයේ.....

ගායනය - අබේවර්ධන බාලසූරිය
පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය - සරත් ද අල්විස්
+++++++++++++++++++++++++++++++++
ප.ලි
ලොකු විස්තරයක් මෙතුමා ගැන මට හොයාගන්න බැරි වුනා ..මෙතුමා ගැන වැඩි විස්තර දන්නා උදවිය කොමෙන්ටුවකින් ඒ ගැන ලියමු.(විස්තර පුවත්පත් වලින් ) ....වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ...

16 comments:

  1. //ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
    අතීතයක් පමණී..//
    මේ ගීතය යුග ගීයක් වගෙ මතකයක් තියෙනවා. ඒත් ගායිකාව හරි මතකයක් නෑ. (ෂර්ලි වෛජයන්ත සමග ස්වර්ණලතා කවීශ්වර වගේ පොඩි මතකයක් තියෙනවා. ඒත් හරි මතකයක් නෑ) කොහොම වුණත් ලස්සන ගීත ටිකක අයිතිකරුව දැනගන්න ලැබුණු එක සතුටක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගායනය ෂර්ලි වෛජයන්ත් සමග හසිතා ගුණරත්න.....

      ස්තුතියි දුමි ...

      Delete
    2. හසිතා ගුණරත්න ගැන දැනන් හිටියෙ නැහැ. ස්තූතියි සින්දු..

      ජයවේවා!!!

      Delete
  2. ඉන්ද්‍රජිත්ලා වගේ හොඳ හඬක් ඇති ගායකයෝ සන්ෆ්ලවර්ස්ලාගේ කුඩාරම් වල ඔටුවෝ වෙච්ච එක ගැන දුකයි. ඒත් අපි නෙමේනේ කන්න දෙන්නේ.

    දෙල්තොට චන්ද්‍රපාල ලියපු දේවල් තව ගොඩක් තියෙනවා. තොගේ පෝස්ට්වලට මම මින් ඉදිරියට මම කමෙන්ට්ස් දාන්නෙත් මේ විදියට. ලියනවා නම් ඉස්සර වගේ හරියට ලියපන්. නැත්නම් නිදාගෙන හිටපන්. විහිලුවට ලිව්වේ. මීට වඩා ලියන්න ඕන මේ මනුස්සයා ගැන. උඹම හරියට කරුනු සොයා ගෙන ලියපන්.

    ReplyDelete
    Replies
    1. //තොගේ පෝස්ට්වලට මම මින් ඉදිරියට මම කමෙන්ට්ස් දාන්නෙත් මේ විදියට. //හැක් හැක් ..මම හිතුවා කවුරු හරි ජාතිය අමතයි කියලා ...ලියන්නම් අයියේ ..මම විස්තර හෙව්වා හොයා ගන්න බැරි වුනා ..ඉතින් හිතුවා කොමෙන්ට් වලින් වත් දන්නා එවුන් කියයි කියලා ...

      Delete
  3. එකම එක සැරයක් දැක අඳුරගෙන කතාකරන්ඩ චෑන්ස් එකක් වැදුනා ...
    ජීවිතේට අමතක වෙන්නෙ නෑ එදා ...

    ReplyDelete
  4. ෂා,ලස්සන සින්දු ගණනාවක්ම ඔහු ලියලා තියෙනවානේ.නම අසා තිබුනත් මේ ගී ඔහු ලිව් ඒවා බව දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විස්තර ගොඩක් හොයාගන්න බැරි වුනා මනෝජ් ...(ඇත්තටම බ්ලොග් ලියන්න කම්මැලියි වාගේ .) ඔන්න ඔහේ දැම්මා තිබුන ටික ...

      Delete
  5. උබගේ මේ දැනුම් සාගරයට ඇස් වහක් කටවහක් වදින්න එපා ...
    නෙලුම් යායට වර අඩියක් ගහමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩෝ ...එලද බ්‍රා ....

      Delete
  6. සිංදු කිහිපයක්ම අදමයි දැක්කෙත්. අනේ වාසනාවන් මෙහෙමහරි අකුරක් දෙකක් ගැටගහගන්න උඹ හරි ඉන්නෙක.

    ReplyDelete
    Replies
    1. උඹලා ඉන්නවා නේද බන් ...මෙහෙම හරි දකින්න ලැබීම සන්තෝසයි මචෝ ....

      Delete
  7. පත්තර කලාවේ මගේ පළමු ගුරුවරයා දෙල්තොට මහතා. 1987 අවුරුද්දේ ඔහු විජය ළමා පුවත්පතේ කතුවරයා හා ඉරිදා ලංකාදිපයේ ප්‍රධාන උප කතුවරයා. මාව වැටුණේ මේ සුන්දර මහත්මයා ගාවට. ලලිතකලා ආයතනයේ නැවතී සිට උදේ පාන්දර පහට ආයතනයට වැඩට එනවා හැමදාම. ලංකාදිප සොල්දර තට්ටුවේ නිදියන අපිව ඇහැරවන්නේ දෙල්තොට මහත්තයා.

    ReplyDelete