Friday, April 21, 2017

"නියඟයත් වැසිත් සදන අහස - සේම විඳිමු ගැරහුම් "





වීඩියෝව දැකලා මතක් වුනා ගීත කීපයක් එකම තැනකට ගන්න හිතුවේ ....තව මේ වාගේ ගීත මතක් කරමුද ? (මිනිස්කම ගැන ,දුප්පත් කම ගැන ලියවුන ගීත )

----------------------------------------------------------------------------------------

මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි
පා යුග නැති උන් වෙසෙන රටේ
කුස ගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

ගත සරසන්නට සලුපිලි කුමටද
වැරහැලි නැතිවුන් වෙසෙන රටේ
සවුදිය පුරනට මදුවිත කුමටද
දහසක් මව්වරු දරුවන් ඉල්ලා හඬන රටේ

බණක් අසන්නට පන්සල් කුමටද
වැදි බණ කියනා මෙහෙව් රටේ
අඳ ගොලු බිහිරන් වී කුමටද අපි
ඔලුවක් නැතිවුන් වෙසෙනා මෙහෙව් රටේ

පද රචනය: දයානන්ද රත්නායක
සංගීතය හා ගායනය: ගුණදාස කපුගේ
---------------------------------------------------------------------------------------
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුනු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අඟුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රසමසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය: නන්දා මාලිනී
---------------------------------------------------------------------------------------
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: ටී. එම්. ජයරත්න
---------------------------------------------------------------------------------------
මේ ප්‍රේම කතා නවතා මොහොතක් 
අපි අවට බලමු ඇස් ඇරලා
නැතිබැරිකම් හතරවටේ 
පාවෙනවා සුළග වගේ

නැතිබැරිකම ජයගන්නට 
වෙරදරනා මිනිස්සුන්ට 
අපි දෙන්නා ඔරුවක් වෙමු
ජිවන ගඟ පැදයන්නට

අවුල් තැවුල් පිරුණු ලොවක 
අසරණ වූ මිනිස්සුන්ට 
අපි දෙන්නා පලසක් වෙමු 
දෙපිය නගා ඇවිදින්නට

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි 
සංගීතය: එඩ්වඩ් ජයකොඩි
ගායනය : එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශිනි
---------------------------------------------------------------------------------------
ලඳු ඕවිටි කලල් මතින් 
සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් 
කුස ගින්දර නිවෙනවා
අලුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට 
සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

පද රචනය: කුමරදාස සපුතන්ත්‍රි
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: එඩ්වඩ් ජයකොඩි
---------------------------------------------------------------------------------------
වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්......

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී......

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී.......

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: සුනිල් දයානන්ද කෝනාර 
ගායනය: විශාරද නන්දා මාලනී
---------------------------------------------------------------------------------------
දරා හිස මත මහා මෙර බඳු
තැවුල් සෝ සංකා
තැලි පෑගි ගෙවූ යුගයක
දුවේ දුක් වින්දා

ඉහට හෙවනක් නොලද්දෝ
කුසට අහරක් නොලද්දෝ
හිසට නිවනක් නොලද්දෝ
දුකට පිහිටක් නොලද්දෝ

උදාගිර මත සදා සුවදෙන
උදා හිරු නැගිලා
අනාගතයට නෙලා ගන්නට
අනාගතයට නෙලා ගන්නට
පුතේ මල් පිපිලා

ඉහට හෙවනක් සැදෙන්නේ
උතුරු යුගයක් දකින්නේ
සතුටු සුවයක් විදින්නේ
හිතට නිවනක් ලැබෙන්නේ

ආත්තම්මේ අපේ අම්මේ
ඉසුරු කෙත වපුරා
කරල් කපනා අනාගතයේ
ගලයි කිරි උතුරා

ඉහට හෙවනක් ලබන්නෝ
හිතට නිවනක් ලබන්නෝ
දැයට මෙහෙයක් කරන්නෝ
ඉසුරු යුගයක් මවන්නෝ

පද රචනය: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය: සුජාතා අත්තනායක
ගායනය: විමලා කාන්තා, සුජාතා අත්තනායක සහ සමින් අත්තනායක
---------------------------------------------------------------------------------------
සබඳ අපි කඳු නොවෙමු
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු 
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු 
දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු 
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු 
දනන් නින්දෙන් මුදන

පද රචනය: දර්ශන මේදිස්
සංගීතය හා ගායනය: ගුණදාස කපුගේ
---------------------------------------------------------------------------------------
පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ 
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි 
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැති කමින් ලෝකයේ 
නැති කමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුනත් නෑ පමා පණ පොවා ජීවිතේ 
රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ

වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමූ 
ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ 
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස්
---------------------------------------------------------------------------------------
වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දෙතොලේ ගීයට මුසුකළ මැනැවී

අඩ අඳුරේ මන්මත් කළ රාගය
තොල ගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදයක
කුමට වයන්නෙද එවන් සිතාරය

නව ලොව එළිකළ අරුණාලෝකය
රන්කෙත කරවන සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළමැන වයා සිතාරය

පද රචනය: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය: පී.වී.නන්දසිරි
ගායනය: සුනිල් එදිරිසිංහ
---------------------------------------------------------------------------------------
පණම් අටෙන් මට වැඩි කර දුන්න 
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න 
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ 
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ 
නිම වෙන්නට කල් ගත වෙයිදෝ 
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ 
එදා දවස උදා වේවිදෝ

මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී 
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී 
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න 
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ 
නිම වෙන්නට කල් ගත වෙයිදෝ 
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ 
එදා දවස උදා වේවිදෝ

පද රචනය: නිමල් මෙන්ඩිස් 
සංගීතය: නිමල් මෙන්ඩිස් 
ගායනය: නෙවිල් ප්‍රනාන්දු 
 ---------------------------------------------------------------------------------------
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
ගී ගයනා මිනිස්සුන්ට
පැන් කළයක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එළා දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ

පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය : ප්‍රදීපා ධර්මදාස
---------------------------------------------------------------------------------------
විදුලි මිණි පහන් දැවී 
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා
දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී...

පද රචනය: ලූෂන් බුලත්සිංහල
සංගීතය හා ගායනය: ගුණදාස කපුගේ
---------------------------------------------------------------------------------------
මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් 
ඇසේය මිනිස් පුරවරෙන් 

කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක
------------------------------------------------------------------------------------
අනුනගෙ බර ඔසවාගෙන යන්නට
දෙවියනි මට සවිබල දෙන්නේ
මගේ බර පමණක් දරා සිටින්නට
කවුරුද මට අවසර දෙන්නේ

මසිත සවන්දෙනු මගේ මේ වදනට
මාගැන පමණක් සිතිය නොහේ
මගේ පැතුම් මල් අනුනගේ මිදුලේ
ඈත මෑත නිති පිපුණාවේ...

සීතල කරුණා හද උල්පතකින්
ලෝදිය කිසිදා නොමැත ගලන්නේ
ලෝදිය උල් සීතල කරුණාවෙන්
හිම දිය විලසින් නොවෙද තිබෙන්නේ

පද රචනය: ආර් ප්‍රේමදාස
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න

ගායනය: විමල් ජේ ශ්‍රියාරත්න
------------------------------------------------------------------------------------
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - රෝහණ වීරසිංහ
------------------------------------------------------------------------------------
කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ

කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ

දිඹුල් ගහක් ලගට ගිහින් අඩන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඩන්නෙපා දිය ඉල්ලා
මරු කතරක් මැදට ගිහින් අඩන්නෙපා දිය ඉල්ලා

දිය දෝතක් බොන්න ඕන දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕන මල් අහුරක් තියෙන අතින්
මල් අහුරක් ගන්න ඕන මල් අහුරක් තියෙන අතින්

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව සංගීතය සහ ගායනය :- වික්ටර් රත්නායක
------------------------------------------------------------------------------------
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

පද රචනය: සුජීව කරුණාරත්න
තනුව හා සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: මාලනී බුලත්සිංහල

------------------------------------------------------------------------------------
දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බෑර නොව
හිඳිම් මගේ දුක කිරුල දරා

දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඞා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
------------------------------------------------------------------------------------
මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්... //

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්...

තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්...

පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

ගායනය : සුනිල් එදිරිසින්හ
------------------------------------------------------------------------------------
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මළ මේ දෙරණේ

පොළොවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුළින්
සැනහේ ජය පැන් පුරමින්

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ

ගායනය: සුනිල් එදිරිසිංහ
------------------------------------------------------------------------------------
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය...

තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

වෙරළු ගෙඩිය...

පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: වික්ටර් රත්නායක

ගායනය: සුනිල් එදිරිසිංහ
------------------------------------------------------------------------------------
සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වධක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ

අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ

අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ

අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

පද රචනය: පරාක්‍රම කොඩිතුවක්කු
සංගීතය: රෝහණ වීරසිංහ

ගායනය: සුනිල් එදිරිසිංහ
------------------------------------------------------------------------------------
ප.ලි
මුහුණු පොතේ මගේ මිතුරෙක් වන Chiran Windsor කාලෙකට කලින් මේ ගීත ටික මතක් කළා ..ස්තුතියි චිරාන් 

28 comments:

  1. රජ මැදුරක ඉපදී සිටියානම් - මාලනී බුලත්සිංහල
    කාසිවලට ගන්නත් බෑ - වික්ටර් රත්නායක
    දන්සැල් ළඟ පෝළිම්වල - අතුල-සමීතා
    අඳුරු කුටිය තුළ -ටී. එම්. ජයරත්න
    බෝ--------කිරි කල දහසින් - නන්දා මාලනී

    මෙතන්ට ගැළපෙනවද මන්දා, ඔලුවට එකපාරටම ආව ගීත ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආඬ් ළිංවලින් උනන්නෙ වතුර නෙමෙයි ලේ - නන්දා මාලනී
      මිනිසා සුවඳයි මල සේ - සුනිල් එදිරිසිංහ
      බොරළු ඇනෙන පය රිදවන - දීපිකා ප්‍රියදර්ශනී

      Delete
    2. නියමායි ....එකතු කරමු .

      Delete
  2. බලාගෙන ගියාම අපේ රටේ සංවේදී මිනිස්සු නැති වුනාට සංවේදී සිංදු තියෙනවනේ හැටහුටාමාරක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචෝ ....පරමාදර්ශී චරිත වැහි වහැලා

      Delete
  3. සබඳ අපි කඳු නොවෙමු
    මේ ප්‍රේම කතා නවතා මොහොතක්
    කරගල ගගා ඉන්න
    පිපුන මලේ රුව
    තාර පාර දිග පාට පාට කඩ
    ලෙලි තලන දෝනි
    ලෙන්චිනා මගේ නංගියේ
    පාත ඉඳන් අපි ආවේ
    රෑ වැඩ මුරය
    පලංචියේ වැඩහිඳගන මහ සෑයේ
    මාරියාවේ
    දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති (ඕකට හරියන්න ශාලිතගේ සිංදුවකුත් තියනවා. හදිස්සියට මතක්වෙන්නේ නෑ බං)
    වාරු ගනින් පුත වීරිය එන්නට
    මාලනීගේ මා හඬවාපන් මේ රෑ යාමේ

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දු සෙට් එක කටුස්සෝ ....නියමයි .එකතු කරමු

      Delete
  4. සිල්ප සොදින් දැනගන්න ගිහින් නුම යහතින්දෝ කොලොම්පුරේ???? හැක්

    ReplyDelete
    Replies
    1. මචන් රත්නශ්‍රි ලියපු ගීතයක් තියනවා ඔය වාගේ එකක් ...ඒකනම් ගැලපෙනවා

      Delete
  5. http://masandumal.blogspot.com/2014/08/blog-post_12.html?m=1

    ReplyDelete
    Replies
    1. http://masandumal.blogspot.com/2014/08/blog-post_15.html?m=1

      Delete
    2. කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
      නුඹගේ දෑතට දිරිය වඩන්නයි
      සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
      කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

      අව්වට වැගිරෙන දාදිය වැස්සේ
      කළුගල් තලලා මහමං තැනුවේ
      නිවහල් ලොවකට නුඹට වඩින්නයි
      කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

      දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
      දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
      නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
      කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

      කරදිය ගැඹරේ...

      ගායනය: එඩ්වඩ් ජයකොඩි
      පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
      සංගීතය: රෝහණ වීරසිංහ

      Delete
    3. දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
      සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
      නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
      පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ …..//

      අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා
      සිලි සිලි සිනිඳු දිව සළු පිළි හැඳ පළඳා
      මජනයාට වැදි බණ කියමින බොලඳා
      සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

      දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
      සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
      නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
      පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

      ඉර හඳ අදත් පායනවා හද අරණේ
      මගෙ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ

      හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
      ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ ….////

      ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
      පද රචනය:ඩෝල්ටන් අල්විස්
      තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    4. අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
      සිවු රියනේ හිත සතුටින් නිදන්නට
      මිනිසකු විලස ඉපදුණු පල දකින්නට
      පුළුවනි මරණ මංචකයේ වුවද මට

      දහදිය දිය උනේ නෑ මාලිගාවල
      කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපාමුල
      ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
      කරගැට මතු උණේ නගුලට උදැල්ලට

      මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී
      මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
      ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
      අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

      පද රචනය : සුනිල් ආරියරත්න
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : අබේවර්ධන බාලසූරිය

      http://masandumal.blogspot.com/2014/07/blog-post_13.html?m=1

      Delete
    5. නියමයි මනෝ ....බලපන් දැන් හැමෝටම ලේසියෙන්ම මේවාගේ ගීතයක් ඕනා නම් මේ පොස්ට් එකෙන් ගන්න පුළුවන්

      Delete
    6. මං මේවගේ එකවගේ තීම් එකේ සින්දු එකතුකරල එකට අහනවා.ඒවට නමුත් දාලා, යාපනයට පාලමක්, නෑනන්ඩී,පිළිතුරු ගී,පුන්සඳ රෑට, කකියන ලේ.. මේකට අපි දාමු රන් දහඩිය කියල..

      Delete
  6. මල් ගෙන ආවේ නෑ මා සමිදුනි
    මට මල් දෙන අය නැතිහින්දා
    ගදදුම් ගෙන ආවේ නෑ සමිදුනි
    කාසි පනම් මට නැතිහින්දා
    සෙත දේවා සෙත දේවා නමස්‌කාර වේවා

    දොහොත් මුදුන් දී හිත සනසාගෙන
    බුදුගෙට මා පැමිණෙන වේලේ
    ඔබට නිගාවෙන පවිටකු දුටුසේ
    සැදැහැතියෝ මා දෙස බැලුවේ

    මල් ගෙන ආවේ....

    අතක්‌ බරට පුද පඬුරු අරන් එන
    දහක්‌දෙනා හැම තැන උන්නේ
    හිනා පොදක්‌ අනුකම්පාවෙන් පිරි
    ඔබේ වතේ පමණයි දුටුවේ

    මල් ගෙන ආවේ...

    -ශාලිත අභයවික්‍රම-

    ReplyDelete
  7. ගෙඩි සියයක් බිම හෙළුවත්
    අප්පච්ට එක ගෙඩියයි //

    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..

    පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ //


    ගස් සොලවා හමා ඇදෙන
    සුළඟ තවත් මුරණ්ඩු වෙයි
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
    අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

    ගෙඩි සියයක්..

    පියෙන් පියට ඉහළට යන
    හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
    මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

    ගෙඩි සියයක් //

    ගායනය : නන්දා මාලිනී
    පද රචනය : සමන් ප්‍රියදර්ශන
    සංගීතය : ආනන්ද ගමගේ

    ReplyDelete
  8. වැසි දෙවිඳේ තුරු රජිඳා එපා තෙමන්න
    හෙට උදේට මිටි බඳින්න නඩේට දෙන්න
    එක දවසක් තව රැඳෙන්න එපා වහින්න
    අඬන නංගි නළව ගන්න දිවැස් හෙළන්න

    අප්ප දෙවියො අරං ගියා සුරපුරයට නොවෙද එයා
    අම්ම බුදුන් අරංගියා නිවන් පුරට නොවෙද එයා
    ඒ දෙන්නා දීල ගියේ සිදාදියට නොවෙද එයා
    දෙවියො බුදුන් බලන දිනේ අනේ කියන් හෙටද කියා
    අනේ කියන් හෙටද කියා

    වැසි දෙවිඳේ..


    දරමිටියට කැපුව ගසේ රුක් දෙවියෝ උරණ වෙලා
    මතු බුදුවන අපෙ අම්මා අප්ප එක්ක එකතුවෙලා
    අපි දෙන්නා තනිකරදා එළොව බලා යන්න වෙලා
    තුන් මාසේ අදටයි මේ බණ අහන්න සමාවෙලා
    බණ අහන්න සමාවෙලා

    වැසි දෙවිඳේ..


    පද මාලාව - සමන් සුරවීර ආරච්චි
    සංගීතය - හිරිවඩුන්නේ නාත් බණ්ඩාර
    ගායනය - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. අප්පට බොල ප්‍රසන්නයියා සින්දුත් දන්නවනේ , මලක් වත් ගැහුවද ?

      Delete
    2. නියමයි ප්‍රසන්න අයියා ....

      Delete
    3. @ඉවාන් ..අවුරුද්ද ඉවර වුනු ගමන්නේ බන් ...අවුරුද්දේ පාටි වලට කියපුවා වෙන්න ඇති

      Delete
    4. ඉවාන්,
      ගල්, මල් අනේ අපි ඕව පාවිච්චියක් නෑනෙ. හැක්..

      Delete
    5. යකෝ දෙමළ නයන්න සින්දුත් දන්නවනේ

      Delete
  9. උබගේ හැකියාව ගැන ඉතින් කවර කතාද ?
    එල ද බ්‍රා මචෝ

    ReplyDelete
  10. සංවේදී සිත් ඇති අය ඉන්නාතුරු මේ වගේ නිර්මාණ තව තවත් දකින්න පුළුවන් වේවි.

    ReplyDelete
  11. මුනගැහිලා අඩියක් ගහලා උබගෙන් සින්දුවක් අහන්න ආසයි

    ReplyDelete
  12. ඇණෝ පණම් අටෙන් ලිව්වේ නමි කරැණාරත්න අබේසේකර කඵ දිය දහර සිනමා පටය වෙනුවෙන් මොකද ඒක නිමල් මෙන්ඩිස්‌ ගේ ඉංග්‍රිසි පිටපතේ සිංහල පර්වර්ථනය නොවැ

    කදිම විරෝධාකල්ප ගී පෙළක්‌

    මගේ පෞද්ගලික අදහස නම් ගීත යනු සෞන්දර්යාත්මක කලාවක්‌ යන්නයි ඒවා විරෝධාකල්ප කුඵගැන්වීමට යොදාගැනීම නොකළ යුත්තක්‌ යනුයි කවිය ඊට හොඳ අවියක්‌

    ගීතය කින් මිනිස්‌ මනසේ හැගීම් වලටයි ඇමතිය යුතු එයින් විරහව වේදනාව සතුට වියෝගය දයාව කරුණාව සෙනෙහස අනුකම්පාව වැනි ගුණාංග ප්‍රබෝධමත් කල යුතුයි

    විරෝධකල්ප ගී වලින් කුඵගන්වන්නේ වෛරය කළකිරීම කෝපය

    යළිත් ලියමි එය මගේ පෞද්ගලික මතයයි

    හොඳ ගී පෙළක එක්‌තැන්කිරිමක්‌ මේ ගණයේ ගීත නම් බොහොමයි තව නමුත් ලැයිස්‌තුව දිග්ගැස්‌සීම කියවන්නා ට වෙහෙසකරයි

    ReplyDelete