Thursday, February 19, 2015

5000ක් සින්දු කියලා...



මෙන්නෝ 5000ක් සින්දු කියලාලාලාලාලාලා ............
මේ බ්ලොග් එක පටන් ගන්න දිරි දුන්න හැමෝටම වගේම වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටමත්, සින්දු කියන්න අවා හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තුතියි ....




සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න 
එන්න මිත්‍රයෝ...
ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ 
ඇයි අහෝ මෙසේ...

ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
නෑ කිසි දා ලෝකෙ දිනාලා...

මේ දිවියා මේකා බළලා
වාද වෙලා බෑ බෑ කිසි දා...

මේක මගේ මේක ඔබේ
කාගෙ ද මේ ලෝකෙ අපේ...

එන්නෙ නිකං යන්නෙ නිකං
ඒ වෙනකං ඉන්න හොඳිං...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
ගායනය : සමන් ද සිල්වා

Wednesday, February 18, 2015

‘‘මල්ලි එයාලා කියන ඒවා ප්‍රබුද්ධ නම් අපි කියන ඒවා සුප්‍රබුද්ධ“



“මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්‍ලේ ආලෝකය සදාකාලිකවම පවතීවි” යනුවෙන් 1963 මාර්තු 31 වෙනිදා දවල් 12.20ට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එසේ පවසමින් අසහාය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන් ‘නිහාල් නෙල්සන්’ නමැති නවක ගායකයාගේ මුල්ම ගීතය ප්‍රචාරය කළේය. සරත් මුණසිංහ කවියා (වර්තමානයේ මීගහවෙල සුමනශාන්ත හිමි) රචනා කර ආර්.ඒ. චන්ද්‍රසේනයන් සංගීතවත් කළ ‘ලස්සනට පිපුණ වනමල්’ එම ගීතයයි. ‘කරු’ අයියා එදා කී ලෙසම ‘නිහාල් නෙල්සන්’ නමැති ඒ ‘මල් වෙඩිල්ල’ තවමත් නොනිවී දැල්වෙන්නේය. 

වසර පනහක් තිස්සේ ගායකයෙකු ලෙස පැමිණි ගමනේදී වැඩිම කැසට්පට සංඛ්‍යාවකට ගී ගයමින් පෙරට ආ නිහාල් ඇතැම් විට ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රසංග වේදිකා සංඛ්‍යාවක ගී ගැයූ ගායකයාද විය හැකිය. හේතුව ඔහු ගී නොගයන ප්‍රසංගයක් රටේ පැවැත් වෙන්නේ කලාතුරකින් බැවිනි. ඔහු වැඩිපුරම විචාරයට ලක් වූ ගායකයෙකුද වෙයි. “සාධාරණ විවේචනවලට හිස නමල මම මගේ වැරදි අඩුපාඩු හදාගෙන තියෙනවා. අසාධාරණ විවේචන කළ අය අද හොයා ගන්නත් නෑ. මමත්, සාධාරණ විචාරකයොත් තවම ඉන්නවා” නිහාල් කියයි.

(ආනන්ද පද්මසිරි)



"එක පාරක්, පුන්කලස් තියපු රතු පලස් එළපු දොරගාව මඩ ටිකක් ළාවට වැදිච්ච ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා "අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද" වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. "මෙහෙමයි, වියත් වහර - ජන වහර - පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ" අන්න ඒ කියපු පුර වහර පාවිච්චි කරලා මනහර - සුන්දර - පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් කියලා අපි කිව්වොත් කවුරු මොනවා කියන්ඩද? "

(බූන්දියේ මෙහෙම තිබුනා )

"ගල් මුල් නැතිව කවදාවත් මල් පිපෙන්නේ නැ මල්ලි. ගල් කුඩු වෙලා පෝර වෙලා මුල්වලට වැටුනාම තමයි කවදා හරි දවසක මල් පිපෙන්නේ .
සම්මාන කියන්නේ ලී කොටයක් අරන් පොඩි බාස් කෙනෙක් හදන පොඩි දෙයක් විතරයි .පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට යනකං කොතැනින් බැස්සත් " ආ නිහාල් අය්යා කොහොමද ? නිහාල් මහත්තයා කොහොමද ? කොහොමද මචං කියලා  කන් දෙකට ඇහෙන එක    අර ලී කොට වලට වඩා ගොඩක් වටිනවා මල්ලි ...."
(නිහාල් නෙල්සන්)


"නිහාල් නෙල්සන් නම් අපුරු සොඳුරු කලාකරුවාගේ ඉතා අසීරුවෙන් තෝරා ගත්ත ගීත කීපයක් පමණි" 
++++++++++++++++++++++++++++++++++++++++++++

01.ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි

ඉස්සර මම එනකොට ‍ඔබ ඉඳන් මඟ බලා
ලස්සන ඔය ගැස්සෙන අත්තටු සළලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා වනයට පියාඹලා
ඇයි ගියෙ වනයට පියාඹලා

සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී
රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි
සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී
කැලේකට වැදී කැලේකට වැදී
ඇයි තනියම කැලේකට වැදී

ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා..

ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

ගායනය - නිහාල් නෙල්සන්
සංගීතය - ආර්.ඒ චන්ද්‍රසේන
ගී පද - සරත් මුණසිංහ

02.සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිත

ගායනය - නිහාල් නෙල්සන්
පද  - හේමසිරි හල්පිට

03.කරුණා සුවඳ තවරාලූ හද පියුමේ

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ..........

ගායනය - නිහාල් නෙල්සන්
ගී පද - කොලින්ස් අලුත්ගේ

04.සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්

ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි

බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
ඔය හයි ෆයි කං එතන බාල්දුයි

ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
හරි සන්තෝසයි දිනාපු පැත්ත

දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
එයා කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත

ගායනය - නිහාල් නෙල්සන්

05.කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

කිරි දුන්නේ...

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

කිරි දුන්නේ....

ගායනය : නිහාල් නෙල්සන්
සංගීතය : රංජිත් පෙරේරා
පද රචනය : සරත් මුණසිංහ

06.රාජගෙ නංගිගෙ නම රෝජා

රාජගෙ නංගිගෙ නම රෝජා
ඈ මා දැකලා වී ලැජ්ජා
හදවත කල හින්දා පූජා
මගේ මස්සිනා නඩරාජා
දැං මගේ මස්සිනා නඩරාජා

ආඬි ළිඳේ දිය ඇදල උදේ
මට නාගන්නට කියල වදේ
උදේට හදලා මසල වඩේ
කන්නට දෙන එක ඇයගෙ වැඩේ
රාජගෙ නංගිගෙ නම රෝජා...

තල් රා මුට්ටිය ඉහේ තියා
නඩරාජා එයි මාව හොයා
මගේ මෂ්ෂිනා ඔන්ද මුනියා
කියලා මට සලකනව එයා
රාජගෙ නංගිගෙ නම රෝජා...

රජ සැප ලැබුණත් ඉඳල මෙහේ
ගම රට අමතක කෙරුව නොහේ
පැනගත්තා යාපනෙන් අනේ
රෝජා ගැන දැන් දුකක් දැනේ
රාජගෙ නංගිගෙ නම රෝජා...

ගායනය - නිහාල් නෙල්සන්

07.උඩ කරණම් බිම කරණම්

උඩ කරණම් බිම කරණම් ගහන පරවියා..
වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරවියා...
ගහ ගනිමින් බැන ගනිමින් හදන පරවියා..
සාමයෙ සළකුණ ලු පරවියා ...

කොමන් ටැන් ටේල් නමින්  සුදු කළු පුල්ලි වලින්
හොඳ ජාතියේ වටිනා පරවීයෝ රෑනක්
වටපිට ගමෙන් ගොඩෙන් ගෙනැවිල්ලා
හරි ආදරෙන් හැදුවා යාලුවෝ දෙන්නෙක්
හොදින් හිලෑ කරලා ඉතින් - අරගෙන කුඩු දෙකෙන්
කරනම් ගහන හොදට පරවී ජෝඩුවක්
අත මිට ගුලි කරමින් උඩ ගහලා  - හරි ප්‍රීතියෙන් දුන්නා අත්පුඩි පාරක්
ඒ පරවියෝ දෙන්නා - දිගටම උඩ යන්නා
යාලුවෝ දෙන්නා  - බිම හෙම්බත් වෙන්නා
රෑ බෝ වෙන්නා  - නැ පරවියෝ දෙන්නා
බැලුවම උන්නා එකෙකුගේ කුඩුවේ දෙන්නා

මගේ සතා මම ගන්නම් ආයෙත් හෙට එන්නම්
කියමින් කුඩුවේ දොර ඇරියා එක්කෙනෙක්
අනෙකට තරහා ගිහින් ඔරවාලා
හරි කෝපයෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්
උඹේ සතා මොකටද බන් මගේ කුඩුවට දමන්
එකේ සත්තු ගන්න උඹට නැනේ අයිතියක්
ඇතිවුන කතාබහෙන් වැරදිලා
සාමයේ සලකුණෙන් එතන උනා මරණයක්
මේ සාමය පෙන්නා අපට සලකුණු දෙන්නා
මේ ලෝකේ ඉන්නා මිනිසුන් වැනසෙන්නා
යාළුවො දෙන්නා පරලොව යන්නා
පරවියෝ දෙන්නා එකට කුඩුවේ ඉන්නා ..

ගායනය - නිහාල් නෙල්සන්

08.අහිංසකයි එලිය බෙදයි 

අහිංසකයි එලිය බෙදයි කණාමැදිරියෝ
ළමා ලපටියන්ගේ යාළුවො
රූන් රූන් නාදේ දමයි අනුන්ගේ ලේ උරයි
හරිම කරච්චලේ මදුරුවෝ ..

ගමේ ළමයි හරි ආසයි - කණාමැදිරියන්ට අත වනයි
මදුරුවන්ව තලා දමයි - දැක්ක ගමන් බයේ පන දුවයි
මදුරුවන්ට මේක පෙනෙයි ඉරිසියාව හිතේ රජ වුනයි
ගත්ත තීරණය මේකයි කණාමැදිරින් වනසන්නයි ..
අහිංසකයි ...

පාවෙන එළියක්‌ පෙනිලා මදුරු රජෙක් පැන පැන විද්දයි
කණාමැදිරියෙක් කියලා විද්දේ සිකරට් කොටයකටයි
පිච්චුනා මදුරුවා දැකලා අනිත් වුන්ගේ මොලේ පැදුනයි
අසරණයන් හට විදලා රිද්දෝවොතින් වෙන්නේ මේ ටිකයි
අහිංසකයි ..

ගායනය - නිහාල් නෙල්සන්

09.අම්මා නැති කල

අම්මා නැති කල අප්පා කවර කලේ
කියලා කිව්වේ බොරුවට පොඩි කාලේ
නිම්මා නැති පෙම් නිතර ලබා දීලා
අම්මා කිව්වා තත්තා පැ ආලේ ..
මව් පියෝ දෙන්නම ඒක වගේ - වෙනසක් නැ පුතුනේ

ලේ කිරි කර පෙව් බව සැබැයි - උස් මහත් කල බවත් සැබැයි
කැව් පෙව් හැටි මව දනී - ඒවා සේරම හරි තමයි
මවට වෙර ලැබුනොතින් තමයි - කිරට ලේ හැරවෙන්නේ ළමයි
තත්තා දුන් දිරියෙනුයි  - දරුවෝ රැකුණේ ඇත්තමයි

ජිවන ගමනේ පැති දෙකයි
හොඳ නරක ඒ දෙක තමයි
පියා නිසි මඟ ගිය විටයි
බිහිවුනේ ලොව හොඳ ළමයි
වස්තුවනම් පන දරුවොමයි
මව් පියන් හට බොරු නොවෙයි
බෙදා වෙන්කළ නොහැකිමයි
දෙමාපියෝ ලොව ඒක වගෙයි

අම්මා නැති කල ..

ගායනය - නිහාල් නෙල්සන්


10.කාවඩි බයිලා

නාන් දින් තිලක නදින් කොහොඹ කලේ ඔලුවේ තියන් 
මෝලම්   පාරට නටලා 
තාලම් නාග සලම් තමිල් බෙරේ කරේ බැඳන්   
කෝලම් ඔක්කොම දමලා 
බාරහාර ඔප්පු කරන් දෝතින් පඬුරු අරන් 
කතරගමේ දෙවිඳුට වැඳලා 
පෝලිම් ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන් 
නටන්න කාවඩි බයිලා ...

පස්සපාන ඇඟ ගාගෙන පිරුවට ඇඳලා 
මොණරපිලෙන් සැදු කවඩි කර උඩ තියලා 
ජෝතිදාරේ රිද්මේ  අනුව පාදය තබලා 
ඉතින් දෝසබංග වෙන්න නටමු මැද්දට වැටිලා ..
      
කතරගමේ ගුණ වරුණේ සැමට කියලා 
මම හතර වටින් ගොතන්නේ මේ කාවඩි බයිලා 
අතර මගින් ඇන්න එන මල් මාල ගෙනල්ලා 
ඉතින් නතර නොවී නටලා ආරුඪ වෙයල්ලා ..

ගායනය - නිහාල් නෙල්සන්

11.ඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලි 

ඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලි 
මන් බොරු කරන්නේ නැනේ ඔබට ඇත්තයි මගේ මාලි 
සරු දිවියක රස බලන්න කාලේ ලඟයි මාලි 
පේරු රත්තරන් වාගේ අපේ ආදරේ මාලි 
මා ප්‍රිය මාලි මා ලදී මාලි අදර මාලි 
ඔයා මගේම මාලි ...

ගෙලට මාල අතට වළලු ඔබට ඕන නැ 
කනට තෝඩු පයට ගිගිරි කිසිම පලක් නැ 
හදට රුවට අමුතු ඇදුම් වලින් වැඩක් නැ 
ඔබ ඇති නිවසට පහනක් ඕනා වෙන්නේ නැ 
නැ .. නැ ඕන වෙන්නේ නැ ..

අහස ගැබේ හඳ හැංගිලා ඉඳලා පලක් නැ 
දහස් ගණන් තරු තිබුනත් ආලෝකය නැ 
මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නැ 
මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ 
 නෑ ..නෑ ..කිසි අඳුරක් නෑ

ගායනය - නිහාල් නෙල්සන්

12.කසිලි බිසිලි නැ

කසිලි බිසිලි නැ අපේ අතේ පච්ච නැ 
බජාර් එකේ හොඳ කකුලක් මන් 
මගේ ඇදිලි බැදිලි නැ හිතේ බයක් නැ 
ඉදිරියටම යන කොල්ලෙක් මන් 
ගෙවිලා ගිහින් රාහුගේ අපලේ 
දැන් නම් මගේ සිකුරා නළලේ 

කන්ද කපා හඳ පායනවා
ලන්ද දිගේ හඳ පායනවා 
ලගදීම මට හඳ පායනවා 
කෙල්ලක් මම කැන්දන් එනවා

මැණිකෙලා කුසුමලා ගම පැත්තේ 
කවුරුත් නැ මගේ හිත ගත්තේ 
එක කෙලි පැන්චියි මට ඇත්තේ 
ඒකිව මට ලැබෙනවා සත්තේ ...

ගායනය - නිහාල් නෙල්සන්

13.පන්සල පල්ලිය කෝවිල හැමතැන

පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල් අතුපැල තුල මහා මන්දිර වල
මතු වන්නේ එක මිනිස් හඩයි

ඇති නැති කම් වල ලොකු පොඩි කම්වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වූ විට
වෙනසක් නැති බව නෙතට පෙනෙයි

පායන හිරු සඳු යට එක පොළවක එකට ඉන්නවා
ජිවන සටන් බිමක කොයි කවුරුත් එකට රැදෙනවා
කුල මල ආගම් බේදෙන් සමහරු දුකට වැටෙනවා
මිනිසත් කමේ අගය දන්නා ය සටන දිනනවා

උපදින හැම කෙනෙකුම උපතින් එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු උස් මිටි කම් සලකනවා
යහගුණ දන්නා සිතකින් මිනිසත් කම මතුවෙනවා
මිණිමුතු වලටත් වැඩියෙන් පිරිසිදු සිත බැබළෙනවා ..
පන්සල පල්ලිය කෝවිල හැමතැන

ගායනය - නිහාල් නෙල්සන්

14.කුක්කු කූ කූ කුකුලා හඬනවා

කුක්කු කූ කූ කුකුලා හඬනවා
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
පත්තර වල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට
අපි කියවනවා ..
පිත්තල මොළ රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන
දවස ගෙවනවා

රටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ
ලෙඩ මුල් පිටුවේ පුරවලා
කෑම ජාති බීම ජාති බේත් ජාති
හිස් තැන්වලට රිංගලා
කාර් සේල් ඉඩම් සේල් මැෂින් සේල්
අන්තිම පිටුවේ තෙරපිලා
වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන්
රජ පුටුවලට වෙන්වෙලා ...
කුක්කු කූ කූ කුකුලා හඬනවා ...

අනඟ රැඟුම් පරණ බැඳුම් සිතුම් පැතුම්
වෙනමම පිටක ලියවිලා
කවි පබැදුම් බිතුසිතුවම් කලා  කෙරුම්
පිටුවක සිත පහන් කළා
යන්තරයෙන් මන්තරයෙන් සුස්තරෙන්
කැඩිච්ච දේපල එක් කළා
ඔයින් මෙයින් දින ගවමින් සිහිවිකලෙන්
මිනිසුන් අතරමන් වෙලා ...
කුක්කු කූ කූ කුකුලා හඬනවා

ගායනය - නිහාල් නෙල්සන්

15.බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර්

බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
අතුරු මිතුරු දඹදිවතුරු
එදා පටන් අද වෙනතුරු
මේ කල්පය පවතින තුරු
අරින වහන බාර් ...
බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
උදේ පටන් රෑ වෙනතුරු - උතුර දකුණ නොපෙනෙන තුරු
බොන කට්ටිය ඉන්නා තුරු - වහන්ඩ බැ බාර්
බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...

මුතුන් මිත්තෝ බාර් වලට ගිහින් බිව්ව කාලේ
වාගේ නොවෙයි දැන් බැලුවම මොඩිෆයි වෙලා තාලේ
ඕපන් වෙලා මාකට් එක තරගේ වැඩියි රාලේ
විස්කි බ්‍රැන්ඩි ගල් පොල් බොන කාටත් එක ලිලේ ..

බාර් තියන තරමටයිනේ බොන අය වැඩි වෙන්නේ
සුර් වෙච්ච තරමටයිනේ සවි බල දිය වෙන්නේ
සර් ඔහොම බොන්න ගියොත් නැති ලෙඩ ඇතිවෙන්නේ
බාර් එකෙන් පෙනහැල්ලත් අරගන්නයි වෙන්නේ ..

බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//

ගායනය - නිහාල් නෙල්සන්

16.සින්දුවක් අයිති කාටද ..

සින්දුවක් අයිති කාටද ..
ටි වී රේඩියෝ වල ඒ ගැන කරයි විවාද
ගියක අයිතිය ගැන නිතරම පත්තර වලද
කරනවා වාද විවාද ...

සංගීත වේදියෝ රචකයෝ ගායකයෝ එක්වෙලා
අතීත කාලේ ලස්සන ගීත බිහිකලා
ඒ ගී රසිකයන්ට අහන්න දුන්නා
අයිතිය බදාගන්න සිතුවේ න එදා ...
ටීටර් ජනප්‍රිය වෙලා - යද්දී ඔවුන් තුන් දෙනා
ඒ ගැන සතුටු වුනා එකට එක්වෙලා
කාලය හෙමින් ගෙවිලා ගියා
සියල්ල වෙනස් වී ගියා ..

සින්දුවක් අයිති කාටද ..
ගීත රචකයා කල්පනා හසුරුවා ගීයක් ලියුවට
සංගීතවේදියා තනුවක් ඊට යෙදුවට
ගායකයා නොගයුවොතින් ගීතය රහට
ගීතය යාවිද ජනතාව අතරට
හරියට කනප්පුව වගේ  - එකේ කකුල් තුන වගේ
අර තුන්දෙනාට එහි උරුමය සමය
යුගයෙන් යුගේ බිහි වුනාම
අයිතිය රසිකයන්ටය ....


සින්දුවක් අයිති කාටද ..

ගායනය - නිහාල් නෙල්සන්


---------------------------------------------------------------

--------------------------------------------------------------

ප .ලි 

මේ සමහර ගීත වල පද රචනය හොයාගන්න බැරි උනා තවම .කවුරු හරි උදවු කරන්න මේවා හොයාගන්න .අනිත් දේ සින්දු වල පද වල අඩු පාඩු තියනවානම් පෙන්වා දෙන්න .(වයසත් එක්ක කන් ඇසීමේ අඩුවක් එනවලුනේ : -) )

--------------------------------------------------------------
ප.ප.ලි 
මෙන්නෝ 5000ක් සින්දු කියලාලාලාලාලාලා ............
මේ බ්ලොග් එක පටන් ගන්න දිරි දුන්න හැමෝටම වගේම වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටමත්, සින්දු කියන්න අවා හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තුතියි .... 





Wednesday, January 28, 2015

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව







අද උදේ මගේ යාලුවෙන් මුහුණු පොතේ පල උන ලිපියක් මට ඒවා තිබුනා පුලුවන්නම් බොලොග් එකේ පල කරන්න කියලා  .එය ලියා තිබුනේ "ගනුෂ්ක රන්දුල" නමැති සොඳුරු තරුණයෙක් .මටත් රටක් රාජ්‍යක් පහල උනා වාගේ ඒ විස්තර ටික දැක්කම .ඒ තමයි අපි හැමෝගෙම කැමතිම ගායකයෙක් වන සි ටි ප්‍රනාන්දු  මහත්තයා .ඔහුගේ 94 වන උපන් දින සමරුව වෙනුවෙන් තමයි මේක ලියලා තියෙන්නේ . ඒ නිසා හැමෝටම කියවන්න මම ඒ ලිපිය මෙතැන පල කරනවා. ගනුෂ්ක රන්දුලට බෝභෝමත්ම ස්තුති කරනවා මෙය පලකිරීමට එකඟ වීම ගැන ........ 
------------------------------------------------------------------------------

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

(සී. ටී. ප්‍රනාන්දු ගේ 94 වැනි උපත් සමරුව 2015 ජනවාරි 28 වැනි දාට යෙදේ. මේ සටහන ඒ නිමිත්තෙනි.)
එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය.

සී. ටී. ගුවන් විදිලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ “සවස් කල ඇලේ හමන මඳ නලේ” නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දී ම රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) සමඟ ගැයූ “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී.ටී. වෙනුවෙන් පමණක් ගී ලියූ ආර්. එන්. එච්. පෙරේරා විසිනි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ ආර්. එන්. එච්. වූකලී සී. ටී. ගේ සමීප ඥාතියෙකි. ඔහු ලියූ ගී පදවල අපූර්වත්වය, සෞන්දර්යාත්මක භාවය හා සරල බව නොමඳ ව පිරී තිබිණි. “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” පමණක් වුව ද මේ සඳහා ප්‍රමාණවත් නිදසුනෙකි. අද පවා පාසල්හි භාවිත කැරෙන සිවු වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙහි මේ ගීතය ඇතුළත් කොට ඇත්තේ එහි ඇති මෙ කී විශිෂ්ටතාව නිසා ය. සී. ටී. වෙනුවෙන් ආර්. එන්. එච්. ලියූ “සුවඳ රෝස මල් නෙළා”, “අම්බිලි මාමේ”, “පින් සිදු වන්නේ” වැනි සෙසු ළමා ගීවල ද මේ විශිෂ්ටතා ලක්‍ෂණ නොමඳ ව ගප් වී තිබේ. තුරුණු වියේ දී ළමා ගී ගැයූ ගායකයකු බවට සී. ටී. පත් වූයේ බෙහෙවින් ම ආර්. එන්. එච්. ගේ පද රචනාවල බලපෑම නිසා ය. අද වුව ද වැඩි ම ළමා ගී සංඛ්‍යාවක් ගැයූ වැඩිහිටි ගායකයා වනුයේ සී. ටී. ය. ගුවන් විදිලියේ ‘ළමා පිටියෙන්’ හෝ ‘සරස්වතී මණ්ඩපයෙන්’ හෝ බිහි වූ ළමා ගායකයෙක් නම් ළමා ගී ගැයීමේ අරුමයක් නැත. එහෙත් තුරුණු වියේ දී විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත් වූවකු ළමා ගී වෙත ආසක්ත වීම විශේෂත්වයෙකි. සිංහල ළමා ගීයට සී. ටී. ගෙන් සිදු වූ සම්ප්‍රදානය මෙ තෙක් ප්‍රාමාණික අධ්‍යයනයකයට පාත්‍ර වී නැත. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ එක් පැතිකඩකි.


                       (සීටී, පැට්‍රික් දෙනිපිටිය සහ සුනන්ද මහේන්ද්‍ර )

සී. ටී. ගේ ගීවල පැවැත්තේ ඔහු විසින් ම නිර්මාණය කරන ලද මනහර ස්වතන්ත්‍ර බටහිර තනු ය. ඔහු ගැයූ චිත්‍රපට ගීත හැරුණු කොට සෙසු සියලු ගීවල තනු නිර්මාණය සී. ටී. ගේ විය. මුල් දසකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්. පෙරේරා වුව ද පාසල් සමයයේ පටන් සී. ටී. ගේ මිතුරකු වූ පැට්රික් දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. සී. ටී. - පැට්රික් සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගී රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක් ඇති ගීත ය. එ වක සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ අනුකාරක ගී රැල්ල බෝ වන රෝගයක් මෙන් පැතිරෙමින් තුබුණ ද සී. ටී. බටහිර ගී තනුවලට වචන ඔබා ගැයුවේ නැත. ඔහු ගේ සියලු ගීවල තුබුණේ ස්වතන්ත්‍ර තනු ය. මේ නවමු බටහිර තනුවලට බෙහෙවින් ම ආකර්ෂණය වූයේ එ වක ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය යි. ඒ අනුව අගනුවර ධනපති පංක්තිය වෙත සිංහල ගීතය ගෙන යෑමේ ගෞරවය සී. ටී. වෙත හිමි වේ. ඔවුන් වෙත සිංහල ගීය ගෙන යෑමෙන් සී. ටී. හට සැලැසුණේ සුළුපටු ප්‍රතිලාභයක් නො වේ. සති අන්තයේ දී ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) සහ ගල්කිස්සේ මහ හෝටලයේ (Mt. Lavinia Hotel) පැවැති සාද සම්භාෂණ ආදියෙහි ගී ගැයීමට සී.ටී. හට නිතොර ඇරියුම් ලැබිණි. එක් දහස් නවසිය හැට ගණන්වල සති අන්තයක සී. ටී. මේ හෝටලයෙක ගී ගයනු දැක-ගත නොහැකි වී නම් ඒ ඉතා කලාතුරෙකිනි.

සී. ටී. ගේ ගායනයට වසඟ වූයේ මෙ රට රසිකයන් පමණක් නො වේ. ඉහත කී අගනුවර සුපිරි හෝටල් සහ ‘කැංඩි ලේක් ක්ලබ්’ (Kandy Lake Club) කේන්ද්‍ර කොට-ගෙන සී. ටී. හට ඉංගිරිසි ජාතික රසික පර්ෂදයක් ද බිහි විණි. 1967 – 1968 සමයයෙහි ‘ලකී සෙවන්’ දුම්වැටි සමාගමයේ අනුග්‍රහයෙන් ගුවන් විදිලියේ ඉංගිරිසි සේවයේ විකාශය වූ ‘ලකී සෙවන් ෂෝ’ (Lucky Seven Show) නම් සංගීත වැඩසටහනට සී. ටී. ගේ සිංහල ගීත ඇතුළත් වූයේ ඒ වන විට ඔහුට එතරම් ඉංගිරිසි භාෂක රසිකයන් සිටි බැවිනි. ඉංගිරිසි ජාතිකයන් සී. ටී. ගේ මනමෝහනීය හඬට කොතරම් වසඟ වූවා ද යත් සී. ටී. හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලංඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කළා ය. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ය. 1969 ජූනි 24 වැනි දා ලංඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. පසු දා සී. ටී. හා පැට්රික් දෙනිපිටිය බී. බී. සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වූ හ. එ දා ඒ පිළිසඳර මෙහෙයැවූයේ එ වක ‘බී. බී. සී. සන්දේශයේ’ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් ය. සිංහල සේවය අනුයමින් බී. බී. සී. ලෝක සේවයේ වෙනත් විදේශ සේවාවන් ද එ සේ සී. ටී. හා සංවාද පවත්වා විකාශය කොට තිබේ.

නාවලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් සී. ටී. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එ බැවින් ඔහු ගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‍ෂා කරනු උගහට ය. සී. ටී. ගේ නිර්මාණවලින් දක්නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතින්හි ආභාසය යි. සී. ටී ගේ ගීතවලට හා ඉදිරි පත් කිරීමේ ශෛලියට නැට් කිංකෝල් නම් ඉංගිරිසි ගායකයා ගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වා-දෙයි. ඔහු ගේ “සැළලිහිණි කොවුල් හඬ” ගීයෙන් “There’s a tavern in the town” නම් ඉංගිරිසි ගීයේ යම් ප්‍රතිරාවයක් ඇසෙන බව වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කොට තිබේ. යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක් සී. ටී. ගේ “බේරෙන පැණි බිඳු රතු මී වද බඳු” ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වයි. එ මෙන් ම සී. ටී. ගේ “සීගිරි සුකුමාලියේ” ගීය බොසානෝවා රිද්මයෙන් (Bosanova Rhythm) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ “රන්වන් රන් කෙඳි පීරලා” ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල් ම රොක් ඇන් රෝල් (Rock & Roll) ගීතයකි. එ මතු නො ව, සී. ටී. ගේ ගීතවලින් ස්පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක් දැකිය හැකි බව බී. බී. සී. මාධ්‍යවේදී ජෝන් මයර්ස් (John Myers) සඳහන් කැරැ තිබේ.

නොයෙක් බටහිර සංගීත සම්ප්‍රදායයනට අනුගත සිංහල ගීත නිර්මාණ බිහි කිරීමට අමතර ව බටහිර පන්නයේ ගායනාලංකාර සිංහල ගීත නිර්මාණවල යෙදීමෙන් රස ජනනය කිරීම ද සී. ටී. උත්සුක වී තිබේ. රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) ඇතුළු පිරිසක් සමඟ ඔහු ගැයූ ජනප්‍රිය කිතු බැති ගීයක් වන “රෑ තරු බබළනවා” ගීයෙහි හඬ ප්‍රතිරාවය හා අධිප්ලුතිය (Echoing and Overlapping) නම් බටහිර ගායනාලංකාර යොදා-ගෙන තිබේ. එ මෙන් ම යුග ගීයක් නො වන “අපි ඇවිදිමු හඳ පානේ” ගීයෙහි අන්තරා කණ්ඩයෙහි (Interlude) පමණක් කාන්තා හඬක් සුසංගතිය (Harmony) හා ගූමනය (Humming) පිණිස යොදා-ගෙන තිබේ. මේ සී. ටී. ගේ සංගීත විෂයක අත්හදාබැලීම් ය.

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා-ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එ වක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය හා එ වක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොට-ගෙන නිර්මාණ කරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී-පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිල-ගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා-ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්විය හැකි ය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.
සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරි පත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

හැටේ දසකයේ දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” වැනි ගීත දොළොසක් (12) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැක්ක හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” වැනි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean) වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.

ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone), ‘කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, ‘සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කොට තිබේ. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුඤ්චි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ‘ගම්පෙරළිය’, ‘පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.

අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් හා කෙණෙහෙළිකම් අතින් අඩුවක් තුබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.

1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1973 දී ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ: “අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි.” වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.

ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව 1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.


ආශ්‍රිත කෘති
අබේසේකර, තිස්ස (1971). “සිතුවිලි” පරසතු (ඔක්තෝබර 15). කොළඹ.
ආරියරත්න, සුනිල් (2002). ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය. කොළඹ: ඇස්. ගොඩගේ සහෝදරයෝ.
ගුරුගේ, නදීක (2013). “නූතන ගීතයේ නව ප්‍රවණතා”. ඉපිටුම: හඬ: ගුවන් විදුලි සඟරාව 9 (2) ජනවාරි - මාරතු. තිලකරත්න කුරුවිටබණ්ඩාර (සංස්.). කොළඹ: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. පි. 164-179.
මිහිඳුකුල, සුනිල් (2012). “රැජිනගේ මෞලි මංගල්‍යයේ ගී ගැයූ ශ්‍රී ලාංකේය ගායකයා”. දිනමිණ - බද්දර මල්ල (නොවැම්බර 23). කොළඹ: ලේක්හවුස්.
Mahendra, Sunanda (2009). “C. T. Fernando – As I remember him”. Daily News (17th October). Colombo: Lake House.

ගනුෂ්ක රන්දුල විසිනි.
-----------------------------------------------------------------------

01.අවදිවන්න අවදිවන්න

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න..

දුක සැප දෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න...

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

02.පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ

පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලිවලින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තනාලා
උදේ පටන් දවස පුරා කෝටු තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවෙස තනන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ
අනේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මිහිපිට ඉන්ටා

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

03.මගෙ සුදු මාමේ

කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ

ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා //
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ //
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා //
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ


ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - සුසිල් සේනාධීර

04.රන්වන් රන්කෙඳි පීරාලා

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි රූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
රණ හංසිය වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

රන්වන් රන්කෙඳි පීරාලා....

නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා ලොවේ

උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ....


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - නෙවිල් ප්‍රනාන්දු


05.පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ.... 

රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන් 
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න ටිකේ එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ....

කාසිපණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණැයි හිතාලා 
ශෝ‍ක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ... 

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

06.මා සුකුමාලී 

මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පාන්නී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ 

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ටෘලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිනිදැල්ලේ
පැටලි වැනසෙයි මා

ගායනය - සී. ටී. ප්‍රනාන්දු

07.සිහින ලොවේ මිහිර මැවූ මාලි

සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ 

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


08.සුවඳ රෝස මල් නෙලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා 
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා 

ඈත සීනියා පිච්ච ඩේලියා 
බලා නෙළා ගනිමි මෙමා 
උයනෙ සරාලා

මාල ගොතාලා ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා 
බලමු සියල්ලා

මිහිරි ගීත ගයා ගයා පේළි සැදීලා 
සිනා පපා වටේ යතා නටති සිනා ලා 
බාල වූ ළමා සදති මල් දමා 
දෙපා පදින් පදට තබා කිකිණි සලාලා

දෑත නගාලා නේත්‍ර විදාලා 
නමා කමල් පැදෙති සුරල් 
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා 
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - බී. එස්. පෙරේරා

09.කිමද සුමිහිරියේ 

කිමද සුමිහිරියේ මේ අරුමේ 
මහද පිබිදෙන්නේ 
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ 
රහස නැත දන්නේ ... // 

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ 
මට දැනේ නිතර රහසේ 
මුදු තොල් පොපියා කිසිවක් නොකියා 
ඇයි යන්නෙ පැන විගසේ 
හැම උදේම තනියම මෙසේ 
හැම උදේම තනියම මෙසේ 
ප්‍රිය ළඳේ ඔබව හමුවේ 
කල්පනාව පෙම්බර හිනාව පින්බර 
මගේ හිතට සුව දේ 

කිමද සුමිහිරියේ.... 

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ 
සිහිලක් දේ බොළඳ මුහුණේ 
වන මල් පිපිලා බර වී නැමිලා 
ළං වෙන්න එයි මැණිකේ 
දුටුවාම හදවත ඔබේ 
දුටුවාම හදවත ඔබේ 
දුක නැසී සතුට ඇතිවේ 
ඔබ ගියේ බලන් හිඳ 
අගේ කරන්නද 
කියන්න සුරතලියේ 

කිමද සුමිහිරියේ.... 

ගායනය - සී. ටී. ප්‍රනාන්දු 
පද රචනය - කරුණාරත්න අබේසේකර

10.මී අඹ වනයේ

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ..

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවාද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යළි නොපෙනී යනවා..

බඳ වට සුදු ඔසරිය ඇඳලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ලඟදිම මනමාලිය කරලා
ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ... 


ගායනය - සී.ටී. ප්‍රනාන්දු


සියලුම ගීත මෙතැනින් අහන්න නැත්නම් බාගන්න.මෙහි පලවී ඇති ගීත වලට අමතරව තව කීපයක් තියනවා .

----------------------------------------------------------------------------

ප:ලි 
ගීත වල වචන වල ඇති අඩු පාඩු වැරදි ඇතොත් පෙන්නා දෙන්නෝ.හදිසියේ සින්දු ටික හොයා ගත්තේ....මේ සම්බන්දව ඇති අත්දැකීම් මතකයන් අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න .... 

Friday, January 23, 2015

"මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනිසා"



"තමන් නොදුටු ලෝකය ගැන තම හදවතේ මතු වූ අදහස් ලියා,තනු නිර්මාණයකර, හඬගා කී,ඒ අපූරු මිනිසා හෙන්රි කල්දේරා නම් වූ අපුරු කලාකරුවාට උපහාරයක් පිණිසයි............"

             1937 අගෝස්තු මස 19 වෙනි දින පවුලේ කුළුඳුල් දරුවා ලෙස ඉතා නිරෝගී දරුවකු වශයෙන් හෙන්රි කල්දේරා නම් කුඩා බිළිඳා මෙලොව එළිය දුටුවේය. ඉපදී දින කිහිපයකට පසුව රෝහලේ පසුවූ හෙන්රි කල්දේරා බිළිඳා රෝහලේදී සිදුවූ යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් හෝ කුමක් හෝ නොදන්නා කරුණක් නිසා පසුකලෙක පුර්ණ අන්ධ භාවයට පත්විය. ඔහුගේ අන්ධ භාවයට නොයෙකුත් ප්‍රතිකාර කළද ඉන් ඔහුගේ පෙනීම ලබාගත නොහැකි බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය.
          තමන්ට ආබාධිත දරුවෙකු සිටින බව පිළිගැනීමට සූදානම් නොවූ ඔහුගේම පියාණන්ගේ අණසකට යටත්ව  නිවසේ කුඩා කාමරයක තනිවම සිරගත වීමට සිදුවූ කුඩා හෙන්රි කල්දේරාට බාහිර ලෝකය සමග කිසිඳු  සබඳතාවයක් ගොඩ නගා ගැනීමට සිය පියාගෙන් බිඳකුදු අවසරයක් නොලැබුණි. ඔහුගේ මුළු ලෝකයම සිය ආදරණීය මවටත් සහෝදරියන්ටත් පමණක් සීමා වූ අතර සිය පියා නිවසේ සිටින විටදී තම කුඩා කාමරයෙන් එළියට ඒමට පවා ඔහුට අවස්ථාවක් නොලැබුණි.ඔහුගේ ඥාති සහෝදරයෙකු විසින් තනා දුන් පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රය ඔහුගේ  හොඳම මිතුරා විය. ඔහු එම පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රයට දිවා රෑ සවන් දුන්නේ එයින් විකාශනය වන සෑම සියළු දෙයක්ම ග්‍රහණය කර ගනිමිනි. එයින් ඇසෙන ඔහුට නොතේරුණ දෑ තම සහෝදරියන්ගෙන් අසා දැන ගත්තේය. එමතුද නොව ඔහු එකී සහෝදරියන් කියවන සිංහල ඉංග්‍රීසි නවකතාවන් ද ඔවුන් ලවා කියවාගෙන ඒවාට සවන් දුන්නේය. ඒවායින් බිඳෙන් බිඳ ජීවිතාවබෝධය ලැබූ ඔහු පියාගේ අණසකට යටත්ව බිත්ති හතරකට කොටුවී සිටීමෙන් නිදහස් වීම සඳහා   පියාගේ අණසකට අභියෝග කරන්නට විය.
         ඔහුට සැමදා එක ලෙස ආදරය කළ දයාබර මෑණියන්ගේ  සහ සහෝදරියන්ගේ දයා කරුණාව මැද ළමා වියේ මුල් අවධිය ගෙවූ කුඩා හෙන්රි ඉන් අනතුරුව පියාගේ විරසක භාවය නිසාම සිය මවගේ සහෝදරියගේ නිවසේ ජීවත් වීමට ගියේය. එහිදී දයාබර වූ මවගේ සොහොයුරියත් ඇයගේ ස්වාමි පුරුෂයාත් හෙන්රිට ඔවුන්ගේ නිවස වඩා සෙනෙහෙබර හා සුරක්ෂිත නවාතැනක් බවට පත් කළ අතර ඒ නිවසේ විසු හෙන්රිගේ දයාබර ඥාති සහෝදර සහෝදරියන් හෙන්රිට ඔහුගේ නිවසේදී අහිමිවූ බොහෝ දෑ ලබා දුන්නේය. මෙසේ තම ළමා වියේ දෙවන අදියර සුවසේ පසු කළ හෙන්රි නැවතත් සිය පියාගේ අණසකට යටවුණු නිවසට ගිය ද සිය පිය සමඟ වූ නොනවතින අරගලය එලෙසම පැවතුණි.
           අවුරුදු 29ක් වයසැති හෙන්රි ඉන් පසු බලහත්කාරයෙන් සිය නිවසින් පිටවී සීදුවේ අන්ධ විද්‍යාලයට ගියේ  අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ අදිටනිණි. එවකට අන්ධ විද්‍යාලයේ විදුහල්පති හෙන්රිගේ පියාගේ ලිඛිත කැමැත්ත නොමැතිව පාසලට බඳවා ගැනීම රජයේ නීති රීති වලට පටහැණි බව පවසමින් ඔහු බඳවා ගැණීම ප්‍රතික්ෂේප කළේය. මෙහිදී තමා අවූරුදු  29 ක් වයසැති වැඩිහිටි තරුණයෙකු බැවින් තමා සම්බන්ධව තීරණ ගැනීමට තම පියාගේ අවසරය අනවශ්‍ය බව පවසමින් හෙන්රි විදුහල්පතිතුමාගේ මතය හා රජයේ රෙගුලාසිය අභියෝගයට ලක් කළේය. ඔහුගේ එම ස්ථාවරය නිසාම හෙන්රිව අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට බලධාරීන්ට සිදු වූ අතර ඒ සමගින් ඔහුගේ ජීවිතයේ තුන්වැනි ඉපදීමක් වැනි වූ පරිච්ඡේදයක ආරම්භය සළකුණු විය.

(ඊ මෙලකින් උපුටා ගැනීමකි )
---------------------------------------------------------------------------------


01.මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...

මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...
උදය සවස වැළඳ වඳිමි අම්මෙ ඔබෙ දෙපා...
මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුණේ
සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු අරුමේ
සුව දෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
සරනා තුරු සසරේ මට ඔබමයි සරණේ....
අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
නොමියන ගුණයට කරමි ද කෙලෙස මා පිදුම්
හද බැති මල් පුදමී වැඳ දොහොත දී මුදුන්
අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්....

පද රචනය - කුසුමා සූරිආරච්චි
තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

02.හඬන්නෙපා අම්මේ

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ
මනාල පෙනුමෙන් මා බබළනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
සුදු මුව හකුලා එපා අඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග
හඬන්නෙපා අම්මේ...
බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ
හඬන්නෙපා අම්මේ...

පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

03.මවගෙ මළගම නිමවිණැයි

මවගෙ මළගම නිමවිණැයි
එතැන දනකට ඇරැයුමයි
කුළඟනක වෙත පින් පිදෙන්නට
පිහිට එහෙනම් මා තමයි

එදා මැදුරට යද්දි මතකයි හැඳි ගැටුණු හඬ සවනතේ
කවුළුවෙන් ආ සුවඳ දිව්වා දුබල ගත රස නහරතේ
එසඳ කොලුවෙකු මුදා එව්වා මුර පැටව් දම්වැල් වුණා
මගේ සියොළඟ සලිත වෙද්දී කිසිත් නැති වග පැවසුණා

එවන් මැදුරේ මෙදා දන්දෙති අහෝ කරුණා දුක දරන්
බුදුන් දෙවියන් මුදුන් කරවා යදියි සුඛ විහරණ වරම්
එදා මා පිටු දුටු අයෙක්මයි මෙදා ආවේ මා සොයා
හිඟන්නන් දානෙකට ඕනෑ අහෝ ලොව දහමක නියා

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
(70 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් තැටිගතකර ප්‍රචාරය කළ මෙම ගීතය , වැඩසටහන් අනුමත කිරීමේ මණ්ඩලය විසින් දෙවනුව පරික්ෂාකර තහනම් කරන ලද ගීතයකි.)

04.පෙනුණු සුව දසුන්....

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පද රචනය , තනුව සහ ගායනය - හෙන්රි කල්දේරා

05.ලංකා මගේ ලංකා 

ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා
සමනොල මුදුනින් ලැබදෙන සෙවනින්
සුවය විඳින ලංකා
මහවැලි කැළණිය කලුද වලවෙ දිය
සිහිල කැවුනු ලංකා...
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..
තෙද ඇති විරුවන් හෙල රජ දරුවන්
ලැබූ පිනැති ලංකා...
එවැනි උතුම් ඔබ නමට බැතින් හෙලු
පොහොර ගුණැති ලංකා...
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..
රුදුරු වුවන් මැඬ රටට දැයට වැඩ
සදනු පිණිස ලංකා..
සසර පුරා නිජ බිම සෙ මගේ ඔබ
තුරුල පතමි ලංකා..
ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..

පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

06.තත් තත් තත් තාර පැටියා

තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි....
කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්න පුතේ...
කිරි මුට්ටිය අතින් පුතේ
ග‍ඟේ වැටී දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුලේ දොයි....
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා.....
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
දොමි තරිකිට තාං කියා
තරිකිට තක දෝං කියා.....
වැල ගෙඩියත් ආං පුතේ
ගහෙන් වැටී දොයි
ඔන්න බබෝ බිලු එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි ....

පද රචනය, සංගීතය සහ ගායනය :- හෙන්රි කල්දේරා

07.මොකද නගෝ හිමිදිරියෙම

මොකද නගෝ හිමිදිරියෙම කුඹුකෙ ළිඳෙන් නෑවේ
පොහොය අදයි වෙහෙර වැඳන් එන්න හිතන් නෑවේ
කවුද නගෝ ඊයේ හවහ ගෙදර දිහා ආවේ
මාව අරන් යන්න හිතන්නැද්ද කෙනෙක් ආවේ
හෙණ එන්නා වාගෙ මොකෝ කතා කරන්නේ
මට දුන් බහ තව කෙනෙකුට කොහොමද දෙන්නේ
දුන්නා නෙවෙයි ඉල්ලු නිසයි ඒ බහ දුන්නේ
ඉල්ලන්නත් කලින් තමයි මේ බහ දුන්නේ
මුසා බහක් කණ වැටුණ ද ගිලිහුණු කාගේ
මළගම දැකගන්නටවත් සිතිල ද මාගේ
ඔහොම තරහ ගන්න ගියොත් වයසට යාවී
එතකොට තනිවෙන්නෙ නැද්ද ඔබෙ සිරියාවී

පද රචනය සංගීත නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
සහාය ගායනය - අප්සරා ද සිල්වා

08.පෙමින් බැඳෙන්නයි 

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා....
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
මේකද මේ ආදරේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

09.ඊයේ.... උදයේ.... 

ඊයේ.... උදයේ....
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

10.ඔබ පෑව හස‍රැල්ල 

ඔබ පෑව හස‍රැල්ල මට තේරුනා
ඒ රන් සිනා ‍රැල්ලෙ රස බේරුනා
සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා...
හො‍රැහින් බලා යන්නෙ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ...
හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
දිලිඳු ඔබේ දෑස හඬවන්නෙපා
සඳ සේ සිනා සෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ
පිහගන්න කඳුලැල් ඇසේ...

ගී පද , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

11.කණ විදින වෙලේ

කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
අද සතු‍ටු ග‍ඟේ හිනැහෙනවා දාලා කරාබු....
අද සතු‍ටු ග‍ඟේ කිමිදෙනවා දාලා කරාබු....
ආයි දාලා කරාබු...
පුංචි ටිකිරි පාද තියා
කණ්ණාඩිය වෙතට ගියා...
මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
තරු තුනකට එකම හඳයි
හද නිලඹර එළිය කරයි...
තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මුලු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මගෙ පුංචි කුමාරී
සුදු දෝණි තුෂාරී.....

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

12.ඔන්න දුවේ හඳ මාමා

ඔන්න දුවේ හඳ මාමා ඈත ඉඳන් එබී බලා
පුංචි අමුත්තෙකුයි හොයන්නේ...
චූටි සිනහ මල් දැකලා සිහිල් සඳේ කැළුම් පෙරා
දූගෙ සුදූ මූණ සිඹින්නේ...
සුබ නැකතින් දිය නාගෙන ගෙට ඇවිදිල්ලා
දෝත පුරා බුලත් අතක් සීයාට දීලා
සාදු කියා පා වඳින්න සීයගේ ආසිරි ලබන්න
දෙන බුලතට දෑත දෙන්න සීයා ඉඳීවා....
කිරිබත් කැටයක් කවන්න දූට ලැබේවා....
කටු අතු රළු බොරළු තිබෙයි පය රිදවන්න
තඹ පිත්තල රන සෙ පෙනෙයි ඇහැ රවටන්න
යන්නෙ කොහේදැයි බලන්න සිහියෙන් පා පොඩි තියන්න
යහ ගුණ අනුදැන හැදුණොත් දූ සිරිදේවී
කාගේත් ආසිරි හමුවේ දූ සැරදේවී...

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

13.සුහදිනියේ අනංගයා දිනූ කුමාරි

සුහදිනියේ අනංගයා දිනූ කුමාරි
වගේම ලස්සනයි මෙදා ළඳේ ඔයා
මනාලියේ මනාලයා සොයා ඇවිල්ලා
හිනාවෙලා බලන්න බැල්මකින් දයා
මනාලියේ....
විනීත වූ උදාර දූ පුතුන් ලබාලා
සැපෙන් දිනේ මෙසේ පැතූ පැතුම් දිනාලා
අනන්ත වූ සිහීන රෑ දුටූ අතීතේ
සැබෑ වුනා සැපයි රසයි අනාගතේ....
අලුත් මඟක් කරානෙ පා නඟන්න ඕනා
දිනූ රටේ උතුම් නමක් තබන්න ඕනා
අඬන්නෙපා හඬන්නෙපා සුසුම් හෙලාලා
සිනා සිසී මඟුල් ගමන් වඩින්නකෝ....

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

14.සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ 

සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ
මල් පිපී සුළං රැල්ලේ සැලි සැලී පෙනේවී
මා ඔබේ කියා කීවේ මුව නැඟූ රිදී රාවේ
මට ගෙනා නැවුම් තාවේ දිවි තුරා රැඳේවී
ඔය නුවන් තලාවේ මා පැතූ දයාවයි
මුව පුරා පෙනෙන්නේ ආදරේ හිනාවයි
දුක සැපේ දෙවේලේ ඔබ ළඟින් ඉඳින්නයි
රෑ දිවා පතන්නේ ඔය හදේ දිලෙන්නයි
පෙම් තොරන් තනාලා පුන්කළස් තියාලා
පෝරුවේ නැඟීලා අප ළඟා කෙරේ දෝ
සැඩ සුළං හමාලා පෙම් පහන් නිවීලා
සෝ සුසුම් නැඟීලා අප වෙනස් කෙරේ දෝ

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
සහාය ගායනය - අප්සරා ද සිල්වා

15.සිසිල සැඳෑවේ

සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී
දැනේ සුගන්දේ මල් වෙතින් නොවෙයි ඔයාගෙනුයි
හොරේ මොකෝ හා හා කොයිබද ළඳේ සවාරී
සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා
සැරසී අගේට පා සුරංගනා ලීලා
ගොම්මන් වෙලේ ඔයා මෙහේ කොහේ දෝ
තවමත් මගේ ලොවට සඳක් නැගී නෑනේ
ඔබ මට සුපුන් සඳක් වෙන්න මගේ නෑනේ
හා හා අගෙයි ළඳේ සිනහ පෙනෙයි මූණේ
පොඩි පැල්පතක් තනා කතා කරන්නම්

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

16.සමනොළ සිරිපා

සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී
මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා
මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා
පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා
මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා
ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින්
මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ....
අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ
හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ
පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා
වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ...

පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

17.සඳ අරන් ඇවිල්ලා

සඳ අරන් ඇවිල්ලා
පුද දෙන්න බෑ ප්‍රියේ
නොඉඳුල් සිතින් හොවන්නම්
සැනැසුම් අමා දියේ....
සසර වාලුකාවේ මා තනිව හැසුරුණා
පෙළුණු හිත දයාවක සිහිලසට මුසු වුණා
අතැර මා නිසා ලද හැම ඉසුරු සැප සුවේ
පිදුව පෙම නිසා දෙහදක අනගි මුතු මැවේ
අසරණව මුලා වුණු දුක'ඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...
නමට නොව ඔයා මිල කළ නොහැකි මැණිකකී
පෙමට පිදූ මේ මට දිවි උවද දිය හැකි
සසර බැමි කඩාලන තුරු එකට මේ වගේ
තබමු අපි ප්‍රියේ පියවර සසර මග දිගේ
අසරණව මුලා වුණු දුකඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

18.හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ 

හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ
රිසි ලෙස පෙති විදහා
බොළඳ නෑ ඔබ චපල නෑ ඔබ
සුන්දරයි කුසුමේ....
අහිංසක කුසුමේ....
සැණින් උනුවන ඔබේ හදවත
වෙණ තතක් නම් එය වැයූ අය
වැයුම වැරදියි වෙණ වැරදියැයි
ලොවට හඬගාලා කීවා....
ඔබ බොළඳ බව කීවා
හිනාවෙයන් සුදු සමන් මලේ.......
ඔබෙන් හැඩි දැඩි පා දොවාගෙන
දරනු බැරි බර ඔබට පටවා
පැතුම් වැරදියි ඔබ වැරදි යැයි
ලොවට හඬගාලා කීවා.....
ඔබ චපල බව කීවා
හිනාවෙයන් සුදු සමන් මලේ.......

පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

19.මේ පොඩි ඔරුව මගේ

මේ පොඩි ඔරුව මගේ
සුරකියි දිවිය මගේ
මෙ ගඟේ මමයි එහා මෙහා පදින්නේ
යන එන සියලු දෙනා ඔරුවෙන් එගොඩ වුණා
වොමියේ තමයි මගේ සතේ තියෙන්නේ
තොටියෝ..........තොටියෝ.........
එගොඩ මෙගොඩ දෙගොඩ බලා පදින්නේ
වෙහෙස දැනෙයි මොකද කරන්නේ
අඹු දරුවෝ මෙගොඩ තැවේ ගඟට මගේ දිවිය ගෙවේ
ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
අනේ සරින්දේ
නැගී වරෙන්නේ......
එගොඩ ගොඩේ කවුදෝ මුර දෙවන්නේ
කළබල ඇයි හනිකට එන්නේ
තද සුළඟේ තරම කියා ගෙනා පහන නිවී ගියා
ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
අනේ සරින්දේ
නැගී වරෙන්නේ......

පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

20.මිදුලේ සුදුවැලි තලයේ......

මිදුලේ සුදුවැලි තලයේ මිරිවැඩිසඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ ති‍බේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ....

බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා....

අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුණා
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුණා

පද රචනය - ප්‍රේමරත්න පළිහවඩන
තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

21.මල් නටු වැනි පොඩි දෑත දෙපා

මල් නටු වැනි පොඩි දෑත දෙපා
තලන පුතණ්ඩි
මගෙ අතට වෙලා ඇයිද පුතා
මේ හැටි චණ්ඩි
විසිතුරු කෙළිබඩු නැතුවට
පොල් කටු බෙලි කටු අරගෙන
සුර කුමරුන් නොදකින සුරලොවක වදිනවා
සව්සිරි නොපතා සෙනෙහෙ පතා සුරතල් වෙනවා
මෙදියත කිසිවෙකු නොදන්න
අමුතු කතාවක් කියන්න
ඇඟිලි තුඩින් වැලි පොළවේ අකුරු ලියනවා
පොඩි ටිකිරි මුවින් බොළඳ වදන් වැල් ගිලිහෙනවා
දුක දුරුකර දෙවියෙකු සේ
බිය පලවා විරුවෙකු සේ
රට දැය සමයට එක සේ අත හිත දෙන්නයි
එක පැතුම මෙදා පුතු මතු දා මිනිහෙකු වෙන්නයි

පද රචනය, තනු නිර්මාණය සහ ගායනය- හෙන්රි කල්දේරා

22.ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා 

ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අග්ගලා කන් දෝං පුතා
සූකිරි කන් දෝං පුතා
මෙන්න මෙතැන තැනිතලාව
කෝපි බොන්ඩ හොඳ වෙලාව
අපේ බුදුන් අපි වඳින්ට
ඉහළ යන්ට හොඳ වෙලාව
ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
දඹේ නඟින් දෝං පුතා
හිමේ නඟින් දෝං පුතා
අපේ බුදුන් අපි වැන්ඳෝ
පෙරළි පෙරළි අපි වැන්ඳෝ
සුමන සමන් දෙවි පිහිටෙන්
ගමට යන්න දැන් යමුදෝ
ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
අපි ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
අග්ගලා කන් දෝං පුතා
සූකිරි කන් දෝං පුතා

ගී පද තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා


"සින්දු ඔක්කොම මෙතැනින් බා ගන්න"





---------------------------------------------------------------------------------------

ප. ලි


සින්දු ටික ජාලෙන් ගොඩ බා ගත්තේ .සන්ෆලවර් එක්ක කියපු ඒවා තමයි තියෙන්නේ .ඔරිජිනල් ටික හොයලා දෙන්න බලන්නම් .වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න .මෙතුමා ගැන ඔබ දන්නා විස්තර හැමෝම සමග බෙදා ගන්න ....

Tuesday, December 30, 2014

දොළොස් මහක් ගතවී යන මොහොතේ......

අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දකුත් ආවා....ඔන්න සින්දු ඇනෝත් හැමෝටම සුභ පතනවා ලබන්නාවූ 2015 වසර සතුට පිරි  සාමයෙන් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  !!!!!!






දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

අවුරුද්දක් තිස්සේ කළ කී දේ 
මතක් වෙනකොටත් සමහර එව්වට 
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ 
මතක් වෙන කොටත් සමහර එව්වට 
මට ඇඬෙනව මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


හපන්කමක් ඇති අලුත නැගී එන 
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන් 
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි 
ඒත් ඔය කපන්න බැරි අත 
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන් 
යාන්තමට වගෙ ජාම් බෙරුණා 
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා 
වක්කඩේ හකුරු හංගා තියලා 
හනේ වෙච්චි දේ මස්සිනේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ .....//


ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ

මෙතැනින් ගන්න


-------------------------------------------------------------------------
ප :ලි  
බොලොග් කියවන්නෙක් විදිහට අවුරුදු ගානක් ඉඳලා නිකමට පටන්ගත්ත මේ බොලොග් කට්ට නිසා අලුත් ජිවිතයක් ගත කරනවා වාගේ .උදේ හවස මෙතනට ඇවිත් කවුරුද ඇවිත් ඉන්නේ කියලා බැලුවේ නැත්නම් කෑවේ නැ වාගේ .ඒ හැමෝම මට මේ කෙටි කාලය තුල ලබා දුන්නු සහයෝගය නිසයි .අලුත් මිත්‍රයෝ සෙට් එකක්ම මුණ ගැහුන නිසයි .අලුත් අවුරුද්දේ මුණ ගැහෙමු .හැමෝටම බොහොමත්ම ස්තුතියි .හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

(අපේ මෙව්වා එක ලබන අවුරුද්දෙත් ගල් හොදේ.ජිවත් වෙලා හිටියොත් 15න් පස්සේ එන්නම්  )

Friday, December 19, 2014

ලෝකය නැමැති ගමේ.......
















සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය  ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ  වූ ෆ්‍රෙඩී සිල්වා නම් අනර්ග ගායකයාට උපහාරක් වේවා ...

පොස්ට් එක අප්ඩේට් වෙන්නේ නැති නිසා මෙතැනින් බලන්න ...ලෝකය නමැති ගමේ ...

ලෝකය නැමැති ගමේ.......



සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය  ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ  වූ ෆ්‍රෙඩී සිල්වා නම් අනර්ග ගායකයාට උපහාරක් වේවා ...

(දිවයින පුවත් පතක දැක්ක ලිපයක් නිසා තමයි මේ සින්දු ටික දාන්න හිතුනේ .එකෙන් උපුටා ගත් කොටසකුත් පහලින් එකතු කලා )

"ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි....."

(සමරවීර මුදලිගේ දොන් ආරියරත්න ද අල්විස්‌ )

**********************************************************

අමුතු ඇඳුම් ඇඳ හඬවන

අමුතු ඇඳුම් ඇඳ හඬවන 
රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් 
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි 
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා 
අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ 
මිනිහා ඉන්නෙ කොහොමද 
එයා අපි වාගේ මහ පොළොවේ 
පයින් යනවද
මට තේරෙන්නෙ නෑ 
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි 
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම් 
කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින් 
ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ 
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා 

ගිගිරි ජගරි හඬවනා

ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං

ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..

ආඬවනේ.. ඇයි ද මේ...

සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...

අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

ලෝකය නැමැති ගමේ.......

ලෝකය නැමැති ගමේ
යහගුණ මාවතේ
පළවෙනි තැන සිටියා වූ 
ගුණ යහපත් නම් මිනිසා
ආ ගිය අතක් නැතේ...
ලෝකය නැමැති ගමේ...

ඇත්තට ගරු කරනා ගතියයි
යුක්තිය සිය පණ මෙන් සුරකියි
කාටත් නැමෙනා සුළු හිසකුයි
අනේ... 
එය ඔහු හැඳිනිය හැකි ලකුණුයි...

කිලුටක් හිත තුළ නොමැති කිසී
පවසයි ඇති තතු තැන දි නිසී
අවසන් වර දකිනා විට දී
අයියෝ...
උන්නේ තොප්පියකුයි පැළදී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

දවසක්දා කකුළුවෙකුට...

දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.

හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ

ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.

පද රචනය  - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - ‍‍ෆ්‍රෙඩී සිල්වා.  

පාන්දරින්...

පාන්දරින්...
පාන්දරින් කුකුළො හඬන්නා
අපි තැටිය අරං පෝලිමෙ යන්නා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

උදේ පාන්දරින් පහට දෙද්දි 
බතල තම්බලා
ඒවා කන්න ලුණු නැති විට
සිහිවෙනවා අම්මලා
අම්මෙ නුඹේ රස කිරි බීලා
මම කොහොම ඉන්නෙ හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

දරුවො හදන්නට කොච්චර
වෙහෙසෙනව ද අම්මලා
දැනුණේ මට ඉන්නකොට යි 
මේ කූඩුවෙ හිරවෙලා
ඉක්මන් වී දුර දිග නොබලා
අද ලත වෙනවා හිර ගෙයි වැටිලා
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පැදුර එලා ගල් ඇඳ උඩ
නිදියන විට රෑ පුරා
අම්මා මා නැළ වූ හැටි 
සිහිවෙනවා හිතපුරා
නිදහස් වන දා එක පිම්මේ
ඔබෙ දෙපා ළඟට එනවා අම්මේ
එළිවෙන ජාමේ
පාන්දර ජාමේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අහසට බයේ ද ..

අහසට බයේ ද පොළොවට බයේ ද
පාගපං මස්සිනේ...
සුළඟින් පුරෝපු යකඩින් නමාපු
සයිකලේ ගැස්සුනේ මම නෙවෙයි
සයිකලේ ගැස්සුනේ....

සක් දෙවිතුමා ද අන්තිම වුණාම
පෑගුවෙත් සයිකලේ..
ඇයි ඔහෙ බයේ ද කලිසම කොහේද
පාගපං මස්සිනේ මගෙ නෙවෙයි
පාගපං මස්සිනේ...

කණ්නාඩි කුට්ටම දුර ඈත දැක්කම
ඇස් දෙකත් ලෙඩ වෙලා...
වැටුණත් උළුකුව තෙල් ගා වැළකුව
පරපුරේ ඉපදිලා පරපුරේ ඉපදිලා....

ලංකාව මා ළඟ ඔහෙ ප්‍රංශෙ යනව ද
සයිකලේ නව නවා...
මොනවද හිතවත දොඩවන්නෙ කටමැත
මගෙ දෙපා ගැහෙනවා 
මගෙ දෙපා ගැහෙනවා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ රෝයි ද සිල්වා

දොඹ ගස් වල මල් පිපිච්ච 

දොඹ ගස් වල මල් පිපිච්ච 

අතු ඉති ටික සොලවාලා

පොල් අත්තේ හැඩය එන්න

මිදුල පුරා අතුගාලා

උදේ පාන්දර වැල්ලෙන් 

දැලි පොතු කටු අහුලාලා

රේල් පාර පැන පැන එයි

මල් රෙද්දක් පොරවාලා

මල් රෙද්දක් පොරවාලා...



දැලෙන් ගත්තු හාල්මැස්සො

කූඩය නෑඹිලියෙ දමා

ඉහටි කඩා ළිඳ අද්දර

මද අව්වේ දෙදණ නමා
දවල් බතට ලිප ගිනි 
අවුලනකොට තව නොවී පමා
නොදැනෙන බඩගිනිත් දැනෙනවා
සුවඳට ඇදෙන හමා...

පොඩි නින්දක් නිදාගනී 
පැදුර එලා ගෙදර පිලේ
අවදි වෙලා කඹෙත් අරං 
යයි නටවා වතුර කළේ
පාන පත්තු කර හවසට 
කඩවර දෙයියන්ගෙ පැලේ
මොනවා පැතුවත් මොකටද
තවමත් දෙන්නා දෙපොලේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

බුලත් වඩියක් හපාලා

බුලත් වඩියක් හපාලා
හඳයා...
බංගලාවේ දොරකඩ හිටියා...

හාමු මොරොන්දන් 
සුපිරින්ටැන්ඩන්
තේජස්භාවෙන් හිටගත්තා...

මොකට ද ආවේ හඳයා 
සුපිරින්ටැන්ඩන් ඇසුවා
නිකං ආවේ රාලහාමී
හඳයා...
උරහිස කැසුවා...

නිකම් මොකට මෙහි ආවේ
සුපිරින්ටැන්ඩන් ඇසුවා
එහෙනම් නිකම් ම පලයන්
සුපිරින්ටැන්ඩන් කිව්වා...

හුඟක් දෙනා අද ලෝකේ
බොරුවට බයාදු වෙනවා
හඳයා යනතෙක් ඉඳලා
සුපිරින්ටැන්ඩන් හිතුවා...

ආපසු අත්පුඩි ගහලා
හඳයව ගෙන්නා ගත්තා
මිනිහට හොඳ හැටි බැනලා
ආ කාරණෙ දැනගත්තා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

යකඩ කටේ දොර ඇරිලා ....

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ
ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

යකඩ කටේ දොර ඇරිලා 
කන් අඩි පුපුරයි මොනව කරන්නද
මට තේරෙන්නේ නෑ...

ආවට වෙස් බැඳ නැත රැවටෙන්නේ
මායම් වලින් නැහැ අපි පැරදෙන්නේ...
කෝලම් කතා නෙවැ අද දොඩවන්නේ
ආලෙන් බැඳේ නම් නැත පරදින්නේ...

මගෙ මෝඩ කම ඊයෙ මයිනන්ට වික්කා...

රූපෙන් පලක් නැත කට දොඩවයි නම්
කෝපෙන් කියන්නෙමි බය නැත මා නම්...
හීනෙන් ගෙනාවත් ලොකු වෙද ඇදුරන්
ආයෙත් මගේ කට නවතියි ද දොන් ඩොන්..

නුඹ ඔහොම නැටුවාට මමමයි නේ ලොක්කා...

ඉල්ලන දේ ලැබෙන තුරා
යන්නෙම නෑ මං තව තව දොඩනවා
කට වහගන්නේ නෑ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පී.එල්. ඒ. සෝමපාල
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඇන්ජලීන් ගුණතිලක


නෝනා කාගේද කාගේ නෝනාද

නෝනා කාගේද කාගේ නෝනාද
නෑඹුල් මල සේ පිපීලා
මේ කොහිදෝ යන්නේ පාවී
ආදරියේ මගෙ සීදේවී
පැණි බිඳුවේ මුදු කෝමල ඉඟ සුඟ නළවාලා...

මොහු කවුදෝ ඔහෙ කොහේදෝ
මොකෝ මෙසේ විලංබීත මූණේ
බොර ලිං පතුලේ මැඩියා සේ
ඉහ අඟ නැති වූ ගෝනා සේ
ඇහැ අඳ වී ගිය ලූලා සේ
ඇයි දුවන්නෙ කොහේද මේ...

දුක් වින්දේ අපි දෙන්නා
නොකා නොබී පෙමින් භූත වීලා
පොල් අතු අතරේ සඳ වාගේ
රැල්ලට පෑවූ මුතු වාගේ
හදවත මැද්දේ පණ වාගේ
අපි පතන්නෙ ඔහේල නේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා,සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක

හිතට නොගෙන යන ගමනට

හිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...

හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...

කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත 
වැඩක නිතර යොදවමු අත...

අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින් 
ගලවා වෙන අතක තබා...

ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


සුපුන් චන්ද්‍රා ගෙනත් 

සුපුන් චන්ද්‍රා ගෙනත් 
මිදුලෙ තියලා
රබන් ගහලා 
මඟුල් මඩුව බැඳලා
ඔයා ගෙන එන්නේ මං
ගමේ රජ වෙන්නේ මං
තොරන් බැඳලා 
බොමී ජය පානේ...

හපොයි මූණේ හැටී
ගෙරෙව්වා සේ කොටී
මොකෝ මාගේ ප්‍රේමී
පැටික්කී...
නෑදෑයෝ හා 
ගෙන එන්නේ ඔයා
අසුන් බැඳපූ කරත්තේ නැඟී...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

මගේ මැණිකේ පණේ
පණේ මැණිකේ මගේ
සිනාසී සනසන්නම් 
ප්‍රියාවී...
ඉල්ලන්නෙපා
හඳ දෙන්න නම් බෑ
මගේ හර්දේ බැබළේවී සොඳින්...
ආදරේ මගේ අනේ
එපා එපා යන්නෙපා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


අපි කාටද බය

අපි කාටද බය
අපිට කවුදෑ බය........

එකතු කළත් උත්තරේට
එන්නෙ අපිට බිංදු
කොයිකවුරුත් පණ යන තුරු 
කියන්නෙ ඔය සින්දු
කොයි කාගෙත් ඉතිහාසේ
හැටි නැතුව ද අපි දන්නේ
ඇලපිල්ලක් වැඩි හින්දත්
කෙස් ගහ කොස් ගහ වෙන්නේ

ගමෙන් ඇවිත් සිදාදියේ
නැංගූරම් දැම්මේ
බොරු චන්ඩියො අපි දැක්කම
දුවන්නෙ එක පිම්මේ..
උඩ කරණම් බිම කරණම්
කජු කන ගානයි මල්ලී
පය ලිස්සා බිම වැටුණත්
අපෙ කොන්ඳ කෙලින් මල්ලී

මහපාරේ යන අටපට්ටම්
කැරකෙන කූඩු
හිනාවුණත් රැව්වත් උන්
අපිට නොවෙයි පාඩු
ඔය ආලේ ගල් මාලේ
කවුදෝ දැම්මේ බෙල්ලේ
හොඳ කාලේ ආ වේලේ
බඹරෙත් කැරකේ වැල්ලේ....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

කිරා... බුදි ද

කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා....බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්

දවල් පැයේ කෑම කාල
මේසය උඩ ඉහ තියාල
කන්තෝරුවෙ මැදට වීල
කිරා බුදි ද දැන්...

ෆෑන් ඔහේ කැරකෙනවා
ලයිට් ඔහේ පත්තුවෙනව
ඔරලෝසුව ඔහෙ දුවනව
සමහරු සෙල්ලම් කරනව...

අටයි තිහට වැඩට ආවෙ
දහයට තේ වතුර බීවෙ
කෑම කාලා දැනුයි ආවෙ
ඔහොම ද වැඩ කරන තාලෙ...

කාලය නොදැන ම ගෙවෙන්නෙ
වැඩ කටයුතු මඟ හැරෙන්නෙ
රාජකාරි නෑ කෙරෙන්නෙ 
රට කොහොමද දියුණු වෙන්නෙ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ආරොන් මාමා

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි
ලේ කඳුළක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් 
අහගන ඉන්න ම ඕනේ...
ආරොන් මාමා......

රටේ තොටේ වග තොරතුරු හොය හොය
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟ දී
පොඩි කලබලයක හඬ ඇහුණා
මිනිහා දනි පනි ගන්නා
බිත්තිය අයිනට දුව පැන්නා
ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
ආරොන් මාමා......

ගහපිය මරපිය ඔලුවට කොටපිය
පාලි සංස්කෘතත් කිව්වා
සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නෑනේ
මිනිහෙක් මැරුවා වාගෙයි නේ
මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා... 
ආරොන් මාමා......

සාතන් අප්පු මිනිහෙක් මැරුවා
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට 
ජොසීල ඇගීට කිව්වා
ගම ම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
ආරොන් මාමා......

කාවද මැරුවේ කියපිය කියලා
සාත ව අල්ල ල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔලුවට ගැහුවේ මූගේ 
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ 
ආරොන් පැන දිව්වා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


ඉරෙන් අරන් එමි

ඉරෙන් අරන් එමි ඩී විටමින්
ගෙනත් පොවමි පොඟවා
පැරීසියේ ඉතාලියේ 
ඉරෙන් මිසක් ගෙනෙන්නෙපා...

කඳ ගියත් හිස කෙලින්
හිස ගියත් අපි කෙලින්
කට මැත දොඩලා පිම්බට නටලා
නෑනෙ නෑනෙ ජය ගත්තේ...

කටු වලින් පණ දෙමි
පණ ඇතොත් කටු දෙමි
මම නුඹෙ ලයිලා
අනෙ මගෙ මජ්නු
අන්ද මන්ද මනු ලෝකේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ ඉන්ද්‍රානි පෙරේරා

ඇලඩින් ගේ පුදුම පහන

ඇලඩින් ගේ පුදුම පහන
දැන් තියෙන්නෙ මගේ ගාව...
එපා නිවන්න මිතුරෝ 
එපා නිවන්න...

අලි බබා ගෙ හොරු හතලිහ
දැන් ඉන්නේ මගේ ගාව...
කතා එපා මිතුරෝ වැඩි 
කතා එපා මිතුරෝ...

මළකඩ කෑ කඩු කොපුවේ
නූලෙනි බොහො තැන් කැපුවේ...

හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
දෙවිදියක් ය ලොව හිතුවේ...

වරම් දෙන්න රැකවරණේ
හරෝ හරා පිළිසරණේ...

මොකටද මිතුරෝ......

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්


දේවී මා... සීදේවී...

දේවී මා... සීදේවී...
මහරාජා මං ආවා 
නුඹගේ සුදු නෝනේ
මීහරකා පිට හීලෑ
නහයෙන් ඉව අල්ලා ලා...

තරු එළවා එනවා 
හඳ පිහදා එනවා
ඉර ගිලලා ආවා
හඳ හාමී මගෙ හාමී
මං ආවේ ඔබෙ දෑසේ එළියෙන්...

වැල්ලෙන් තෙල් මිරිකා ගන්නම්
කොටුවෙන් අටු පුරවා දෙන්නම්
හනුමන්තා වාගේ මං ඉන්නම්
ආ හා හා සුදු නෝනේ
ඔයානෙ මාගේ නටන පරෙයියා...

පානා ඔය සුරතල් මල්ලේ
මගෙ සිත උතුරයි කෙල්ලේ
පාවී යයි සිනහා රැල්ලේ
බඳිනව ම යි සහතික ම යි
රාලහාමී ගෙනවිල්ලා නෝනේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : එම්. කේ. රොක්සාමි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා


එනකොට එනවා හිනාවෙවී

එනකොට එනවා හිනාවෙවී
යනකොට යනවා කතා නොවී
නැති ඈයෝ ඇති ඈයෝ
කාටත් නැති ඈයෝ
කවුද මැව්වෙ මේ ඈයෝ
නෑදෑයෝ... හයියෝ...නෑදෑයෝ.....

ඉරිසියාව ලෝකෙට උපදින්නේ
ඕන්න ඔය නෑදෑයින් ගෙන් නේ
දහක් ගත්තොතින් ඒ අය ගොන්නේ
හොඳ නෑයෙක් කලකිනි හමුවන්නේ
දුකේ දි ඕනෑ ඈයො යි නෑයෝ
එහෙම නොවේ නම් මොකට ද නෑයෝ
මගේ හැඟුමෙ හැටියට නෑදෑයෝ
හොඳ හිත ඇති යාළුවො නම් නෑයෝ

මාමා නැන්දා ලේලි බෑනා
අප්ප කුඩප්පා හා ලොකු නෑනා
නෑ කම උරුමය අඬහැර පානා
යන එන ඉන්නා කිසි දින නේනා
මඟුල්තුලා වල දී වටවෙන්නා
අතමිට ඇති කල වටේ නටන්නා
දියුණුව දැක්ක ම අඬා වැටෙන්නා
කොච්චර කෙරුවත් නෑ යි කියන්නා

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා.


පාන් කිරිත්තා තක්කිට තරිකිට 

පාන් කිරිත්තා තක්කිට තරිකිට 
උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන
කර බාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක්
කීචි බීචි කියතෙයි...

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ 
නැටුම පටන්ගත්තේ
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
හිරිහැරයක් නැත්තේ...
කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින්
ගීය පටන්ගත්තෙ...

පාන් කිරිත්තා නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා...
ඊට පස්සෙ ඌ සට සට ගාලා
මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
ඊට සවන් පෑවා...

අනුන්ගෙ වැඩ ගැන විවේචනය
කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කීය හඬා......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


ජැක් සහ ජිල්

ජැක් සහ ජිල් දවසක් දා 
කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය 
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා 
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...

හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා 
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත් 
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි 
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

විස්මත් එරොප්ලේන් රොකට් උඩ 
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ 
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු 
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

මාමේ මේ බකමූණා

මාමේ... 
මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිළිඳු නළෝලා... නළෝලා... 
මාමේ...
මේ මූ මීමා කන්දෙන් පැන ආවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැළවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැළවිලි ගීයක්
මාමා කියයි නළෝලා...

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී...

කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා


අන්දරේ මම 

දන්නා වූ රට පැවතෙන්නා වූ පෙර සිට
අන්දරේ මම අන්දරේ....
ලොක්ක හිනාවට මක්කා වුණත් මම 
ඉන්නෙ නැහැ දුක් ගින්දරේ
සත්කාර ලැබුණාට සංතෝස තිබුණට
රජ ගෙදර ඇති කාමරේ
දැක්කාම බඩ කට ටක් ගාලා පිරෙනව
පොඩ්ඩන්ටයි මම ආදරේ

සද්දේට දිය යට විද්දාට හරියට
පැහැදුණා රජු මා කෙරේ
සම්මාන දුන්නට පම්පෝරි නෑ කට
විනෝදෙට රස ආකරේ
නෝනාට දේවිට රාජ කුමාරිට
විහිළු කෙරුවා එක සැරේ
පංකාදු ගානට යන්නා සභාවට
ඇමතිවරු සහ පිරිවරේ

හොස්ස අගින් නිල මැස්සෙක් ගියාත් ඇති
මුහුණ දික් වෙන මිනිසුනේ
ඇස් දෙක රතු කර ගන්න එපා මම 
කොලොප්පමට ම යි ඉපදුණේ

පදරචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ඇටසැකිල්ල වාගේ

ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
රාජ සභාවේ අසුන බලා....
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...

නුවණක්කාරගේ මොට්ටපාල...

මොට්ටපාල උඹ වැරදිකාරය ද 
ඒබරං ගෙ කණ කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා 
පේන තුරා හඳෙ ආවාට...
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම 
මිනිහට හංකිති කැවුණා
මිනිහ හිනා වී කලබල කෙරුව ම 
දැළි පිහියට කණ කැපුණා...

බේගල් හාමුගේ සත්‍යපාල...

බේගල් හාමුගෙ සත්‍යපාල උඹ 
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ 
ඇත්ත ද අත්තටු හකුළා...
බේගල් හාමුගෙ සත්‍යපාල මම 
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි...

දෙපැත්තෙ කාරණ සළකල බලලයි 
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

අතක සෙළවෙනා ළා දළු 
අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

හඳ මාමා

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ 
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා 
එදා දවස ගැනමයි හිතුවේ...

දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ 
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන 
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

බානුමතී......

බානුමතී... බානුමතී......
බානුමතී... බානුමතී......

කෝපි කැලේ මල් වැස්සේ
උදේ පාන්දර පින්නේ
ඒ දණ්ඩේ නාන තොටේ
හැන්දෑවට හමු වන්නේ
කුඹුක් ලිඳේ වතුර කළේ...
උකුළෙ තියා නළවන්නේ...
දණක් ලඟට දිග කොණ්ඩේ
පනාවෙන් ද පීරන්නේ..
බානුමතී... බානුමතී

පිටි කොටලා පිළිකන්නේ
මූණෙ පියර ගෑවා සේ
පෙනේරයෙන් ඇතුල් පතට
පිටි හළනා තාලෙ ඇසේ
අප්පොච්චිගේ කෝපිකඩේ.....
නුඹ හදනා කෝපි රසේ
හරි උණුසුම් හැමදාමත්
ඒකයි එන්නේ මෙලෙසේ.....
බානුමතී....බානුමතී....

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ෆ්‍රෙඩී සිල්වා


මන්නාරම් පිටි වැල්ලේ...

මන්නාරම් පිටි වැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ

කොණ්ඩෙ කඩන් හඳට අඬන්

සිංදු කියන්නේ

කුණ්ඩුමණී . . .//



නැහැයේ කරාඹුව දෙකණේ

කඩුක්කං දමා සියොළඟ

මොට්ටැක්කිලියෙන් හැඩකොට

වසා ඉඟ නමා



උළුඳු කොටා තල වේලා

තල්පත මත ගිණි අව්වේ ලා

කුණුඩුමණී . . .

සෙම්බුතාලි උකුලේ හොවා
ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්

පොල් ගහලා නළලේ අළුගා
කුණ්ඩුමණී . . .
මන්නාරම් පිටිවැල්ලේ . . .
ගොම ඉහලා හැදූ ගෙබිම

පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද

මුළු ගමටම හඬවා තියලා 
කුණ්ඩුමණි . . .

සණ්ඩු කරලා බැණුම් අහලා 
හැංගි හැංගි බැන්ද ප්‍රේමි
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි

කීකරු වීලා
කුණ්ඩුමණී . . .

පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
ගැයුම - ෆ්‍රෙඩී සිල්වා

තේ කූඩය පිටේ බැඳන් 
(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව හේමසිරි හල්පිටගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්

මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී

මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී



දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ

ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි

ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ





සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්

අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා
අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ....

ගායනය - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
ගී පද - හේමසිරි හල්පිට

පරණ කෝට්...  

(නිවැරදි කිරීමයි .මේ ගීතයේ පද රචනය ප්‍රේම්ගේ නොව සුනිල් ආරියරත්නගේ විය යුතුයි .සිදු වූ වරදට සමා වන්න )

පරණ කෝට්...//

පිත්තල බොත්තම් ඇල්ලූ  මුලාදෑනි බුරුත කෝට් 
මෙන්න ගෙනාවා... මෙන්න ගෙනාවා...

පරණ කෝට්... පරණ‍ කෝට්...

දොස්තරවරු - මන්තිරිවරු 
පෙට්ටගමක් විතර මහත අබ්බගාත් ජෙන්ට්ල්මන් 
දියෙන් ගොඩින් ‍‍රොකට් එකෙන් ඒරොප්පෙන් අරං ආව 
අණ්ඩ දමා කට්ට කුමංජල්අල්ලා අරස්සාකර 
කළු කලිසම් පරණ කෝට්
මෙන්න ගෙනාවා...//

පරණ කෝට්... පරණ‍ කෝට්...

නාකි වෙච්ච රූ රැජිනක් බ්‍රහ්මදත්ත රජ කාලේ 
සැන් පව්ඩර් සුවඳ කැවූ  සාරි හැට්ට සාරි ගවොම් 
කිතුල් රැන් වගේ හවරි මෙන්න ගෙනාවා ....

පරණ කෝට්... පරණ‍ කෝට්...
එනගලන්තේ පරණ පැටන් කොලොම්පුරේ අලුත් පැටන් 
කොලොම්පුරේ පරණ පැටන් මේ පැත්තේ අලුත් පැටන් 

පරණ කෝට්... පරණ‍ කෝට්...

ඇමති කමට තට්ටු වෙලා දැන් හොඳටම කෙට්ටු වෙලා 
ඇමති කාලේ ඇන්ද ඇදුම් මෙන්න ගෙනාවා 
රාජකීය උණුසුම ඇති ඇදුම් ගෙනාවා ..

පරණ කෝට්... පරණ‍ කෝට්..

ගායනය - ෆ්‍රෙඩී සිල්වා,
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

.............................................................................
ප:ලි

ගීත වල වචන වල ඇති අඩු පාඩු වැරදි ඇතොත් පෙන්නා දෙන්නෝ ....
මේ සම්බන්දව ඇති අත්දැකීම් මතකයන් අපිත් එක්ක බෙදාගන්න එකතු වෙන්න....