Monday, August 22, 2016

"පදික වේදිකා කෙළිබිම කර ගත් කාටත් නොපෙනෙන දරුවෝ"

හොඳම දේ ළමයින්ට දෙන්නැයි ලෙනින් කියා තිබේ. ඔහු එසේ ප්‍රකාශ කළේ එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී සෝවියට්‌ සංගමයේ හටගත් මහා දුර්භික්‍ෂයක්‌ සහ අස්‌වනු පරිහානියට පත්වීම නිසා ඇති වූ ආහාර හිඟයේදී ය. "හොඳම දේ ළමයාට කවන්න. ඉතිරි යමක්‌ තිබුණොත් අපට කත හැකියි. අනාගතය වෙනුවෙන් ජීවත් විය යුත්තේ අප නොව ළමයා ය." යනුවෙන් ඔහු කීය.මෙතෙක්‌ කලක්‌ අපි අපේ දරුවන්ට දී ඇති හොඳම දේ මොනවාද ??.



(අන්තර්ජාලයේ දුටු වීඩියෝ පටිය නැරඹු විට සහා මගේ ආදරණිය මිතුරෙකු වූ Chiran Windsor මුහුණු පොතට එකතු කල ගීත ගොන්නක් හැමෝමත් එක්ක බෙදා ගන්න මෙතනට ගෙනාවා )
------------------------------------------------------------------------------------------

1. පුංචි පන්ති වල හැබෑම හුරතල්

පුංචි පන්ති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ..

මව්වරු ඇති නැති පියවරු දැක නැති
දරුවන් කොතරම් මෙහි ඇතිදෝ
උන්ගේ සිත් වල මොන වගෙ දේවල්
මොන විදිහට හිර වී ඇතිදෝ...

පුංචි පන්ති වල හැබෑම හුරතල්...

වැඩිහිටියන්ගේ නොමනා කම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ
උන්ගේ නාමෙන් එකමුකු වීයන්
දෙපිල බෙදී ඇති දෙමවිපියෝ

පුංචි පන්ති වල හැබෑම හුරතල්...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ටියුලින් ජයරත්න
ගායනය: ටී. එම්. ජයරත්න

------------------------------------------------------------------------------------------
2. අහසින් පොළොවට කඩා වැටීලද

අහසින් පොළොවට කඩා වැටීලද 
අම්ම තාත්තා නෑ දන්නේ 
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද 
පුංචි පුතේ මගෙ පුංචි දුවේ...

මන්දිර වාසල පැල්පත අගු පිළ 
කොයි දරුවත් දරුවොයි මෙලොවේ 
නුඹලා උන්නා නිසාද මේ ගෙට 
අනාථ නිවසයි පට බැඳුණේ...

ගෙනත් දෙතිය රස මසවුළු මව් වරු 
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ 
නැති බැරි කම් මැද අහක දමන්නද 
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය: රෝහණ වීරසිංහ 
ගායනය: සුනිල් එදිරිසිංහ

------------------------------------------------------------------------------------------
3. ඉස්සර මං ගිය පාසැල ඇරිලා

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා

මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා

ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ

ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා

ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: එච්.එම්. ජයවර්ධන
ගායනය: සුනිල් එදිරිසිංහ

------------------------------------------------------------------------------------------
4. තිරය ඇරෙනවා තිරය වැහෙනවා

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා 

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ
තිරය ඇරෙනවා...

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී
තිරය ඇරෙනවා...

පද රචනය: බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

------------------------------------------------------------------------------------------
5. පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් 
මන්දිරවල නොව 
පාර දිගේයි පිපුණේ 
මල් නෙළුමට යන 
පැස බිම තියලා 
පාර දිගේ නුඹේ ඇස යවපන්නේ 
පාර දිගේ ඇස යවපන්නේ

දුප්පත් මවකගේ ඇකයේ පරවෙන 
කැකුළු මලක් වෙත අත පාපන්නේ 
පරවෙන කැකුළට දිවි දිය ඉසිනට 
නුඹේ නෙත කඳුළැලි පැන් කරපන්නේ

පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්...

කිරි කඳුළක කිරි රස නොහඳුණනා.. 
කිරි කැකුළන්හට කිරි සොයමින්නේ 
ඔබ යන මඟ දිග ඔටුණු පැළඳ නැති 
රජවරු හමු වෙයි මඟ අහපන්නේ
පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්...

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය හා ගායනය: එඩ්වඩ් ඡයකොඩි

------------------------------------------------------------------------------------------
6. පොල් කට්ටට වතුර අරන්

පොල් කට්ටට වතුර අරන්
මූණ හෝදලා විගහට
හීල් බත් මිටෙන් සෑහි කහට උගුර බී හනිකට
පස්ස ඉරුණ කලිසම ඇඳ අකුරු කරන්නට යන විට
මල් නො පිපුණු බව සැබෑය
මගේ පුංචි පා සිඹින්න

තනි ලන්දේ තනි කම නෑ හිතට බියක් නො එනා
ගල් උල් වී පුංචි පතුල් එක විදියට රිදුණා
පය හීරී ගලක කඳුළු හිත අස්සෙම මිදුණා
ඉගෙන ගන්න පුංචි හිතට තව දයිරිය ලැබුණා
ගමනේ

පොල් කට්ටට වතුර...

දුක දැනෙන්නෙ නෑ අක්කේ මගෙ හිත පුරවා තියන්න
කර රිදෙන්නේ නෑ කුඩේට මට පුළුවනි වැලි අදින්න 
අපේ අම්මගෙ සොහොන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න
පියා කියලා දුන්නු පාරෙ යමු අක්කේ දුක නිවන්න
පොල් කට්ටට වතුර...

පද රචනය: නෙල්සන් දේමුණි
සංගීතය: නාමල් ගුණසේකර
ගායනය: රන්ජන් ජයතිලක

------------------------------------------------------------------------------------------
7. වීදි කොනේ මාවත අද්දර

වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා

පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැති ද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..

වීදි කොනේ...

පද රචනය: අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

------------------------------------------------------------------------------------------
8. අතුරු මිතුරු දඹ දිව තුරු ඇඟිලි ගැනපු පොඩි දෑතට

අතුරු මිතුරු දඹ දිව තුරු 
ඇඟිලි ගැනපු පොඩි දෑතට
මහ බර වැඩ තව හුරු නෑ වලව්වේ හාමු
අනේ පුංචි දුවට උරණ නොවෙන් වලව්වේ හාමු 

දාන පාරමිතා පිරූ වෙසතුරු 
රජු ලෙසින් නොවේ 
මගේ බාල දෝනිව මම මැදුරට එව්වේ
අනේ සමා වෙලා අසනු මැනවි වලව්වේ හාමු

අතුරු මිතුරු දඹ දිව තුරු...

බක්කි කරත්තයක නැගී 
අකුරට යන බේබිලා දැක 
පුංචි දුවගේ කැකුළු සිතත් හඬා වැටේවි
අනේ සමා වෙලා අසනු 
මැනවි වලව්වේ හාමු

අතුරු මිතුරු දඹ දිව තුරු...

පද රචනය: ?
සංගීතය: ?
ගායනය: බන්දුල විජේවීර

------------------------------------------------------------------------------------------
9. මා තොටින් එන උතුරු හුළඟේ

මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුණු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත්
අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්

මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශනී

------------------------------------------------------------------------------------------
10. සුදු නෙළුම කෝ

සුදු නෙළුම කෝ
සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ....

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය හා ගායනය: ඩබ්.ඩී.අමරදේව

------------------------------------------------------------------------------------------
11. ගෙඩි සියයක් බිම හෙළුවත්

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට  එක ගෙඩියයි...
අපි රැකෙන්නෙ ඒ ගෙඩි 
විකුණලයි හන්දියේ..
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක්...//

පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ
ගායනය : නන්දා මාලිනී

------------------------------------------------------------------------------------------
12. ඉස්සර විදියට දුව පැන යන එක

ඉස්සර විදියට දුව පැන යන එක 
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද 
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැළෑවට වවුලෝ ඇවිදින් 
රෑ තුන්යම රජ මඟුල් කතී
පාළුව දැනුනම මෙරැ රැළ තරහින් 
වැලි මාළිග වට කුලල් කතී

ඉස්සර විධියට.........

රෑ කල තනි යහනේ සැතපෙන විට 
දැනුනද මවකගෙ සෙනෙහෙ ගුණේ 
බුදුබණ එතකොට සිහියට එනවද 
කියන්න පොඩි හාමුදුරුවනේ
ඉස්සර විධියට..........

පද රචනය: අමරසේන කන්කානන්ගේ
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: එඩ්වඩ් ජයකොඩි

------------------------------------------------------------------------------------------
13. බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා..

පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය හා ගායනය: සනත් නන්දසිරි

------------------------------------------------------------------------------------------
14. තට්ටු ගෙවල් දෙස

තට්ටු ගෙවල් දෙස 
පුංචි කවුළුවෙන් බලනා සුදු නංගෝ
කිට්ටු නොවෙයි අපි පව් කල ඇත්තෝ 
නාඩං මගෙ නංගෝ //

රන්වන් සළු තුළ ගෙනා සිනාවෝ 
ඇයි අපටත් නැත්තේ
නිල් වන් තණ මත නගනා 
හසරැලි ඇයි මේ ඔරවන්නේ

පොත් පත් මිටියක් තුරුළේ රඳවා 
යන පොඩි උන් නංගෝ
දැක්කත් තැවෙමින් අඬන්නෙපා 
අපි පව් කළ උන් නංගෝ

තට්ටු ගෙවල්.......................
මංදිරයේ තුළ නටන රැඟුම් මැද 
රස ආහාර පුසුඹේ
දැනුනත් නාඩන් එදා වේල 
අපි සපුරා ගමු දුකිනේ

කහවණු දැකලා රැවටුණු මිනිසා 
රැවුවත් මගෙ නංගෝ
හදවත සනසා රැක ගමු මිනිසා 
නොමිනිස් ගති පරදා
තට්ටු ගෙවල්.......................

පද රචනය : සුනිල් සමරකෝන්
සංගීතය: සුනිල් ධර්මසේන
ගායනය: උපාලි තෙවරප්පෙරුම
(ගීතය Suresh Sanjeewa හොයලා දුන්නේ )
------------------------------------------------------------------------------------------
15. පුංචි බේබි බෝනික්කා වඩාගෙන

පුංචි බේබි බෝනික්කා වඩාගෙන
අන්න පුතේ අඬගහනව වැට ළඟට
පුංචි සිතේ සෙල්ලම් ගේ මවාගෙන
එන්න කියනවා වෙන්නැති තනිකමට

පුංචි බේබි බෝනික්කා ...

තේරුම් නැති ලොවේ එක සිත් හිතාගෙන
කොල අතු මාලිගේ වැලිබත උයාගෙන
වලදන්නෙපා එක කොස් කොල පිගානක
ළමාතැනී දැක්කොත් වදදෙයි නුඹට
පුංචි බේබි බෝනික්කා ...

කඩමලු යහනෙ බෝනික්කා තියාගෙන
අම්මා ඔබයි මම පිය රජු වෙමි පුතුට
කියන්නෙපා වැරදීමෙන් වත් ඇයට
ඇසුනොත් ඇයට වේවැල එයි ඇයගේ අතට
පුංචි බේබි බෝනික්කා ...

පද රචනය: ?
සංගීතය: ?
ගායනය: ජේ. ඒ. ධර්මරත්නයන්
(ගීතය Suresh Sanjeewa හොයලා දුන්නේ )
------------------------------------------------------------------------------------------
16. ඕපපාතික දරුවෝ

ඕපපාතික දරුවෝ 
මවක් පියෙක් නැති දරුවෝ 
පදික වේදිකා කෙළිබිම කර ගත්
කාටත් නොපෙනෙන දරුවෝ

කරාමයෙන් එන දුඹුරු වතුරකට 
තරඟෙට පොරකන උදේ දවල් රෑ 
නාවර සේදෙන දහඩිය මුහුණින් 
මා සොප් පනිනා (?) අසරණයෝ

ඕපපාතික දරුවෝ 

තුන් හිතකින් හෝ නොකළ වරදකට 
වන්දි ගෙවයි දරුවෝ දරුවෝ 
නුඹට උරුම වූ ටකරන් පැල වෙත 
නුඹේ පියා හෙට නැහැ එන්නේ

ඕපපාතික දරුවෝ...

පද රචනය: අජන්තා රණසිංහ
සංගීතය: ප්‍රේමදාස අතුකෝරල 
ගායනය: වික්ටර් රත්නායක
ගීතය මෙතැනින්
------------------------------------------------------------------------------------------
17. දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා 

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුණු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට
අමා වතුර ගලනා දා
පයිප්පයේ දුඹුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ
සෝපාකලා.

දන්සැල් ළඟ පෝලිම් වල…
පදික වේදිකා නිවසේ

මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින් කිරි වදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඬා
සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල…

පද රචනය: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ?
ගායනය: අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව

------------------------------------------------------------------------------------------
18. සිලිං බිලිං කූරු වළලූ

සිලිං බිලිං කූරු වළලූ
පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම්
වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව
පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ
පියා සලන සූටික්කෝ
කාසි වලට මාරු වෙලා
අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන්
දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන්
බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ
කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ
කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති
කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන්
බොඳවී මැකුණා

පද රචනය: හේමසිරි ගුණතුංග
සංගීතය: කලණි පෙරේරා
ගායනය: නීලා වික්‍රමසිංහ

------------------------------------------------------------------------------------------
19. රජ මැදුරක ඉපදී සිටියා නම්

රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිළෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිළෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පදරචනය: ලුෂන් බුලත්සිංහල
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: මාලිනී බුලත්සිංහල

------------------------------------------------------------------------------------------
20. පිනිබර යාමේ

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වට කර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැඟිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමා වී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
ඇලේ දොලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වූ දා දුක් වේවී අම්මා

වේල දෙවේලේ කුසගිනි නොබලා
වැරහැලි ඇන්දත් පින්කඳ බබළනවා
කලට රුවන් වැසි වස්සන තාලෙට ශිල්ප උගත් දා
නුඹ සක්විති වෙනවා

පද රචනය ලූෂන් බුලත්සිංහල
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: : සුනිල් එදිරිසිංහ

------------------------------------------------------------------------------------------
21. පිපුණු මලේ රුව එ මල දනී දෝ

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

පද රචනය: ලුෂන් බුලත්සිංහල
සංගීතය: ඩන්ස්ටන් ද සිල්වා
ගායනය: නන්දා මාලිනී

------------------------------------------------------------------------------------------
22. අම්මා නැති මට කිරි අම්මා වී

අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැන ගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ

පිරුණු රටාවට පැදුරක් පිරී වැඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙ කම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදුවේ

මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුළේ
මා ලද ශිල්ප නුඹ හා එක මුල්ලේ

පද රචනය ලූෂන් බුලත්සිංහල
ගායනය හා සංගීතය: වික්ටර් රත්නායක

------------------------------------------------------------------------------------------
 23. මාවතේ දරුවෝ

මාවතේ දරුවෝ
අනුනට අතපා තම දුක යදිනා
මාවතේ දරුවෝ

කිරි කඳුලක්වත් නොදුටුව දවසට
කුසේ දැවෙන පිනි බිඳුවක් සනහා
ඔවුනගේ නෙතු අග කඳුලක් වන්නට
හැකිනම් එදිනට අපි වෙමු සක්විති රජ දරුවෝ

මාවතේ දරුවෝ...

ලොවෙන් දයාවක් නොලැබුව සිත් ළඟ
හද බැඳී සෙනෙහස බින්දුවක් දවටා
ඔවුනගේ සිතු ළඟ සුසුමක් වන්නට
හැකිනම් එදිනට අපි වෙමු සක්විති රජ දරුවෝ

මාවතේ දරුවෝ...

පද රචනය: ?
සංගීතය: ?
ගායනය: උපාලි අමරනායක

------------------------------------------------------------------------------------------
24. වියලී ගිය දෙතනේ නැත

වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"

පද රචනය: දයාසේන ගුණසිංහ
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල

------------------------------------------------------------------------------------------
25. කැරකෙන රෝදේ පුංචි කරත්තේ 

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: කලනි පෙරේරා
ගායනය: එඩ්වඩ් ජයකොඩි

------------------------------------------------------------------------------------------
26. පහන තියා බුදු සාදුට හිමිදිරියේ

පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

පහන තියා....

ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

පද රචනය : බන්දුල  නානායක්කාරවසම්
සංගීතය : ආනන්ද ගමගේ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙලුම් රත්නායක

------------------------------------------------------------------------------------------
27.මාවතේ අපි යයි කියා

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා

මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා

මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා

ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

------------------------------------------------------------------------------------------

ප.ලි 

ගීත ගොන්න එකතු කලේ මා මිත්‍ර "Chiran Windsor" විසිනි .මිට අමතරව හැමෝම දන්නා මේ කුලකයේ ගීත මතක් කරමු  ...

56 comments:

  1. ඊයෙ පෙරේදා පුංචි පුතු පැටියෙකුට තාත්ත කෙනෙක් උන උඹට උණුසුම් සුභපැතුම් මචෝ.. !!

    චියර්ස් ...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ ...සති දෙකක් ගෙවාගන්න කාපු කට්ට ..හැක් හැක්

      Delete
    2. හපෝයී.. කියන්නවත් එපා උඹ.... සුභපැතුම් අයියණ්ඩියේ....

      Delete
    3. ස්තුතියි මනෝ ...කියන්නම ඕනද ? විස්තර අහලා කතා කරන්න බැරිද ?අපිම කතා කරනකල් හිටපන් ..හැක්

      Delete
    4. හිටුකො පඩියක් ගන්නකල්... හැක්...හැක්..

      Delete
    5. පොඩි සිංදුවට සුබ පතලා අපි කවදද අඩියක් ගහන්නේ

      Delete
  2. මචෝ අහසින් පොළවට සිංදුව ඔක්සිජන්ලා උන්ගෙ සෙෂන් එකේදි කියනව මං දැක්ක.මේං මෙතන තියනව මේ වගේ සිංදු ආයෙත් මෙහෙම හරි ඇහෙන්න ලැබෙන එක ලොකුදෙයක්..

    ReplyDelete
    Replies
    1. හලෝ හලෝ පෝස්ට්කන්නා??? හැක් හැක්

      Delete
    2. මගේ යාලුවෙක් පෝස්ට් කාල මලා කියහංකො .. හැක හැක

      Delete
    3. පත්තරේ දැන් ගොඩක් බෑන්ඩ් මෙහෙම පරණ සින්දු සෙට් එකක් ගහනවා නේද ...ඔක්සිජන් තුෂාර ඕල්රයිට් එක්කත් එහෙම සින්ග් කළා මතකයි ...

      Delete
    4. දේශෝ උඹ කොහෙද බන් වහන් වෙලා හිටියේ ..අපි හිතුවේ උඹ යටියන්තොට ගිහින් වත්දෝ කියලා ..හැක හැක

      Delete
    5. දේශිකා ඕකව නිවාස අඩස්සියෙ දාල තිබුනෙ මෙච්චර කල්.

      Delete
    6. පත්තරේ, උඹේ පෝස්ට් කාල මල එකාට වැරදි HTML කෝඩ් එකක් කැවෙන්න ඇති. හැක්..

      Delete
    7. ප්‍රසා දේශිකාට කියක් දීලා ආයේ පාරක් මේකා මුත්‍රා අඩස්සියේ තියමු ...

      Delete
    8. සොරි නිවාස අඩස්සියෙ....හැක් හැක්

      Delete
    9. වෙන්ටැ ප්‍රසන්න අයියෙ.. ලෙඩේ හොයාගන්න බැරුව විඳවලා මලේ :D

      Delete
    10. පොඩි පත්තරිට සුබ පතලා අඩියක් ගහන්නත් බැරි උනා

      Delete
  3. ඉයන් එක රැල්ලක් හැදුවා. දැන් ඇනෝ තව රැල්ලක් හදන්න වගේ.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි සාදරයෙන් පිලිගන්නවා ....අනේ මචෝ මේක රැල්ලක් නම් නෙවෙයි ...ගීත කුලකයක එකතුවක් .හම්බවෙන සින්දුව අප්ඩේට් කරනවා .
      ජයවේවා !!

      Delete
  4. 1 සුභ පැතුම් එහෙනං අර පඩත්තලයා කිව්ව එකට.. ජය..

    2 අර වගේ වීඩියෝ නං ඕසෙට තියේ..

    3 ගීත දාසයේ රැල්ල උඹට වදින්නම ඕන

    4 හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශෝ 1ට ...හැක්
      ගීත 16 රැල්ලට යන්න විදිහල් නැ බන් ...මට එහෙම තෝරන්න බෑ ..ගොඩක් ගීත තියනවා මචෝ කැමතිම ...

      Delete
  5. අපි මේ රටට ඇත්තටම අයිති මිනිස්සු නම්, අපි මේ ලෝකෙට ඇත්තටම අයිති මිනිස්සු නම්, අර උඩින්ම තියන වීඩියෝ එකේ ඉන්න මනුස්සයාගේ හැඟීම්, අපි කා ළඟත් තියනවා.

    මේ සින්දුවලින් කියන දේවල්, අපි කාගේත් හිත්වල මුල්ලක තියනවා. ඒවා පුබුදුවන්න අය නැති නිසා, අපි යන්ත්‍ර බවට පත්වෙලා. දිනපතා පිරිත් අහනවා වගේ, පල්ලියට, කෝවිලට යනවා වගේ මේ සින්දුත් ගෙදර ඔක්කොම අය අහනවනම්, ඇත්තටම අපි මීට වඩා වෙනස් වෙනවා සින්දුවෝ.

    බොහොම ස්තුතියි ලස්සන ලිපියක් අපට දුන්නට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචා ...හැමෝම මෙහෙම හිතනවා නම් .........

      Delete
  6. හොඳම දේ දරුවන්ට කිව්වට කවදාවත් මේ රටේ නොවෙන්නෙම ඒ දේ තමා . එකත් හරියට ලංකාව ලෝකෙන් උතුම් රට කියනවා වගේම වැඩක්

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මචෝ .මේ හැම එකක් සඳහාම දිනයක් නම් තියනවා සමරන්න..මට මතක් වුනේ මහගම සේකර ගේ මේ කවිය ..

      බිඳෙන් බිඳෙන් ජලේ
      පයිප්පයෙන් වැටේ
      බෙලෙක්ක ටින් රැගත්
      ළමෝ වටා සිටිත්.

      ඇටෙන් ඇටේ ඉලේ
      හමෙන් නෙරා පෙනේ
      බතක් නැතත් කුසේ
      බඩත් පිරී තිබේ
      උඩින් උඩින්දෙපා
      තබා මඩින් මිදී
      සුරංගනාවියෝ
      මුඩුක්කුවෙන් බසිත්

      ඉහින් කනින් පිරී
      ඩබල් ඩෙකර් දුවයි
      ඇසුත් කනුත් වසා
      නගින්නෙ දූවිලියි

      නොකා නොබී කෙසේ
      මැරෙම්ද හාමතේ
      කකා කකා කියා
      හඬත්ය කාකයෝ....
      (මක් නිසාද යත්)

      Delete
  7. මම මේ බලන් හිටියේ සින්දු ඇනෝ මොනවා කියයිද ? සින්දු 516 දායිද කියල. මේ ලිස්ට් එක ලස්සනයි. හුඟක් හොඳ දන්නා සින්දු ළමයි ගැන. ඒවගේම උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අය්යේ .....සින්දු 16 චැලේන්ජ් එකෙන් කලින්ම ඉවත් වුනා .

      Delete
    2. මම අකැමතිම ළමා ගිය මොකක්ද දන්නවද? "සකල බුජන් කොට කලිසම් " අන්තිම අසාධාරණ සින්දුවක්. දැනුත් සමහර අය දානවා. අපේ ළමයින්ට සිංහල සින්දු අහන්න කියල ඔය ළමා ගී කැසට් එකක් ගෙනත් ඔය සින්දුව තියන නිසා විසි කරලා දැම්ම.

      Delete
    3. මම අකමැතිම "කියන්න සුළඟේ " එකට ....සුළඟ දන්නේ නැ ළමයෙකුට කතා කරන්න ...හෙන පඬි ටෝක් දෙන්නේ ..හැක්

      Delete
  8. සමහර සින්දු අද වෙනකන් අහල තිබ්බා එව්වා නෙමෙයි. එත් බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභියෝ ..සතුටුයි අහලා නැති ගීත පළමු වරට මෙතැනින් ඇහුවා කිව්වාම ...හැක්

      Delete
  9. අර ශෝට් ෆිල්ම් එකට වසරේ හොඳම් කෙටි චිත්‍ර පටියට හිමි සම්මානයද කොහෙද ලැබුන....ඕක මම කොහෙ දැක්කත් අනිවාරෙන් බලන වීඩියෝ ක්ලිප් එකක්...

    ReplyDelete
    Replies
    1. රසික මමත් එවැනි වීඩියෝ නම් අතාරින්නෙ නැ ...සුපිරි ....

      Delete
  10. හොඳ සින්දුවක් මෙතන මිසින්ග්...

    ක්ලැලන්ස්ගේ සින්දුවක් තියෙනවා.. අර ප්‍රේමදාස මාවතෙ හිටපු දරුවෝ ගෙනත් කෙලපු පිස්සුව ගැන.. මාවතේ අපි තනිකලා වගේ ගීයක් මට මතකෙට ආවොත් මම ආයේ කොමෙන්ට් එකක් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මාතේ එක මතකම නැතිව හිටියේ ...බොහොම ස්තුතියි මචෝ
      මේක නේද ?
      https://www.youtube.com/watch?v=956_BQkq7gA

      Delete
    2. මේ සින්දුව ක්ලැරන්ස් කිව්වෙ මාවතේ ළමයි ගැන නෙමේ ප්‍රේමෙ කරපු මාවතේ අපි කියන සිඟන්නගෙ සංගීතප්‍රසංගය ගැන.

      Delete
  11. හරිම ආසාවෙන් සින්දු ටික රසවින්දා.. බොහොම ස්තූතියි...

    මේ කුලකයේ තවත් මම ආසම ගීත දෙකක් තමයි පුෂ්පමාලා සුබසිංහ ගායනා කරන සීනි කෝපි තේ කිරි තේ වෙරලු මසන් ජම නාරං ගීතයයි, නන්දා මාලිනියන් ගායනා කරන රුක්කත්තන මල මුදුනේ ගීතයයි

    තුෂානිත් පුංචි කාලේ ළමා පිටියට සම්බන්ද වුන නිසා මේ ගීත ගොඩක් රස විඳින්න, ගීත කියන්න අවස්ථාව උදා වුනා. මේ ගීත ටිකත් එක්ක ඒ සොඳූරු මතකයන් ටික ආපහු මතකෙට ආවා... බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂානි ...මෙතැන එකතු කරලා තියෙන්නේ ළමා කාලයක් නැති ළමයි වෙනුවෙන් ලියැවුණු ගීත ටිකක් ,,,

      Delete
  12. අර පත්තරය සුබ පතල තියෙන එකට මාත් පතනව සුබ. හැක්..

    මාත් ආසාවෙන් රස විඳින සින්දු කීපයක්ම මෙතන තියෙනව. ස්තුතියි මෙහෙම ලිස්ට් එකක් දැම්මට.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ප්‍රසා .....
      මිතුරෙක් එකතු කරපු ටිකක් මෙතැනට ගෙනත් දැම්මේ

      Delete
  13. නියමම කලෙක්ෂන් එකක්... සර්වකාලින නොවිය යුතු නමුත් සර්වකාලීන වෙලා තියෙන ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. සර්වකාලින නොවිය යුතු නමුත් සර්වකාලීන වෙලා තියෙන ප්‍රශ්නයක්...
      +++++++++++++++++++++++++++++++
      අපි හැමදාම කතා කරන ප්‍රශ්න මචෝ ...

      Delete
  14. "වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
    වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
    කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
    හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

    උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
    වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
    දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
    නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

    පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
    ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
    දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
    සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

    මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
    දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
    සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
    කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"


    පද රචනය - දයාසේන ගුණසිංහ
    සංගීතය - ගුණදාස කපුගේ
    ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල

    ReplyDelete
    Replies
    1. පට්ට ..එකතු කරමු ලිස්ට් එකට ...

      Delete
  15. ළමුන් උදෙසා ලියෑවුණු ගී ?

    70 80 දෙදශකයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ගුවන්ගත් ඉතා ජනප්‍රිය වැඩසටහනක්‌ සංගීත චින්තන
    ඒ අනුව මෙයාකාරයෙන් එක්‌ මාතෘකාවක්‌ ඔස්‌සේ ගැයුණු ගී 4 ක්‌ ගුවන්ගත කලත් එය දිනපතාම ප්‍රචාරය වූ වැඩසටහන් නිසා දුර්ලභ ගී ගණනාවක්‌ එයින් ප්‍රචාරය කරනු ලැබුවා
    දි
    ඔබ මෙයින් අදහස්‌ කලේ ළමා ශ්‍රමය අවභාවිතය හා ළමා අපයෝජනය උදොසා විරෝධාකල්ප ගීත ද ?
    දි
    නිලා වික්‍රමසිංහ ගේ ගල් අරණේ හැංගෙන්නා උන් රහසේ ලංවෙන්නා
    නන්දා මාලිනියගේ චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් හා මිරිවැඩි සගලක්‌ ඉල්ලා හැඩුවෙමි
    වික්‌ටර් ගේ බනින්නෙපා පොඩි දෝනිට
    මිල්ටන් ගේ සමාකරන් මට කී දේ නාහනදි
    වැනි ගී ද දැනට මතකයට ඒ
    අපේ ජනප්‍රිය ගීත රචකයන්ගේ ප්‍රියතම විෂයකි මේ විරෝධාකල්ප ගී
    70 දශකයේ මහාචාර්ය ආරියරත්න හා ලූෂන් බුලත්සිංහල දෙපොළ ඒ අතරින් කැපී පෙනෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජසුරිය මහත්තයෝ ...මේ චිරාන්, ළමා කාලයක් නැති ළමයි වෙනුවෙන් ලියැවුණු ගීත කියලා එකතු කරපු ගීත ටිකක් ...

      Delete
  16. සටහන කියවගෙන යද්දී මටත් ගීත කීපයක් මතක් වුණා.
    1. පහන තියා බුදු සාදුට හිමිදිරියේ -
    2. කැරකෙන රෝදේ පුංචි කරත්තේ -

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දු දෙකක්.

      Delete
    2. බොහොම ස්තුතියි දුමින්ද ....ඒ දෙකත් එකතු කරමු ...
      ජයවේවා !!!

      Delete
  17. "මං... පුංචි වෙළෙන්දා" සින්දුව හරියන්නේ නැද්ද?

    ReplyDelete
  18. මාගේ මිතුරකු වන, ක්ලැරන්ස් විජේවර්ධනගේ සහෘදයකු වන ඔසඳ ගමගේ සොයුරාට අනුව, ළමා අපයෝජනයන්ට එරෙහිව මෙරට ගීත ක්ෂේත්‍රයේ නිර්මාණය කළ මුල්ම සහ එකම ගීතය රචනා කොට, සංගීතය නිර්මාණය කරමින්, ගායනා කර අැත්තේ ක්ලැරන්ස් විජේවර්ධන විසින්. පහත දැක්වෙන්නේ ඒ පද පෙළ.

    ''දෑසවන් දැයෙහි පහන් මෙනි මල් කැකුළු ලෝකේ
    පිපී සුවඳ දෙන කාලයට පෙර අැයි පරවී යන්නේ

    සෙනෙහස පිණිස දරුවන්ගේ ලොව කෙළෙසන මිනිසුන්නේ
    සිත් කැළඹීලා නෙත් අඳවීලා අැයි තිරිසන් වන්නේ

    නෙත් දෙක වන් පොඩි සිත් බඳනා මෘදු මල් රොන් බිඳු වාගේ
    මාළිගාවක රන් මිණි මුතු වැනි දරුවන් තරු වාගේ ''

    ගීතයත් සොයාගත හැකි වුනොත් පසුව මෙතැනට එකතු කරන්නම්.

    ReplyDelete
  19. තාත්තලාගේ ආදරය ගැන කියද්දී අපේ පත්තරය ගැන නම් නොකියම බැහැ ..

    ReplyDelete
  20. උඹෙ මේ තීම් එකට තව සින්දු දෙකක් මගෙන්.

    1. සකළ බුජං කොට කළිසං තමයි අඳින්නේ..

    2. මං දුකින් තමයි ඉන්නෙ, කවුද මාව බලා ගන්නෙ, අසරණ අනාත පුංචි ළමෙක් මං

    ReplyDelete
  21. මාවතේ අපි තමයි මට නම් සුවිශේෂීම ගීතය මෙතනින්...කැලැරන්ස්ගෙ සාමාන්‍ය සංගීත රටාව යම් විදියකට වෙනස් කල ගීතයක් විදියටයි මට දැනෙන්නෙ.

    මිදුලේ සුදු මාළිගාවෙ සක්විති රජකම ලබන්න - - නිරංජලා සරෝජනී
    පුංචි දුවෙක් ඉස්කෝලෙට එක්කං යනවා - නිරංජලා සරෝජනී

    මේ ගීත දෙකත් මෙතනට එකතු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. 'මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න...' - ප්‍රියංකා වීරසේකර

      Delete