Wednesday, June 5, 2024

නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත්


බන්දුලගේ රචනා කලාව හැම විටම බොහෝ නැවුම් පරිකල්පනයෙන් අපුර්වත්වයෙන් පිරි රමණීය භාෂා භාවිතයක්. කාව්‍යමය අලංකාරත්වයෙන් විවිත්‍ර වූ ගීත රචනා කර තිබෙනවා. ඔහුගේ වදන් ගබඩාව පිරිලා - ගීත රචකයකුට තිබිය යුතු ප්‍රබල රසිකත්වයක්, සංවේදිතාවක් ඉතා සියුම්ව ඉදිරිපත් කළ හැකි. පුදුමාකාර දක්ෂතාවක් තියනවා.

බන්දුල කියන්නෙ අපුරු පුද්ගලයෙක්. ඉතා සක්‍රියව, කාර්යක්ෂමව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළී සිටින ගීත රචකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්. ඔහු තරම් නිර්මාණකරුවන් සමඟ සබඳතා පවත්වන, උදව් කරන කෙනෙක් මට හමු වී නැහැ. මම කියන්නේ සයිබීරියන් දුම්රියේ යනවනම් යායුත්තේ බන්දුල සමඟයි. ඔහු සමඟ කාලය ගෙවද්දී වෙහෙස දැනෙන්නේ නෑ.
කුලරත්න ආරියවංශ

--------------------------------------------------------------------------------------------------------

හිත මහ පුදුම තැනක් දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක් විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක් හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මණ රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය: එච්.එම්. ජයවර්ධන
---------------------------------------------------------------------------------------------------

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

ගායනය - නිරෝෂා විරාජිනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - මහින්ද බණ්ඩාර
---------------------------------------------------------------------------------------------------
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි
ආදරයයි ….

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ -
සැබෑව දිදුළන ජීවිතයයි
ජීවිතයයි ….

ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා ...//
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි

රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා

ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - සුරේෂ් මාලියද්දේ
---------------------------------------------------------------------------------------------------
දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී ...

රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් 
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්

දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් 
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්


ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
මල් ගිනිගෙන පූජාසනයේ
හදවත ඇවිලෙයි මරු කතරේ
බිඳුන බඳුන දෝත දරා
දිවියම ඉන් ගිලිහෙද්දිත්
ඔබ තවමත් සිහින කොදෙව්වේ

නියං අහස කළුවර නෑ
පේළි වැස්ස අහළක නෑ
කර සුළඟින් විලිලන අහසේ
වලාකුළින් ඇයි ඔබ වැහි මලු අයැදින්නේ

ලතා ළපලු පැහැසර නෑ
මලිති ගීය සවනට නෑ
අවුල්ව ගිය මහද අසපුවේ
අඳුර නොදුටු සේ
ඇයි සෙනෙහස අයදින්නේ


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
---------------------------------------------------------------------------------------------------
හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස බඳ වට විදා දිලුණු
අත්තටු ගිනි ගනී

සඳේ කිරණ විල්ලුද ලූ මඟ දෙස ඈ නෙතු අයා
ඇගේ සිහින ඔබ දෝතින් ගෙන එන රෑ එළි කළා
හිමේ සිසල දුරු කළ ඉර පාමුල 
කඳුළක් තියා
ඔබේ රුවක් හෝ නොදැකම විලටත් නොකියා ගියා

ප්‍රමාද වූ පෙම්වතුනි ඉවුරු දෑලේ වැළපෙනා
ඔබේ හැඬුම් හඬ කඳු සසැලූවද ඈ නොඅසනා
දැවී සිඳී ගිය අත්තටු යුවලට නෙත් පෙති තියා
බලන් විලේ තනි කැකුළක් ඇහැරෙයි විවරණ පතා

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - මර්වින් පෙරේරා
---------------------------------------------------------------------------------------------------
නොහිම් අහසක ඉමක් සොයනුව
සරණ විහඟක තටු රිදී
ගෙවා යන්නට තවත් සිය ගව්
වලාවෙන් විවරණ යදී ..

නොනිම් රළ මැද සිනාසෙන දුර
ඈත වෙරළක හසරැලි
පියාඹන්නට අනන්තය වෙත 
මඟට නෙතු දල්වා හිඳී

හෙටට හිමි මල් අද සිනාසේ
රේණු සසැලී රොන් ගලා ඒ

පිපෙන්නට හෝ මියෙන්නට මිස
අළුත් පොකුරක යළි පිපෙන්නට
මලක් කෙදිනකදෝ
නටුව අත හැර අතින් අත රැඳුනේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
මගේ කඳුළු වැල්
ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල්
ඔබට පවන් රැල් ...

ප්‍රේමය මල් සුවඳක් සේ
හමා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා

ප්‍රේමය සඳ එළියක් සේ
ගලා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
පලා පැහැයෙන් දිදුළ කඳුවලියේ
අතුළ පිණි මතුයේ
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්

දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
අරුත වී මා ඔබේ ළග ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම්බිමක් වෙන්නම්


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව - එම්. ආර්. චූලසිංහ
---------------------------------------------------------------------------------------------------
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නැ කඳු බිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුනු දා කඳු බිම් හැකිලෙනවා

‍අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
පද රචනය - බන්දුල නානානයක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිංගේ තුළ කළුවර වෙයි පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේං වැන්ද ජය ලැබෙන්ට අත් බැඳලා

ඊළඟ නැවතුම ආවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සළකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙළුම් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
---------------------------------------------------------------------------------------------------
අබ මිටක් සෙව්වාය පෙර කල කිසාගෝතමියක්
දෙදරු හා හිමි නැතිව වැළපුනි පටාචාරාවක්
කවුරුදැයි මා ඔවුන් අතරෙහි නොම හැඟේය මටත්
කියාදෙනු මැන හිමියණේ මට නිසරු දිවියෙ අරුත්

සුජාතා හා විශාඛා ඈ නොයෙක කුලවමියන්
අනේ ඔබ ළඟ වැටී පෙර ලද පරම සුවය අසම්
එවන් මා හද අපිස් දිවියෙහි නොමඳ අඳුර දකිම්
මලක් කොට සිත ඉරක් සේ දිසි ඔබේ නමට පුදම්

රුවන් මාලිග කසුන් අභරණ ඇතත් මේ දිවියේ
රැඳී ඇති සැප අහෝ කිව මැන මගේ බුදු සමිඳේ
ඔබේ බුදු බණ මහී තලයේ ඇසෙන පෝ දිනයේ
ඇසේ කඳුළක් තබා යන්නෙමි සසර පිදුම ලෙසේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
---------------------------------------------------------------------------------------------------
නිල් අහසත් රළු පොළවත් 
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත් 
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ

ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
---------------------------------------------------------------------------------------------------


ප.ලි 
කාලේකට කලින් ලියලා දාන්න හදාපු එකක් ...ලියපුවා මකලා නිකමට මෙහෙම පොස්ට් කරන්න හිතුනා බ්ලොග් එක තියෙනවාද බලන්න...සමා අවසර 

Tuesday, May 2, 2023

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා”


 මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය. පිටකෝට්ටේ ක්‍රිස්තියානි පාසලින් මූලිකඅධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ඇකඩමියට ඇතුළුව වී උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු සාන්ත ජෝන්විද්‍යාලයේත්, වෙස්ලි විද්‍යාලයේත් ඉංග්‍රීසි ගුරුවරයෙකුලෙස කටයුතු කරඇත. ගුරු වෘත්තියේ යෙදී සිටියදීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු ඒ තුළින්ජාත්‍යාලය සහ මවුබිමේ වටිනාකම කෙරෙහි ජනතා මනස අවදිකරවීමට කටයුතු කළේය. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළේ සාහිත්‍ය හා ලේඛන කලාවට මූලිකත්වය දෙමිනි.


පිටකොටුවේ පිහිටි ෆ්ලවර්හෝල් නාට්‍ය ශාලාවේ දී එවකට නූර්ති නාට්‍යකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සී. දොන් බස්තියන්ගේ නාට්‍යක් නැරඹීමෙන් නූර්ති කලාව කෙරෙහි ඇති වූ ගෞරවය නිසා නූර්ති නාට්‍ය කෙරෙහි ජෝන් ද සිල්වා නැඹුරු විය. 1885 දී සීමාසහිත ලංකා දේශීය නාට්‍ය සමාගම (Ceylon Oriental Dramatic Company Limited) නාට්‍ය සංගමය පිහිටුවන ලදී. ඒ තුළින් “නලරාජ චරිතය, රාමායණය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන” නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කරන ලදී. 1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසිනි. එම නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” යන ගීතය වර්තමානයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ද, විශාරද නන්දා මාලනිය විසින් ද ගයා ඇති අතර මෙම ගීතය එදා සිට අද දක්වා අවුරුදු 110කට වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත.


සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය තුළින් බිහිවිය. මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ තුළින් “දේවානම්පියතිස්ස, අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහියක්නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින්කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය, කැප්පෙටිපොළ, දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකලද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

චතුර කථිකයෙකු වූ එතුමා ජාත්‍යානුරාගය හා දේශීයත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අයෙකි. තම නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් පවසන අතරතුර ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන ලද්දේ ඉතා සූක්ෂම ලෙසින්ය. එතුමාගේ සියලු නාට්‍ය සියලුම රසයන්ගෙන් යුක්තය. සෑම නාට්‍යයකම හාස්‍ය යොදාගෙන ඇත. උදාහරණ වශයෙන් සිරිසඟබෝ නාට්‍යයේ බම්මන්නාගේ චරිතයත්, ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඉලංගෙයි මොහොට්ටාලගේ චරිතයත් හුවා දැක්විය හැකිය. ඔහු හාස්‍ය යොදාගනු ලැබුවේ විඩාවට පත්වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ අදහසින් හා පාලක සමාජයට ප්‍රබලව දියයුතු පණිවුඩ හාස්‍ය මාර්ගයෙන් උපාහාසාත්මකව ඉදිරිපත් කිරීමටයි.

සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ එතුමා නාට්‍යකරුවෙකු, කවියෙකු, කථිකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අයෙකි. 1880 දී විවාහපත් වූ එතුමාට එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙක් සිටි අතර බිරිඳගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය කරගන්නා ලදී. එම විවාහයෙන් එක් දියණියක් ලැබූ අතර එම බිරිඳ ද අකල් මරණයට පත්වීමෙන් තෙවැනි විවාහය කරගත් ඔහුට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණි. රටට, ජනතාවට මෙන්ම කලාවට ආදරය කළ සහ සුවිශාල සේවයක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මහතා 1922 ජනවාරි 28 වන දින අභාවප්‍රාප්ත විය. ජනවාරි මාසයේම ඉපිද ජනවාරි මාසයේම මියයෑම විශේෂ සිදුවීමකි. එතුමාගේ මරණය පිළිබඳ “සිංහල ජාතිය පුවත් පතේ” පළවූයේ මෙලෙසිනි. “ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.

විස්තර දිනමිණෙන්


Monday, December 12, 2022

මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්



“යාවීධ මාතා භගිනි සඛී ච

දාසී ච භරියාති ච යා පවුච්චති.

සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා

කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”

 





සඳ එළිය ගලයි - සයුර දිගේ - ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ - සිතිජ ඉමේ - හිතට දුක දැනේ
මඳ පවන නිසල වී - රළ පෙළට තුරුළු වී
වැහි ළිහිණි රෑන් පමණි - මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුළු සිරුර ගිනි ගනී//
රළ නඟන අඳෝනා - හද බිඳෙන වේදනා
පාළු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
සඳ එළිය ගලයි.....

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොළඟම නැඟි නැඟී//
දුර ඇදෙන ඔරු බඳේ - පිණි කඳුළු බිඳු රැඳේ
මාගෙ හදවතේ දුක ඔබ පමණි නිවන්නේ
සඳ එළිය ගලයි.....

(සමිතා මුදුන්කොටුව - වික්ටර් රත්නායක, වික්ටර් රත්නායක)

කළේ පැන් ඇත - නැවුම් රහ නැත - මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කරවී - මොකද මන්දා ළිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත - මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොළ සුළඟ ඇත එද - සිහිල කොයි අත ගියාදෝ
කෝළ බව මුසු සිනා හඬ නැත - සවන් බිහිරිව ගියාදෝ
කළේ පැන් ඇත....

පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑගම් ගොහින් ///

(සුනිල් එදිරිසිංහ/කේ. ඩී. කේ. ධර්මවර්ධන/රෝහණ වීරසිංහ)


අතින'ත ගත් දා ඉඳලා
තම හිමිට සරණ - දූ පුතුන් සරණ කළ
බිරින්දෑවරුන් සංසාරේ
බුදුවරු වෙන්නද පෙරුම් පුරන්නේ//
බිරින්දෑවරුන් සංසාරේ //

කරදර ලිප ලා - උයා පිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා
අතින'ත ගත් දා ඉඳලා....

කඳුළැලි වියලා - හදතුළ සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුණ පමණක් මොලවනවා
අතින'ත ගත් දා ඉඳලා....

(සේනානායක වේරලියද්ද/මහින්ද කේ. ප්‍රේමසිරි/සේනානායක වේරලියද්ද)


සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

(එඩ්වඩ්  ජයකොඩි /තිස්සසිරි පෙරේරා/පී. බී. කවිරත්න)

තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
නුඹ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්
උතුරයි ම'සිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

(අමරදේව/සුනිල් ආරියරත්න/රෝහණ වීරසිංහ )

හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
රැයේ තුන් යම නිදි වරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇහේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්.....

(පොඩිරත්න අඟමලේ / සුනිල් එදිරිසිංහ / ? )

වැවක් පුරා එක සීරුවට සුදු නෙළුම් පිපුණැයි මට හිතුණා
එදා නුඹ ඇහැ ගැහුණු දොහේ
අමාවක දා හඳ පායාලයි එදා මට හිතුණා.


(චන්ද්‍රිකා සිරිවර්ධන - එඩ්වඩ් ජයකොඩි)

Thursday, October 13, 2022

"කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ"



කාලෙකට කලින් පොස්ට් එකක් දාන්න හදලා තිබුන එකක් .....ඔන්නොහෙ දැම්මා ටෙස්ටින් වන් කියලා ....


නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++


නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ
රටේ දියුණ සැදුම ඔබට
බාරයි මගෙ පුතේ...

අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රට ට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා...

තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා...

යෝධ මහල් නැහැ කොහෙවත්
එක දවසින් සැදුණේ
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුණේ...

දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නෙ කොහේදැයි නොම දැන
නොයන් ගමන් පුතුනේ...

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
ගායනය - විල්බට් ඇන්තනි
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

පුංචි පුතුට පාඩමක්
පුංචි දුවට පාඩමක්
අකුරට යන්නට ඉස්සර
මෙන්න පුංචි පාඩමක්

හිරු කුමරුයි එඩිතරකම ලොවට ගෙනෙන්නේ
සඳ කුමරියි කරුණාවේ සිසිල ගෙනෙන්නේ
මේ දෙදෙනා ආලෝකෙන් ලොව සරසද්දී
කළු සුදු ලොකු පොඩි වෙනසක් නෑ සලකන්නේ

වැසි දිය මඳ නල ගහ කොළ ලොවට ලැබෙන්නේ
එහි පල ගන්නේ කවුරුද නැහැ විමසන්නේ
මිනිසුන් බෙදුණත් උරුමය සොයමින් පොළොවේ
මිහිකත අප හැම සම සිතකිනි උසුලන්නේ

ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
අහන්න මගේ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ

ඔබේ නම පතලව මහ වියතෙක් වී
තිබුනත් වස්තුව පිරීතිරී
ලෝකයෙ ඔබ කොයි මුල්ලක සිටියත්
මැරෙන්නේ ලක්බිම දෙසට හැරී

ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය -මොහොමඩ් සාලි
ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන් සළු පිලි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ...

රුසිරෙන් සරු මල්සර පරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් සැම දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා...

සලකනු පර පණ තම පණ සේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුණු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී....

පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
ගායනය - සුජාතා අත්තනායක
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Thursday, June 4, 2020

සරසවි ගීත

තෙවසරක වසත් සමේ කවිය සහ පේරාදෙණි සහ වෙනත් සරසවි ගීත 35ක්




හන්තාන කන්දේ - ඉහටත් උඩින්
පෙම් පැතුම් පුරා
තාරුකා නුවන් වැසී
රැය පහන් වුනා
සරා මිලි සඳේ කොපුල්
පිනි කඳුළු දොවා
තෙවසරක වසත් සමේ
නිමා වූ නියා
රතු පාට වදමල් - පොකුරෙන් තැනූ
කළඹ අත තියා
බහිරව ගිර පා මුලේ
කන්‍යාංගනා
එක හදින් කිරිල්ලියන්
දෙහදක්ම තළා
සරසවියෙ පව්රු මතින්
ඉගිළුණා එයා
හන්තාන කන්දේ - පෙම් සිත් පිදූ
කුවේණිය ද මා
තුෂරකර හඳට හැඬූ
ඉරුගල් දෙව් සමා
වැදි රජුට කඩුව නොදුන්
මනමෙ කුමරි මා
දිවි දොසින් මගේ නොවූ
හිමේ තනි වුනා

(චිරාන් වින්ඩ්සර් 04-03-2018)

මම ඕස්ට්‍රේලියාවේ බෙදා හරින සිංහල පුවත්පතක පළ වුන ලිපියක් දැක මේ කවිය ලියවුනත්, පේරාදෙණිය සරසවිය පිළිබඳ පරිසරයේ ඇවිද ගොස් නැති නිසා එච්චර සාර්ථක වුනේ නැහැ. හන්තාන කඳුවැටියේ 1988 වගේ කාලෙක බාලදක්ෂ ළමුන් පිරිසක් රැගෙන කැළේ ඇතුළෙන් ගිය ගමනක අත්දැකීම් ඇතත් පේරාදෙණිය සරසවි පුද්ගලික අත්දැකීම් නැහැ. කෙසේ වෙතත් කවියක් ලිව්වාට පසු ඒ තේමාවෙන් එන ගීත සොයා අධ්‍යයනය කිරීම මගේ පුරුද්දක්. මෙහෙම හොයන කොට Jayantha Sarath විසින් “@අපේ සිංදුඅපේ සිංදු කාමරේ” දැමූ පෝස්ටුවක සිංදු ඇනෝ ඇනෝ සහ Sindu Mee විසින් දැමූ විශාල ගීත සංක්‍යාවක් හමු වුනා. ඒ වගේම හැමදාම වගේ Deeptha Wimalaratne Dinali Perera සහ සිංදු ඇනොගෙන් ගීතවල අයිතිකරුවන් සහ ගීත පිළිබඳ තොරතුරු ලැබුණ. මම හුදෙක් කළේ මගේ වර්ගීකරණයක් අනුව ගීත අමුණා සරත්ගේ පොස්ට් එකේ නොතිබූ ගීත ස්වල්පයක් පමණයි. කොස්සකට ඉතිරි වුනේ එකතු කරපු ගීත ටික තදින් අධ්‍යයනය කරන්න තවම බැරි වීම පමණයි.

A පේරාදෙණිය සරසවිය - හන්තාන ඇතුළත් ප්‍රේම/විරහ ගීත

1. හන්තාන සෙවණේ - මැණිකේ වීරසිංහ / ගුණදාස කපුගේ / - ස්වර්ණලතා කවීශ්වර
2. හන්තානේ කඳු මුදුන සිසාරා - අජන්තා රණසිංහ / ඩබ්ලිව්. ඩී. අමරදේව / ඩබ්ලිව්. ඩී. අමරදේව
3. හන්තානට පායන හඳ - ධම්මික බණ්ඩාර / ඩැනිස්ටර් පෙරේරා / අමරසිරි පීරිස්
4. හන්තාන කඳු පෙළ - භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක
5. හන්තාන දෙසින් එන - සුදත් ගාමිණී බණ්ඩාර / විශාරද ගුණදාස කපුගේ / කරුණාරත්න දිවුල්ගනේ
7. හන්තාන කඳු වැටිය - උපාලි මල්දෙනිය / ඩෙනිස්ටර් පෙරේරා / අමරසිරි පීරිස්
8. හන්තානේ මන්දමාරුතේ - ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන
9. බලා වැලපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ - ජානක සිරිවර්ධන / අරුණ ගුණවර්ධන / ඩබ්ලිව්. ඩී. අමරදේව සහ උමාරියා
10. ඉතින් අවසර දමා යන්නට හන්තාන කුමරී - මාධව වෛද්‍යරත්න / නවරත්න ගමගේ / දයාන් විතාරණ
11. මුතු වරුසා දුර හන්තාන කඳු තීරයේ - රොඩ්නි විදානපතිරණ / සුසිල් අමරසිංහ / අමරා රණතුංග
12. රඟහල දැන් ඇත අඩ අඳුරේ - හඩ්සන් සමරසිංහ / ඔස්ටින් මුණසිංහ / විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල
13. සීත මීදුමේ කඳු වළා නිම්නයේ - සමන් ජනරංජන හේරත් බණ්ඩාර / සරත් පීරිස් / දයාන් විතාරණ
14. සදළුතලේ ඔබයි මමයි - අංජන ඉන්ද්‍රජිත් / ඉන්ද්‍රජිත් දොලමුල්ල / ඉන්ද්‍රජිත් දොලමුල්ල

B පේරාදෙණිය සරසවිය - මහවැලි ගඟ ඇතුළත් ප්‍රේම/විරහ ගීත

15. සරසවියෙදි හෙට විතරයි - සිරිසමන් විජේතුංග / දයාරත්න රණතුංග / දයාරත්න රණතුංග
16. සරසවි උයනේ මේ තුරු සෙවනේ - කුලරත්න ආරියවංශ / එච්. එම්. ජයවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන
17. ඉස්සර දවසක ලස්සන සවසක - රසිකා සූරිආරච්චි / සංජීව පරණමාන / ධම්මිකා දේවසුරේන්ද්‍ර

C පේරාදෙණිය සරසවිය - රොබරෝසියා ගස ඇතුළත් ප්‍රේම/විරහ ගීත

18. ආයෙමත් හමුවී ඔබේ ඇස් කාලෙකට පස්සේ - රවී සිරිවර්ධන / දර්ශන වික්‍රමතුංග / දුමාල් වර්ණකුලසුරිය
19. රොබරෝසියා හෙවනේ ඉඳන් - සරත් ශාන්ත ජාගොඩ / දර්ශන වික්‍රමතුංග / කරුණාරත්න දිවුල්ගනේ

D පේරාදෙණිය සරසවිය - සරසවි උයන දුම්රියපොළ ඇතුළත් ප්‍රේම/විරහ ගීත

20. හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - කවිකීර්ති හිමි / රොෂාන් ප්‍රනාන්දු / රොෂාන් ප්‍රනාන්දු

E. පේරාදෙණිය සරසවිය - කඳු වළල්ල ඇතුළත් ප්‍රේම/විරහ ගීත

21. මේ නගරය මා ඔබ - ප්‍රේමකීර්ති ද අල්විස් / මර්වින් පෙරේරා / මර්වින් පෙරේරා
22. සිවු වසරක් තුළ පෙම් සිහිවටනය - අජන්තා රණසිංහ / දයාරත්න රණතුංග / දයාරත්න රණතුංග

F. පේරාදෙණිය සරසවිය - ව්‍යංගයෙන් හෝ පසුබිම් කතාවකින් හඟවන ප්‍රේම/විරහ ගීත

23. සරා සොඳූරු මල් පැටලී - මහගම සේකර සමග සුගතපාල සෙනරත් යාපා / ප්‍රේමසිරි කේමදාස / වික්ටර් රත්නායක සමග නන්දා මාලිනී / හන්තානේ කතාව
24. මේ උයන් තෙරේ - කුලරත්න ආරියවංශ / වික්ටර් රත්නායක / නිර්මලා රණතුංග
25. ආදරේ මල් අතින් අර ගෙන - දයානන්ද රත්නායක / සිරිල් පෙරේරා / කරුණාරත්න දිවුල්ගනේ

G. පේරාදෙණිය සරසවිය - නවක වද / සමානාත්මතා ගීත

26. නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ - මෙල්රෝයි ධර්මරත්න / මෙල්රෝයි ධර්මරත්න / ධර්මරත්න සහෝදරයෝ - මෙල්රෝයි මැක්ස්වෙල් සහ ක්‍රිස්ටි ධර්මරත්න

H. පේරාදෙණිය සරසවිය - රැඩිකල් ආකල්ප ගීත

27. හන්තාන අඩවියේ - සුනිල් ආරියරත්න / මර්වින් පෙරේරා / නන්දා මාලිනී
28. හන්තානේ කඳු දන ඇණ නමදින - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ

I. ඕනෑම සරසවියකට පොදු - ප්‍රේම / විරහ ගීත

29. දෙනෝදහක් ගැවසෙන සරසවියේ - විජය රාමනායක / සරත් දසනායක / මිල්ටන් මල්ලවාරච්චි
30. යළි සමරන්නට දෑස වසා ගෙන - ඩිෂාන් නානායක්කාර / සමන්ත පෙරේරා / නිර්මලා රණතුංග
31. වස්සානේ එක ලස්සන දවසක - පී. කේ. සී. එල්. ජයසිංහ / නිපුණ රණවීර / අමරසිරි පීරීස්
32. සමනළ වැව පුරවන්නට - ඉන්ද්‍ර‍සිරි සුරවීර / කරුණාරත්න විජේවර්ධන / කරුණාරත්න දිවුල්ගනේ

J. ඕනෑම සරසවියකට පොදු - සරසවිය යන පදය නැති ව්‍යංගයෙන් අඟවන ප්‍රේම / විරහ ගීත

33. තනි වෙන්නට මගේ ලොවේ - බුද්ධදාස ගලප්පත්තිගේ / රෝහණ වීරසිංහ / වික්ටර් රත්නායක

K. ඕනෑම සරසවියකට පොදු - රැඩිකල් ආකල්ප ගීත

34. සඳුන් හර මිටින් නොම ගෙන ඉපිද මෙ බිමේ - දසුන් ප්‍රේමවංශ / විජේසුන්දර වේරගොඩ / නන්දා මාලිනී

L. ඕනෑම සරසවියකට පොදු - රැඩිකල් ආකල්පවලට විරෝධාකල්ප ගීත

35. අපි කොයි කවුරුත් උගුර කඩා ගෙන - ධර්මසිරි ගමගේ / සරත් දසනායක / වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල සහ අබේවර්ධන බාලසූරිය / අමල් බිසෝ 1979


A පේරාදෙණිය සරසවිය - හන්තාන ඇතුළත් ප්‍රේම/විරහ ගීත

1. හන්තාන සෙවණේ - මැණිකේ වීරසිංහ / ගුණදාස කපුගේ / - ස්වර්ණලතා කවීශ්වර

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //
සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙද්දි හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා
හන්තාන සෙවණේ...
අඳුරේ කලාගාරෙ රැඟුමන් බලනු බෑ
තනියක් දැනේ ගත වටා
මගේ සිත පුරාවේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නො දැනීම එයි ඔබ කරා
හන්තාන සෙවණේ... //
පද රචනය: මැණිකේ වීරසිංහ
තනුව සහ සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: ස්වර්ණලතා කවීෂ්වර

https://youtu.be/vveuLrTD1XI

2. හන්තානේ කඳු මුදුන සිසාරා - අජන්තා රණසිංහ / ඩබ්ලිව්. ඩී. අමරදේව / ඩබ්ලිව්. ඩී. අමරදේව

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳී කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
තුන් මහලින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //
හන්තානේ කඳු මුදුන සිසාරා…
පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳ ගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ //
හන්තානේ කඳු මුදුන සිසාරා…
පද රචනය: අජන්තා රණසිංහ
තනුව සංගීතය සහ ගායනය: ඩබ්. ඩී. අමරදේව

https://youtu.be/6tUC_KfuM6E

3. හන්තානට පායන හඳ - ධම්මික බණ්ඩාර / ඩැනිස්ටර් පෙරේරා / අමරසිරි පීරිස්

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හෑකිය දකින්න //
අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න
ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න
පද රචනය ධම්මික බණ්ඩාර
තනුව සහ සංගීතය: ඩැනිස්ටර් පෙරේරා
ගායනය: අමරසිරි පීරිස්

https://youtu.be/_LdAQYN6ZS8

4. හන්තාන කඳු පෙළ - භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක

හන්තාන කඳු පෙළ සඳට ආවඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගෙ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිච්චෙක් මගෙ දුකට හඬනවා
කෝ ඈ
කොයිද මගෙ රන් කිරිල්ලී
කොහි ද ගියේ ඉගිල්ලී
මා මෙහි හැර දා
ඈතයි
ඔබ ගිය දුර ඈතයි
නිවහන මගේ සීතයි
එන්න යළි පියඹා
මා මෙන් තනි වුන බට්ටිච්චෝ
ගොම්මන් අඳුරට බිය වීදෝ
ව්රහ ගීය මගෙ ගයනවදෝ
මා සනසන්නට හඬනවදෝ
පියඹා යන්නට මට නම් බෑ
ඈ සරසවියට එන්නෙත් නෑ
ගඟ ළඟ පෙම් මග පාළු වෙලා
මල් පෙති බොර දියෙ මලින වෙලා
කෝ ඈ...
පද රචනය, තනුව, සංගීතය සහ ගායනය: භද්‍රජී මහින්ද ජයතිලක

https://youtu.be/eeeUgdOaDzc

5. හන්තාන දෙසින් එන - සුදත් ගාමිණී බණ්ඩාර / විශාරද ගුණදාස කපුගේ / කරුණාරත්න දිවුල්ගනේ

හන්තාන දෙසින් එන
මෘදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේ සුරතින් දැල්වූ
මං බොහොම ප්‍රවේසම් කර ගන්නම් //
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැලපෙනවා //
මං තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
හන්තාන දෙසින් එන...
තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා //
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතිලා
හන්තාන දෙසින් එන...
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

https://youtu.be/kveeGHNykY0

7. හන්තාන කඳු වැටිය - උපාලි මල්දෙනිය / ඩෙනිස්ටර් පෙරේරා / අමරසිරි පීරිස්

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්
සරසවියෙ තුරු වදුලු මිලින වී නෑ තවත්
ඒත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඬුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ එදා සිටි
අවන්හල දෙසුම් හල
පුරුදු සේ බලා ගෙන ඉන්නවා
හන්තාන කඳු වැටිය...
මේ බිමේ සැඟව ඇති
සිව් වසක අතීතය
යළි යළිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කලත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා
හන්තාන කඳු වැටිය...
පද රචනය: උපාලි මල්දෙනිය
තනුව සහ සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගායනය: අමරසිරි පීරිස්

https://youtu.be/RS7VKYABCNo

8. හන්තානේ මන්දමාරුතේ - ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන

හන්තානේ මන්දමාරුතේ
හැන්දෑවේ යන්තමින් ඇහේ-වී
මා හා එදා - ඔබ කී කතා //
සන්තාපේ සෝතැවුල් එදා
අපි දෙන්න ආදරෙන් බෙදා
සරසවියේ අපගේ ලෝකයේ - ඈත ඒ අතීතේ
හැන්දෑවේ සුළඟ හමනවා - හන්තානේ තාම තියෙනවා
මා තනි වෙලා
ඔබ තනි වෙලා
සිහි වේවිදෝ
හන්තානේ මන්දමාරුතේ...
නින්දේ ඔබ සිහිනයක් වෙලා
කන්දේ අපි තැනක තනි වෙලා
මගේ කුටියේ ඔබේ නම ලියා - සිතුවමක් කළානේ
හැන්දෑවේ සුළඟ හමනවා - හන්තානේ තාම තියෙනවා
මා තනි වෙලා
ඔබ තනි වෙලා
සිහි වේවිදෝ
හන්තානේ මන්දමාරුතේ...//
පද රචනය, තනුව, සංගීතය සහ ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

https://youtu.be/vB0v6tN7-MI

9. බලා වැලපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ - ජානක සිරිවර්ධන / අරුණ ගුණවර්ධන / ඩබ්ලිව්. ඩී. අමරදේව සහ උමාරියා

ගැහැණු:
බලා වැලපෙමි නෙළා ගනු බැරි
හන්තාන සිහිනේ
පිරිමි:
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ
ගැහැණු:
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
පිරිමි:
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ
ගැහැණු:
බලා වැලපෙමි නෙළා ගනු බැරි
හන්තාන සිහිනේ
ගැහැණු:
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
පිරිමි:
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ
ගැහැණු:
හන්තාන සිහිනේ
පද රචනය: ජානක සිරිවර්ධන
සංගීතය: අරුණ ගුණවර්ධන
ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව සහ උමාරියා

https://youtu.be/W0BUz2eHfmI

10. ඉතින් අවසර දමා යන්නට හන්තාන කුමරී - මාධව වෛද්‍යරත්න / නවරත්න ගමගේ / දයාන් විතාරණ

ඉතින් අවසර දමා යන්නට - හන්තාන කුමරී
නුඹේ නළලත සිඹිනු හැකි නම් - සරා සඳවත වී
කැදලි හැර යන විහඟ නෙතු අග - විතරමද දුක මේ
වසන්තය හෙට ඒවි තනියට - රැගෙන නව කව් ගී
කඳුළු දිය බැඳ සීන වපුරා - තක්සලා හෙවනේ
කිරි වදින තුරු ගැයූ සීපද - කුරුලු තුඩ ගොළු වේ
වප් මඟුල් සිරි නිමාවේ දැන් - කැදැල්ලෙන් ඉගිළී
කොහොම යන්න ද - ඒත් යන්න ම - වේවි ඉතින් වෙන් වී ??
ඇහැළ තුරු පෙළ මල් වරන විට - පයට පියවිලි දී
විඩා බර නෙත් පෙඟෙයි පෙර දින - මතක රොන් තැවරී
දයාබර මල් පොකුර ගිලිහී - දසත විසිරෙද්දී
අවසරයි නටුවෙන් හැලෙන්නට - කැකුළකට ඉඩ දී
ඉතින් අවසර දමා යන්නට...
රැගෙන නව කව් ගී
පද රචනය: මාධව වෛද්‍යරත්න
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
ගායනය: දයාන් විතාරණ

https://youtu.be/QcUJdDLG_So

11. මුතු වරුසා දුර හන්තාන කඳු තීරයේ - රොඩ්නි විදානපතිරණ / සුසිල් අමරසිංහ / අමරා රණතුංග

මුතු වරුසා
දුර හන්තාන කඳු තීරයේ
ඡායා මවයි මීදුමේ
සරසවි උයනේ තුරු ගොමුවේ
සුපුරුදු සුවඳක් දැනේ දැනේ //
මුතු වරුසා
අහිමිව ගිය ඔබ - යළි හිනැහී අවුදින්
මේ තුරු හෙවනැල්ලේ
මා ලඟ හිඳිනු දැනේ //
මුතු වරුසා...
අප වෙන් වූවද - මේ මහවැලි ඉවුරේ
සිහිලැල් පවනැල්ලේ
ඔබ ගැයූ ගීත ඇතේ //
මුතු වරුසා...
පද රචනය: රොඩ්නි විදානපතිරණ
තනුව සහ සංගීතය: සුසිල් අමරසිංහ
ගායනය: අමරා රණතුංග

https://youtu.be/O4g9dpPLoAU

12. රඟහල දැන් ඇත අඩ අඳුරේ - හඩ්සන් සමරසිංහ / ඔස්ටින් මුණසිංහ / විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල

පිරිමි:
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිම ගිරි අරණේ //
ගැහැණු:
දිරියෙන් යුධ කළ ඔබ දුටු වේලේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ
පිරිමි:
අවසන් වසරේ සරසවියේ
ඔබේ අත අර ගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි සෙවනේ
මනමේ කුමරිය ඔබ ද ළඳේ
ගැහැණු:
හැඩිදැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ වෙත අසිපත දෙන්නට සිතුණා
මනමේ කුමරුන් මරු මුව වැටුණා
දැන් මම රැජිනකි හිමගිරි අරණා
දෙදෙනාම:
රඟහල දැන් ඇත අඩ අඳුරේ...//
පද රචනය: හඩ්සන් සමරසිංහ
තනුව සහ සංගීතය: ඔස්ටින් මුණසිංහ
ගායනය: විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල

https://youtu.be/6TW4WXgoD8U

13. සීත මීදුමේ කඳු වළා නිම්නයේ - සමන් ජනරංජන හේරත් බණ්ඩාර / සරත් පීරිස් / දයාන් විතාරණ

සීත මීදුමේ
කඳු වළා නිම්නයේ
සිත තාම සොයයි
ඔබ තුරුලේ ලැබූ ආදරේ
හද මතක පුරා ඔබ හිනැහෙයි
හන්තාන කුමරියේ
සිප් හලේ - රඟ බිමේ - පෙම් පිරුණුු මාවතේ
නදී තෙරේ - මා නැළවුයේ - ඔබයි දෙව්ලියේ
හද මතක පුරා ඔබෙ සුවඳයි
මනමාල කුමරියේ
සිත් තැවුල් - නෙතු කඳුළැල් - වේදනා සුසුම්
මල් සිහින - අගිින් පිස දැමුවේ - ඔබයි සඳලියේ
හද මතක පුරා - ඔබෙ රුවමයි - මුතු මාල කුමරියේ
සීත මීදුමේ...
පද රචනය: සමන් ජනරංජන හේරත් බණ්ඩාර
තනුව සහ සංගීතය: සරත් පීරිස්
ගායනය: දයාන් විතාරණ

https://youtu.be/geAwlMbZlfc

14. සදළුතලේ ඔබයි මමයි - අංජන ඉන්ද්‍රජිත් / ඉන්ද්‍රජිත් දොලමුල්ල / ඉන්ද්‍රජිත් දොලමුල්ල

සදළුතලේ ඔබයි මමයි - අහසයි පොළවයි
සීත රැයක මහද දවයි - ඔබ හද නිහඬයි
සෙනෙහස ලඟ පිපුණු මලයි - කඳුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි - සෙනෙහස බිඳුණයි //
සරසවියයි හන්තානයි - මහවැලි ඉවුරයි
සිහිකර ඒ සොඳුරු යුගය - හදවත පාරයි //
සදළුතලේ ඔබයි මමයි...
හසරැල් පිපි ඔය මුහුණයි - සිතිවිලි දැහනයි
යළි ඔබ මා හමු වුවත් - නොවුනා වාගෙයි //
සදළුතලේ ඔබයි මමයි...//
පද රචනය: අංජන ඉන්ද්‍රජිත්
තනුව, සංගීතය සහ ගායනය: ඉන්ද්‍රජිත් දොලමුල්ල

https://youtu.be/l4dkRjJDzWQ

B පේරාදෙණිය සරසවිය - මහවැලි ගඟ ඇතුළත් ප්‍රේම/විරහ ගීත

15. සරසවියෙදි හෙට විතරයි - සිරිසමන් විජේතුංග / දයාරත්න රණතුංග / දයාරත්න රණතුංග

සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමලු වූ හැටි දෙණියේ
කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ
මතක ද මහවැලි දෑලේ සපු සෙවණේ
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ළපළු සෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙළා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
සිහිනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ
සරසවියෙදි හෙට විතරයි ...//
පද රචනය: සිරිසමන් විජේතුංග
තනුව, සංගීතය සහ ගායනය: දයාරත්න රණතුංග

https://youtu.be/o7NPegfmZeY

16. සරසවි උයනේ මේ තුරු සෙවනේ - කුලරත්න ආරියවංශ / එච්. එම්. ජයවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන

සරසවි උයනේ
මේ තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ
නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ
සීතල සිරිපොද වැස්සේ
පෙර දිනයක මේ අඩි පාරේ //
අප තනි වූ මැයි තුරු සෙවනේ
මත ඔබගෙනි උණුසුම සැදුණේ
සරසවි උයනේ...
පාළුව ඉහිරෙන අඳුරේ
මා තනිකර දා මේ සෙවනේ //
මතකය පමණකි ළඟ රැඳුණේ
ඔබ අද කොතැනද පිය ළඳුනේ
සරසවි උයනේ...
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව සහ සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

https://youtu.be/e2LhgLoy_CY

17. ඉස්සර දවසක ලස්සන සවසක - රසිකා සූරිආරච්චි / සංජීව පරණමාන / ධම්මිකා දේවසුරේන්ද්‍ර

ඉස්සර දවසක ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අපි දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකද හෙමිහිට පිය නැගුවා
පිය නැගුවා
හන්තානේ කඳු පිස ගෙන සුසිනිඳු
සීතල මද නළ හමා ගියා
දෙසවන් මත් කර සිත සන්සුන් කල
සුන්දර ගී හඬ ගලා ගියා
ගලා ගියා
ඉස්සර දවසක...
නා දලු පහසක
මල් පෙති රහසක
රසබර සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ ගිනි දැල් අතරේ
තවමත් ඒ සුව මතක තියේ
මතක තියේ
ඉස්සර දවසක...
පද රචනය : රසිකා සූරිආරච්චි
තනුව සහ සංගීතය: සංජීව පරණමාන
ගායනය : ධම්මිකා දේවසුරේන්ද්‍ර

https://youtu.be/Fl35ICL5oX4

C පේරාදෙණිය සරසවිය - රොබරෝසියා ගස ඇතුළත් ප්‍රේම/විරහ ගීත

18. ආයෙමත් හමුවී ඔබේ ඇස් කාලෙකට පස්සේ - රවී සිරිවර්ධන / දර්ශන වික්‍රමතුංග / දුමාල් වර්ණකුලසුරිය

ආයෙමත් හමුවී
ඔබේ ඇස් කාලෙකට පස්සේ
නොසිතුසේ
හැඟුම් මහ වැසි ඇද හැලේ
ගිගුම් දී හදවත සැලේ
ආයෙමත් හමුවී
එදා සරසවි මාවතේ - රොබරෝසිය හෙවනේ //
කතා කළ ඇස්මයි තාම ඔබගේ
කියා ගනු බැරි යමක් තාමත්
දෙතොල් අග සිරවී
ආයෙමත් හමුවී...
එදා රඟහල භුමියේ - මට පෑව ඉඟිනළුවේ //
සිනා මුව පියුමයි තාම ඔබගේ
නිමාවක් නැති පෙමක් තාමත්
කොපුල් මත කැලතේ
ආයෙමත් හමුවී...
පද රචනය: රවී සිරිවර්ධන
තනුව සහ සංගීතය: දර්ශන වික්‍රමතුංග
ගායනය: දුමාල් වර්ණකුලසුරිය

https://youtu.be/s9HUsIDu7bM

19. රොබරෝසියා හෙවනේ ඉඳන් - සරත් ශාන්ත ජාගොඩ / දර්ශන වික්‍රමතුංග / කරුණාරත්න දිවුල්ගනේ

රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා සුළඟේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින් //
හසරැලි අරන් එන පෙම්වතුන්
කඳුළැලි දරන් යන පෙම්වතුන් //
මට කියා දෙනවද කඳුළක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්
රොබරෝසියා හෙවනේ ඉඳන්...
ඔබ හමු වුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන් //
මට නොදී ගිය තව කඳුළු ඇති නම්
එපා දෙන්නට ඔහුට නම්
රොබරෝසියා හෙවනේ ඉඳන්...
පද රචනය: සරත් ශාන්ත ජාගොඩ
තනුව සහ සංගීතය: දර්ශන වික්‍රමතුංග
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

https://youtu.be/AttuP2M0_is

D පේරාදෙණිය සරසවිය - සරසවි උයන දුම්රියපොළ ඇතුළත් ප්‍රේම/විරහ ගීත

20. හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - කවිකීර්ති හිමි / රොෂාන් ප්‍රනාන්දු / රොෂාන් ප්‍රනාන්දු

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුණ
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින
මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමු වෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන //
හමුවෙන්නට සමුගන්නට...
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම //
හමුවෙන්නට සමුගන්නට...
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින
පද රචනය: කවි කීර්ති හිමි
තනුව, සංගීතය සහ ගායනය: රොෂාන් ප්‍රනාන්දු

https://youtu.be/UeB9b6-RKPY

E. පේරාදෙණිය සරසවිය - කඳු වළල්ල ඇතුළත් ප්‍රේම/විරහ ගීත

21. මේ නගරය මා ඔබ - ප්‍රේමකීර්ති ද අල්විස් / මර්වින් පෙරේරා / මර්වින් පෙරේරා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි //
වැව් ඉවුරේ දිය රැළ පෙරසේ ම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා //
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
මේ නගරය...
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා //
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා..
මේ නගරය...//
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය සහ ගායනය: මර්වින් පෙරේරා

https://youtu.be/Q7UIMrz4SHI

22. සිවු වසරක් තුළ පෙම් සිහිවටනය - අජන්තා රණසිංහ / දයාරත්න රණතුංග / දයාරත්න රණතුංග

සිවු වසරක් තුළ පෙම් සිහිවටනය
නෙතු කඳුළක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා
සීතල පව්වේ කඳු රැළි යායේ
සරසවි පායේ තුරු සෙවණැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලා ගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා
සිවු වසරක් තුළ...
හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලා ගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා
සිවු වසරක් තුළ...
පද රචනය: අජන්තා රණසිංහ
තනුව, සංගීතය සහ ගායනය: දයාරත්න රණතුංග

https://youtu.be/k_BFmM8zF50

F. පේරාදෙණිය සරසවිය - ව්‍යංගයෙන් හෝ පසුබිම් කතාවකින් හඟවන ප්‍රේම/විරහ ගීත

23. සරා සොඳූරු මල් පැටලී - මහගම සේකර සමග සුගතපාල සෙනරත් යාපා / ප්‍රේමසිරි කේමදාස / වික්ටර් රත්නායක සමග නන්දා මාලිනී / හන්තානේ කතාව

පිරිමි:
සරා සොඳූරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
ගැහැණු:
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි
පිරිමි:
කැකුළු හිනා තොල් එළියේ
අඳූරු ලෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ සැලේ
ගැහැණු:
වනේ මලක හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිරිමි:
පිපාසිත වු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි
ගැහැණු:
ගලා හැළෙන සිලි සිලියේ
අමා කඳක සුව ගෙන ඒ
නිවේ මහද නිවේ නිවේ
පිරිමි:
කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පළුවයි
ගැහැණු:
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
පිරිමි:
සැලේ මහද සැලේ සැලේ
ගැහැණු:
අනාගතය ඔබ පමණයි
පිරිමි:
සැලේ මහද සැලේ සැලේ
ගැහැණු:
අනාගතය ඔබ පමණයි
පිරිමි:
සැලේ මහද සැලේ සැලේ
පද රචනය: මහගම සේකර සමග සුගතපාල සෙනරත් යාපා
තනුව සහ සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: වික්ටර් රත්නායක සමග නන්දා මාලිනී
චිත්‍රපටිය: හන්තානේ කතාව

https://youtu.be/lhz4K9g0t4M

24. මේ උයන් තෙරේ - කුලරත්න ආරියවංශ / වික්ටර් රත්නායක / නිර්මලා රණතුංග

මේ උයන් තෙරේ - මේ තුරු සෙවනේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ - මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ //
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ //
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ
මේ උයන් තෙරේ...
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ //
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ
මේ උයන් තෙරේ...//
පද රචනය: කුලරත්න ආරියවංශ
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: නිර්මලා රණතුංග

https://youtu.be/FkuTUoN3jmE

25. ආදරේ මල් අතින් අර ගෙන - දයානන්ද රත්නායක / සිරිල් පෙරේරා / කරුණාරත්න දිවුල්ගනේ

ආදරේ මල් අතින් අරගෙන හිටිය දා හිනැහී
මීදුමේ සුදු තුෂර බිඳුවක දැවටිලා රැවටී
නිල් විලෝ තුරු යටින් ඇවිද ගිය සුළඟේ එතී
සුන්දරම මල් උයන ඔබත් නැති ගිම්හානයක් වී
ඔබට අමතක ඈත දවසක බැන්ද පෙම මිහිරී
වින්ද කරදර හිතින් බෝමැයි දන්නවද සොඳුරී
ඔබේ ආදර ඉවුරු දෑලේ කඳුළු දිය ඉහිරී
එදා වාගෙම අදත් ඒ ගඟ ගලා යයි නොබෙදී
හිතක තනිකම මකාලන්නට ආදරෙන් ළංවී
වෙන්ව යන්නද හමුවුණේ ඔබ කියන් මට කිඳුරී
මවා ආදර කඳුළු දෑසේ සිහිනයේ පැටලී
බිඳුන හදවත නොරිදවා ගමි සිහින දුර නැවතී
ආදරේ මල් අතින් අරගෙන...
පද රචනය: දයානන්ද රත්නායක
තනුව සහ සංගීතය: සිරිල් පෙරේරා
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

https://youtu.be/SqRawvN66FE

G. පේරාදෙණිය සරසවිය - නවක වද / සමානාත්මතා ගීත

26. නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ - මෙල්රෝයි ධර්මරත්න / මෙල්රෝයි ධර්මරත්න / ධර්මරත්න සහෝදරයෝ - මෙල්රෝයි මැක්ස්වෙල් සහ ක්‍රිස්ටි ධර්මරත්න

නවීන පන්නේ - ගතිගුණ අපිට තියෙන්නේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ - හන්තානේ රජදහනේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ //
මැණිකෙලා මැණිකෙලා උඩරට පැත්තේ
නෝනලා නෝනලා කොළඹ පලාතේ //
මැණිකෙ උනත් එක විදියයි
නෝනා උනත් එක විදියයි
මැණිකෙ උනත් නෝනා උනත් නවක වදේමයි
නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ...
බි.ඒ බි.ඒ ගන්නයි එන්නේ
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ
ඩිග්රි ඇතත් සැලකිලි
ඩිග්රි නැතත් සැලකිලි
ගෑනු උනත් පිරිමි උනත් එකම සැලකිලි
නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ...
අපියි වාසිටි කොල්ලෝ /////
පද රචනය සහ තනුව: මෙල්රෝයි ධර්මරත්න
සංගීතය සහ ගායනය: ධර්මරත්න සහෝදරයෝ - මෙල්රෝයි මැක්ස්වෙල් සහ ක්‍රිස්ටි ධර්මරත්න

https://youtu.be/mkw3ELNBnhQ

H. පේරාදෙණිය සරසවිය - රැඩිකල් ආකල්ප ගීත

27. හන්තාන අඩවියේ - සුනිල් ආරියරත්න / මර්වින් පෙරේරා / නන්දා මාලිනී

හන්තාන අඩවියේ
මැදුරු කුලුණු සුදු සඳලුතලා පිස
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස හමා ගෙන
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ
කුසින් අඩක් - දළ අහරින් සකසා
කෙසඟ සිරුරු - රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
මැදුරු කුලුණු සුදු සඳලුතලා පිස
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැරකා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ...
පද රචනය: සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: මර්වින් පෙරේරා
ගායනය: නන්දා මාලිනී

https://youtu.be/-ON8OgXEKvY

28. හන්තානේ කඳු දන ඇණ නමදින - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ

හන්තානේ කඳු දන ඇණ නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්‍සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදුවෙන හාමුදුරුවෙනේ //
ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අහු වුනු
මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
දාඩිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ //
කාලය දීපය දේශය දන්නා
මතු බුදු වෙන හාමුදුරුවනේ
ධර්මය දැන ගෙන එන්ඩ ගියේ පුතු
හමු වුන නැති වග නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසා ගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේ ද
කියන්න දැන්වත් ඇඳුරිඳුනේ...
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ (මහා ධර්මපාල ජාතකය සම්බන්ධ කරමින්)
තනුව, සංගීතය සහ ගායනය: ගුණදාස කපුගේ

https://youtu.be/k50ZSo9nKP8

I. ඕනෑම සරසවියකට පොදු - ප්‍රේම / විරහ ගීත

29. දෙනෝදහක් ගැවසෙන සරසවියේ - විජය රාමනායක / සරත් දසනායක / මිල්ටන් මල්ලවාරච්චි

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවා නම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්
ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක් වන්නට අද වරම් නැතේ //
එකම පන්තියේ එක ළඟ ඉඳ ගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ
දෙනෝදහක් ...
ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසල් සමයේ //
ශිල්ප සතර රැඳුණේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ
දෙනෝදහක් ...
පද රචනය: විජය රාමනායක
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

https://youtu.be/3UdHLM3n5_c

30. යළි සමරන්නට දෑස වසා ගෙන - ඩිෂාන් නානායක්කාර / සමන්ත පෙරේරා / නිර්මලා රණතුංග

යළි සමරන්නට දෑස වසා ගෙන
අතීතයක් මට මතක නැතී
ඔබ සමුගත් දින දෑත බදා ගෙන
හැඬුවා පමණක් මතක තියේ
සරසවි උයනේ නිල් තුරු සෙවනේ
ඔබේ අහිංසක සිනා නොවේ
අනාගතය ගැන ප්‍රාර්ථනාවන්
හදේ කොනක ඉඳි වුනා ප්‍රියේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී
දෙපා නැගූ ලොව අහිමි වුනේ
සුසුමක් වී ඔබ හදේ රැඳෙන්නට
උගත්කමද අප දුරස් කළේ
දෙගුරුන් සනසා මා සිත හඬවා
යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට
සාප කරන්නට නො හැක ප්‍රියේ
මට හිමි නැති ඔබෙ සෙනෙහස අබියස
අනාගතය සිහිනයක් වගේ
අතීතයම වළ දමන්න හැකි මුත්
ලෝකය නෑ මට සමා කළේ
යළි සමරන්නට දෑස වසාගෙන...
පද රචනය: ඩිෂාන් නානායක්කාර
තනුව සහ සංගීතය: සමන්ත පෙරේරා
ගායනය: නිර්මලා රණතුංග

https://youtu.be/4gOurGb4nPM

31. වස්සානේ එක ලස්සන දවසක - පී. කේ. සී. එල්. ජයසිංහ / නිපුණ රණවීර / අමරසිරි පීරීස්

වස්සානේ එක ලස්සන දවසක
හිරි පොද පිණි වැටුණා
ඒ පිණි බිඳු ගෙළ ඔබ නෙතු අග රැඳි
මුතු කැට සේ දිලුණා //
සරසවි දිවි මග කුළුඳුල් ප්‍රේමයේ - විරහව නැත දැනුණේ //
කාලය පියඹා ආ කල අප වෙත
ඔබ නැති බව දැනුණේ //
විසිරුණු පෙමකට හදවත හැඬුවා - දෙනුවන සිනාසුණා //
හිමිදිරි උදයක සරසවි බිම මට
අඳුරුයි සේ දැනුණා //
වස්සානේ එක...
මුතු කැට සේ දිලුණා ////
පද රචනය: පී. කේ. සී. එල්. ජයසිංහ
සංගීතය: නිපුණ රණවීර
ගායනය: අමරසිරි පීරීස්

https://youtu.be/nsR_pG63GSE

32. සමනළ වැව පුරවන්නට - ඉන්ද්‍ර‍සිරි සුරවීර / කරුණාරත්න විජේවර්ධන / කරුණාරත්න දිවුල්ගනේ

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා //
පහන් තරුව පායා විත් - ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිළ ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා //
පෙර දින අප හමු වුන තැන
නටබුන් පමණකි කඳුළක
කඳු අතරේ වලාරොදක
ඔබ සැඟවිලා
සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා //
සමනළ වැව පුරවන්නට...
පද රචනය: ඉන්ද්‍ර‍සිරි සුරවීර
තනුව සහ සංගීතය: කරුණාරත්න විජේවර්ධන
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

https://youtu.be/iTh7ONrHZ4I

J. ඕනෑම සරසවියකට පොදු - සරසවිය යන පදය නැති ව්‍යංගයෙන් අඟවන ප්‍රේම / විරහ ගීත

33. තනි වෙන්නට මගේ ලොවේ - බුද්ධදාස ගලප්පත්තිගේ / රෝහණ වීරසිංහ / වික්ටර් රත්නායක

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් //
සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ //
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට...
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට...//
පද රචනය: බුද්ධදාස ගලප්පත්ති
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: වික්ටර් රත්නායක

https://youtu.be/7Htn9ofGkoo

K. ඕනෑම සරසවියකට පොදු - රැඩිකල් ආකල්ප ගීත

34. සඳුන් හර මිටින් නොම ගෙන ඉපිද මෙ බිමේ - දසුන් ප්‍රේමවංශ / විජේසුන්දර වේරගොඩ / නන්දා මාලිනී

සඳුන් හර මිටින් නොමගෙන ඉපිද මේ බිමේ
මහෞෂධ පුතුනි තැන තැන රැඳෙන පෝලිමේ
ශිල්ප සතර දැන පිරිසිද කටුක ජීවිතේ
සහතිකේ සෙවිලි කර ගෙන කිමද මාවතේ
දිරිය මාපියන් හිස මල් පිපුණ හීනයේ
සුපුන් සඳ වසා නෙක තරු රැසකි පීදුනේ
පිනැති නොවියතුන් ඉසුරින් රැකෙන දේශයේ
නැණැති පුතුන් වල් වැදුණා සුභාෂිත පොතේ
සඳුන් හර මිටින්...
සාර රන් කරල් සරසවි කෙතේ යට වුනේ
රාජ අනුහසින් බොල් අස්වනුය ගෙට වුනේ
නියං සාය ගම් වදිනා චණ්ඩ මාරුතේ
කලට වසින්නට නැතිදෝ කඳුළු ආකහේ
සඳුන් හර මිටින්...
පද රචනය: දසුන් ප්‍රේමවංශ
තනුව සහ සංගීතය: විජේසුන්දර වේරගොඩ
ගායනය: නන්දා මාලිනී

https://youtu.be/IwOOUvDyBdU

L. ඕනෑම සරසවියකට පොදු - රැඩිකල් ආකල්පවලට විරෝධාකල්ප ගීත

35. අපි කොයි කවුරුත් උගුර කඩා ගෙන - ධර්මසිරි ගමගේ / සරත් දසනායක / වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල සහ අබේවර්ධන බාලසූරිය / අමල් බිසෝ 1979

අපි කොයි කවුරුත් උගුර කඩා ගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ
උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජ වාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලව වාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ
අපි කොයි කවුරුත්...
උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ
අපි කොයි කවුරුත්...
පද රචනය: ධර්මසිරි ගමගේ
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල සහ අබේවර්ධන බාලසූරිය
චිත්‍රපටය: අමල් බිසෝ 1979

https://youtu.be/z17DLUCjLOk

-----------------------------------------------------------------------------------------------------------

චිරාන් විසින් සම්පාදනය කල ගීත එකතුවක් ...මම මෙහෙම තියාගෙන හිටිය නිසා බේරුනා ...


--------------------------------------------------------------------------------------------------

Wednesday, January 22, 2020

කවදාද අප හමු වන්නේ....

Related image
ඔබේ පැල
පැලේ පිළ
පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන
මත ‍නොමැති සුවය ඇත

බාල කාලේ එකම
ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬල වැද
කෙළිදෙලෙන් ඇවිද ගිය

ඔබ මෙදා පැල්පතක
මා සඳැල්ලකය අද
යස ඉසුරු පවුරකින්
මට අහිමි වීය ඔබ

ගාමිණී නොවේ ඔබ
චිත්‍රාව සොයා ආ
සාලියත් නොවේ ඔබ
මාලාව සොයා ආ

සදාකල් ඔබ පැලේ
මා සඳැල්ලේ මෙතැන
පැතුම පමණකි සතුට
කඳුළ පමණකි උරුම


ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මර්වින් පෙරේරා






--------------------------------------------------------------------------------------


මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ
දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප‍්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
ඉඟි කරනා කල රාති‍්‍රයේ
හද සොවින් වලප්නා
නිදි නොලබා මාළිගා මවන්නේ
උන්මාද චිත‍්‍රා දෝ මා
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - සුනිල් ආරියරත්න



Friday, June 7, 2019

පුංචි පැටියො මේ අහන්න....




නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
--------------------------------------------------------------------------

සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩිහාමී
පිඟන් කෑලි සල්ලි අරන්
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

බයිසිකලෙන් කාර් එකෙන්
අස්ව කරත්තෙන් ආවත්…
එක මේසේ කෑම කන්න
එන්න එන්න
එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
සීනි බෝල හෝටලේ

ගායනය: පුෂ්පමාලා සුභසිංහ
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ඩී. ආර්. පීරිස්

-----------------------------------------------------------
වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

මව්පියන් නොසළකා නිතර දඟ කරමිනා
ගුරුවරුන් දෙන ඔවා බැහැර කර නටමිනා
නිකරුණේ කල් ගෙවා නටනවුන් සනසවා
නරක ගති දුර හැරා මෙත් සිතින් ආවඩා
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූවුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

නුග ගසින් බසින්නේ කලුවරේ වඩින්නේ…
යෝධයෙක් ලෙසින්නේ දෑස් ගෙඩි රවන්නේ
වේවැලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ
අකීකරු ළමුන්ගේ නරක දුරු කරන්නේ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ආ ආ ආ
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
ආ ආ ආ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා
ආයිබෝ වේවා ආයිබෝ
ආයිබෝ වේවා ආයිබෝ

ගායනය: ගාමිණී පෙරේරා
----------------------------------------------------

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා..
වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා..

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී..
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී..

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ..
කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ..

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..

ගායනය: වජිරා බාලසූරිය
පද: කරුණාරත්න අබේසේකර
තනු: එම්. ඩබ්ලිව්. පීරිස්
------------------------------------------------------

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ
බඹරෙ වගේ කැරකි කැරකි
කැරකි කැරකි කැරකි කැරකි රවුම් ගහනවාලූ

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ
පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ

රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ
මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ

බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් ගැහුවා
බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම්

ගායනය: අනෝමා සමරකෝන්
-------------------------------------------------------------

උඩරට මැණිකෙට
පට කුඩ දෙක දෙක
කෝච්චියක් එනවා
ජනේල අතරින් බිත්තිය බැසගෙන
කෝච්චියක් එනවා

කුරුමිණි අඬු රන් සමනළ තටු හා
සීනි ඇටත් පිරිලා
කෝච්චියේ දැන් ඉඩ නෑ වාගේ
සෙනග ගොඩක් පිරිලා
මේ ඉස්ටේෂමෙ නවතින්නේ නෑ
යයි ඉක්මන් කරලා
මට හරි ආසයි ගමට යන්න
මේ කෝච්චියේ නැගලා

අත තිබ්බෝතින් රේල් පීල්ලට
ගමන නතර වෙනවා
කම්මැලි නැති අය හට පමණයි
යා හැක්කේ පවසනවා
උඩරට මැණිකෙට
පට කුඩ දෙක දෙක
කිය කිය මොර දෙනවා
කඩිසර ගමනින් කූඹි කෝච්චිය
සාලෙ මැදින් යනවා

ගායනය: සමන්ති ගණේගොඩ
ගී පද : විනීතා මානෙල්
-----------------------------------------------------------------

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ

ජැන්ඩි පහට සරම ඇඳලා
ඉන වට හවඩියක් බැඳලා
පුංචි අපට ආස හිතෙන
ඉස්සර රස කතා කියලා
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

පෝය දාට සිල් අරගෙන
තිස්සෙම බණ පද අහන්න
රෑට රෑට දොම් දොමිකිට
පුංචි රබන් පද කියන්න
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්..........

ගායනය: පේෂලා මෙන්ඩිස්
ගී පද - ඇ. ලයනල් ද සිල්වා
සංගීතය - වික්ටර් රත්නායක
--------------------------------------------------------

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ

ඉරිච්ච සරමින් පිදුරු පේනවා
දිරච්ච කෙවිටක් වගේ දැනෙනවා
තුවක්කු කොටයේ වේයො දුවනවා
සුළං හමනකොට ඉබේ නැටෙනවා

කුඹුරු පැහෙනකොට වැඩ වැඩි වෙනවා
ගිරා කුරුල්ලන් කූඹුරට එනවා
ඔබ දුටු හැටියෙම බයේ දුවනවා
හඳ මාමා කුඹුරම රැක දෙනවා

කබල් මුට්ටියක් ඔළුවේ දාගෙන
සුදු හුනු දත් වල සිනහ නගාගෙන
සුරුට්ටු කොටයක් කටේ ඔබා ගෙන
වෙල මැද්දේ ඔබ මොකද කරන්නේ

ගායනය: රෝහිණී ජයසිංහ
ගී පද - චින්තන ජයසේන ?
සංගීතය - ලයනල් අල්ගම

-------------------------------------------------------

බැද්ද පුරා පියාඹන්න
මී අඹ වල රස බලන්න
අම්මේ මට කියා දෙන්නකෝ

පුංචි දෝනි මේ අහන්න
පුංචි පියාපත් සලන්න
තවත් කලක් ඔහොම ඉන්නකෝ

ඉපනැල්ලේ ඇවිද යන්න
වී කරලක් ඇහිඳ ගන්න
පුංචි මටත් කියා දෙන්නකෝ

පුංචි පැටියො මේ අහන්න
අළුත් ලොවට පියාඹන්න
හෙමින් හෙමින් පුරුදු වෙන්නකෝ

කන්ද එහා මිටියාවත
වැලි තලයේ දුව පනින්න
කැදලි දොරෙන් පියාඹන්නදෝ

පුංචි කැදැල්ලෙන් එහාට
නුඹ නොදකින ලෝකය තුල
සතුරො මිතුරු වෙසින් ඉන්නවෝ

ගායනය: පුෂ්පමාලා සුභසිංහ සහ මේඝා මල්හාරි ගෝකුල
-------------------------------------------------------------
අම්මාගේ  උකුලේ  නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසැල් ගොසින් උදය කාලේ
පසුවීල යයි මගේ බාලේ

දෙගුරුන්ගේ  අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා

ලංකාව රට මා උපන්න
මගේ ජාතියේ නාමේ ගන්න
පුළුවන් තරම් වෙහෙස වන්න
පතමී හොදින් මා හැදෙන්න

පද රචනාව: කරුණාරත්න අබේසේකර
තනු නිර්මාණය: මොහොමඩ් සාලි
ගායනය: දමයන්ති ඒකනායක


------------------------------------------------------------------------------

Tuesday, January 15, 2019

"එන්ඩද මැණිකේ මමත් දිය­ඹටා - නෙළන්න කෙක­ටිය මල්"



ඇය නමින් ලීලා අශෝ­කාය. දැන් ඇගේ වයස අවු­රුදු අනු­එකකි. යොවුන් වියේදි බොහෝ හැඩ­කා­රව සිටි­න්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.

“මගේ නම හේවා ගීග­නගේ ලීලා­වතී. මම උපන්නේ එක්ද­හස් නව­සිය විසි හතේ ජූලි හත්වැ­නිදා. මගේ පියා නැති වෙලා තියෙන්නේ අයි­යයි මමයි පුංචි කාලේ. අම්මා නැවත විවාහ වෙලා තියෙ­නවා. අපේ බාප්පා කව­දා­වත් අපට වෙන­ස්ක­මක් කළේ නැහැ. ඔහු කලා­වට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු අපේ කලා හැකි­යා­වන් දියුණු කර ගැනී­මට උදව් කළා.”

ඇය සිය අතීත මතක අවදි කර­න්නට වූයේ බොහෝ සෙමෙනි. ඇයට දැන් බොහෝ අතීත තොර­තුරු අම­ත­කය. නමුදු බොහෝ වේලා කල්පනා කිරී­මෙන් පසු ඇය සිය අතී­තය සිහි­පත් කරයි.

“මං ඉගෙන ගත්තේ කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ. අපේ ගෙවල් තිබුණේ තිඹි­රි­ග­ස්යායේ. එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ නිද­හස් උත්ස­ව­යට ජාතික ගීය ගයන්න අප තෝරා ගත්තා. කරු­ණා­රත්න ගුරු­තු­මිය තමයි අප තෝරා ගත්තේ මර්ස­ලින් ජය­කොඩි පිය­තුමා අපට ගීය පුරුදු කරන්න ආවා මත­කයි. මේ ඉන්නේ මගේ අනෙක් යෙහෙ­ළියෝ.”

Saturday, October 13, 2018

නිහඬ කල්පනා ලොවක තනිවෙලා


හේමසිරි හල්පිට.......වෙදදුව හෙවත් වාද්දුවේ උපත ලද හේමසිරි හල්පිට වාද්දුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලිවීමට ඇබ්බැහි වූවෙකි.එම වකවානුවේ ලංකාදීප,වනිතා විත්ති,ඇතුළු පුවත්පත්,සඟරා රාශියකට ලිපි ලිවීමෙන් ඔහූ කලා ලොවට ඇතුලත් විය.ගී පදරචනයේ අති දක්ෂයෙකු හැටියට සැලකුම් ලැබූ හල්පිටගේ සුරතින් ගී නිර්මාණ 6000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය විය. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඔහු වෙත දෙන ලද අභියෝගය නොවන්නට හල්පිට ගීත රචකයෙකු නොවීමට ද තිබුණි.එය ශ්‍රී ලංකාවේ දෙවන කැසට් පටය ලෙසද දැක්විය හැක.එහෙත් එය නිහාල් නෙල්සන් මහතාගේ ප්‍රථම කැසට් පටයයි."ගුනේ අයියගේ බජවු කාමරේ"ලෙස හැඳින්වූ එය ශ්‍රී ලංකාව සිසාරා අති ජනප්‍රිය විය.හල්පිටගේ මෙන්ම නිහාල් නෙල්සන් මහතාගේ මුල් නිර්මාණය වූ එය තවත් අති දක්ෂ සංගීත අධ්‍යක්සකවරයෙකු වූ ලාල් තේනබදු මහතාගේ මුල්ම ගී තනු නිර්මාණයයි.එපමණක් ද නොව ඔහු ජිප්සීස් වෙනුවෙන් රචනය කරන ලද ලුණු දෙහි,කුරුමිට්ටෝ,ඔජායේ ද ප්‍රෙඩ් සිල්වාට රචනා කල තේ කුඩය,එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් රචනා කරන ලද "නිහඬ කල්පනා ලොවක තනිවෙලා"මෙන්ම කීර්ති පැස්කුවල් වෙත රචනා කල "නීල අහසේ සැදැ වලාවන්" නාමල් උඩුගමට රචනා කල "නිසල වෙලා හද "ග්‍රෂන් ජයමහ වෙත රචනා කල "සුදු මීදුම"රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට රචනා කල "මනලෝලි මනමාලියේ"මෙන්ම මායා දමයන්ති මහත්මියට රචනා කල "පුර හඳ ලෙස ඔබ සමකල",සශිකා නිසන්සලාට "සඳ රෑට රෑට"T M ජයරත්න මහතා ට රචනා කල "සොවින් බර නුවන්"සහ "සීගිරි ළඳුනේ" මෙන්ම ගැලක්සීස් වෙනුවෙන් රචනා කල "සඳ බොඳවී"සහ "සඳ සිසිලේ"ගීත ද වුහ.එපමණක් ද නොව HR ජෝතිපාල මහතාට සහ මායා දමයන්ති මහත්මියට "ඔබට දිවුරා කියන්නම් "චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 200ට පමණ පසුබිම් රචනය කළේය.මේ අපූරු කලාකරුවා 2006 අප්‍රේල් මස 28 වන දින මෙලොව හැර ගියේය.

-------------------------------------------------------------------------------------------------
එතුමා ගැන චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ සරසවි පුවත් පතේ ලියු සටහන පහතින්

-"අප හැරදා ඔහු නික්ම ගියේ 2006 අප්‍රේල් 28 වනදායි. මගේ මතකයේ හැටියට ඔහු මට මුලින්ම හමුවන්නේ 70 දශකයේ මුල් අවධියේ විය හැක. ඒ ප්‍රවීණ ගීත රචක සරත් මුණසිංහයන්ගේ (මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් දැනට පැවිදිව සිටින) මධුබිංදු සඟරාවට මා විසින් විවිධ ලිපි කලාකරුවන් ගැන ලියන අවධියයි.

එවකට මධුබිංදු කාර්යාලය මරදානේ ජීවන සේයා චිත්‍රාගාරයේ උඩු මහලේ පවත්වාගෙන ගියේය. හල්පිටත් ගායක - ගායිකාවන්ගේ ජීවන තොරතුරු මධුබිංදු වෙත ලියා එවයි. ඒ අතරතුර ඉඳහිට පැමිණ හමුවී සතුටු සාමිච්චියේ යෙදී සිට ඉවත්ව යයි. එවකට මා ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු වශයෙන් අගනුවරට හා තදාසන්න ප්‍රදේශයන්හි කාගේත් කථා බහට ලක්වී සිටියාහ. කාලයාගේ අවෑමෙන් හල්පිටත් සමග පසු කලෙක ගම් පළාතේ අවුරුදු උත්සවයන්හි නිවේදන කටයුතුවල නියැලෙන්නට මග පෑදුණි.

කලකට පෙර දිනක් වාද්දුව ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් සඳහා ශිල්පීන් සම්බන්ධීකරණය කරමින් නිවේදන කටයුතු සඳහා මා සහභාගි විය. පසුකලකදි හල්පිට විසින්ම මා හට පවසා සිටියේ එදා මා නිවේදක වශයෙන් ප්‍රසංගය ඉදිරිපත් කළ දිනයේ උදේ එම උත්සවයේම අංගයක් වූ බයිසිකල් ධාවන තරගයේ නිවේදන කටයුතු හල්පිට කළ බවත් රාත්‍රියේ මා ප්‍රසංගය මෙහෙයවන ආකාරය ඔහු බලා සිටිය බවත්ය.

එම සිද්ධිය සරත් ද අල්විස් සහ නිහාල් නෙල්සන්ට දිනක් මා ඉදිරියේ පැවසූ බව මතකයි. විවිධ උත්සව අවස්ථාවන් ආවරණය කරමින් කල එළියට ආ හල්පිට ස්වකීය කුසලතාව හා වාසනා මහිමය නිසාම සංගීත ප්‍රසංග නිවේදකයෙකු හැටියට මුළු රටේම ජනප්‍රියත්වයට පත් විය.

ඉතා කෙටි කලකින් ඔහුට කැසට්පට සංයුක්ත තැටි මෙන්ම චිත්‍රපට රාශියකට ගීත දහස් ගණනක් රචනා කරන්නට වාසනාව උදා විය. කලක් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්ය බහුලම නිවේදකයා වූයේ හල්පිටයි.

සමහර අවස්ථාවකදී ප්‍රසංග වේදිකාවේදී අප දෙදෙනාම එකට නිවේදන කටයුතු කරන විට මා විසින් ඔහු හඳුන්වා දෙන්නේ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ මහා කළු සිංහලයා හේමසිරි හල්පිට කියායි. ඔහු කම්මැළිකමට නිකරුණේ කාලය ගෙවූ අයෙකු නොවේ.

ජීවිතයේ හැම තත්පරයකම කාර්ය බහුලව සිටි හල්පිට ලැබෙන ආරාධනය මුදල හෝ නොතකා සහභාගි වේ. මුල් වකවානුවේ ප්‍රසංගවලට ගියේ යතුරු පැදියෙනි. මටත් සමහර දිනක ඔහුගේ යතුරුපැදිය පිහිට වී ඇත.

ඉතාමත් කඩිසර බවින් තම රාජකාරිය අකුරටම ඉටුකරන හල්පිට වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු බව වැඩිදෙනෙකු නොදන්නා අප්‍රකට කරුණකි. ජීවිත සටන ජයගන්නට නොපසුබට උත්සාහයක් දැරූ ඔහු කාර්යබහුලත්වය නිසාම අධික දුම්වැටි භාවිතයට පෙලඹුණි. ඒ හේතුවෙන රෝගී වූ බවක් මා අසා ඇත.

අවධියෙන් සිටින හැම විටම හල්පිටගේ පන්හිද සුරතේ රැඳී ඇත්තේ ගීතයක පද පේළි ගළපන්නටයි. අප නොසිතූ මොහොතක ලක් දෙරනේ සහෘද සංගීත කාමීන්ගේ හදවත් කම්පා කරමින් අකාලයේ ඔහු අපෙන් සමුගත්තේ 2006 අප්‍රේල් 28 වෙනිදාය. ඔහුගේ ආදාහන උත්සවයට බොරැල්ල කනත්තට සපැමිණි කලාකාමි ජනගඟ හල්පිටගේ ලෙන්ගතු භාවයට හොඳම නිදසුනකි.

වියෝවෙන් දස වසරක් සපිරෙන මේ මොහොතේ හේමසිරි හල්පිට මිතුරාට නිවන් පුර රුවන් දොර විවර වේවායි පතමු

(චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ)



ඔහු පිලිබඳ ස්වාධින රුපවාහිනියේ ප්‍රචාරය වුනු "සෙනෙහසේ නවාතැන"
-----------------------------------------------------------------------------------------------------------

Friday, July 13, 2018

සිහිල් සුළං රැල්ලේ


හෙළ හවුලේ ප්‍රකට පඬිවරයෙකු වූ ජයන්ත වීරසේකරයන්ගේ එකම පුතු ලෙස 1942 මැයි 02 වැනිදා අගනුවර දී උපත ලැබූ සේන වීරසේකර ජල තරංග වාදනයෙහි ප්‍රවීණයෙකි. 1968 ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට සම්බන්ධ වූ ඔහු මෙරට සෑම ප්‍රවීණ සංගීතඥයකු යටතේම වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළේය. 1968 ඊවා රණවීර නිෂ්පාදනය කළ ‘ඉහළට වහළ නිල් අහසයි’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වැඩි ඔහු චෙරි උයන, මේස, රයිනෝසිරස්, සොක්‍රටීස් ඇතුළු නාට්‍ය රාශියක සංගීත අධ්‍යක්‍ෂණය කළේය.

‘මලට නොඑන බඹරු’, ‘ගොළු මුහුදේ කුණාටුව’, ‘සයනයේ සිහිනය’, ‘තුන්වැනි ඇහැ’, ඔහුගේ සංගීතයෙන් හැඩ ගැන්වූ චිත්‍රපට වේ.

තාරාදේවී, සෙක්කු ගෙදර, ඉසිවර ආසපුව ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක සංගීතය සැපයූ සේන මිය යන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

Monday, July 9, 2018

ඔබ දුන් ඔවදන් අරුණාලෝකය





1912 ජූනි මස 12 වැනි දින රත්නසභාපති  නමැති ධනවත් කොළඹ චෙට්ටි පවුලට දාව මහනූවර ගලගෙදරදී ඡන්ම ලාභය ලැබූ කෝකිලදේවීගේ මුල් නාමය වන්නේ "ගර්ට්‍ රූඩ් අමලියා රත්නසභාපති " වේ .පසුව ඒ යුගයේ ගායිකාවන්ට අනිරූප වන ලෙසින් රූපසිංහ මාස්ටර් විසින් එය "කෝකිලදේවී රත්නසභාපති" ලෙසින්  වෙනස් කළා.කෝකිල දේවී දැරිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මොරටූව ලේඩීස් වික්ටෝරියා කන්‍යාරාමයේදී. සර්පිනාව හා ඕගන් වාදනයට දකෂතම අම්මා කෝකිලදේවි දියණියට හාපූරා කියා "සරිගම" රාගතාල අත්වැල ලබාදීමෙන් ඇය සංගීත කලාවෙන් ප්‍රමූදිත වූවා පමණක් නොව, එය ඇයගේ ජීවිතයේ විශාල විපර්යාසයකට මූල පිිරීමක්ද විය.

1925 දී ඇයගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වුයේ මාස්ටර් මැනිස් පට්ටිආරච්චි හමුවීමය. පට්ටිආරච්චි මාස්ටර් යටතේ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම සිදු කලාය .මේ කාලය වන විට ඉන්දියානූ කර්ණාට සංගීතය ශ්‍රී ලංකාවේ සංගීත රසිකයන් හා කලා ශිල්පීන්ගේ හදවත් ආක්‍රමණය කළ යූගයක් විය. කෝකිල දේවි පසූපස කර්ණාට සංගීත හඬ හඹා ආවේ ඇයගේ දෛවය හැසිරවීමට දෙව්ලොව පන්සිළු විසින් දෙන ලද අණක් ලෙසටය. මූල් වරට ඇය වීණා තතකින් නැඟෙන මියූරු සංගීත රිද්මයක රස වින්දනය හඳුනාගත්තේ ඉන්දියානූ සංගීතඥ වීණා ෂම්මූගන්ගේ වීණාවෙනි. මේ අතර සූක්කලිංගම් නමැති ද්‍රවිඩ සංගීත ශිල්පියා ඇයගේ මියූරු කටහඬ තබ්ලාවටත්, සර්පිනාවටත්, වීණාවටත් උචිත ලෙස හැසිරවීමට මඟපෙන්වා දුන්නේය. මේ වන විට ඇය විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ගායිකාවක් ලෙස උසස්වීමක් ලබා සිටියාය. කෝකිල දේවී ගීත කෝකිලාව ගුවන් විදුලියට ගැයූ මූල්ම ගීතය වූයේ "මූළු ලෝකයෙ පිරුණූ කීර්තිය  සිටූ දේවිය විශාඛා..." යන නිර්මාණයයි.මෙරට ගුවන්විදුලියේ පළමු සිංහල ගායිකාව වූයේද  කෝකිල දේවී මහත්මිය යි .(මුල් සිංහල ගීතය ගුවන් විදුලියට ගැයුවේ කෝකිලදේවී රත්නසභාපති නමින්.පසුව ඇය වීරතුංග නඩුකාරතුමා හා විවාහයෙන් පසු කෝකිලදේවී වීරතුංග වූවාය) ද්‍රවිඩ භාෂාවෙන් ගීත ගායනා කළ ප්‍රථම සිංහල කාන්තාව ද ඇයයි. 1986 වසරේදී ඇය කලා මාතාව යන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Friday, April 6, 2018

තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා


ඔහු සී. (කොම්පඤ්ඤගේ) ඩී. (ඩැනියෙල්) ෆොන්සේකා ය.ඉතාම මියුරු ගීත රැසක් ගී ලොවට එක් කළ අති දක්ෂ ගායකයෙක් කිසිදු ඇගැයීමකින්, බුහුමනයකින් තොරව මීට අවුරුදු 30 කට ඉහතදී (1986 මැයි 11) අපෙන් සදහටම සමුගෙන ගියේ ය.1932 පෙබරවාරි 27 වැනි දින වැල්ලවත්තේ උපන් සී.ඩී. ෆොන්සේකා කතෝලිකයෙකි. මූලික අධ්‍යපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.ඔහුගේ පියා (සී.ඒ. ෆොන්සේකා) ටවර්හෝල් යුගයේ ප්‍රකට සංගීතවේදියෙකි. සී.ඩී. පියා වෙතින් මෙන් ම සංගීතඥ මහේෂ් ෂින්නයියා වෙතින් ද ගායනය හදාරා ඇත. 1956 දී ගුවන් විදුලි සරල ගී ගායකයකු ලෙස සී.ඩී. ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ ය. ‘කඳුකරේ කිරි ඇල්ලෙහි පාවී’ ඔහු ගැයූ මුල් ම ගීතය වන්නේ ය. ඉන්පසු ඔහු ගැයූ ‘ඔයාට රත්නෙ මං ආදරෙයි’, ‘කවටකමට ඔබෙයි මගෙයි නම ලියා’, ‘පුළුන් වගෙ සුදු රැවුල් දිගයි’ (ඇන්ජලින් ගුණතිලක සමඟ) ‘සිහිල් සුළං පාවී ලොව දසත හමන්නේ, මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ’, ‘දෑස පුරා සිත නළවන ලතාවයි’ වැනි ගීත අතිශය ජනප්‍රිය වූයේ ය.සී.ඩී. ප්‍රතිපත්තියක් වශයෙන් කිසිදාක අනුකාරක ගී ගායනා කළේ නැත. ඔහු ගැයූ ගී බොහොමයකම තනු ඔහු මෙන් ම කිසිදා ඇගැයීමකට පාත්‍ර නොවූ සංගීතඥ පැට්රික් දෙනිපිටියගේ ය. ඇතැම් ගී තනු සී.ඩී. ගේම ය. උදා. ඔයාට රත්නේ, ඈත කඳුරැලි, පුංචි රැහැයියෝ, පාවඩ දාලා, සෙඳ් තනියට වැනි ගීත සඳහන් කල හැක .‘පුංචි රැහැයියෝ නාඩන්’, ‘රහසේ කීව ප්‍රේමකතා නෑ’, ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ (දියණිය ශර්මිලා සමඟ), ‘කැකිරි පැලෙන හිනා’, ‘සඳේ තනියට පහන් තරුවක්’ සී.ඩී. එකල ගැයූ තවත් ගීත කීපයකි.

සී.ඩී. ගැයූ එක්තරා ගීත දෙකක් මෙරට පොප් සංගීත කලාවේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. ඒ ඔහු රසිනා යකීම් ගැයූ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ හා මිනෝන් රත්නම් සමඟ ගැයූ ‘පාවඩ දාලා පා ඔසවාලා, මංගල යුවළ පැමිණ සිනා නඟාලා’ නම් වූ ගීතයයි. සී.ඩී. චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් දැක්වූ දායකත්වය ද ඇගැයුමට ලක්විය යුතුය. ‘තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා’ (සැනසුම කොතැනද?) ‘ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා’ (සැඟවුණ මැණික - සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සුරපුර වැනි සැණකෙළියක් ගමට ගෙනැල්ලා’ (පේනවා නේද - එම්.එස්. ප්‍රනාන්දු, සී.ටී. ප්‍රනාන්දු සමඟ) ‘සල්ලි සල්ලි සල්ලි (රන්ඔංචිල්ලා) ‘සරා සළෙල හැඟුම් බරට’ (කතුරු මුවත් ඇන්ජලින් ගුණතිලක සමඟ) එවන් ගී කීපයකි.

එකල සී.ඩී. ගේ ගීත මොනතරම් ජනප්‍රිය වීද කිවහොත් ඔහුගේ ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ නම් වූ ගීතය ‘රුහුණු කුමාරි’ චිත්‍රපටයට ඇතුළත් කර ගැනිණි.වෘත්තිමය වශයෙන් සී.ඩී. ටෛම්ස් ඔෆ් සිලෝන් සමාගමේ සේවය කළ අතර පසුකලෙක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේද සේවය කළේ ය.සී.ඩී. විවාහ වී සිටියේ ශීලා ෆොන්සේකා සමඟ ය. ශිරෝමා, ඩිලන්තා, ශිරාන්, ඩිල්රුක්ෂා හා ශර්මිලා සී.ඩී. ගේ ආදරණීය දරුවන් පස්දෙනා ය.ඔවුන් සියල්ල හැරදා සී.ඩී. 1986 මැයි මස 11 වැනි දින මෙලොවින් සමුගත්තේ ය.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි 
(විශේෂ ස්තුතිය - මුලාශ්‍ර නිවැරදි කරගැනීමට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නට හා ගාමිණී ගුණතිලකට./සුනිල් මිහිඳුකුල - ජෝර්ජ් රොබ්සන් ද සිල්වා)
---------------------------------------------------------------------
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ
ඔයාට රත්නේ මන් ආදරෙයි
රඟන්නේ ඒකයි විනෝදයේ
මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම එක වුනා වගෙයි ..

පුන් සඳේ කැළුම් වැදිලා රන් ගොයම් නැටේ
තාරුකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගේ
සුන්දරිගේ මුණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි

ගායනය/සංගීතය - සි ඩි ෆොන්සේකා
ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

----------------------------------------------------------------------
තරුණ හිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිහින ලොවක නටන්න මනමාල කුරුල්ලා
මල්සරා...මල්සරා.....

මල්සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ
මහ බඹාට මගුල් නැකත අපියි හදන්නේ
මල්සරා....මල්සරා.....

මල්හීයක් ඇදී ගොසින් උක්දඩු දුන්නේ
තරුණ ළදක ගෝමර ඇති ළමැද හැපෙන්නේ
යොවුන් වියේ සුපෙමි හැගුමි ඇයි හංගන්නේ
ළගදිම මංගල යෝගය උදා කරන්නේ
මල්සරා.....මල්සරා...

මල් පැණියෙන් ඔද වැඩිලා හැගුමි මැවෙන්නේ
තරුණ හිතක ආදරයයි එතන උපන්නේ...

ගී පද - ධර්මසිරි ගමගේ
ගායනය - සි.ඩි ෆොන්සේකා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

----------------------------------------------------------------------

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
කඳුරටතිලකේමනහරඋඩරටමැණිකේ
ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි
සුනිල් ජලේ රණ හංසිය වාගේ
ලළිත ගමන සිත නලවයි මගේ
සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ
මිණි පහන ඔබයි කන්ද උඩරටේ

තෙල් මල් ගෙන දළදා මන්දීරේ
වඳින්න යයි පියගැටපෙල පාරේ
ඔබ දිහා බලන එක බැල්මට වැවේ මල් පිපේ
මනමාලි ඔබයි කඳුකරේ අපේ

නුවර ඇසළ පෙරහැර ඇති කාලේ
මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ
මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ
රූ රැජින තමයි මැණික සිංහලේ
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ…


පද රචනය: ?
තනුව: පැට්‍රික් දෙණිපිටිය (1958 දී පැට්‍රික් මුල් වරට නිර්මාණය කළ ගීත ත්‍රිත්වයෙන් එකකි)
ගායනය: සී. ඩි. ෆොන්සේකා, ආර්. එස්. මෙන්ඩිස්, රසිනා යකීම් සහ ඇනජලීන් ගුණතිලක

----------------------------------------------------------------------
සමන්වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුල මැ සුවඳයි
අපේ මේ මුළු මිදුල මැ සුවඳයි
හැම ගෙදර මැ මල් රුවට පිපේ නම්
ගම්මානෙමැ සොඳුරුයි.....
දුවේ මේ ගම්මානෙ මැ සොඳුරුයි...

ගමින් ගමට මල් කැකුළු පිපෙන විට
මගෙ රට හරි සුවඳයි...
පියාණනි..මගෙ රට හරි සුවඳයි
රටින් රට ට සුව සුවඳ දුවන විට
මුළු ලෝකෙම සුවඳයි
දුවේ මේ මුළු ලෝකෙම සුවඳයි

සමන් මලක් වී පිපෙන්න ආසයි
මගෙ මේ ගේ මිදුලේ...
පියාණනි මගෙ මේ ගේ මිඳුලේ
සමන් වැලක් වී පිපෙන් දුවේ
ජීවිත මල් ගොමුවේ
පරවී හැලුනත් මිනිස් මලේ
පවතී සුවඳ ලොවේ......

ගායනය - සී. ඩී. ෆොන්සේකා - ශර්මිලා ෆොන්සේකා
ගී පද - අරිසෙන් අහුබුදු
සංගීතය - සී.ඩී.ෆොන්සේකා

----------------------------------------------------------------------
මම වෙමි තාත්තගේ බඩ පිස්සී
එමි ඔබ විදියට හැඩ ගැස්සී
අගේ රිදී රන් රුවන් නොවේ
මගේ නිධානය ඔබයි දුවේ

වින්ද දුකට හද මින් පෙර දා
වන්දි ගෙවන්නද මා කවදා
සුදු මල් කැකුළු ය ගැහැණු ළමයි
හැම කමටම ලොකු හැදුනු කමයි

සෙවනෙහි කීකරු වී ඉන්නම්
සැපදුක එක ලෙස විඳ ගන්නම්
හැදුනොත් ලෝකෙන් දොස් නාසා
දෙවියොත් වස්තුවේ වෙයි ආසා

ගායනය -  සී ඩී ෆොන්සේකා සහ ෂර්මිලාෆොන්සේකා

----------------------------------------------------------------------
දෑස පුරා සිත නලවන ලතාවයි
මුහුණ පුරා රස වෑහෙන හිනාවයි
සිරස පුරා මල් සැරසුණු කලාවයි
මගේ පැලට ඔබ හරි වාසනාවයි..
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා
ලස්සන මුහුණ බල බලා සුසුම් හෙලා...

කටට රහට බතට ඇඹුල හදාලා
ඔබේ අතින් කන්නම් රස බලාලා
විඩා නිවන රස කව් ගී ගයාලා
සැනසෙන්නම් ගමේ පාළු මකාලා
අහන්න රහස ලං වෙලා......

ගලන දියේ දිය රැළි මතූඋනාවේ
රුක් සෙවණේ සිසිළස කැටි උනාවේ
වැලි තලයේ සටහන් ලියවුණාවේ
මගේ හදට ඔබෙ හද එක් වුණාවේ
අහන්න රහස ලංවෙලා කියන්න කනට කොඳුරලා.....

ගායනය -  සී ඩී ෆොන්සේකා