Friday, July 13, 2018

සිහිල් සුළං රැල්ලේ


හෙළ හවුලේ ප්‍රකට පඬිවරයෙකු වූ ජයන්ත වීරසේකරයන්ගේ එකම පුතු ලෙස 1942 මැයි 02 වැනිදා අගනුවර දී උපත ලැබූ සේන වීරසේකර ජල තරංග වාදනයෙහි ප්‍රවීණයෙකි. 1968 ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට සම්බන්ධ වූ ඔහු මෙරට සෑම ප්‍රවීණ සංගීතඥයකු යටතේම වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළේය. 1968 ඊවා රණවීර නිෂ්පාදනය කළ ‘ඉහළට වහළ නිල් අහසයි’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වැඩි ඔහු චෙරි උයන, මේස, රයිනෝසිරස්, සොක්‍රටීස් ඇතුළු නාට්‍ය රාශියක සංගීත අධ්‍යක්‍ෂණය කළේය.

‘මලට නොඑන බඹරු’, ‘ගොළු මුහුදේ කුණාටුව’, ‘සයනයේ සිහිනය’, ‘තුන්වැනි ඇහැ’, ඔහුගේ සංගීතයෙන් හැඩ ගැන්වූ චිත්‍රපට වේ.

තාරාදේවී, සෙක්කු ගෙදර, ඉසිවර ආසපුව ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක සංගීතය සැපයූ සේන මිය යන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

----------------------------------------------------------------------------
සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

කඳූළැල් පියන් වසනා වෙලේ
අඬණා යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ළංවී හද පිදූ
සරසා ආදරෙන්
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

දහවල් පැයේ යනෙනා මඟේ
දකිණා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ …//
ආදරයේ මඳ
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ

සුදු වැලි කතරේ
පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා …//
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ //

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ …//

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා …//
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ //

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ …//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: සේන වීරසේකර
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------------------------------
එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
කැටිවුණු  අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුළඟේ රැය දිව යන යාමයේ
උහුලනු බෑ පාළුයි
කෝ.... ඕ....  ළඳුන් (ළඳුන්)
කෝ.... ඕ....  ළඳුන් (ළඳුන්)

ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය
ගෙනයමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ
සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
රළු බසින්
රළු බසින්

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ

අළුයම සිහිලැල්  පිනි කඳුළින් නෙත් තෙමා
හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර

-------------------------------------------------------------------------------------------------
එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති සුවිසල් ගතෙක වූ මඟ අසා
කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
සියපතින් සැරසී
සුනිල ගඟබඩ අසල නතරව
ගිම් නිවා

පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනදෝ

එකම වැකියක් හෝ
එකම පැදියක් හෝ
නොමැති ඒ විසල් වූ පොතේ
මොහුගෙ රූපය තිබුනා
එසේ නම් මේ කෞ‍තුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේ මහා වන ගැබේ
මගේ දිවි සිහිනේ
සැබෑ වේ.

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුළේ හංගා ගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබ සෙනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ
ඔබ සෙනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ හඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
තනුව - සේන ජයන්ත වීරසේකර
-------------------------------------------------------------------------------------------------
මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආදා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ ...
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුණු ලිපේ ගිණි
හද තුළ මෙළවී ඇවිළෙන්නේ ...
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...

මාරියාවේ ...
මාරියාවේ ...
මාරියාවේ ...

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - උදය මානවසිංහ
තනුව - සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ -කවුරුද එන්නේ ....

යුගයෙන් යුගයට පියමං කරමින්
සිහිලැල් රළවැල් සොයමින් කරදියරේ යනවෝ
තරු ලකුණක් සොයමින් යනවෝ

කවුරුද එන්නේ -කවුරුද එන්නේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය - කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය - සේන වීරසේකර

-------------------------------------------------------------------------------------------------
පොත්පත් කන්දයි
ලාම්පු දැල්ලයි
නිදි නැති දෑසයි
දැන් රෑ දොළහයි....

අකුරු පේළියෙන්
පැනගෙන පැනගෙන
නිදිමත මා අල්ලනට
එනකොට
යාළු මදුරුවෙක්
කොනිත්තලා ඇඟ
විභාගෙ අත ළග
එනවා කියනවා ....

නිදිමත පරදා
පොත් කන්දෙන් පැන
ගගක් වගේ ඉදිරියටම
යන්නෙමි
භාදක මැඩගෙන
විභාග ජයගෙන
සිරි ලක බබලමි බබලමි මතුදින

ගී පද : මහින්ද අල්ගම මහතා
සංගීතය: සේන වීරසේකර මහතා
ගායනය: ලලිත් කුමාර ඩවුන්දසේකර
-------------------------------------------------------------------------------------------------
කාන්තාර හද මඬලට
පිනි දිය බිඳු පොකුරු ඉසේවා...
අන්ධකාර වලාකුළේ
රිදී තාරකා හිනැහේවා.................

නුවන් විලේ කඳුළ ඔබයි
නුවන් විල මමයි
පහන් සිලේ එළිය ඔබයි
පහන් සිල මමයි..
නෙළුම් මලේ පැහැය ඔබයි
නෙළුම් මල මමයි.......

ඔබේ නයන තාරකාව
ආකාසේ දිලෙන්නීය
කවුළු දොරින් රෑ මැදියම
මා යානට ඇදෙන්නීය
කඳුළු දියෙන් නළල් තලේ
ඩා බිඳු පිස දා.........................

අබේවර්ධන බාලසූරිය
සුනිල් ආරියරත්න / ප්‍රියා සූරියසේන / සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ගායනය.ගුණදාස කපුගේ
ගේයපද .රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය .සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
මගේ නෙත් ඇයි මෙසේ
නිබඳ මා පෙළන්නේ ...
මගේ සිත රවටමින්
ඇයිද මා පෙළන්නේ ...

නොඑන බව මේ මගෙන්
යලිදු ඔබ කිදි දිනෙක..
දනිමි මන් ඒ නමුදු
ඇයිද මා නෙත් මෙසේ මග බලා හිදින්නේ
ඇයිද මා පෙළන්නේ ...

නොමැති බව නගරයේ
යනෙන දන අතර ඔබ
දනිමි මන් ඒ නමුදු
ඇයිද මා සිත මෙසේ ඔබ සොයා තැවෙන්නේ
ඇයිද මා පෙළන්නේ..

ගී පද - කුළරත්න ආරියවංශ.
සංගීතය - සේන වීරසේකර.
ගායනය - නන්දා මාලනී
-------------------------------------------------------------------------------------------------
සීත කඳුරැල්ලේ සිසිලේ කුසුම් පිපී
දසතේ දුර කඳු යාය සුළං සිපී...

කඳු යායේ සිරියාවේ
නව යෞවනියක මත් වේ
ඈ නුවන් මල් සැලී
පරිසරයම සිරිමත් වේ...

ඇයගෙ සිනා රහස මගේ
මුදු සිතට නැතේ හැඟුණේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ...

පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව සහ ගායනය : රෝහණ සිරිවර්ධන
සංගීතය : සේන වීරසේකර
-------------------------------------------------------------------------------------------------
තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ

වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ..
වැලි මුසු සුළඟයි සියොලඟ දැවටෙන්නේ..
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ලඟ ඉන්නේ..

තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ

වෙඩි පුපුරන හඬ ඈතින් ඇසෙන පැයේ
හිත ඉගිලී ගොස් ඔබ ලඟ ‍රැඳී තියේ
දෙතැනක අනියත සිතින් සිටින අප
සුලඟට හෙලනා සුසුමෙන් ලං වන්නේ

තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමලු විනිවිද එන මරණය හමුවේ..

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : සේන වීරසේකර
පද රචනය : රෝහණ දන්දෙණිය
-------------------------------------------------------------------------------------------------
හමුවෙමු සුවබර තවත් සැදෑවක
අතිනත් ගන්නට සයුරු තෙරේදී
කව්රුද ඒ දින උදා කරන්නට
අප අහුරා ඇති පහුරු බිදින්නේ

දිව යමු පැහැබර මැණික් තලාවක
සසලව දිදුලන තරු උයනක් මත
කෙලෙසද දෑතට දෙපයට ලා ඇති
විලංගු ගලවා නිදහස් වන්නේ

හිනැහෙමු සොම්නස හදේ දරාගෙන
පොපියන මල් මෙන් වසන්ත පවනේ
කෙදිනද ගනදුරු රැයක් ගෙවීගිය
අරුණලු රැස් අප දෙදෙනා දකින්නේ

ගායනය :සනත් නන්දසිරි සමග මල්කාන්ති නන්දසිරි
පද මාලාව :බණ්ඩාර.කේ.විජේතුංග
සංගීතය:සේන ජයන්ත වීරසේකර
-------------------------------------------------------------------------------------------------

11 comments:

  1. සිහිල් සුළං රැල්ලේ
    ඔබේ සුවඳ මුසුවේ …//
    +++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මේ කියන සේන වීරසේකරයානන්ගෙන් ගුරුහරුකම් ලබන්න මමත් වාසනාවන්ත වුණා. ඒ මහජන බැංකුවට එක් වූ කාළයේ භක්ති ගීත කණ්ඩායමේ සිටි නිසා. ඔහු ඉතා සැහැල්ලු ඒ වගේම අව්‍යාජ පුද්ගලයෙක්. පණ්ඩිත් අමරදේවයන් වැනි කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. //ඔහු ඉතා සැහැල්ලු ඒ වගේම අව්‍යාජ පුද්ගලයෙක්. //ඒ කාලේ හිටියේ කළා කාරයෝ නේ ...ජයවේවා !!

      Delete
  3. GEETHAYAK KIYANNE EKA ATHAKATA THREE WHEELER EKAK WAGE. EKA RODAYAK HARI ADU UNOT IWARAI. E WAGEMA GEEYAKUT, ANE MANDA PADHA RACHAKAYADA, GAYAKAYADA, NETNAM SANGEETHAWEDIYADA WEDIYA WATINNE KIYALA TERENNE NE. ME SANGEETHAWEDIN THIREN PITUPASA KARAN MEHEYA KETARAMDA...

    ReplyDelete
    Replies
    1. Ei bota sinhalen man kiwwe eda post ekat. Balapanko eke comment eka.balala udau karapanko redda.

      Delete
  4. හිත බැදෙන ගීත සමුච්ඡයක්
    විචාරක දියණිය

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete